නැවැත ඉපදීම

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මචන් පොඩි ප්‍රශ්නයක්

    දිව්‍යලෝකයේ හෝ අපායේ යනවා කියන්නේ යනවා කියන එක අලුත් ජීවියෙක් වෙලා වෙනත් ලෝකයක ඉපදෙන එකද?
    නැත්නම් මේ ඉන්න විදිහටම ආත්මය ට්‍රාන්ස්ෆර් වෙන එකද?

    5dmbna.jpg

    +
    මචන් ඇත්තම කතාව කියන්නම් කෙටියෙන්

    අද උදේ මම ක්‍රිස්ටෝපර් නෝලන් ගේ Interstellar.2014 චිත්‍රපටිය බැලුවා තාමත් ඒක ගැන හිත හිත ඉන්නේ
    ඇත්ත්ටම මේවගේ වෙන්න පුලුවන්ද කියලා

    ඊට පස්සේ හවස අපේ තාත්තා කියනවා මහමායා දේවිය කලුරිය කරල දිව්‍යලොකේ ඉපදීලා දින ගානයි කියල .

    මට මේ කාල වෙනස ගැන දැනගන්න ඕනි
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    කවුද ඕව දන්නෙ, මැරිලම තමා බලන්න වෙන්නෙ:oo:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    කුසල අකුසල කර්ම විපාක අනුව තමයි ලැබෙන ශරීරය තීරණය වෙන්නේ.

    මට ශරීරය ප්‍රශ්නයක් නෑ . අපි පොඩිකාලේ ඉදන් ලොකු උනා වගේ ලයිෆ් සයිකල් එකක් තියේද ඔය ලෝක වල
     
    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    මටත් හෙන ප්‍රශ්නයක් ඕක. ආපහු ඉපදෙනකොට කලින් ආත්මේ කිසි දෙයක් මතක නැහැ. සියල්ල අලුතෙන් පටන් ගන්නේ.
    එතකොට මැරිලා වෙන ආත්මයක් ලබද්දී කලින් කිසි දෙයක් මතක නැති වෙලා අලුත්ම ජීවිතයක්ද ?
    ඔක්කොම අලුත් නම් මේ ආත්මේ කරපුවත් අමතක නම් එතන අලුත් ජිවියෙක්නේ...
     
    • Like
    Reactions: cow de boy

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    මටත් හෙන ප්‍රශ්නයක් ඕක. ආපහු ඉපදෙනකොට කලින් ආත්මේ කිසි දෙයක් මතක නැහැ. සියල්ල අලුතෙන් පටන් ගන්නේ.
    එතකොට මැරිලා වෙන ආත්මයක් ලබද්දී කලින් කිසි දෙයක් මතක නැති වෙලා අලුත්ම ජීවිතයක්ද ?
    ඔක්කොම අලුත් නම් මේ ආත්මේ කරපුවත් අමතක නම් එතන අලුත් ජිවියෙක්නේ...

    great point mate, ලබන ආත්මේ මම රජෙක් වුනත් මොකද? ඒ මම යැයි? මම මොකද උට සැප දෙන්න මේ ආත්මේ නහින්නේ :lol::lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන්, මේ ප්‍රශ්න වලට කෙටි උත්තර නෑ. කෙටි උත්තර දෙන්ඩ ගියොත් බුද්ධාගම තමයි බාල්දු වෙන්නේ.
    එක හින්ද උබට උවමනාවක් තියෙනවා නම් අභිධර්මය ඉගෙන ගනින්. කෙටි උත්තරයක් බලාපොරොත්තු වෙන අයට කියන්ඩ තියෙන්නේ අදාල නැනේ කියල තමා. සල්ලි හොයන එව්වා ඉගෙන ගන්ඩ වෙලා තියෙනවා. සසර ගැන ඉගෙන ගන්ඩ වෙලා නෑ
     
    • Like
    Reactions: cow de boy

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    සිත හා කය කියලා දෙකක් තියෙන බව උබ දන්නවා ඇතිනේ. කය තිබ්බට වැඩක් නෑ, අපේ සිතට කය ඇසුරු කරගෙන පවතින්න බැරිනම්. සිත තිබ්බට වැඩක් නෑ, අපේ කය සිත පවතින්නට සුදුසු තත්වයක් නැතිනම්. මැරෙනකොට ඇතිවෙන ප්‍රතිසංදි විඥ්ඥානයට අනුරූපව අපේ නැවත ඉපදීම වෙන ස්ථානය තීරණය වෙනවා. ඒක කර්මානුකූලව සිදුවෙන දෙයක්. ඇතිවෙන සැනෙකින් නැති වෙන නාම රූප වල පැවත්ම දකවන්නේ චිතක්ෂන වලින් නිසා. ට්‍රාන්ස්ෆර් වගේ වචන පාවිච්චි කරන්නත් බෑ. කොටින්ම කියනව නම්, මේ දැන් ඉන්න උබ නෙවෙයි තව තත්පරයකට පස්සේ ඉන්නේ. ඒ නිසා නැවත ඉපදීමකදි ට්‍රාන්ස්ෆර් වගේ වචන පාවිච්චි කරන එක වැරදියි.
     
