නැවුම් සුළග

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ෴ රුවක් ඇදෙනවා ගීතය ගැන මහින්ද දිසානායකයන්ගෙන් පැහැදිලි කිරීමක්෴


    **අස්වැන්න නමැති බ්ලොගයෙන් උපුටාගත්තකි.

    රුවක් ඇදෙනවා ගීතය ගැන මහින්ද දිසානායකයන්ගෙන් පැහැදිලි කිරීමක්
    මෑත කාලයේ ගීත කීපයක් සම්බන්ධයෙන් facebook සමාජ ජාලය ඔස්සේත්, විවිධ අන්තර්ජාල අඩවි ඔස්සේත් නැගුණ සහ නැගෙමින් පවතින සංවාද මගින් අපේ මනසත් සෙසු රසිකයන්ගේ මනසත් අවුල් ජාලයක පටලවමින් සිටී. දශක කීපයත් තිස්සේ අපේ සිත් නිවා පහන් කළ මේ ගීත සම්බන්ධයෙන් හිතලු මත ගොඩනැගූ අර්ථ ශූන්‍ය සහ පදනම් විරහිත විචාර සුභාවිත ගීත තවතවත් අගාධයටම යොමු කරවන්නක්. එසේ පදනම් විරහිත ඒ වගේම අර්ථ ශූන්‍ය පැටලිලි සහිත අර්ථ නිරූපණ වලට හසුවූ ඒ ගීත අතර සුනිල් එදිරිසිංහ ගැයූ සදකඩ පහණක කැටයම් ඔපලා ගීතයත්, ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ ගැයූ රුවක් ඇදෙනවා ගීතයත්, කරුණාරත්න දිවුල්‍‍ගනේ ගැයූ ගහක මල් පිපිලා ගීතයත් නූතන ගී රසිකයන් විසින් මෙසේ පදනම් විරහිත අරුත් සපයාගත් ගීත අතර මුල් තැනක තිබේ.
    ඒ රසිකයන්ගේ මානයන්ට හසුවූ මේ අගනා ගීතවලින් ලිංගික අත්දැකීම් විදහා දැක්වෙන බවත් ඒ අතරින් රුවක් ඇදෙනවා ගීතයත්, ගහක මල් පිපිලා ගීතයත් සමලිංක සේවනය ගැන කියවෙන ගීත බවට අරුත් සපයමින් ගීතයට කිසිසේත් නොගැලපෙන ගුජුප්සාජනක අත්දැකීම් ගීතයේ තේරුමෙහි ඇති බවට හුවා දැක්විමට ඇතැම් පිරිස් ගන්නා උත්සාහය ඔවුන්ගේ නොදන්නාකමත්, මෝඩකමත් එළි දැක්වීමක් බව සෘජුවම කියන්න සිදුවෙනව. මේ ගීත පිළිබදව ඇතිවූ සංවාද සහ ඒවායේ සම්බන්ධතා අරුත් නිවැරදිද යන්න බෙහෝ දෙනෙකු විසින් විමසන්නට පෙළඹුණේ එසේ පදනම් විරහිතව ඇතිවූ අර්ථ නිරූපණ හේතුවෙන්.
    ඒ නිසා විටන් විට මේ ගීත තුන ගැනම අස්වැන්නෙන් නිවැරදි අර්ථ නිරූපණයක් ගෙන එන්න සූදානම්. ඒ නිසා මුලින්ම මේ ගීත අතරින් “රුවක් ඇදෙනවා” ගීතය බිහිවූ අයුරුත්, එහි පසුබිමත් වඩාත් හොඳින් දන්නා නිසා එහි පළමු පියවර වශයෙන් මේ ගීතය සහ එහි පසුබිම අදහස් දක්වන්නට මේ හොඳම කාලය එළඹ ඇති බව සිතුන නිසාත් මේ ගීතය ගැන සෘජුවම මවිසින් අදහසක් ඉදිරිපත් කරනවාට වඩා ගීතයේ නිර්මාතෘවරයාගෙන්ම ඒ පිළිබඳ විමසා අදහසක් ඉදිරිපත් කිරීම වඩා හොඳ පැහැදිලි කිරීමක් වනු ඇත.
    රුවක් ඇදෙනවා ගීතයේ නිර්මාතෘ ප්‍රවීන ගිත රචක මහින්ද දිසානායක සූරින්. ඔහු අපට සිටින විශිෂ්ඨ ගීත රචකයෙක්. සිංහල සුභාවිත ගීයට සම්භාව්‍ය සාහිත්‍යයේ සරල රසාස්වාදයත්, ගැඹුරු බෞද්ධ සාහිත්‍යයේ සරල රසාස්වාදයත් මුසුකළ විශිෂ්ඨයෙක්. අගනුවරින් බැහැරව ගීත සාහිත්‍යයට වැඩිම ගීත ගණනක් එකතු කරළ රජරට සේවයේ ගීතමය පිබිදීම ඔස්සේ ගීත රචනයට පිවිස නුවර කලාවියේ සිට සිංහල ගීතය පෝෂණය කරන්නට මහින්ද දිසානායකයන් ගන්නා වෙහෙස ගැන සිංහල ගීතයේ එක ස්වර්ණමය පරිච්ඡේදයක් ලියන්න පුලුවන්.
    එසේ සිංහල සුභාවිත ගීතයේ පහන් ටැඹක් බඳු මහින්ද දිසානායකයන් අතින් ලියැවෙන ගී පද වැලක සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ හෝ බෞද්ධ සාහිතයයේ සේයාවක ඇල්ම බැල්ම නිරන්තරයෙන් දකින්නට පුළුවන් නිසා මහින්ද දිසානායකයන් සමග සුහද පිළිසඳරක යෙදෙමින් ආගිය තොරතුරු කතාබහ කරන අතර තුරදී රුවක් ඇදෙනවා ගීතය ගැන විමසුවෙමි.
    “රුවක් ඇදෙනවා ගීතය සමලිංගික සේවනයේ යෙදෙන දෙදෙනනකුගේ අත්දැකීමක් කියල නූතන තරුණ ගීත රසිකයන් අතර මතයක් ඇති වෙලානේ”
    මහින්ද දිසානායකයන් කීවේය. මා සෘජුවම නොඇසූ ප්‍රශ්ණයට මහින්ද දිසානායකයන්ගෙන ලැබුණේ සෘජු පිළිතුරකි. මට පැහැදිළි කරගැනිමට අවශ්‍ය වූයේ එතුමා ඒ නූතන අදහස ගැන දැන සිටියේද යන්න විමසා බලන්නටය.
    “මහින්ද අයියෙ එහෙම අදහසක් ගීතය තුළ නැහැ නේද?” මම යළිත් ඇසුවෙමි.
    “ඔව්, මේ ගීතය මගේ අතින් ලියැවුණේ 1981 දි විතර, මේ ගීතයට මම වස්තු බීජය සපයාගත් පුංචි කතාවකුත් තියෙනවා. ඒ කතාවත් මම කියන්නම්. ඒත් මේ ගීතය සම්බන්ධයෙන් වර්තමාන තරුණ ගීත රසික පරපුරේ බොහෝ දෙනකේ සිටින්නේ වැරදි මතයක එළඹගෙන. මේ ගීතය සමලිංගියන් ඇසුරට හුරුවූ දෙදෙනෙකුගේ අදහසක් බවට ගම්‍ය වන කිසිම හේතු සහගත අදහසක් හෝ යුක්ති යුක්ත අදහසක් ගීතයේ නෑ. නමුත් මේ ගීතය එවන් සමලිංගික අත්දැකීමක් කියවෙන ගීතයක් බවට මතයක් පැතිරිලා. ඒක මා ලියූ අදහසට හාත්පස වෙනස් අදහසක්. මට හිතෙන්නේ කුමක් හෝ වැරදි අදහසක් තුළ එළඹුණ මතයක් නිසා මේ ගීයට ආදරේ කරන රසිකයන්ගෙ රසිකත්වයට යම් පමණක හානියක් කරලා.
    ගීතයක් ගැන ඕනෙම කෙනෙකුට ඕනෙම මතයක් අදහසක් එහෙමත් නැත්නම් ආකල්පයක් දරන්න පුළුවන්. ඒත් ඒ මතය සමාජ ගත කරන්න තමන්ට පැහැදිළි සහ නිරවුල් හේතු තියෙන්න ඕනෙ. එහෙමත් නැත්නම් තර්කානුකූලව අදහසක් ශක්තිමත් පදනමක පිහිටා ඉදිරිපත් කළ යුතුයි. අන්න ඒ විදියට තමන් දරන මතය තහවුරු කරන්න බාහිර හේතු සාධක තමන් සතු වෙන්න ඕනෙ.එහෙම නැතුව කෙනෙකුගේ හිත තුළ උපදින හිතලුවක් වැරදි අයුරින් සමාජගත කළ හොත් ඒ හරහා ඒ නිර්මාණයටත්, එහි නිර්මාපකයන්ටත් නිමකළ නොහැකි හානියක් සිදුවෙනවා. ඒක යළි පිළිසකර කළ නොහැකි හානියක්.”
    මහින්ද දිසානායකයන් මේ ගීතයට වස්තුබීජය සපයාගත් අයුරු පිලිබඳ මතකය යළි යළිත් දශක කීපයක් එහා අතීතයට හාරා අවුස්සමින් එහි ඇති මියුරු මතකය අවදි කරන්නට විය. ඒ මෙසේය. මහින්ද දිසානායකන් කියූ එපුවත ම ඔබට මෙතැන් සිට කියන්නේ මගේ බසිනි.
