නැව් 14 ක්‌ බැංකු ගිණුම් 600

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
නැව් 14 ක්‌ බැංකු ගිණුම් 600

නැව් 14 ක්‌ බැංකු ගිණුම් 600 ක්‌ ඇතුළු
එල්ටීටීඊ සියලූ වත්කම් රාජසන්තක කිරීමට පියවර

නීතිපති සමග සාකච්ඡා කරනවා -ඇමැති කෙහෙළිය

සිරිමෙවන් කස්‌තුරිආරච්චි
http://www.divaina.com/2009/12/03/news02.html

එල්ටීටීඊය සතු නෞකා 14 ක්‌ සහ බැංකු ගිණුම් 600 ක්‌ ඇතුළු සියලුම වත්කම් රාජසන්තක කිරීමට පියවර ගෙන ඇතැයි ජාතික ආරක්‍ෂාව පිළිබඳ රජයේ මාධ්‍ය ප්‍රකාශක සහ විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවැසීය. ඒ පිළිබඳව මේ දිනවල නීතිපති උපදෙස්‌ ලබා ගැනීමට ක්‍රියා කරගෙන යන බවද හෙතෙම පැවැසීය.

එල්ටීටීඊය සතු නෞකා 14 න් 05 ක්‌ කේ. පී. හෙවත් කුමාරන් පද්මනාදන්ගේ නමින් තිබෙන අතර ඉන් නෞකා 03 ක්‌ මේ වන විට ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතුව ශ්‍රී ලංකාව කරා රැගෙන එමින් තිබෙන බවද ඔහු කියා සිටියේය.

රටවල් රැසක බැංකුවල තිබෙන එල්ටීටීඊ ගිණුම් 600 ක පමණ තොරතුරු දැනට අනාවරණය කරගෙන ඇති අතර ඒවායින් කීපයක්‌ කේ. පී. ඇතුළු එල්ටීටීඊයට සම්බන්ධ පුද්ගලයන්ගේ නමින් පවතී. සෙසු ගිණුම් විවිධ සමූහ ව්‍යාපාර සහ සංවිධාන නමින් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇත.

එල්ටීටීඊය සතු මෙම මහා පරිමාණ වත්කම්වල සම්පූර්ණ වටිනාකම තවමත් ගණනය කර නොමැති බව සඳහන් කළ ඇමැති රඹුක්‌වැල්ල මහතා මෙම වත්කම් සියල්ල රාජසන්තක කිරීම පිළිබඳව මේ වන විට රජය සහ නීතිපති අතර සාකච්ඡා පැවැත්වෙන බවද පැවැසීය.

ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානයේ ඊයේ (2 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.

:):):)
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
සිහින රාජ්‍යයක් වෙනුවෙන් කප්පම් ගෙවපු දේශද්‍රෝහියො හූල්ලනව ඇති මෙලහට. :D
 

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    සිහින රාජ්‍යයක් වෙනුවෙන් කප්පම් ගෙවපු දේශද්‍රෝහියො හූල්ලනව ඇති මෙලහට. :D


    aniwa machan :D