නික්ම ගිය චතූ මුණසිංහ ගැන නෑසූ කතාව

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    නික්ම ගිය චතූ මුණසිංහ ගැන නෑසූ කතාව​

    10/16/2021 03:37:00 PM
    chathu-munasinghe

    පසුගිය සතියේ අහන්නට දකින්නට ලැබුණු පුවත් අතරේ හදකම්පාවට පත් කරන පුවතක් බවට පත් වුණේ උදාරි චතුරිකා මුණසිංහ එහෙමත් නැත්නම් හැමෝගෙම කතා බහට ලක් වුණ චතු මුණසිංහගේ හදිසි වෙන්ව යාම. තිස් හතරවන වියේ පසු වූ ඇය තරුණ ව්‍යවසායිකාවක්. 2004 මාර්තු 11 දා අර්ජුන් මුණසිංහ සමඟ විවාහ දිවියට ඇතුළත් වෙන ඇය දියණියන් දෙදෙනකුගේ මවක්. ඇගේ වැඩිමල් දියණියට ටෙනාරාට මේ වන විට වසර 15ක් වන අතර බාල දියණිය ආර්යාට අවුරුදු 5කි.

    මෙරට කේෂ්ත්‍ර රැසක රැකියාවේ නිරතව සිටි කාන්තාවක් මෙන්ම නිරූපිකාවක් ලෙසද ඇය කේෂත්‍රයේ නමක් දිනා සිටියා. චතු මුණසිංහ ගැන වැඩියෙන් සමාජ මාධ්‍යයේ කතාබහ වෙන්න පටන් ගත්තේ ඇය සාකච්ඡාවකට එක්වෙමින් තමා පිළිකා රෝගයෙන් පෙළෙන බවට පැවසීමත් සමඟ. ඇය සිය ජිවිතයේ අත්දැකීම් බොහොම ශක්තිමත් ව අන් අය හා බෙදා ගත්තා.

    "මම පිළිකා රෝගයෙන් පෙළෙන බවට පළමුව දැන ගත්තේ 2020 වර්ෂයේ නොවැම්බර් මාසයේදී. පළමුවෙන් ම මට ඇතිවුණේ ආහාර අරුචියක්. මගේ සැමියා බැන්නා මම ඩයට් කරනවා කියලා. මට ඒ එක්ක ම කොන්දේ අමාරුව, වගේම ගෑස්ට්‍රයිටිස් තත්ත්වයක් ඇතිවුණා.


    ඒ එක්කම මම මගේ පවුලේ වෛද්‍යවරයා හමුවුණාම ඔහු මාව යොමු කළේ CT ස්කෑන් පරීක්ෂණයකට. එහිදී තමයි මට පළමුවෙන් ම හඳුනා ගත්තේ මට අග්න්‍යාසය ආශ්‍රිත පිළිකා රෝගී තත්ත්වයක් කියලා. එය ලෝකේ දරුණු ම වර්ගයේ පිළිකාවක්. අවාසනාවකට ඒ වනවිටත් මගේ පිළිකාව පැතිරිලා ගිහින් නිසා ශල්‍යකර්මයක් කරන්න හැකියාවක් නැහැ කියලයි වෛද්‍යවරුන් කිව්වේ.

    මම කඩන් වැටුණා.. නමුත් මම කවදාවත් ඇහුවේ නැහැ දෙවියන්ගෙන් ඇයි මට මෙහෙම වුණේ කියලා. පිළිකාවක් හැදුනා කියලා දැනගත්ත ම රෝගියා විතරක් නෙමෙයි ඔහුගේ පවුලේ සියලුදෙනා ම ජීවිතේ අත්හරිනවා. එය ඒ තරම් හොඳ දෙයක් නෙමේ. මටත් ඒ දේ වුණා. මගේ හොඳ වෙලාවට මගේ ස්වාමිපුරුෂයා මාත් එක්ක හිටියා. අන්තිමේදී අපි තීරණය කළා මට පිළිකාවක් කියලා දැන ගත්තම අපේ ඥාතීන් මාව බලන්න එන්න පටන් ගන්න එක නතර කරන්න.

    මට දුක මගේ පොඩි දුව ගැන. මගේ ලොකු දුවට අවුරුදු 15ක්. එයා මාත් එක්ක ඉඳලා තියෙනවා කාලයක්. නමුත් මගේ පොඩි දුවට අවුරුදු 5යි. මට එයාව දාලා යන්නයි දුක.."

    ඒ තමා ඇයගේ මේ කතාවේ ආරම්භය. කෙසේ වෙතත් කොතරම් දරුණු සහ වේදනා සහගත ලෙඩක් ශරීරය පුරා දිව ගියත් ඇයට ඒ හැමදේටම නොබියව මුහුණ දෙන්න ශක්තියක් තිබුණා. ඒ නිසාම ඇය වටා ඇයට නිරෝගී සුවය පතමින් බොහෝ දෙනෙක් ඒකරාශී වුණා.

    කොතරම් හිත ශක්තිමත් කරගෙන ජිවිතේ තමන්ට හිමි දවස් ටික සතුටින් ගත කරත් දිනක් නම් ඇයගේ හදවත කම්පා කරන සිදුවීමක් සිදුව තිබෙනවා. ඒ ගැන ද ඇය මාධ්‍යයට පවසා තිබුණා.

    "දවසක් චූටි දූ ඇවිත් කියනවා අම්මේ මගේ පොකට් එකේ සල්ලි තියෙනවා; මට අලුත් අම්මා කෙනෙක්ව සල්ලි දීලා ගන්න පුළුවන් ද කියලා. හිතාගන්න පුළුවන්ද? ඒ දේවල් දරාගන්න පුළුවන්ද? ඊළඟට මතක් වුණේ මගේ චූටි දුවට මාව කවදාහරි මතක තියේවිද කියලා. එහෙම හිතලා මම ටික කාලයක් එයාව මඟ හැරියා. ඒත් ඒක හරියන දෙයක් නෙවෙයි කියලා මට හිතුණා. ඊටපස්සේ මම හිනාවෙලා ඉන්න තීරණය කළා.’’

