නිකමට හිතල බැලුවම 18+++

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    හැම එකටම පාලකයෝ මුකුත් කරනකන් බලන් ඉඳල වැඩක් නැ මචන් . උන් මුකුත් කරන්නේ නැ . මිනිස්සු දැනගන්න ඕන මොනා හරි දෙයක් කරන්න . උදේට යද්දී කොච්චර දකිනවද බන් පාර අයින්වල කුණු ගොඩවල් . හැම එකාම කරන්නේ තමන්ගේ ගෙදර කුණු ටික එක්කෝ කැලෙකට , නැත්තම් ඇලකට , නැත්තම් වෙන මිනිහෙක්ගේ ගේ ඉස්සරහ , නැත්තම් පාරේ දාල යනවා:angry::angry:.

    ගෙදර කුනුවලක් කපල එකේ දාන්න බැරිද ?
    පුච්චන්න බැරිද
    එහෙම නැත්තම් අඩු ගානේ නගර සභාවට ගිහින් දෙන්න බැරිද ?

    මිනිස්සුන්ව හදන්න බැ බන් :no::no:.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔය වගේ දේවල් හිතන එකත් වටිනවා මචන්.:)

    පාලකයෝ හදන්න කලින් මිනිසු හැදෙන්න ඕනේ. එතකොට තමා හොද පාලකයෝ බිහිවෙන්නේ, හොද පාලකයෝ ඉන්නකොට මේ ප්‍රශ්න ඉබේම විසදෙනවා.
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    කම්පැනි එකක් උනත් ප්‍රඩක්ට් එකක් ලංකාවේ වෙළදපලට දානවා නම් පාවිච්චි කරපු ඒ හැම දෙයක්ම ප්‍රච්ක්රිකරාය කරන ඒකකයක් එක්ක කම්පැනි පටන් ගන්නත් ඕනේ.
    good idea:yes:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    දැන් ගොඩක් නගර සභා වල compost හදලා විකුනනවා, පොඩි මිලක් තමා වෙන්නෙ. මම ලගදි නගර සභාවේ compost හදන තැනට ගියා, ඒකෙ ෆොටො තමයි මේ තියන්නෙ. හැමදාම කුනු ගෙනල්ලා ගොඩවල් ගහනවා. ඒවා දිරලා පොහොර වුනාම දැලකින් හලලා පැකට් කරලා විකුනනවා. 5 kg, 10 kg, 25 kg, 50 kg වලින් පැකට් තියනවා. මිල 1 kg ක් රුපියල් 8 . ගොඩක් මිනිස්සු මේවා අරගෙන යනවා.

    CIQwubC.jpg

    hhcZ1H6.jpg
     
    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    හොඳ ලිපියක් , පොඩි අදහස් කීපයක් එකතු කරමි ,
    • කසල වෙන් කර ඉවත් කිරීම ,
    • නියමිත දිනයට නොවරදවාම අදාල කසල වර්ගය (උදා : පොලිතින් සහ ප්ලාස්ටික් , කාබනික ද්‍රව්‍ය, වීදුරු) එකතු කිරීම,
    • ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරන ආයතන ඇති කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම.
    :yes::yes:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    හැම එකටම පාලකයෝ මුකුත් කරනකන් බලන් ඉඳල වැඩක් නැ මචන් . උන් මුකුත් කරන්නේ නැ . මිනිස්සු දැනගන්න ඕන මොනා හරි දෙයක් කරන්න . උදේට යද්දී කොච්චර දකිනවද බන් පාර අයින්වල කුණු ගොඩවල් . හැම එකාම කරන්නේ තමන්ගේ ගෙදර කුණු ටික එක්කෝ කැලෙකට , නැත්තම් ඇලකට , නැත්තම් වෙන මිනිහෙක්ගේ ගේ ඉස්සරහ , නැත්තම් පාරේ දාල යනවා:angry::angry:.

    ගෙදර කුනුවලක් කපල එකේ දාන්න බැරිද ?
    පුච්චන්න බැරිද
    එහෙම නැත්තම් අඩු ගානේ නගර සභාවට ගිහින් දෙන්න බැරිද ?

    මිනිස්සුන්ව හදන්න බැ බන් :no::no:.
    මචන් මම ගෙදර එකතු වෙන්න ඔක්කොම එකතු කරනවා..දිරන්නේ නැති හැම එකක්ම වගේ බෑග් වල දාල නගර සභාවේ වෙන වෙනම කුණු කුඩු තිබ්බ පාට තුනකින්..ඒවාට ගිහිල්ල දානව..කවදාවත් මම පොලොතින් ප්ලාස්ටික් දාල ගිනි ගොඩක් වත් ගහන්න දෙන්න නැහැ අපේ අම්මට වත් තේරෙන කාලේ ඉදන්..
    දිරන ගෙදරින් අයින් කරලා දේවල් හතරේ හතරේ වළක් කපල එකට දල එළවලු පැල වගා කරද්දී ඒවාට දැම්ම..
    මට මේ ගොන් මිනිස්සු කරන දේවල් තේරුම් ගන්න බැහැ..මේ දේවල් වලට විකල්ප නැද්ද .
    එකක් පාරට තාර දානකොට යකෝ අලි ටයර් පුච්චන්නේ..කොච්චර පරිසර දුෂණයක් වෙනවද ??
    අනිත් එක වාහන ගරාජ් වල ටයර් පුච්චනවා..මේවට නීති නැද්ද .!!
    කොච්චර සල්ෆර් එකක්ක විස වායු පිටවෙනවද ??
    ගොබ්බ හැත්ත..
     
    CK503

    Member
    Jul 6, 2016
    18
    2
    0
    පොලිතීන් විතරක් නෙමෙයි. ඇයි වාහන බැටරි. එවා ප්‍රතිචක්‍රී කරනවද? ඊයම් අධික විෂ සහිතයි
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    machan meka nam atta. duka hithenawa ban parawal ain wala dakkama. southern highway eka balapan. kochara lassanata tibba ewada oya ohoma wela thiyanne.

    missunge brain wash karanna oni ban advertisement ehema dalath.
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඕකට තියෙන්නෙ ඒ කම්පැනි වලින්ම ඕව එකතු කරන ක්‍රමයක් හදන එක. උදාහරනෙකට දත් බුරුසුවක් වගේ එකක් පරණ එක දුන්නම රුපියල් ගානක් අඩු කරලා අලුත් එකක් ගන්න පුළුවන් වෙන්න. දත් බෙහෙත් ෂැම්පු බෝතල් එහෙමත් ඒ විදිහට පුළුවන්. ඉස්සර කැන්ඩොස් එකෙන් තිබ්බ චොකලට් කවර වලින් පවුලේ සෙට් එක එකතු කරලා ගිහින් දුන්නම තෑගී දෙන එකක්. අපි යද්දී පාරේ කුනුගොඩක තිබ්බත් අහුලගන්න පොරකනව, ඒ වගේ තිබ්බ නං හරි, කට්ටිය උනන්න්දු කරන්න.

    බීම බෝතල්, වතුර බෝතල් වගේ නං කෙලින්ම ගද්දි රුපියල් කියක් හරි වැඩිපුරඅරන් ආය රිටන් කරාම අර ගාන ගන්න පුළුවන් වෙන්න තියෙන්න ඕනේ. නැත්තන් අපේ උන් ඕව විසිකරනව ගානක් නැතුව. රුපියල් පහක් දහයක් වගේ අරන් හරියන්නෙත් නෑ කෙලින්ම රුපියල් සියක් විතර ගන්න ඕනේ.

    ඔය ලියන පෑන් උනත් තීන්ත දාන බටේ ඇරුනම අනිත් කෑලි ආය පාවිච්චි කරන්න පුළුවන් ලේසියෙන්ම. පෑන් වල කුරු වෙනම විකුනන්න තිබ්බ නං තීන්ත ඉවර උනාම කුර ගලවල අලුත් එකක් දාගන්න තිබ්බ, වියදමත් අඩුයි.