    “අදුර වැටී හෝරා එක හමාරක් පමණ ගතවී ඇත. හාත්පස වූ අඳුර වෙළාගත් ගහකොළ ‍වල සෙවනැලි පවා නොපෙනෙන තරමට ‍ගිලී ඇති රාත්‍රිය දිගු රැයක් කරා පියවර ඔසවමින් සිටී.නගරය තරමක් ජනාකීර්ණ බවින් මිදුනත් නගරය කෙළවර වූ අවන්හල සෑම රාත්‍රිකම කාර්ය බහුලය. අවන්හලට පිවිසෙන මාර්ගයේ එක් පසෙක ඇති විදුලි ලාම්පු විහිදවූයේ මන්දස්මිත ආලෝකයකි. එයින් නිකුත් වූයේ අවන්හලට පිවිසෙන මාර්ගය පමණක් එළිය කරන්නට තරම් සෑහෙන එළියකි. එහි එළිය හාත්පස වෙළා අදුර මකන්නට ප්‍රමාණවත් නොවීය. තරමක් දුරසිට බලන්නෙකුට වීදියේ ඇති විදුලි බුබුලු යටින් ගමන් කරන හෙවනැළි පමණි.
    පාර කෙළවර වූ අවන්හල දශක ගණනාවක අතීතයට උරුම කියූ එකකි. දුර සිට එහි ඉපැරණි බව පැහැදිලිවම හඳුනාගත හැකිය. අවන්හලේ ඇතුළත පෙනුමද හරියට ඉංග්‍රීසි පාලන සමයේ ගොඩනැගූ ගොඩනැගිල්ලක සිරි ගත්තේය. තැනින් තැන ඇති මේස පුටු ලීබඩු පවා දශක ගණනාවක අතීතයට නෑකම් කියූ ඒවාය. ඒ දෙමහල් අවන්හලේ ඉහල මාලයට පිවිසෙන්න තිබුනේ ලී වැටක් සහිත තරප්පු පෙලකි. අවහන්හලේ ලීතරප්පු පෙළේ ඉහලට පහලට ගමන් කරන මිනිසුන්ගේ සැබෑ ස්වරූපයත්, වේටර්වරුන්ගේ පා ගැටෙන හඬත් වෙන වෙනම හදුනාගත හැකිය. අවන්හලේ පහළ මහල තරම් ඉහළ මහල කාර්ය බහුල නොවූ අතර එහි සිටියේ නිතිපතා පැමිණෙන සුන්දරම රාත්‍රියේ මිහිර විඳීන මිනිසුන් පමණි. ඔවුන්ට කිසිම කලබලයක් නැත. රාත්‍රිය උදාවෙත්ම නිරන්තරයෙන් පිරී තිරී යන අවන්හල පුරා උස්පහත් වෙමින් නැගෙන සිනා හඬත්, සංවාද විසංවාද හා උසුළු විසුළු වලින් පිරුණි.
    අවන්හලේ ඉහළ මාලයේ කෙළවරෙහි වූ ජනේලයෙන් පිටත බලන්නෙකුට අවන්හලට පිවිසෙන මාවත හොදින් දිස්වේ. රාත්‍රිය වුවත් පාර පුරා විහිදන විදුලි එලියෙන් අවන්හලට පැමිණෙන සහ එයින් පිටව යන මිනිසුන්ගේ සෙවණැළි දැකගත හැකිය. එසේ පැමිණියේ හෝ පිටව ගියේ කවුරුන්ද යන්න පැහැදිළිව හදුනාගත නොහැකි වුවත් කීදෙනෙක් පැමිණියෙන් කීදෙනකේ නික්ම ගියේද යන්න අදුරේ වුවත් දැනගත හැකිය.
    හැමදාමත් අවන්හල වෙත එකම වේලාවකට පැමිණ හෝරා දෙකතුනක් එහි ගත කර නික්මයන මැදි විය ඉක්මවූ මිනිසෙකි. හෙතෙම නිරන්තරයෙන් අසුන්ගත්තේ ඉහළ මාලයේ ජනේලය අසල පිහිටි මේසෙයේය. ඔහුට ජනේලයෙන් එපිට මාවත හොඳනි දිස්වේ. ඔහ් මීවිතක් තොලගාමින් ඒ මාවත දෙස දනෙත් යොමා කල්පනාවේ කිමිදෙයි. තමන්ට අවහ්‍ය දේ ගෙන්වා ගන්නා වේටර්වරයා වෙත කියන දේ හැරුණු විට වෙනත් කිසිවක් සමග හෝ කතාවකට නොයන මේ මැදිවිය ඉක්මවූ තැනැත්තා අවනහලේ සේවකයන්ට බෙහෙවින්ම හුරු පුරුදුය. එහෙත් කිසිවකුටත් ඔහුගෙන් කරදරයක් නැත. තමන් ඇණවුම් කරන මීවිතට හුදකලාව පෙම් බදින ඔහු අවසානයේ වේටර්වරයා ඉදිරිපත් කරන බිල්පතට මුදල් දී වේටර්වරයාගේ අතටද සන්තෝසමක්දී ඉන් පිටව යයි.
    රාත්‍රියේ අදුර මැදින් දිනෙක එසේ වූ මේ අවන්හලට පැමි‍ණියේ තරුණයෙකි. තවමත් තුරුණු විය නොඉක්ම වූ හෙතම අවන්හලට අමුත්තෙකු වුවත්, අවන්හල ඔහුට අමුත්තක් නොවුණි. ඔහු අවන්හලේ ඉහළ මාලය වෙත පැමිණ වටපිට බලා මැදිවිය ඉක්මවූ මිනිසා හුන් මේසය වෙත ගොස් ඔහුට ප්‍රතිවිරුද්ධ දිසවෙන් වූ හිස් පුටුවේ වාඩිවිය. වේටර්වරයාට අතවනා ළඟට කැඳවූ ඔහු යමක් කොඳුරා කීවේය. විනකාඩි කීපයක් යන්නට මත්තෙන් ඔහු ඇණුවුම් කළ මීවිතත් ඊට අවැසි සියලු දේත් ඔහු ඉදිරියේ විය.
    මීවිතක් තොලගෑ ඔහු දුම්වැටියක් දල්වා හීන් දුම් වළලු කීපයක් වාතලයට මුසු කරන අයුරු මැදිවිය ඉක්මවූ මිනිසා යටැසින් දුටුවේය. යෞවනයා කල්පනා සයුරේ කිමිදී බොහෝ ඈතට ගොස් ඇති බව ඔහුට වැටහිණ. කිසිම දිනෙක අවන්හලට පැමිණෙන අමුතතන් සමග දොඩමළු නොවන ඔහු හෙමින් හඬ අවදි ‍කළේය.
    “මල්ලි ඇයි මේ.....?”
    “නෑ... නිකං...”
    හීන් සීරුවේ දෑස් ඔසවමින් තමා ඉදිරියේ හුන් මිනිසා දෙස බලාගත් සැණින් සිය දෑස් ඔහුගේ දෑස්වලින් ඉවතට ගත්තේය. යෞවනයාගේ වචන තුළ නොකියූ බොහෝ දේ ඇති බව ඔහුට හැඟිණි.
    “වෙන්න බෑ මල්ලි. මොකක් හරි පැටලිල්ලක ඉන්නවා වාගෙ?”
    මැදිවිය ඉක්මවූ තැනැත්තා කීවේය. කතාවට මුල පුරන්න මගක් සොයද්දී මධු බදුන් කීපයක නිමාව සටහන්වී තිබුණි.
    “මට මගේම කියන්න පුළුවන් විදිහෙ ආදරයක් තිබුණා. මම ඒ ආදරේ වෙනුවෙන් හුඟක් අදරේ කළා. කවදාවත්ම නොහිතපු විදිහට.......”
    “අන්තිමට ඉතුරු වුණේ මෙච්චරයි”
    යෞවනයා සිය ප්‍රථම ප්‍රේමයේ අතීත නටඹුන් අතර සක්මන් කරමින් ප්‍රේමයේ සොදුරු තැන් මෙන්ම රිදුණු තැන්ද බිඳුණු හඬකින් අවදි කළේය.
    “නෑ මල්ලි උඹ තවම පරාද වෙලා නෑ... උඹ පටන් අරන් තියෙන්නෙ වැරදි තැනකින්. හොඳම කාලෙ තව ඉස්සරහට මොකට පරාද වුණත් බොන්න එපා... ආපහු හිතපන්”
    මධුවිතෙන් හොඳහැටි රත්වී සිටි මිනිසා යෞවනයාට එක දිගට කියාගෙන කියාගෙන ගියේය.......”
    මහින්ද දිසානායකයන් රුවක් ඇදෙනවා ගීතය ලියන්නට වස්තුබීජය සපයාගත්තේ ඒ ආකාරයෙනි.
    මේ කතාව විතරක් නෙවෙයි මේ ගැන කපුගේ ලියපු සටහනක් තියෙනවා පල්ලේගම හේමරතන හාමුදුරුවන්ගෙ “පහන නිවී දොළොස් මහේ” පොතේ “මානව ප්‍රගමනය ගීතය හා මගේ දෘෂ්ඨිය” කියල අපූරු සටහනක්. ඒකෙත් රුවක් ඇදෙනවා ගීතය බිහිවූ හැටි කියල තියෙනවා.
    මහින්ද දිසානායකයන් මගේ හිත තවත් අතකට යොමු කළේය. මේ කපුගේ රුවක් ඇදෙනවා ගීතය සම්බන්ධයෙන් තබා ඇති ඒ රසවත් සටහනයි. ඒ සටහන ඒ අයුරින්ම මෙසේ උපුටා දක්වමි.
    “ 1981 දී මා රජරට සේවයට පැමිණි මුල් කාලයේදී දිනෙක මගෙන් කෙරුනු ඉල්ලිමකට මහින්ද දිසානායක ගීතයක් රචනා කරගෙන පැමිණියේය. අනතුරුව එහි තනුව නිර්මාණය කරන්නට ඔහු මා හා එක් විය.මා මහින්ද, කරුණාරත්න දිවුල්ගනේ, ජයතිලක බණ්ඩාර, ධනසේන කඹුරුගමුව එක් වූ එදා රාත්‍රිය මට දැනුදු සිහිපත් කල හැකිය.


