නික්ම යාම

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    නික්ම යාම

    දවසක් උදේ මල්කාන්ති තම දුවගේ කාමරය අසලින් කුස්සිය දෙසට යන්නට ආවාය,

    පුරුද්ද ට මෙන් දුවගේ කාමරය දෙස බැලූ ඇයට පුදුම හිතුනා. වෙනදා වාගේ නැතිව පිළිවෙලකට අස්කරල තිබුණ ඇදේ හරියට ම මැදට වෙන්නට ලියුම් කවරයක්, මල්කාන්ති ලියුම අතට අරන් බැලුවා. ඒකේ ලියලා තිබුණේ ආදරණීය අම්මාට කියලයි.
    මේ නම් හරිම නරක ආරංචියක් කියල හිතපු මල්කාන්ති ගැහෙන අතින් ලියුම් කවරය විවෘත කරලා ලියුම දිගහැරලා කියවන්න පටන් ගත්තා. දැනටමත් දාඩිය බිදුවක් ඇගේ නළල දිගේ ගලාගෙන එනවා,

    "ආදරණීය අම්මා වෙත,
    මම මේ ලියුම ලියන්නේ වාව ගන්න බැරි දුකෙන්. මට අම්මලාට කියන්න නරක ආරංචියක් තියෙනවා,
    මේක අහල කලබල වෙන්න එපා අම්මෙ. මම අද රෑ ජනක එක්ක යනවා, එහෙම කරන්නේ අම්මා තාත්තා එක්ක මේක කෙලින් කියන්න බැරි නිසයි, විකාර ඇදුම් ඇන්දාට කොන්ඩේ වවලා කනේ කරාබු දාල ඇගේ පච්ච කොටලා, ට්‍රේල් බයික් එකෙන් එන නිසා අම්මල එයාට රස්තියාදුකාරය කීවට ජනක නරක කෙනෙක් නෙවෙයි අම්මෙ. එයා අම්මලා හිතනවට වඩා ගොඩාක් හොදයි, අනික අම්මලා කියන නිසාවෙන් මට එයාට අකමැති වෙන්න බෑ, මට එයාගෙන් බබෙක් ලැබෙන්න ඉන්නවා. අම්ම්ලා කලබල වෙන්න එපා. ජනක කීවා මාවයි බබාවයි බලාගෙන අපිට සතුටින් ඉන්න පුලුවන් කියලා.

    මමත් දැනගෙන හිටියේ නෑ එයාට තනමල්විල පැත්තේ හේනකුත් තියෙනවා , එකේ ලස්සන පැල්පැතකුත් තියෙනවාලු. ජනක කීවා අපිට එකේ ජීවත් වෙන්න පුලුවන් කියලා. හෙට අපි එහෙ යනවා. එයාලගෙ ලස්සන හේනෙ කට්ටිය 10-15 ක් විතර වැඩලු. ජනක කීවා ගංජා කියන්න්නෙ මිනිස්සු කියන විදිහේ නරක දෙයක් නෙවෙයි කියලා. ඒක ඖෂධයක්ලු. එයා කරන්නේ ඒවා හදලා විකුණන එක. ටිකක් අපිට හෙරොයින් ගන්නත් මාරු කරන්න පුලුවන්ලු. ජනක කැමැති මාව බැදලා ළමයි ගොඩක් හදන්න. මටත් දැන් ඕන ඒක තමයි.

    එයාට පොඩි අසනීපයකුත් තියෙනවා තමයි. එත් ඒක අපට සතුටින් ඉන්න බාධාවක් වෙයි කියල මම හිතන්නෑ. අපට ලොකු විස්වාසයක් තියෙනවා විද්‍යාව ඉක්මනින් දියුණු වෙලා ඒඩ්ස් සනීප කරන්න බෙහෙතක් හොයාගනී කියලා. එතකොට එයා ඉක්මනින් සනීප වෙයි. අම්මා කණගාටු වෙන්න එපා. තාත්තාටත් කියන්න මට දැන් වයස 18 වෙනවා කියලා. මට දැන් මන් ගැන බලාගන්න පුලුවන්. කවදාහරි අපි අම්මලාව බලන්න එනවා. එතකොට ඔයාට මුණුබුරෙකුගෙ මූණ බලන්න පුලුවන්.
    බුදු සරණයි..!
    මීට ආදර දුව ආශා."


    ලියුම කියවා අවසන් වන විට මල්කාන්ති කලාන්තය හැදී බිම වැටෙන්නට ඔන්න මෙන්න සිටියා ය. එහෙත් ලිපිය තවමත් අවසන් වී නැති බව දුටු ඇය ලිපිය දිගේ ඇස් යැව්වේ අවසිහියෙන් මෙනි.

    "පසුව ලියමි.~~~
    මම මේ ලියුමේ ලියල තියෙන කිසිදෙයක් ඇත්ත නෙවෙ. මම අල්ලපු ගෙදර ඉන්නවා. අපේ රිසාල්ට් අවුට් වෙලා. මට ඕන උනේ මගෙ මේසේ ලාච්චුවේ තියෙන රිසාල්ට් ෂීට් එකෙ තියෙන දේට වඩා ඕන තරම් මේ ලොකේ නරක දේවල් තියෙන බව ඔයාලට මතක් කරන්න .
    මම ඔයාලට ආදරෙයි ...
    මට ගෙදර එන්න පුලුවන් උනාම කෝල් කරන්න..."


    ("Hilarious රස කතා" වලින් උස්සන ලද්දකි.)
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    අපේ රටේ ඉන්න අම්මලා නම් මේක දැකල කලන්තේ දන්නෙ නැ. කෙලින්ම ඉන්න තැනකට ඇවිල්ලා කොස්ස අරන් නෙලාගෙන නෙලාගෙන යයි