නිදන් හොයන්නේ බලය තියන අය

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
නිදන් හොයන්නේ බලය තියන අය

නිදන් හොයන්නේ බලය තියන අය- අස්ගිරි නාහිමි
Asgiri_290px_06-03-12.gif

Srilankamirror – බුදු පිළිම කඩා නිදන් සොයන්නේ ධනය, බලය තිබෙන වස්තු තණ්හාවෙන් ඉන්න සුළු පිරිසක් බව සියම් මහා නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහනායක අග්ග මහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහනාහිමියෝ පැවසූහ.

මහජනතාවට වන්දනා මාන කිරීමට පුද පූජා කිරීමට ඇති දෙයක් විනාශ කළොත් නැති කළොත් ඒ පුද්ගලයාගේ විනාශය ඒකාන්ත බවත් ඔවුන්ට නැවත මනුස්ස ආත්මයක් ලබා ගැනීමට පවා අපහසුවන බවත්උන් වහන්සේ පැවසුහ.

මහනාහිමියෝ මෙම අදහස් පැවසුවේ, හෝකන්දර දකුණු හෝකන්දර මල්වත්ත අමුඇටමුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති දක්ෂිණරාමයේ අභිනවයෙන් ඉදිකරණු ලැබූ විහාර මන්දිරය විවෘත කිරීම හා චෛත්‍යයට මුල්ගල් තැබිම වෙනුවෙන් පැවැති උත්සවයේ මුලාශන අනුශාසනාව සිදුකරමිනි.

විහාරාධිපති ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමිපාණන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථානයේ ඉදිකරනු ලැබූ විහාර මන්දිරය විවෘත කිරීම හා චෛත්‍යයට මුල්ගල් තැබිම මහනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි ආරාධිත පින්වතුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

අනතුරුව පැවැති සභාවේ මූලාසන අනුශාසනාව සිදු කරමින් නාහිමියෝ මෙසේද පැවසුහ.

” පැරණි බුදු පිළිමවල විශාල ධනයක්, මුතු මැණික්, රන් රිදී ඇතැයි කියා සිතන ඒවා ගන්න ඕනෑ කියලා හිතන පිරිසක් ඉන්නවා. මේවා කරන්නේ නැතිබැරි අය නොවෙයි. බුදු පිළිමවල බෙල්ල කැඩීම, බඩ හැරීම ජීවමාන බුදු හිමියන්ගේ ‍ලේ සෙලවීමක් වගේ වැඩක්. ජීවමාන බුදුදුන්ට කරන වද හිංසාවක් වගේ විපාක ලැබෙනවා. එවැනි කටයුතුවල නිරත වන අයට නැවත මනුස්ස ආත්මයක් පවා ලබන්න බැහැ. ඔවුන්ගේ පරම්පරාවලටත් සෙසු පැවැත්මක් නැහැ.

බුදුන් වහන්සේගේ ගුණ මෙනෙහි කරමින් බුදුන් වහන්සේගේ අවවාද අනුශාසනා මත අපේ ජීවිත හැඩගන්වා ගැනීම අරමුණු කර ගනිමින් රටතුළ වෙහෙර විහාරස්ථාන ඉදිවුණා. බුදුන්වහන්සේගේ පරිනිර්වානයෙන් පසු ඉන්දියාවේ හා ලංකාවේ ප්‍රචලිතව තිබූ බුදු දහම ඉන්දියාව තුළ නැතිවී ගෙන ගියා. ලංකාව තුළ බුදු දහම වර්ධනය වුණා. අපේ රජ දරුවන් වෙහෙර විහාර ගොඩනගමින් විහාරස්ථාන ඇතිකර බුදුන්වහන්සේගේ අවවාද අනුශාසනාවලට අනුගත වෙමින් රට පාලනය කිරීමට උත්සහ කිරීම තුළ ලංකාව පුරා බුදු දහම ව්‍යාප්ත වුණා. එසේ නොවුනා නම් අද අපට රට ජාතිය ආගම සංස්කෘතිය පිළිබඳව උදම්වීමට පුළුවන් කමක් නැහැ. පැරණි රජ දරුවන් තුළ බුදු දහම පිළිබඳව තිබූ ගෞරවය නිසා අද අපට මේ විදිහට ආගමානුචකූලව අපේ ජීවිත හැඩගස්වා ගැනීමට හැකි වුණා.

අපේ පැරණි රජ දරුවන් හා දානපතියන් තමන්ගේ කාලය ශ්‍රමය, ධනය වියදම් කරලා අනාගත දූ දරුවන්ට දැකබලා ගැනීමට ඔවුන්ට වන්දනාමාන කිරීමට වෙහෙර විහාරස්ථානවල බුදු පිළිම හා චෛත්‍ය ඉදිකර තිබෙනවා. මෙම පැරණි බුදු පිළිම හා චෛත්‍ය තුළ නිධන් වස්තූන් තැන්පත් කරලා තියෙනවා කියලා වස්තු තණ්හාවෙන්, ධන තණ්හාවෙන් බුදු පිළිමවල බඩ හාරනවා. බෙල්ල කඩනවා. චෛත්‍ය හාරලා කඩා දමනවා. මේවායේ තිබෙන වස්තුවක් නැහැ. ඒවායේ තිබෙන්නේ වන්දනාමාන කිරීමට අවශ්‍ය පූජා භාණ්ඩ පමණයි…”