නිදන සුරූපිනියන්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
නිදන සුරූපිනියන්

“නිදන සුරූපිනියන්”ට දසක ගණනකට පසු නියම වටිනාකමක්



බැලූ බැල්මට එය කැඩී බිඳී මල බැඳී ගිය පැරණි මෝටර් රථ පෙළකි. දෙවන ලෝක යුද සමය තරම් පැරණි කාලාන්තරයකට අයත් මෙම මෝටර් රථවල එතරම් වැදගත්කමක් නොපෙනීම ද ස්වාභාවික කරුණකි.

නමුත් හෙට දිනයේ දී “නිදන සුරූපිනියන්” නමින් නම් කොට ඇති මෙම අබලන් රථ පෙළ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන වෙන්දේසියක දී ඇමරිකානු ඩොලර් මිලියන 22.85 ක දැවැන්ත මුදලකට වෙන්දේසි වීමට නියමිත බව පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමාන ය.


මේ දිරාපත් වීමට ආසන්න මෝටර් රථ 60 එසේ මෙසේ ඒවා නොවේ. මෙම මෝටර් රථ සියල්ලම ලෝක ප්‍රකට සුපිරි වෙළඳ නාම වන බුගාටි (Bugatti), ෆෙරාරි (Ferrari), මසෙරාටි (Maserati) ඩෙලගේ (Delage), ඩෙල්හයේ (Delahaye), හිස්පනො සුඉස (Hispano-Suiza), පන්හාඩ් ලෙවසෝ (Panhard-Levassor) හා ටැල්බොට් ලාගෝ (Talbot-Lago) ගන යටතට වැටෙන මෝටර් රථ වේ.


මෙම මෝටර් රථ සමූහයේ වඩාත් ආකර්ෂණියම රථය වනුයේ ඇමරිකානු ඩොලර් මිලියන 13.7 කට මිල නියම කොට ඇති Ferrari 250 GT California Spider වර්ගයේ මෝටර් රථයකි. මෙම වර්ගයට අයත් මෝටර් රථ මුළු ලෝකයටම නිපදවා ඇත්තේ 37ක් පමණි.
මෙම මෝටර් රථය මෙතෙක් ලෝක ඉතිහාසයේ මෝටර් රථයක් අලෙවි වූ වැඩිම මිල ගණන් ලැයිස්තුවේ 13 වන සථානයට පත්ව තිබෙන අතර මෙම රථය සොයාගන්නා අවස්ථාවේ එය පැරණි සඟරා හා පුවත්පත් ගොන්නකින් වැසී තිබී ඇත.


මීට අමතරව මෙම එකතුවේ ඇති 1956 Maserati A6G Gran Sports මාදිලියේ මෝටර් රථයෙන් ද ලෝකයටම නිපදවා ඇත්තේ 3ක් පමණක් වන අතර ඇ.ඩො. මිලියනයකට එහි මිල නියම වී ඇත.


මෙම මෝටර් රථ එකතුවෙන් බොහෝමයක් ම එකතු කර තිබෙන්නේ 1955 – 1965 වකවානුවේ දී එවකට ඉතා ජනප්‍රිය නිර්මාපකයකු, ව්‍යාපාරිකයකු හා මෝටර් රථ ලෝලියකු වූ රොජර් බාලියන් (Roger Baillon) විසිනි.


1947 වසරේ දී ඔහු විසින් ඔහුගේම විශේෂිත Bluebird වර්ගයේ මෝටර් රථයක් නිර්මාණය කර ඇති අතර පසුව 1953 වසරේ දී මෝටර් රථ කෞතුකාගාරයක් විවෘත කිරීම සඳහා බටහිර ප්‍රංශයේ ගම්බද පෙදෙසක ගොවිපළක ඉඩමක් මිලදී ගෙන එහි ගබඩාවක් ද ඉදි කරන ලදී. එම කෞතුකාගාරයේ නැරඹුම් වාර සඳහා භාවිත කිරීමට ඔහු කුඩා දුම්රියක් පවා මිලට ගෙන තිබිණි.


