
But Buddhists don't do thatමෙහෙම හිතපන්: මේක බුද්ධාගම සහ භෞතික වාදය අතර සංවාදයක් නේ:
ආගමක් විදිහට අපේ බුදු ධහමෙන් අදහන යටත් සෙතක් වෙනවනම්, ඔය භෞතික වාදිනට හිරිහැරයක් නොවෙනවානම් අදහන ඕනෑම ආගමකින් වෙනත් පාර්ශවයකට හිරිහැරයක් නොවෙනවානම්, මේකට කුලල් කාගන්න ඕනේ නැනේ නේද?
මට ප්‍රශ්නේ මේ වෛද්‍යතුමා ඔය ආගම තියරිය දාන්නා තිබ්බේ වෙනත් ආගමකට: බුදු දහමට භෞතික වාදය ආදේශ කරලා, එකෙන් බුදු දහම ඔවුන්ට අනුව වැරදි කියල ඔප්පු කිරීමෙන් වෙන වැඩේ මොකක්ද? බුදු දහමෙන් වෙනත් කෙනෙක්ට හානියක් නැත්තම්:
දිව්‍ය ලෝක පැත්තකට දාන්න, කුසල් අකුසල් පැත්තකට දන්නා බුදු දහමේ මේ ලෝකේය ගැන විද්‍යාත්මක හැදෑරීම් කියක් තියනවද? ඒ ඔක්කොම බොරුයි කියන්න පුලුවන්ද/
මරණයෙන් මතු පැවැත්මක් නෑ.තියෙනවා නම් විද්‍යාත්මකව ඔප්පු කරන්ඩ?
කවුද ඔය මිත්‍යා විශ්වාශ අපේ මොලවලට දැම්මේ?
මීට.. වේරගම දොස්තර මහත්තයා.
ආගම් කියන සංකල්පය මිනිසුන්ගේ යහපතට හා නොතේරෙන දේවල් පැහැදිලි කර ගන්න හදාගත්තු සංකල්ප කිව්වොත් නිවැරදියි. නවීන විද්‍යාවේ කරන දෙයක් තමයි යම් කිසි දෙයක් වෙන්නේ කොහොමද කියල පැහැදිලි කර ගන්න විවිද සංකල්ප ගොඩ නැගීම. ගුරුත්වාකර්ෂණය, කොන්ටෝම් physics වගේ ගොඩාක් දේවල් ඒ වගේ සංකල්ප තමයි. ආගම් කියන ඒවත් හරියට ඒ වගේම තමයි, මිනිසුන්ට නොතේරෙන දේවල් පැහැදිලි කරගන්න හදාගත්තු සංකල්ප.
ඉතින්, එක එක ආගම් වල සංකල්ප එකිනෙකට වෙනස්. උදාහරණයකට ගත්තොත්, බුද්දාගමේ ඉගැන්වීම්වල තියෙන්නේ මරුනෛන් පස්සේ අපායේ නැත්තම් දිවියලෝකේ යන, ආපහු ඉපදෙන ඒ වගේ කතා, ක්‍රිස්තියානි වල ස්වර්ගයට යන කතා, මුස්ලිම් වලත් ඒ වගේ. ඉතින් උපතෙන් ලැබෙන ආගම අනුව අපිත් ඒ දේවල් හරි කියල පුංචි කාලෙදිම ඉගෙන ගන්න නිසා අපේ ආගම හරි, අනිත් ඒවා බොරු කියල තමයි අපේ සිත් වල තැම්පත් වෙලා තියෙන්නේ.
අතටම ලෝකේ සතුටින්ම ඉන්න, දියුණුම රටවල් බැලුවොත් ඉදිරියෙන්ම ඉන්නේ නිරාගමික රටවල්. කොහොම උනත් ආගම කියන දේ ඇත්තටම ජීවිතයට හොද දෙයක් දෙනවනම් එච්චරයි. ඒවාට ගහ බැන ගෙන මරාගෙන වැඩක් නැ.
ඉතින් බන් අනිත් ආගම් අදහන උන්ටත් උන්ගේ ආගම් හොදයි, ඉතින් අපිට කියන්න බෑ බුද්දාගම ගැන ප්‍රශ්න නොකර වෙන ආගම් ගැන ප්‍රශ්න කරන්න කියල. අනික ප්‍රශ්න කරා කියල රිදවගන්න දේකුත් නෑ, බුදුහාමුදුරුවො ජීවමානව ඉන්න කාලෙම ගල් පවා පෙරලුවෙ. Everyone is right in their own perspective
මේ ත්‍රෙඩ් එක හොද තැනක් ටිපිකල් හැම එකටම සාදු කියන බෞද්දයන්වයි, බෞද්ද දර්ශනේ තේරුම් අරන් නොසැලී ඉන්න අයවයි අදුර ගන්න