    මීවිතෙන් ගිනි කණ වැටුණ් ඇස
    කාගෙ රුවදෝ ඇ‍ඳෙන්නේ
    නිමේෂයකින් ඔබට සැස‍ඳෙන
    හිතවතෙකි ඔබ දකින්නේ
    භද්‍ර යෞවන මලණුවනි ඔබ
    කිමද මධු විත සොයන්නේ
    නුරා දාහය නැත නිවෙන්නේ
    එයිනි දුක් ගිනි දළු දමන්නේ
    ජීවිතේ දියවී යා නොදී
    වෙනින් ඔරුවක නැග යමන්නේ
    දෙතුන් වරක් මේ ගීතය කියවූ මා ගීතය තුළින් දැනවිමට යන අරුත පැහැදිලි නැති බවත් එය වචන තුළ සිරවී ඇති බවත් මහින්දට පැහැදිලි කළෙමි. මධුවිත තොල ගාමින් මා මිහිරි තනුවක් සඳහා සර්පිනාවේ ඇඟිලි හැසුරුවද මට මගේ කාර්යයේ අපහසුවක් දැනිණ.
    “..... රුවක් ඇදෙනවා...... කවුදෝ එනවා...... මහින්ද මේ විදියට පටන් ගත්තොත් මොකද කියන්නේ?......”
    මම ඔහුගෙන් පිළිවිසිමි. එකල මා වඩා හඳුනාගෙන නොසිටි මහින්දයන් අපහසුතාවකට පත්කිරිමට මසිත මට අවසර නොදුණි. නමුදු වහා මා හා එකඟ වූ ඔහු පැයක පමණ කෙටි කාලයකදී මුලු ගිතයම නැවත සංස්කරණයට සමත්විය. මේ පසු කලෙක කරුණාරත්න දිවුල්ගනේ හා මා එක්ව ගැයූ ඒ ගීතයයි.”
    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇඳරිය දෑස වසනවා
    හද පොදි බැඳි දුක දියකර පා කර
    ඔබේ ලොවට මා මොහොතින් එනවා
    සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
    කිම තොල මීවිත පොඟවන්නේ
    නුරා විරහ ගිනි නිවා දමන්නයි
    සුරා විතින් මා දෙතොල තෙමන්නේ
    නැගුණු නුරා ගිනි මී පොද වැටිලා
    හතර වටින් දළු ලා එනවා
    අවන් හලේ මී විත තනි කරලා
    වරෙන් මලේ පියවර නගලා