පසුකාලීනව ඔහුගේ ව්‍යාපාර කටයුතු වල සිදුවූ පාඩු හේතුවෙන් මෙම කෞතුකාගාරය සම්බන්ධ අදහස ඔහු අත් හැර ඇති අතර එම එකතුවේ තිබූ මෝටර් රථ 50ක් පමණ විකුණා දැමීමට ද ඔහුට සිදුවී තිබේ. ඉන් ඉතිරි වූ රථ සියල්ල අතහැර දමන ලද ගබඩාවක කාලයේ කුරිරු හස්තයෙන් පීඩා විඳිමින් දිරාපත් වෙමින් පැවතී ඇත.


මීට වසර 10කට පමණ ඉහත දී බාලියන් මියගොස් ඇති අතර ඔහුගෙන් පසු එම දේපලවල හිමිකරුවා වූ ඔහුගේ පුත්‍රයා වන ජැක්ස් ද තමන්ට හිමි එම වස්තුව සම්බන්ධව කිසිවක් නොදැන පසුගිය වසරේ දී මියගොස් තිබේ.


එනමුත් බාලියන්ගේ මෙම අනර්ඝ මෝටර් රථ එකතුවේ මීළඟ හිමිකරුවන් වී ඇති ඔහුගේ මුණුපුරු මිණිබිරියන් කැල මෙම වාහන සම්බන්ධව තක්සේරුවක් කිරීම සඳා පෙලඹී ඇති අතර එහිදී පැරණි මෝටර් රථ සම්බන්ධ විශේෂඥයන් වන Artcurial සමාගම විසින් මෙම කැඩී බිඳී ගිය පැරණි මෝටර් රථවල නියම වටිනාකම සොයාගෙන තිබේ.


එම සමාගමේ අධ්‍යක්ෂවරයාට අනුව මෙම එකතුව සොයාගත් මොහොතේ ඔවුන්ට දැනී ඇත්තේ තුතන්කාමන් රජුගේ සොහොන පළමුවරට සොයාගත් හොවාඩ් කාටර් හට දැනුනු හැඟීමට සමාන සිතිවිල්ලකි. එනම් අමිල වස්තුවක් පොළොවෙන් පාදා ගොඩ ගත් බවකි.


CNN ඇසුරිණි.
ඔවිඳ ගුණසේකර

Colombo Post





cars.jpg




23C3F9E800000578-2862095-Auctioneers_and_classic_car_experts_Matthieu_Lamoure_left_and_Pi-a-124_1417783104597.jpg



23C3FA7300000578-2862095-A_Talbot_Lago_T26_Cabriolet_owned_by_Egyptian_King_Farouk_is_als-a-122_1417783104582.jpg




23C3FA9300000578-2862095-The_collection_has_sat_dormant_in_makeshift_corrugated_iron_shel-a-123_1417783104589.jpg



23C3FB2F00000578-2862095-The_Ferrari_left_once_sat_in_by_James_Fonda_was_found_under_news-a-121_1417783104575.jpg



23C3FC7B00000578-2862095-Auctioneers_and_classic_car_experts_Matthieu_Lamoure_left_and_Pi-a-117_1417783104544.jpg



23C4D48C00000578-2862095-image-a-137_1417791204697.jpg



23C4D77100000578-2862095-image-a-135_1417791091416.jpg



23C683EE00000578-2862095-image-a-141_1417793738322.jpg



 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

:yes::yes:

honda wedak

;)

fatta . tfs

:D:D

Honda koheda yako, meke thynne Bugatti, Ferrari, Maserati witharai honda toyota mitsubishi na :s

:)

හෆ්ෆට බොල බෙදාගත්තට ස්තූතියි මචං 13+

11.gif
11.gif


adoo patta bn :(


:yes::yes:
හෆ්ෆට බොල බෙදාගත්තට ස්තූතියි මචං 9+

11.gif
11.gif


cars.jpg


Ferrari 250 California.:love::love:

මේක නම් සුපිරියි බං

පට්ට යි බන්

:):)


:):)


:D:D

නියමයි

ගැහැණු ළමයි කොහොමත් කාර් වලට ආසයිනේ ;);) :P

පට්ට යි බන්

:cool::cool:

tfs machan :)

:D

patta oi..

+5


11.gif
11.gif



:):)

Asai Bn Ewa Dakinnath,+

:yes::yes::yes:


11.gif
11.gif


''OLD IS GOLD'' :shocked:

:yes::yes::yes::yes::yes: