නිකිණි පොහොය වැදගත්කම.
නිකිණි පොහොය භික්‍ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියමව ඇත. එම දින හඳුන්වන්නේ පෙර වස පසු වස යනුවෙනි. ඇසළ පුනු පොහෝ දිනයේ පෙහොය කොට ඇසළ අවපෑළ දිනයේ පෙර වස් එළඹිය යුතුය.
නිකිණි පුන් පොහෝ දා පෝය කොට නිකිණි අව පෑලවිය දා පසු වස් එළඹීම කළ යුතුය.
ධර්ම භාණ්ඩාගාරික වූ ද අග‍්‍ර උපස්ථායක වූ ද ආනන්ද හාමුදුරුවන් රහත් බවට පත් වූවේ ද නිකිණි පෝදාය.
වංශ කතා අනුව බුදුන්වහන්සේගේ ලලාට ධාතුව නිධන් කොට සේරුවිල චෛත්‍ය තැනීමේ ඇරඹුම වූයේ ද නිකිණි පොහෝ දිනයකයි.