    නියම Idea එක මචන්.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මචන්ලා මම මේක කියන්නේ නිකමට කල්පනා කරද්දී අපු අදහසක් ....
    නිකන් හිතපල්ලා අපි කොච්චර දත් බුරුසු,දත් බෙහෙත් ,රේසර්,පොඩි ක්‍රීම් ජාති,සැශේ පැකට ෂැම්පු ජෙල් ජාති..
    කොච්චර නම් පොලිතින් ප්ලාස්ටික් විසි කරලා දානවද..!!!
    ලංකාවේ හරි හමන් ප්ලාස්ටික් ප්‍රතිචක්රිකරණයක් නැහැනේ..!!
    මේ පොන්න දෙපාලකයෝන්ට මේවා කල්පාන වෙන්නේ නැද්ද බන්..
    මම නම් කියන්නේ මොන අම්මගේ කම්පැනි එකක් උනත් ප්‍රඩක්ට් එකක් ලංකාවේ වෙළදපලට දානවා නම් පාවිච්චි කරපු ඒ හැම දෙයක්ම ප්‍රච්ක්රිකරාය කරන ඒකකයක් එක්ක කම්පැනි පටන් ගන්නත් ඕනේ.. ඒ මිනිස්සු පාවිච්චි කරපු නොදිරන පල්ස්ටික් පොලිතින් වගේ දේවල් නැවත මිනිස්සුන්ගෙන්ම එකතු කරලා ප්‍රතිචක්‍රීකරණය කරන ඕනේ අනිවාර්ර්ය කරන නීතියක් දන්නා ඕනේ ..!!
    හිතපල්ලා තව ටික කාලෙකින් මේ දුපත මේවගෙන් වැහිලම යාවි..!!
    මේක කුණු ගොඩක් වෙයි.!!!

    හොද අදහසක් :yes::yes::yes:
    ඒත් දේශපාලන සහය නැතුව ප්‍රයෝගික නෑ :frown: උන්ගේ මොල තියෙන එකක් යෑ :angry:
     
    Last edited:

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    Company

    මචන්ලා මම මේක කියන්නේ නිකමට කල්පනා කරද්දී අපු අදහසක් ....
    නිකන් හිතපල්ලා අපි කොච්චර දත් බුරුසු,දත් බෙහෙත් ,රේසර්,පොඩි ක්‍රීම් ජාති,සැශේ පැකට ෂැම්පු ජෙල් ජාති..
    කොච්චර නම් පොලිතින් ප්ලාස්ටික් විසි කරලා දානවද..!!!
    ලංකාවේ හරි හමන් ප්ලාස්ටික් ප්‍රතිචක්රිකරණයක් නැහැනේ..!!
    මේ පොන්න දෙපාලකයෝන්ට මේවා කල්පාන වෙන්නේ නැද්ද බන්..
    මම නම් කියන්නේ මොන අම්මගේ කම්පැනි එකක් උනත් ප්‍රඩක්ට් එකක් ලංකාවේ වෙළදපලට දානවා නම් පාවිච්චි කරපු ඒ හැම දෙයක්ම ප්‍රච්ක්රිකරාය කරන ඒකකයක් එක්ක කම්පැනි පටන් ගන්නත් ඕනේ.. ඒ මිනිස්සු පාවිච්චි කරපු නොදිරන පල්ස්ටික් පොලිතින් වගේ දේවල් නැවත මිනිස්සුන්ගෙන්ම එකතු කරලා ප්‍රතිචක්‍රීකරණය කරන ඕනේ අනිවාර්ර්ය කරන නීතියක් දන්නා ඕනේ ..!!
    හිතපල්ලා තව ටික කාලෙකින් මේ දුපත මේවගෙන් වැහිලම යාවි..!!
    මේක කුණු ගොඩක් වෙයි.!!!

    sorry 18+ dammata

    www.viridislanka.com menna meyalata katha karanna macho..