ගුණවීර සර්... (පිරිමි අයට පමණයි)
ඒ අපේ 6 පංතියේ සිංහල ගුරුතුමා...
දුෂ්කර පාසලක් වු, අපේ පාසලට පත්ව ආ, උස, කැහැටු ගැසුන මෙම ගුරුවරයා, සුදු කලිසම සහ සුදු කමිසයෙන් සැරසී සිටි අතර, නැෂනලය ඇඳ සිටි විදුහල්පති සහ අනිත් ගුරු වරුන් අතර කැපිපෙනුන හේතු ගණනාවක් විය.
ඉන් පළමු කරුණ වුයේ පැහැදිලි හේතුවක් නැති නමුත් අප සියල්ල ඔහුට බය වීමය.
පාසලට පැමිණ පසු, මොහු අපගේ සිත්වල අපුරු චරිතයක් බවට පත්වීමට වැඩිකලක් ගත නොවුනේ ඔහු ශිෂ්‍ය ශිෂ්‍යවන් පිළිබඳ "ඩෝන්ට් කෙයාර්" පිළිවෙතක් අනුගමනය කළ නිසාවෙනි.
එකල අපි විදුහල්පති කාමරයෙන් බිස්කට් සොරකම් කර, පාසල් වත්ත කෙලවරේ අපම වගාකළ මිරිස් කොටුවෙන් කඩාගත් මිරිස් සමග බිස්කට් කා, වැව අද්දරට ගොස්, වැවෙන් නා ආපසු පංතිකාමරයට හොර පාරෙන් එන හැටි ඔහුගේ අතටම හසු උනද, ගුණවීර සර් එය නොදැක්කා සේ සිටිමින් අපගේ ළමා ලෝකය අපිටම උරුම කරවීය.
හයේ පංතියේ සිංහල පොතේ එක් පාඩමක් වු "පොම්පියා නගරයේ විනාශය" ගැන ඔහු කළ සාකච්ඡාව සති ගණනක් ඇදි ගිය අතර, පාඩම අවසානයේ, අපේ පංතියේ සිටි ලස්සනම ගැහැණු ළමයි කිහිපනෛකුගේම නෙත් කඳුලින් පිරවීමට ඔහු දැක්වු දක්ෂතාවය, කොලු වයසේ සිටි අපගේ සිත්වලට ඊර්ෂ්‍යාවක් ගෙන දෙන්නට තරම් සමත් විය.
ඔහු කෙතරම් දක්ෂ ගුරුවරයෙකුද යත්, වැඩිහිටියන්ට පමණක් සීමාවන කතන්දර, ඉතා අපුරු ලෙස, ඇගේ නොගෑවෙන ලෙස වචන වලින් අප අතර ලිස්සා හැරීමට ඔහූ දැක්වු දක්ෂතාවය, අප ඔහුට කැමති වු තවත් කාරණයක් විය හැක.
මේ ඔහු කියු එවැනි කතාවකි ..
එක් කලෙක ගම් වැසියෙක්, බිරින්දැන් දෙදෙනෙකු සමග එකම ගෙය තුල, සාමයෙන් සහ සතුටෙන් වාසය කළේය.
කලක් යද්දි, ගම් වැසියාගේ යුගල අවයවයක කුෂ්ඨ රෝගයක් වැළදිනි.
මෙය,නිරන්තරයෙන් කැසීම අත්‍යාවශ්‍ය වු අතර, බිරින්ඳන් දෙදෙන තරගයට මෙන් අර අවයවය, කැසීමට ඉදිරිපත් වී ඇත.
ගමරාල ගේ මෙම යුගලයේ වටිනාකම අවභෝධකරගත්, සුදුමැණිකේ සහ කලු මැණිකේ නම් වු ගමරාලගේ බිරින්ඳන් දෙපල, දැන් හරිහරියට තරගයට මෙන් කැසීමට ඉදිරිපත්විම, ගමරාලට වදයක්වීමට වැඩි කලක් ගත නොවීය.
ඒ නිසාම, මෙම කරදරයෙන් මිදීමට, ගමරාල කලේ අර අවයවයේ වම් පැත්ත සුදුමැණිකේටත්, දකුණු පැත්ත කලුමැණිකේටත් පවරා දි, දෙදෙනා අතර, ඇති තරගය අවම කරමින් උපරිම ලෙස තමාගේ අර දෙක රුක බලාගැනීමය.
ගමරාලගේ තීරණය නිවැරදි විය. සුදුමැණිකේ වම් පැත්ත රුකබලාගත් අතර, දකුණූ පැත්ත කලු මැණිකේ විසින් ප්‍රවේශමෙන් රුකබලාගන ඇත.
එක් දිනක් සුදුමැණිකේ වංගෙඩිය සහ මෝල්ගසෙන් පිටි කොටමින් සිටින විට, කලු මැණිකේ, ඇයට අයිති දකුණු පැත්තට වට්ටියකින් පවන් ගසමින් ඉඳ ඇත. අවාසනාවකට මෙන්, ටික වේලාවකින් කලුමැණිකේගේ වට්ටියේ කොන, සුදුමැණිකේ ට අයත් දකුණු පැත්තේ වැදි ඇත. ඔය කියන අංගයේ මොකක් හරි වැදිම දවල් තරු පෙනෙන දෙයක් බව දන්නෝ දනිති.
කලු මැණිකේගේ වට්ටි කොණ වැදුන ගමරාලටත් ඉවසුම් නැති වේදනාව නිසා කෑ ගැසු ගමරාල, "මෙන්න උඹගෙ එකට මේකි වට්ටියෙන් ගැහුවා " යනුවෙන් සුදුමැණිකේ දැණුවත් කර ඇත.
වහා ක්‍රියාත්මක වු සුදුමැණිකේ ඉහලට එසවු මෝල්ගස, ගමරාලගේ කලුමැණිකේට අයත් දකුණු පැත්ත චප්ප වෙන්නට අතහැර ඇත.
උගත් පාඩම- තම බිරිඳ පිටිකොටමින් සිටින විට කට පියාගන ඉන්න පුරුදු වෙන්න.
උපුටා ගැනීම බුකියෙන්- රසකතා පිටුව