නික්මගිය කවියානනි...
අවුරුදු කිහිපයකට පෙර මමත් එලකිරිය තුල හොදින් කරක් ගැසුවෙක්මි. නමුත් කාර්යය බහුල දිවියත්, මගේ පවුලට අලුතින් එක්වූ සාමාජිකයින් මගේ දිවිය වෙනස්කල ආකාරයත් නිසා කාලයකින් මෙහි පිවිසීමට නොහැකිවිය. එහෙත් අමතකව තිබු මුරපදය සොයාගන ලහිලහියේ මෙහි පැමිණීමට සිදුවුයේ හදවත කකියවන දුක්බර ආරංචියක් නිසාවෙනි !! එයද මට දැනගැනීමට ලැබුනේ තරමක් පමාවීය.. ඒ කිසිදා නොදුටු නමුත් එළකිරියේදී ඉතා සුහද මිතුරෙකුවූ සස්ලිට්ටාගේ හදිසි වියෝව පිළිබද දුක්බර ආරංචියයි.
මෙය ඇසු මගේ මතකය ෂණිකව දිවගියේ එදා ඉතා ජනප්‍රියවූ "සුපිරි කවි ට්කක්" නම් නූල වෙතයි. මා ඔහු හා සමීප වුයේ එම නූල තුල අප දෙදෙනා අතර ඇතිවූ කවි කිහිපයක සංවාදයක් මුල් කොටගනය. ඉහතින් දැක්වෙන්නේ එම කවි කිහිපයෙන් උපුටා ගත්තකි. ඉන්පසු ඔහු මට බොහෝ අවස්ථාවලදී උපදෙසින් හා අදහසින් උපකාර කළේය. ඔහුතුල පැවති කවිත්වය , ලිවීමේ හැකියාව, අසහස් ඉවසීමේ ගුණය හා ඒ සියල්ලටම ඉහලින්වූ මනුස්ස ගුණය පුදුමාකාරය. නමුත් නිමා නොවන මේ භයංකාර සසර ගමනේ අනිත්‍ය නැවතත් අපහට පසක්කර දෙමින් ඔහු අපටත් නොකියා නික්ම ගොසින්ය !!!
ආදරණිය මිතුරාණනි , ඉක්මනින්ම සසර ගමන අවසන්කර අමාමහ නිවනේ සදාකාලික සැනසීම ලැබීමට හැකිවේවා ප්‍රර්ථනා කරමි !
ඔබට නිවන් සුව ....
[පැරණි සාමාජිකයිනි, ඔහුගේ කවිත්වය ගැන හැකිනම් මතකය අවදිකරන්න ]