    පසුගිය කාලේ ඇය පවතින කොරෝනා වසංගතයට පවා ගොදුරු වුණත් ඇයගේ ශක්තිමත් මනස නිසාමදෝ ඉන් අනතුරක් නොවී ජිවිතේ දිනන්නට හැකියාව ලැබුණා. ඒ වගේම ඇය පිළිකා රෝගයෙන් පෙළෙන බොහෝ දෙනෙක්ගේ හිත් ශක්තිමත් කරන ආදරණීය සොහොයුරියක් වුණා.


    "මේ කැන්සර් එක ඇත්තට ම දැන් මට ආශීර්වාදයක්. මගේ රෝග තත්ත්වය නිසා පිළිකා රෝගයට ගොදුරු වූ බොහෝ අය මට මුණගැසී තිබෙනවා. ඔවුන් හැමෝම මරණයට ලෑස්තිවෙලා හිටියත් ඒ කවුරුත් ඒකට හිත හදාගෙන හිටියේ නැහැ.

    ජිවිතයේ යථා ස්වභාවය තේරුම් ගනිමින් ඇය සියල්ලට හොඳින් මුහුණ දුන්නා. මෙවන් වූ පසුබිමක මොනතරම් දේවල් ඇය සිතේ දරාගෙන සිටින්නට ඇත්ද? ඇය ඒ සියල්ල සමඟ හැමෝට ම සිනහමුසු මුහුණින් පිළිතුරු දෙමින් ජිවිතේ සියල්ල හොඳින් අවබෝධ කරගනිමින් ජිවිතේ දෙස අලුත් විදියට බලන්න පුරුදු වුණා. ඇය දරුවන්ට කිව්වේ "යන්න තියෙන දවසක අම්මට යන්න වෙනවා, හැබැයි අම්මා ඉන්නකම් ඔයාලා අම්මත් එක්ක සතුටින් ඉන්න කියලා."

    කිසිවෙක් දැන නොසිටි ඒ දවස පසුගිය ඔක්තෝබර් 11වැනිදා උදා වුණා. ඔබත් මමත් දන්නා පොදු ධර්මතාව උපන්නොත් මේ ලොව යමෙක් මිය යාමත් උරුම බැවින් ඒ සදාතනික දහමට යටත්ව චතු ආදරණීය සැමියා හා දරුවන් දෙදෙනා පමණක් නෙමෙයි මුළු මහත් සමාජයක් හඬවමින් ජිවිත ගමනට සමු දී අවසන් ගමන් ගියා.

    චතූ ඉතිරි කර ගිය මතකයන් බොහෝයි. ඇය මේ ලොවට දුන් ආදර්ශයන් බොහෝයි. ඒ දේවල් නිසාම ඇය හැමදාමත් ආදරණීය හිත් තුළ ජීවත් වන බව නොඅනුමානයි. කෙසේ වෙතත් ඇයට නැවත කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා යන්න අපේ ඒකායන පැතුමයි.

    අනුෂා රණසිංහ (රසඳුන)


    AVvXsEjNIxwKs6EeTj20R6_tLdRZS2DE19fIoLexxBdGbz9NtqQQMoqMIuTTsLFUUeiPWO86Mv0G5C6N4E8hYM0OB6MF2ExLRel8sRzLoAS4-S5HoUdDbY3ZjgD1Ww8vrD73E1qQqr5_RboqtWKd8M4OkmCjN3sMkVtjRpLLRBQQ8P0pIMoCKIltrBy2Pj5hnw=s16000

    AVvXsEjYShwDE68_yaRYkc0V1dOUAvjVU-AWx1MFkC1vaHReYXk8IGj91QmrZdMFbguPJkfxnMp0dHfSJ4q54HPy3hYRwFMxwRy5zPNXcQTb36q5_Kk2hhIbGhOjuJLB4Znpe81FIB11r2PaIw8XOJH1Ecm46itDyRxDBPXTEpZ9rn69jESotm-VZW9ZmgvbmA=s16000


    AVvXsEi2BMZLbO7915d3-FCPoSyL2MXkHmzctcJC1c5wHuh-2n3Ixm8uE6r5ar-8_3ou07lYmwyvH67uUAC5MEJ7ms3YK0YsxC4YPsTY2ggItK4k--exTNCo5-7l5RHpQcSAUAPfm_kSstuHQjnKUirDEhdVpprG2SFbuCn9VvWmw_hacMUuVW-jypEpSCZL_w=s16000

    AVvXsEi9F5qE7uAOhtMwErP5lwZTdeAuDj8HlztrzakM5ougeVXtPfTAHY8bocNamrj3v4DEVx2cSnEA_opaIQk4tC_C04EEzMsRlcO_1_zFlbDqgFfM9LXq3Aam2Zu8ZOTyJXYb6-IbPW4dErutx1LXbxGcqy4TaB0wSamk9MyjG4CqqH7gOeWPi4mft613tA=s16000

    AVvXsEgo9f6nm-6EqzdGpZ9iih445IZIZ7Zf_xaCYelqfm6IUwBmviVJl_jgNwUT9d7xPFrFqN6yTUPZ45Oyv36AcgpbX86Evz6W6xzL692wQXo_ORXyVczdmWl0jvBAYyprCoeVVsZG2l4e2_RtP_yr8U2Sf1HDMrCrjqOzezLQycKl1YpgU97SAfTOAVslug=s16000