    ගීපදමාලාව: මහින්ද දිසානායක
    සංගීතය: විශාරද ගුණදාස කපුගේ
    ගැයුම: විශාරද ගුණදාස කපුගේ සහ
    කරුණාරත්න දිවුල්ගනේ


    සාර්ථක ගීතයක් බිහිවිම පිනිස ගීත රචකයගේ සහ සංගීත රචකයාගේ සංයෝග අවශ්‍ය වන්නේ ඒ නිසාය. ගීත රචකයා තුළ උපදින සංකල්පය ගීතයක් ලෙස බිහිවන්නේ ඒ සංයෝගයේ අග්‍රඵලය ලෙසටය.
    ඒ කාලේ ඔය විදියට බිහිවුණ ඒ ගීතයට ඒ යුගයෙත් විවිධ විවේචන තිබුණා නේද? මම මහින්ද දිසානායකයන්ගෙන් යළි විමසීමි.
    ඔව්. ඔය ගීතය බිහිවෙච්ච මුල් කාලෙ පේරාදෙණිය සරසවිය හරහා ගොඩනැගුණ විචාර කලාව තුළින් රුවක් ඇදෙනවා ගීය දැඩි විවේචනයට බඳුන් වුණා. එතැනදි පේරාදෙණි විචාර කලාව හරහා මතු වුණ එක කාරණයක් තමයි හොඳට බොන මිනිහෙක් කොහෙමද තවත් බොන මිනිහෙකුට බොන්න එපා කියල උපදෙස් දෙන්නෙ කියන කාරණය. ඒක කොයි තරම් දුරට සදාචාරාත්මකද? ඒ කොයිතරම් ශිෂ්ඨ සම්පන්න කාරණයක්ද එහෙමත් නැත්නම් බොන කෙනෙක් තවත් බොන කෙනෙකුට එහෙම කියන්න අයිතියක් තියෙනවාද කියන කාරණය තුළ බොහෝ මත ගැටුම් මේ ගීයට විවේචන විදියට ආවා.
    ඒ තැනැත්තා මොන තරම් මධු විතට ඇබ්බැහි වූවත් එහි විපාක ඔහු හොඳින් අත්විඳිනව. ඔහුට එයින් මිදිමට නොහැකි වූ තැන ඔහු වැටුණ අගාධයේ ගැඹුරු අඳුර දකිමින් තමයි තවත් කෙනෙකුට එයි වැලකෙන්න කියන්නෙ. ඔහු ඒ ක්‍රියාවේ නියැලුනත් තව කෙනෙකුට එහි ආදීනව කියා දීමේ වරදක් මා දකින්නේ නැහැ. මා උත්සාහ කළෙත් ඒ ටික රුවක් ඇදෙනවා ගීතයෙන් කියන්නයි.”
    මහින්ද දිසානායකයන් රුවක් ඇදෙනවා ගීතය ගැන මා සමග හඬ අවදිකළේ ඒ අයුරින්. වර්තමානයේ මේ ගීතය සමලිංගිකයන් දෙදෙනෙකුගේ අත්දැකිමක් බවට හැඟවෙන හරසුන් මුග්ධ විචාර හෝ අදහස්වලට දීමට ඇති පිළිතුර එයයි. එහෙම බිහිවූ ගීත වල අරුත් හිතෙන හිතෙන පරිදි කාලයෙන් කාලයෙන් කාලයට වෙනස් කළ හොත් ගීතයට සිදුවන හානිය වඩා බරපතල ය. ඒ නිසා මෙවන් ගීත ගැන අදහස් සමාජ ගත කිරීමේදී වඩා වගකීමක් අප සතුව ඇති බව වගකීමෙන් යුතුව ඇතිබව පිළිගත යුතුය.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔබට තනි මාවතක අතරමං විය හැකිද? ඇත්තේ ඉදිරියට යාමක් හෝ නැවත ආපසු හැරීමක් පමණි. වෙනත් මාවතක්ද නොවෙයි.

    යම් දිනෙක ජීවිතයේ බරපතල අවස්ථාවක තීරනයක් ගැනීමේදී ඔබ තනි මගක අතරමං වුවොත්.
    කථාව සැකෙවින් මෙසේය,
    වෟර්තියෙන් ඉංජිනේරුවරයෙකු වන තරුණයෙකු හා රූමත් හෙදියක අතර ආදර සබඳතාවක් ගොඩ නැඟෙයි. හැල හැප්පීම් මැදින් ගලා යන ඔවුන්ගේ ජීවිතයට පෙම්වතාට දාව රූමත් හෙදිය ගැබ් ගනී. මෙයින් කලබල වන හෙදිය තම කලලය නැති කර ගැනීම පිනිස වරෙක යම් ඖෂද වර්ගයක් ලබා ගනී. නමුත් පසුව ගැබ්ගැනීම පිලිබඳව ඇය පෙම්වතා වෙත දන්වයි. ඒ බව දැනගත් පෙම්වතා ඇය හා විවාහ ගිවිසගනී. ඔවුන්ට දාව කුළුඳුල් දරුවා මෙලොව එලිය දකී. එය තරුණ පෙම්වතාට නැවත උපන්නාක් මෙන් සතුට ගෙන දෙන්නක් වේ.
    නමුත් අවාසනාව ඔවුන් ලඟම විය. තරුණ හෙදිය කලලය නැති කිරීම පිනිස ලබාගත් ඖෂදය නිසා ඔවුගේ සතුට ඉතා තාවකාලික එකක් වෙයි. දරුවා අකාලයේ මිය යයි. මෙයින් බලවත් කලකිරීමට පත් වන පෙම්වතා අතින් තම පෙම්වතිය නිවසින් පන්නා දමන තැනටම කටයුතු සිදුවෙයි. ඒ වගේම රට හැර දමා යාමට තරමින්ම ඔහුගේ අතීතය ඔහුට වද දෙයි. අවසානයේ ඔහු රට හැර යාමට සියල්ල සූදානම් කරගනී. එහෙත් ඇයව ඔහුගේ මතකයෙන් මකා දැමීමට ඔහුට හැකියාවක් නැත. ඇයගේ මතකය හමුවේ ඔහු තනි මංසලක අතරමං වෙයි. ඉදිරියට යන්නේ නම් ඔහුට ඒ සඳහා මාර්ගය විවරවී අවසානය. ආපසු හැරෙන්නේනම් එයද ඔහුට උත්සහ කල හැක.
    ඔබ සිතන්නේ කුමක්ද?
    ඔවු. ඔහු ආපසු හැරෙයි. නැවත සිය බිරිඳ සොයා යයි. ඔවුන් නැවත ජීවිතය අළුතින් පටන් ගනී..
    ඉතින්, පෙම්වතා පෙම්වතිය සොයා යාමේදී ඔහුගේ මනස තුල මැවන පෙම්වතිය වෙත කරන ආරාධනය මෙම ගීතයේ ඇතුලාන්තයයි. විජය ධර්මශ්‍රි මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ආරාධනා චිත්‍රපටිය වෙනුවෙන් කුලරත්න ආරියවංශයන්ගේ පද රචනයට, ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන අරාධනා ගීතය අැත්තෙන්ම දෙසවන පුරා අදටත් ඔබ සැමට එක සේ සිත් ලෙසින් විඳිය හැකි ගීතයක් බව නොඅනුමානයි.

