නිකන් කන්න දුන්නු එක තමයි විනාසේ

pinsirige

Member
Feb 24, 2013
21
3
0
නිකන් කන්න දුන්නු එක තමයි විනාසේ


නිකන් කන්න දුන්නු එක තමයි විනාසේ - කෙහෙළිය


2013 අප්‍රේල් 19 වෙනි සිකුරාදා, 08:18

0 Comments

ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)




අසීමාන්තිකව සහනදීමෙන් රට දිගින් දිගටම අගාධයකට යොමුවන බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මින් ඉදිරියට ජනතාවට සහන ලබාදීම අපහසුවෙන් වුවද අත්හිටුවීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

'නිකන් කන්න දෙනකන් බලාගෙන සිටියා. ඒක තමයි මේ රටට වුණ විනාශේ. හැම දෙයක්ම නිකන් දෙනකන් බලාගෙන හිටියා. හැමදේටම සහන ඉල්ලනවා. රටක ඉදිරි ගමනක් තියෙද්දී සහනාධාර මත යැපෙන්නන් බිහි කරන්න බෑ. මෙය සීමාව ඉක්ම ගි‍යොත් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. යැයිද ඔහු පැවසීය.

විදුලි ගාස්තු වැඩිකිරීමේ ගැටලුවක් පවතින බවත් සැමට විදුලිය ලබාදීම දීම නිසා විදුලි ගාස්තු අඩු කිරීමක් පිළිබද සිතිය නොහැකි බවද අමාත්‍යවරයා පවසයි.

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයින් පවසන්නේ ආණ්ඩුවේ ඒකාධිපති පාලනයේත් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ත ක්‍රියාවට නැගීමේත් පූර්වාදර්ශයන් මෙම ප්‍රකාශයන් තුළින් හෙළිදරව් වන බවයි.
 

pinsirige

Member
Feb 24, 2013
21
3
0
අඩුවට විදුලිය දෙන එකේ බර හුඟක් වෙලාවට ටැක්ස් ගෙවන පෞද්ගලික අංශයේ අයට තමයි දරන්න වෙන්නේ.විදුලියට ගෙවිය යුතු නියමිත මිල අඩු විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කල යුතුයි.
 

Jude1991

Active member
  • May 23, 2008
    508
    138
    43
    ලංකාවේ
    මේ රටට කෙල උනේ පිනට කන්න පුරුදු වෙලා සහ හොරාට කන්න පුරුදු වෙලයි.
     

    blue_in_rio

    Well-known member
  • සහන නෙමෙයි මුන්ට අසහනේ....ජනතාවගේ ඡන්ද වලින් පත්වෙලා, දුප්පත් ජනතාවම හූරන් කනවා.නිකන් කන්න දෙන එක වැරදි වෙන්න පුලුවන්, ඒත් වැඩක් නොකර කනවා කියන එක ලොකුවටම කරන්නේ මේ දෙශපාලුවෝ නෙමෙයිද ? ලොකු එවුන්ගේ වැරදි තියාගෙන කවදාවත් පොඩි එවුන් හදන්න බැහැ.මහ කකුලුවෝ ඇදේට ගිහින් පොඩි උන්ව කෙලින් යවන්න බැහැ. :frown::frown::frown::frown::frown:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    SWAss.gif