නිකන් කන්න දුන්නු එක තමයි විනාසේ
නිකන් කන්න දුන්නු එක තමයි විනාසේ - කෙහෙළිය
2013 අප්‍රේල් 19 වෙනි සිකුරාදා, 08:18
0 Comments
ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)
අසීමාන්තිකව සහනදීමෙන් රට දිගින් දිගටම අගාධයකට යොමුවන බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මින් ඉදිරියට ජනතාවට සහන ලබාදීම අපහසුවෙන් වුවද අත්හිටුවීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
'නිකන් කන්න දෙනකන් බලාගෙන සිටියා. ඒක තමයි මේ රටට වුණ විනාශේ. හැම දෙයක්ම නිකන් දෙනකන් බලාගෙන හිටියා. හැමදේටම සහන ඉල්ලනවා. රටක ඉදිරි ගමනක් තියෙද්දී සහනාධාර මත යැපෙන්නන් බිහි කරන්න බෑ. මෙය සීමාව ඉක්ම ගියොත් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. යැයිද ඔහු පැවසීය.
විදුලි ගාස්තු වැඩිකිරීමේ ගැටලුවක් පවතින බවත් සැමට විදුලිය ලබාදීම දීම නිසා විදුලි ගාස්තු අඩු කිරීමක් පිළිබද සිතිය නොහැකි බවද අමාත්‍යවරයා පවසයි.
මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයින් පවසන්නේ ආණ්ඩුවේ ඒකාධිපති පාලනයේත් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ත ක්‍රියාවට නැගීමේත් පූර්වාදර්ශයන් මෙම ප්‍රකාශයන් තුළින් හෙළිදරව් වන බවයි.