    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
    හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
    අතීතයේ ගිලිහී ගිය
    සතුට රැගෙන යළි වඩින්න..
    ආරාධනා...
    නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
    මැකී ගියාදෝ කාලයේ වෙරළේ
    ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා
    ස්‌නේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා..
    ආරාධනා
    එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
    ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
    බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යනදා
    ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා..
    ආරාධනා...
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්මටසිරි.. අදනේ ත්‍රෙඩ් එක දැක්කේ..
    11.gif

    +Rep
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අම්මටසිරි.. අදනේ ත්‍රෙඩ් එක දැක්කේ..
    11.gif

    +Rep

    කියවල බලපං මචං පිටුවක් නෑර හැම පිටුවක්ම..... මොකක් හරි ගතයුත්තක් තියෙයි:)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කියවල බලපං මචං පිටුවක් නෑර හැම පිටුවක්ම..... මොකක් හරි ගතයුත්තක් තියෙයි:)

    අනිවා..:) උඩින් පල්ලෙන් කියලවල වැඩක් නෑ.. නිදහසේ කියෝගෙන එන්න ඕනේ...:yes:

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    13603308_1066863880068683_6718792078550299754_o.jpg


    13603695_1066863900068681_4717111263279535163_o.jpg


    පියාගේ විලාපයෙන් මුවහත් වූ පන්හිද.
    ---------------=================---------------

    මිනිස් ඉතිහාසයේ කුරිරුතම සමූලඝාතනයක් සියැසින් දුටු කුඩා දරුවකු මුළු ලොවටම සවිමත් හඬක් විය.

    නාසි හමුදාව හංගේරියාව යටත් කර ගනිද්දී එලී වීසෙල් පහළොස් හැවිරිදි දරුවෙකි.

    අනතුරුව යුදෙව් ප්‍රජාවට අයත් සියලු දෙනා ගාල් කෙරුනේ නාසි වධකාගාර තුළයි.

    එලී ගේ වැඩිමල් සොයුරියන් දෙදෙනා සහ බාල සොයුරිය සමඟ සිය මව් පියන්ටද යාහැකි වෙන මගක් නොතිබුණි. තාත්තා ගේ අතේ එල්ලී ඒ පෝලිමේ ම යාමට එලීටත් සිදු විය.

    පවුලේ එකිනෙකා වෙන් කෙරුනේ සිය සොයුරියන් හඬා වැළපෙද්දී යි.

    එලීගේ මවත් බාල නැගණියත් වධකාගාරය තුළ මරා දැමුණු අතර අට මසකට පසු සිය පියාටද උරුම වුණේ කුරිරු මරණයම යි.

    තම පියාට නාසි සොල්දාදුවන් පහර දෙන විට පියා නගන ලතෝනිය එලී ගේ සිර කුටියටත් හොඳින් ඇසෙයි. දරුවෙකු ලෙස තම පියාට ඒ මොහොතේ පිහිට විය නොහැකිව එලී තනිවම ළතැවුණි.

    ඒ මතකය හිතේ දරාගෙන වධකාගාරයෙන් නිදහස් වන්නට එලීට හැකි වුණේ ඇමරිකානු හමුදා එම ප්‍රදේශය අත් පත් කර ගත් නිසයි. ළමා නිවාසයක හැදී වැඩුණු සිය වැඩිමල් සොයුරියන් දෙදෙනාත් පසු කාලීනව එලීට හමුවිය.

    'රාත්‍රිය'

    වධකාගාරයෙන් එළි බට කොළු ගැටයා දර්ශනය සහ සාහිත්‍යය හදාරන්නට පෙළඹුණි. තම හඬ අවදි කරන්නට පන්හිඳ අතට ගත් එලී වීසෙල් නොමෙල් සාම ත්‍යාගය දක්වා ගෙන යාමට ඒ අමිහිරි මතක සටහන් සමත් විය.

    එලී වීසෙල් ගේ අතින් යුද්ධය ගැන ලියැවුන 'රාත්‍රිය' නම් කෘතියේ පිටපත් කෝටියක් මේ වන විට විකිණී හමාරයි. ප්‍රචණ්ඩත්වය, මර්දනය සහ ජාතිවාදයට එරෙහිව නැගු හඬ වෙනුවෙන් එලී වීසෙල් 1986 දී නොබෙල් සාම ත්‍යාගයෙන් සම්භාවනාවට පාත්‍ර විය. පීඩිතයන් වෙනුවෙන් නැගෙන සිය හඬට ජාති, කුළ, ආගම් හෝ දේශ සීමා තිබුණේ නැත.

    තමා නොබෙල් ත්‍යාගය ලබා ගන්නා මොහොතේත් වරෙක රෝගාතුරව රෝහලේ සිටියදී ත් පියා තමා ඉදිරියේ පෙනී සිටි බව ඔහු පවසයි.

    ජීවිතයේ වියපත් සමය ගත කරමින් සිටියදී පවා තම පවුලේ උදවිය ගැන කතා කරද්දී එලී ගේ නෙතඟට කඳුළක් නැගුණේය.

    නාසි වධකාගාරයේ වේදනාකාරී හැඟීම් හද තුළ තෙරැපෙමින් තිබියදී ලොව අමතන්නට පන්හිඳ සුරතට ගත් එලී වීසෙල් මහාර්ඝ කෘති ගණනාවක් ලොවට දායාද කර (ජූලි 02දා) අපෙන් සදහටම සමු ගත් වගයි.

    - අරවින්ද තිසර රතුවිතාන -
     
    • Like
    Reactions: waligamaya

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    "..... 'අවසාන භොජන සංග්‍රය' ලියොනාඩෝ ඩා වින්සි තමයි ඇන්දෙ."