    • Like
    Reactions: cow de boy

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් හෙන ප්‍රශ්නයක් ඕක. ආපහු ඉපදෙනකොට කලින් ආත්මේ කිසි දෙයක් මතක නැහැ. සියල්ල අලුතෙන් පටන් ගන්නේ.
    එතකොට මැරිලා වෙන ආත්මයක් ලබද්දී කලින් කිසි දෙයක් මතක නැති වෙලා අලුත්ම ජීවිතයක්ද ?
    ඔක්කොම අලුත් නම් මේ ආත්මේ කරපුවත් අමතක නම් එතන අලුත් ජිවියෙක්නේ...
    ඒකනේ :oo: මටත් ඔය ප්‍රශ්නෙමයි තියෙන්නෙ.
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මචන්, මේ ප්‍රශ්න වලට කෙටි උත්තර නෑ. කෙටි උත්තර දෙන්ඩ ගියොත් බුද්ධාගම තමයි බාල්දු වෙන්නේ.
    එක හින්ද උබට උවමනාවක් තියෙනවා නම් අභිධර්මය ඉගෙන ගනින්. කෙටි උත්තරයක් බලාපොරොත්තු වෙන අයට කියන්ඩ තියෙන්නේ අදාල නැනේ කියල තමා. සල්ලි හොයන එව්වා ඉගෙන ගන්ඩ වෙලා තියෙනවා. සසර ගැන ඉගෙන ගන්ඩ වෙලා නෑ

    ස්තූතියයි මචන්
     
    Last edited:

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    සිත හා කය කියලා දෙකක් තියෙන බව උබ දන්නවා ඇතිනේ. කය තිබ්බට වැඩක් නෑ, අපේ සිතට කය ඇසුරු කරගෙන පවතින්න බැරිනම්. සිත තිබ්බට වැඩක් නෑ, අපේ කය සිත පවතින්නට සුදුසු තත්වයක් නැතිනම්. මැරෙනකොට ඇතිවෙන ප්‍රතිසංදි විඥ්ඥානයට අනුරූපව අපේ නැවත ඉපදීම වෙන ස්ථානය තීරණය වෙනවා. ඒක කර්මානුකූලව සිදුවෙන දෙයක්. ඇතිවෙන සැනෙකින් නැති වෙන නාම රූප වල පැවත්ම දකවන්නේ චිතක්ෂන වලින් නිසා. ට්‍රාන්ස්ෆර් වගේ වචන පාවිච්චි කරන්නත් බෑ. කොටින්ම කියනව නම්, මේ දැන් ඉන්න උබ නෙවෙයි තව තත්පරයකට පස්සේ ඉන්නේ. ඒ නිසා නැවත ඉපදීමකදි ට්‍රාන්ස්ෆර් වගේ වචන පාවිච්චි කරන එක වැරදියි.

    තප්පරයක් පිටිපස්සෙන් ඉන්නේ කොහොමද ?
     
    MANUKB2001

    Active member
    • Like
    Reactions: cow de boy

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    කරපු පින පව අනුව තමයි වෙන්නේ හැමදේම.හොද දේ කලා නම් හොද ආත්මයක් තියේවි.හරක් මරන තම්බියෙක් වගේ නම් වෙන්නේ ආපහු මස් කඩේම හරකෙක් වෙලා තවත් හම්බයෙක් අතින් මැරුම් කනවා.පින් කලා නම් හොද ආත්මයක් ලබනවා.හොද සල්ලිකාර ගෙදරක බල්ලෙක් හරි වෙලා.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේක බලපන්. හැබැයි උබට අභිධර්මය ගැන දැනුමක් නැත්තම් මේක තේරෙන්නේ නෑ.
    උවමනාවක් තියේ නම් මුල ඉදන් අභිධර්මය ඉගෙන ගනින්.
    මම මගේ ජිවිතේ ඉගෙන ගත්ත වටිනාම දේ අභිධර්මය.
    මගේ ඇග / මගේ හිත වැඩ කරන හැටි තරමක් දුරට මට තෙරෙනේව.
    මම A/L වලට කරේ ජීව විද්‍යාව. එකෙන් කියල දුන්නේ මොන තරම් පටු ක්ෂේත්‍රයක්ද කියල හිතෙන්නේ අභිධර්මය ඉගෙන ගත්තම