~ නිට්ටඹුව ~ උදම්මිට ~ ඉඩම් ~ උදවූ ~ !!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ~ නිට්ටඹුව ~ උදම්මිට ~ ඉඩම් ~ උදවූ ~ !!

    මේ ඒරියා එකේ සමාජ සOස්කෘතිය කොයි වගේද මචන්ලා..
    අපේ නැදෑ කෙනෙක් ඉඩමක් ගන්න යනවා..
    පර්චස් එක සාමාන්‍යයෙන් කීය වගේද යන්නේ ප්‍රධාන පාරේ ඉඳලා මීටර 500 වගේ ඇතුලේ..
    අවට තියෙන විෂේශ අවස්තා එහෙම මොනවද..
    ප්‍රවාහන පහසුකම්, පාසැල්, රෝහල් ආදි සේවා වල තත්වයන් කොයි වගේද..:nerd::nerd:

    දන්නෙ නැත්තම් බම්ප් එකක්වත් දාහල්ලා, අතින් පයින් යන්නෙ නෑනෙ තෝපේ..:no:
     
    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    මචන් උදම්මිට කොයි හරිය ගැනද දැනගන්න ඕන. උදම්මිට ගැන කියනවා නම්... උදම්මිට සිට වේයන්ගොඩට කි.මි 3යි. නිට්ටඹුවට කි.මි 1.5. ලග තියෙන පාසල් නම් ... වේයන්ගොඩ සාන්ත මරියා මහා විද්‍යාලය. වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය, වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය. නිට්ටඹුව නම් රෝමානු කතොලික විද්‍යාලය, නිට්ටඹුව බවුද්ධ විද්‍යාලය, සංඝබෝධි විද්‍යලය, උදම්මිට ඉන්ද්‍රසාර ප්‍රාථමික විදුහල. රෝහල් නම් වතුපිටිවල රජයෙ රොහලට උදම්මිට සිට කි.මි 5.5. සිරිසද සමුපකාර රොහලට කි.මි 1යි. පොලිස් බලප්‍රදේශය නම් වේයන්ගොඩ.කි.මි 3යි.
    ඉට අමතරව වේයන්ගොඩ දුම් රියපොල, වෙයන්ගොඩ ආර්තික මද්‍යස්ථානය. හොරගොල්ල ජාතික වනෝද්‍යානය සහ බණ්ඩාරණායක සමාධිය කි.මි 0.5
     
    • Like
    Reactions: Pink panther

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගම්පහට පට්ට ලගයි

    ඉස්සර ඉදිගොල්ලේ පල්ලි යද්දී ඔහේ පැත්තට ගිහින් තිබේ

    මෙන්න මචෝ බම්ප් 1
     
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මචන් උදම්මිට කොයි හරිය ගැනද දැනගන්න ඕන. උදම්මිට ගැන කියනවා නම්... උදම්මිට සිට වේයන්ගොඩට කි.මි 3යි. නිට්ටඹුවට කි.මි 1.5. ලග තියෙන පාසල් නම් ... වේයන්ගොඩ සාන්ත මරියා මහා විද්‍යාලය. වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය, වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය. නිට්ටඹුව නම් රෝමානු කතොලික විද්‍යාලය, නිට්ටඹුව බවුද්ධ විද්‍යාලය, සංඝබෝධි විද්‍යලය, උදම්මිට ඉන්ද්‍රසාර ප්‍රාථමික විදුහල. රෝහල් නම් වතුපිටිවල රජයෙ රොහලට උදම්මිට සිට කි.මි 5.5. සිරිසද සමුපකාර රොහලට කි.මි 1යි. පොලිස් බලප්‍රදේශය නම් වේයන්ගොඩ.කි.මි 3යි.
    ඉට අමතරව වේයන්ගොඩ දුම් රියපොල, වෙයන්ගොඩ ආර්තික මද්‍යස්ථානය. හොරගොල්ල ජාතික වනෝද්‍යානය සහ බණ්ඩාරණායක සමාධිය කි.මි 0.5
    නිට්ටඹුවෙ ඉඳන් කිලෝමීටර 4ක් වගේ ගිහාම ඉඩම තිබුනේ.. ඇතුලට යන්න ඕනෙ මීටර 500ක් වගේ.. පර්ච් එක කීය වගේද යන්නෙ බන්..:)
     
    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    මචන් ඔය නිට්ටඹුව ගුවන්තොටුපල පාර. පාර අයිනට වෙන්න නම් පර්චස් එකක් ලක්ශයත් ලක්ශ එකහමාරත් අතර යන්නෙ. එත් ප්‍රධාන පාරේ ඉදලා මී500 නම් උදම්මිට පන්සල පැත්තට වෙන්න නම් 25000 ටත් යන වෙලාවල් තියෙනව. නමුත් වෙන්දෙසි ඉඩම් පැත්තෙ නම් 100000 වඩා අඩුවෙන් හොයන්න අමාරුයි. බස් නම් ඔන තරම්. බස් යන්නේ සෙනග නැතුව පෝලිමේ. අනික මචන් නිට්ටඹුවෙ ඉදන් කි.මි 1.5- 2.5 අතර තමා උදම්මිට කියනෙ. වෙයන්ගොඩටම තියෙන්න කි.මි 4.