    "මේ චිත්‍රය නිර්මාණය කරමින් ඉන්න අතරතුරේ දී ලියොනාඩෝ ඩා වින්සි බරපතල ප්‍රශ්නයකට මූණ දුන්නා. එයාට ජේසුස් වහන්සේ තුළ දෙවියන්වත්- ජූදාස්, ඒ කියන්නෙ ජේසුතුමාව පාවා දෙන්නාය කියලා අවසන් භොජන සංග්‍රාහයේ දී ම හෙළිදරව් වුණ මිත්‍රයා තුළ නපුර චිත්‍රණය කරන්නත් ඔහුට සිද්ධ වෙලා තිබුණා. ඉතිං ඒ හින්දා තම චිත්‍රයට ගැළපෙන නියම ආදර්ශයක් හමුවෙන තුරු එයා තමුන්ගේ චිත්‍රයේ වැඩ අත්හිටෙව්වා. ඒක දවසක් ඔහු පල්ලියේ ගීතිකාවලට කන්දෙමින් ඉන්නකොට ගීතිකා කණ්ඩායමේ උන්න එක් කොල්ලෙක්ගේ මූණ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිරූපයට හරියට ම ගැළපෙන බව දැක්කා. ඒ පාර ඒ කොල්ලාව තමුන්ගේ චිත්‍රාගාරයට කැඳවපු චිත්‍ර ශිල්පියා ඔහුගේ මූණේ සාටහන් ඇඳගත්තා."
    "මේ විදියට තුන් අවුරුද්දක් ගෙවුණා. 'අවසන් භෝජන සංග්‍රහය' කියන චිත්‍රේ එහෙන් පිටින්ම ඉවරයි. ඒත් ලියොනාඩොට තාමත් තමුන්ගේ චිත්‍රයේ ඉන්න ජූදාස්ට ගැළපෙන නියම ආදර්ශෙ හමුවෙලා තිබ්බෙ නෑ. තමුන්ගේ කටයුත්ත ඉක්මනට අහවරක් කරන්න ය කියලා මේ අතරේ දී පල්ලිය භාර කාදිනල්තුමා එයාට බලකරන්න ගත්තා."
    "ඉතිං මේ විදියට දවස් ගාණක් තිස්සේ තමුන්ට ගැළපෙන ආදර්ශේ හොයාන ඇවිද්දට පස්සේ ඒක දවසක් දා වැරහැලි ඇඳගෙන වෙරමතින් කාණු පල්ලක වැටිලා හිටපු අකාලේ වයසට ගිය තරුණයෙක්ව චිත්‍ර ශිල්පියාට මුණගැහුණා. ආයේ පාරක් මූලික සටහන ඇඳ ඇඳ ඉන්න කාලයක් නොතිබ්බ නිසා, මේ හාදයාව කෙළින්ම පල්ලියට අරන් එන්න චිත්‍ර ශිල්පියා හරිම අමාරුවෙන් තමුන්ගේ සහායකයව පොලඹවා ගත්තා. "
    "වෙන්න යන්නේ මොනවද කියන එක ගැන මෙලෝ අවබෝධයක් නොතිබ්බ මේ හිඟන්නාව පල්ලියට ගෙන එනු ලැබුවා. ඔහුගේ මුහුණේ අපූරුවට කාවැදී තිබ්බ අශ්‍රද්ධාව, පාපය හා අහංකාරය ලියොනාඩෝ සටහන් කර ගනිද්දී අත් උදව්කාරයෝ මිනිහව වත්තං කරගෙන උන්නා."
    "මේ විදියට චිත්‍රය ඇඳලා ඉවර වුණාම ඒ වෙද්දී තරමක් මත අඩුවෙලා තිබ්බ හිඟන්න ඇස් ඇරලා බලපුවම තමුන් ඉස්සරහ තියෙන චිත්‍රය දැක්කා. ඒ සැණින් මිනිහා දුකයි බයයි දෙකම කලවංවෙච්ච හැඟීමකින් මෙහෙම කිව්වා."
    " මම මේ චිත්‍රේ මීට කලින් දැකලා තියෙනවා."
    "කවදද?" පුදුමයට පත්වෙච්ච ලියොනාඩෝ ඇහුවා.
    "ඒ මීට අවුරුදු තුනකට කලියෙන්, මං සන්තකව තිබ්බ හැමදේම අහිමිවෙන්න ඉස්සර, ගීතිකා කණ්ඩායමේ ගායනා කරන්න මං පුරුදු වෙලා හිටපු කාලෙ. ඒ කාලේ දි මගේ ජීවිතේ හීනවලින් පිරිලා තිබ්බා. ඉතිං අන්න ඒ කාලයේ ජේසුතුමාගේ මූණ අඳින්න ආදර්ශයක් හැටියට ඉන්න ය කියලා චිත්‍ර ශිල්පියා මගෙන් ඉල්ලුවා."
    😊
    පාවුලෝ කොයියෝ - "යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය"


    17759797_718214748359504_3159742587228879757_n.jpg
     

    waligamaya

    Well-known member
  • 17499584_992165220916438_4478916918995585321_n.jpg



    මෙි තොරතුරැ මා උපුටා ගත්තේ අානන්ද සුමිත් සොයුරාගේ සටහනකි
    ============================================
    ගෞරවනීය මිනිසුන් වෙනුවෙන් ප්‍රමාද වී දෙනු ලබන ස්තුතියයි මෙි !
    ----------------------------------------------------------------------------
    ඊළාමි යුද්දය පවතිත්දී ඔබ මෙි දකින පිංතුරයේ ඉන්න ප්‍රියන්තගෙ පවුලෙ 18 දෙනෙක් එතැනම මියගියා කැබිතිගොල්ලෑවෙ බෝමිබයෙන් මෙය සටහන් කල ඒ ප්‍රෙද්ශය බාර ප්‍රා දේශිය ලේකමි තුමා මෙය සදහන් නොකලත් මම හිතනව මෙි ප්‍රියන්ත හඩා වැලපෙන්නෙ එයාගෙ ආදරණිය සිගිති සුරතලාගෙ ප්‍රාණය නිරැද්ධ සිරැර අතැතිව කියල.
    ඊළාමි යුද්ධය අවසන් වු පසු යුද්ධය නිසා අවතැන්වූ දමිල මිනිසුන් ලක්ෂ ගණන් ආව ආරක්ෂිත කදවුරැ හොයාගෙන මෙි අයට ආහාර ලබාදීමට රඡය සතුව ස්ථිර වැඩ පිළිවෙලක් තිබුනෙ නෑ ඉතිං ප්‍රා දේශිය ලේකමි තුමා ඇතුලු කටිටිය ලවුඩිස්පීකර් බැදගෙන ගමක් ගමක් ගානෙ ගිහින් මෙි අනාථයන්ට කෑම හෙවිව. මෙි කෑම හොයපු ගමිමාන අතර තිබුණ කැබිතිගොල්ලෑව කියන LTTE යෙන් කෘෘර ලෙස බැට කෑව ගමත් තමන්ගෙ ගමෙි මිනිස්සුන්ව බස් එක පිටින්ම බෝමිම තියල මරපු මතකය එයාලට තියෙන්න ඇති නමුත් ඒ අමිහිරි මතකයන් විසි කරල දාපු කැබිතිගොල්ලෑවෙ ගමෙි මිනිස්සු එකතුවෙලා මෙි අනාථයන්ට හදල දීල තිබුන බත් පාර්සල් 10,000 ක් ඒ බත් පාර්සල් දහ දාහ අතර බත් පාර්සල් 2000 ක් ම තම පුද්ගලික වියදමෙන් හදල දීල තිබුනෙ තම සිගිත්තා අතේ තියාගෙන අතීතයේ එකතරා දවසක වැළපුන මෙි ප්‍රියන්ත කියන සැබෑ මානවවාදී මිනිසායි
     

    waligamaya

    Well-known member
  • 17626536_1138665626263014_2585525983023586099_n.jpg





    තිලීපන් යාපනය වඩුක්කොඩෙයි හි උපත ලබන්නේ 1963 නොවැම්බර් 29 වනදාය. ඔහු වියලි කලාපීය ගොවි පවුලක එකම සමාජිකයාය. කුඩා කල සිටම අධ්‍යාපනයට මහගු දස්කම් පෑ තිලීපන් වඩුක්කොඩෙයි දෙමළ පාසලෙන් අධ්‍යාපනය ලබා, යාපනය විශ්ව විද්‍යාලයට තේරී පත් විණි. 80 දශකය වනවිට තිලීපන් තරුණයෙකි. එකල ඉහත කී පාලකයන්ගේ නරුම පොරොන්දු වලට රැවටී මිරිකී සිටි උතුරේ දෙමළ ජනතාව කෙරේ තිලීපන් දැක්වූ සානුකම්පිත භාවය ඔහු ගේ අරගලය තුල මැනවින් ඔප් නැංවිණි. අධ්‍යාපන ප්‍රමිතිකරණ පනතට එක හෙලා විරුද්ධ වූ ඔහු විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයෙන් එළියට ඔහුගේ හඩ අවදි කලේය. ‘ජනතාවනි පාලකයන්ගේ අවියට බිය නොවන්න අයිතිය වෙනුවෙන් පෙරට එන්න..‘ එදා බැරලයක් උඩ සිට කෑ ගැසූ මෙම තරුණයා දිනෙක මුලු මහත් හදවත් තුල සදාකාලික ජීවනාලියක් වන බව කවරෙකු වත් නොසිතන්නට ඇත.

    පසු කලෙක රජය මගින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කොට අසල් වැලි ඉන්දියානු අධිරාජ්‍යවාදයේ කොලණියක් බවට ලංකාදීපය පත් කරන විට සිංහල, දෙමළ, මුස්ලිම් දෑ හිතකාමීන් එයට විරුද්ධ විය. ඒ සදහා ජාති, වර්ග බෙදීමක් නොවීය. ඒවන විට තිලීපන් යනු උතුරේ අරගලයේ දිදුලන නාමයක් විය.“අපට සිංහල මිනිහා එක්ක ගැටලුවක් නෑ. අපට වෙඩි තියන සිංහල හමුදාව එක්කත් ගැටලුවක් නෑ..අපට ගැටලුව තියෙන්නේ දේශපාලකයා එක්ක…” ඔහුගේ මතය ඉතා වේගයෙන් උතුරු කරයේ පැතිර ගියේය. දහස් ගණන් ශිෂ්‍යන් ඔහුගේ මාවතේ ඇදෙන්නට විය. කෙටියෙන්ම තිලීපන් යන නාමය දෙමළ හදවත් පැහැරගත්තේය. 83 කලු ජූලිය මොහොතේ ප්‍රභාකරන්ට විශේෂ නියෝගයක් සහ නිවේදනයක් ලබා දෙන්නේය. දකුණට දෙමළා නැතිනම් උතුරටද සිංහලයා නැතිය. එහෙත් තිලීපන් කුඩා තරුණ වියේදිම ලිපියකින් ප්‍රභාකරන් ඇමතුවේය. දකුණ ද උතුර ද ගිනි ගත්තේ නම් අපද එය අතර සිරවූ මිනිසුන් පමණි. මෙකී ලිපිය තිලීපන් හමුවීමට යාමට තරම් ප්‍රභාකරන්ට විශේශ විය. ඉන්දු ලංකා ගිවිසුම එපා යැයි උතුරේ සහ දකුණින් මහා හඩ නැගෙද් දී පාලකයන් එම ජනතා විරෝධය කසල බදුනකට දමමින් ගිවිසුම අත්සන් කලේය.

    1987 එවකට ජනාධිපති ජේ. ආර් ජයවර්ධන සහ ඉංදියානු අගමැති රජිව් ගාන්ධි අතර ඇති වූ මෙම ගිවිසුම මගින් පැය හතලිස් දෙකක් ඇතුලත ලංකා ආරක්ෂක අංශ උතුරින් ඉවත් වූ අතර ඉන්දියානු ආරක්ෂක අංශ උතුර වෙලා ගත් හ. අසරණ පීඩිත දෙමළ කාන්තාවන් අමු අමුවේ දූෂණය කොට දමමින් ඔවුන් උතුරේ දෙමළ ජනයාට වෙනම රාජ්‍යක සිහිනය වක්‍රාකාරයෙන් ලබා දෙමින් සිටියේය. අපෙන් නිදහස් වෙන්නම් උඹලා සිංහල හමුදාව පරාජය කරපල්ලා. යන්න දෙමළ සිත් තුල කිදාබස්සවමින් කල අමන ක්‍රියාපටිපාටිය එකල එල්ටීටීඊය සහ දෙමළ ජනයාව නොමග යවන්නට නොහැකි විය.

    ඒ අනුව ඉංදියානු හමුදාවට එරෙහිව දෙමළ විමුක්තිකාමීන්ගේ සටනක් දියත් කරන්නට පටන් ගත් හ. එහෙත් තම මතයෙන් පිට නොගිය තිලීපන් 1987 සැප්තැම්බර් 15 වනදා යාපනය නල්ලුර් කන්දසාමි කෝවිල අසල මාරාන්තික උපවාසයක් ආරම්භ කලේය.

    ජල පොදක් වත් නොමැතිව ඔහු ආරම්භ කල උපවාසය නැවැත්වීමට නම් වහාම ඉංදු ලංකා ගිවිසුම හකුලා ගත යුතු බව ඔහු රජයට බල කලේය. එහෙත් නිසි දේශපාලන විසදුමක් නොවූ මරි මෝඩ රජයට ඉංදියාවේ දෙපා අසල දණනැවීමට මිස එය හකුලා ගැනීමට තරම් කොන්දක් නොවීය.

    1987 සැප්තැම්බර් 20 වනදා තිලීපන් අවසාන වතාවට ජාතිය අමතන්නේය.

    “සහෝදරවරුනි තවත් ටික දිනකින් මා මියෙනු ඇත..එහෙත් නුඹලාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන දහස් ගණනක විමුක්ති කාමීන්ගේ උපත මාගේ මරණය සමගම සිදුවනු ඇත….”
    1987 සැප්තැම්බර් 26 වනදා පුරා දින 12ක් ආහාර සහ ජලය නොමැතිව සිටීම හේතුවෙන් ඒ අපූරු විමුක්තිකාමියා, ගාන්ධිවරයා සදහටම නෙත් පියාගන්නේ මුලුමහත් පීඩිත ජනතාවගේම දෑස් කදුලින් තෙත් කරමිනි. ඉන්පසු එල්ටීටීඊය ට අවිහිංසාවාදී ගමනක පාවඩ එලන්නට කිසිවෙකු නොසිටියේය.

    2010 වන වසරේ යාපනයේ තිලීපන් ස්මාරකය ගලවා ඉවත් කරන්නෙය.(යාපනයේ තිලීපන් ස්මාරකය උදුරා දමයි..) එය පිහිටා තිබුනේ වසර විස්සකට ලගා වන තුරුම රජයේ පාලන ප්‍රදේශයේය. එය ගලවා ඉවත් කිරීම තුලින් ස්මාරකයක් ඉවත් වුව ද ජනතාවගේ සිත්තුලින් තිලීපන් ඉවත් වී නොමැති බවට බොහෝ සාධක ඇත. අනෙක් කරුණ නම් පිළිමයක් ඉවත් කොට ජනතාවගේ සිත් අතරින් වීරයන් අමතක කිරීමට ගත් මරි මෝඩ ආකල්පය ලැජ්ජා සහගතය. මෙය අනෙක් එල්ටීටීඊ පිළිම හා සැසදෙන්නේ නැති බවද මතක් කල යුතුය. ඒ තිලීපන් මිලේච්ඡත්වය ට එරෙහිවූ නිසාය.

    තිලීපන් යනු සිංහල දෙමළ වෙන් කිරීමකින් තොරව පරමාදර්ශයට ගත යුතු විමුක්ති කාමියෙක් ය. ඔහු අද දවසේ අසාධාරණයට, පීඩනයට, මර්දනයට එරෙහිව සටන් වදින ලාංකීය අරගලකරුවන්ට මහා පාඩම් රාශියක් ඉතිරි කොට තබා නික්ම ගොස් ඇත.

    එබැවින් තිලීපන් ජීවමානය..!

    චරිත් ජනප්‍රිය යොහාන්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගුණවීර සර්... (පිරිමි අයට පමණයි)
    ඒ අපේ 6 පංතියේ සිංහල ගුරුතුමා...
    දුෂ්කර පාසලක් වු, අපේ පාසලට පත්ව ආ, උස, කැහැටු ගැසුන මෙම ගුරුවරයා, සුදු කලිසම සහ සුදු කමිසයෙන් සැරසී සිටි අතර, නැෂනලය ඇඳ සිටි විදුහල්පති සහ අනිත් ගුරු වරුන් අතර කැපිපෙනුන හේතු ගණනාවක් විය.
    ඉන් පළමු කරුණ වුයේ පැහැදිලි හේතුවක් නැති නමුත් අප සියල්ල ඔහුට බය වීමය.
    පාසලට පැමිණ පසු, මොහු අපගේ සිත්වල අපුරු චරිතයක් බවට පත්වීමට වැඩිකලක් ගත නොවුනේ ඔහු ශිෂ්‍ය ශිෂ්‍යවන් පිළිබඳ "ඩෝන්ට් කෙයාර්" පිළිවෙතක් අනුගමනය කළ නිසාවෙනි.
    එකල අපි විදුහල්පති කාමරයෙන් බිස්කට් සොරකම් කර, පාසල් වත්ත කෙලවරේ අපම වගාකළ මිරිස් කොටුවෙන් කඩාගත් මිරිස් සමග බිස්කට් කා, වැව අද්දරට ගොස්, වැවෙන් නා ආපසු පංතිකාමරයට හොර පාරෙන් එන හැටි ඔහුගේ අතටම හසු උනද, ගුණවීර සර් එය නොදැක්කා සේ සිටිමින් අපගේ ළමා ලෝකය අපිටම උරුම කරවීය.
    හයේ පංතියේ සිංහල පොතේ එක් පාඩමක් වු "පොම්පියා නගරයේ විනාශය" ගැන ඔහු කළ සාකච්ඡාව සති ගණනක් ඇදි ගිය අතර, පාඩම අවසානයේ, අපේ පංතියේ සිටි ලස්සනම ගැහැණු ළමයි කිහිපනෛකුගේම නෙත් කඳුලින් පිරවීමට ඔහු දැක්වු දක්ෂතාවය, කොලු වයසේ සිටි අපගේ සිත්වලට ඊර්ෂ්‍යාවක් ගෙන දෙන්නට තරම් සමත් විය.
    ඔහු කෙතරම් දක්ෂ ගුරුවරයෙකුද යත්, වැඩිහිටියන්ට පමණක් සීමාවන කතන්දර, ඉතා අපුරු ලෙස, ඇගේ නොගෑවෙන ලෙස වචන වලින් අප අතර ලිස්සා හැරීමට ඔහූ දැක්වු දක්ෂතාවය, අප ඔහුට කැමති වු තවත් කාරණයක් විය හැක.
    මේ ඔහු කියු එවැනි කතාවකි ..
    එක් කලෙක ගම් වැසියෙක්, බිරින්දැන් දෙදෙනෙකු සමග එකම ගෙය තුල, සාමයෙන් සහ සතුටෙන් වාසය කළේය.
    කලක් යද්දි, ගම් වැසියාගේ යුගල අවයවයක කුෂ්ඨ රෝගයක් වැළදිනි.
    මෙය,නිරන්තරයෙන් කැසීම අත්‍යාවශ්‍ය වු අතර, බිරින්ඳන් දෙදෙන තරගයට මෙන් අර අවයවය, කැසීමට ඉදිරිපත් වී ඇත.
    ගමරාල ගේ මෙම යුගලයේ වටිනාකම අවභෝධකරගත්, සුදුමැණිකේ සහ කලු මැණිකේ නම් වු ගමරාලගේ බිරින්ඳන් දෙපල, දැන් හරිහරියට තරගයට මෙන් කැසීමට ඉදිරිපත්විම, ගමරාලට වදයක්වීමට වැඩි කලක් ගත නොවීය.
    ඒ නිසාම, මෙම කරදරයෙන් මිදීමට, ගමරාල කලේ අර අවයවයේ වම් පැත්ත සුදුමැණිකේටත්, දකුණු පැත්ත කලුමැණිකේටත් පවරා දි, දෙදෙනා අතර, ඇති තරගය අවම කරමින් උපරිම ලෙස තමාගේ අර දෙක රුක බලාගැනීමය.
    ගමරාලගේ තීරණය නිවැරදි විය. සුදුමැණිකේ වම් පැත්ත රුකබලාගත් අතර, දකුණූ පැත්ත කලු මැණිකේ විසින් ප්‍රවේශමෙන් රුකබලාගන ඇත.
    එක් දිනක් සුදුමැණිකේ වංගෙඩිය සහ මෝල්ගසෙන් පිටි කොටමින් සිටින විට, කලු මැණිකේ, ඇයට අයිති දකුණු පැත්තට වට්ටියකින් පවන් ගසමින් ඉඳ ඇත. අවාසනාවකට මෙන්, ටික වේලාවකින් කලුමැණිකේගේ වට්ටියේ කොන, සුදුමැණිකේ ට අයත් දකුණු පැත්තේ වැදි ඇත. ඔය කියන අංගයේ මොකක් හරි වැදිම දවල් තරු පෙනෙන දෙයක් බව දන්නෝ දනිති.
    කලු මැණිකේගේ වට්ටි කොණ වැදුන ගමරාලටත් ඉවසුම් නැති වේදනාව නිසා කෑ ගැසු ගමරාල, "මෙන්න උඹගෙ එකට මේකි වට්ටියෙන් ගැහුවා " යනුවෙන් සුදුමැණිකේ දැණුවත් කර ඇත.
    වහා ක්‍රියාත්මක වු සුදුමැණිකේ ඉහලට එසවු මෝල්ගස, ගමරාලගේ කලුමැණිකේට අයත් දකුණු පැත්ත චප්ප වෙන්නට අතහැර ඇත.
    උගත් පාඩම- තම බිරිඳ පිටිකොටමින් සිටින විට කට පියාගන ඉන්න පුරුදු වෙන්න.



    උපුටා ගැනීම බුකියෙන්- රසකතා පිටුව