නිදහසට කාරණා සුදුසුද?
නිදහසට කාරණා සුදුසුද?
Published on 28 අගෝස්තු, 2013
"මට දරුවෝ ඉන්නවා... දරුවන්ගේ වැඩ තියෙනවා... ගෙවල් වල වැඩ ඉවරයක් නෑ... කෝ අනේ බණක්වත් අහන්න වෙලාවක්... අපෝ තව නිවන් දකින්න කල් තියෙනවා... දැන්ම ඕනවට වැඩිය බණ අහන්න ඕන නෑ...අරක නෑ... මේක නෑ... ඕන නෑ..." කෙලවර නෑ ඉතින් නිදහසට කාරණා. මොකටද අප්පා මේ නිදහසට කාරණා? අවාසනාවට මේ සියලු නිදහසට කාරණා කියන්නේ තමන්ට සියලු දුක් කෙලවරක් කරගෙන සැනසීමෙන් සතුටෙන් ඉන්න පුළුවන් මනසක් හදාගන්නට සිද්ධ වෙනවටයි.
දරුවෝ නිසා දුක් විදින... පවුලේ උදවිය නිසා දුක් විදින... රැකියාවන් නිසා නොයෙකුත් බාහිර කරදර පීඩාවන් නිසාවෙන් දුක් විදින... මානසිකව අසහනයට පත්වෙලා ඉන්න කම්පාවට පත්වෙලා ශෝකයට පත්වෙලා... නැතිවෙයිදෝ කියලා බියෙන් ඉන්න ඔබට මේ සියලුම ආකාරයේ අසහනයන්ගෙන් නිදහස් වෙලා සැනසීමක් හැමදාම තියෙන සතුටක් සැබෑම සතුටක් ලැබෙනවා කියන්නේ නරක දෙයක්ද? එහෙම වෙනවා නම් කොච්චර හොඳයිද අප්පා නේද? එහෙනම් ඇයි අප්පා මේ ඒ දේ ලැබගන්නට තියෙන අවස්ථාව නැතිකරගන්නට මඟ හරවාගන්නට දහසකුත් නිදහසට කාරණා කියන්නේ අප්පා????
ඔබ දැන් ඔබ ගැනම හිතලා බලන්න...
කාලා බීලා ජොලියේ ඉන්න තියෙනවා නම් එච්චරයිනේ ඕන කියලා සමහරවිට ඔබට හිතෙනවා ඇති. ඇත්ත... එහෙම ඉන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද... ඒත් අවුල තියෙන්නේ මේ කාල බීලා ජොලියේ ඉන්න විතරක්ම නෑනේ. ලෝකයේ ඉන්න ලොකුම ධනවතා ගත්තත් ඒ මනුස්සයාටවත් බෑ කාලා බීලා ජොලියේ විතරක් ඉන්න. ඒ පුද්ගලයටත් ඒ වෙනුවෙන් බොහෝ දුක් විදින්න සිද්ධ වෙනවා.
ඔබ ගැන හිතලා බලන්න ඔබට ඒ වෙනුවෙන් කොච්චර නම් කියලා දුක් විදින්න වෙනවද? කාලා බීලා ජොලියේ දවසක් ඉන්නට අපි කියමුකෝ දවස් 2ක් කියලා ඒ කියන්නේ අපගේ සාමාන්‍ය අත්දැකීමේ තියෙන දෙයක් ගත්තොත් සෙනසුරාදා ඉරිදා පොදු නිවාඩු දවස් දෙක ඒ විදියට කාලා බීලා ජොලියේ ඉන්නට එහෙම ගත කරන්නට ඔබට සතියේ දවස් 5ක්ම එකදිගට දුක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා එහෙම නේද? සිකුරාදා හවස් වෙනකොට මල් 7යි මොකද ආශ්වාද දවස් 2ක ලැබෙන්න තියෙන නිසා. එතකොට සඳුදාට තව දවස් 5ක්ම දුක් විදින්නට තියෙනවා කියලා පුදුම අපහසුවක් දුකක් අසහනයක් හිතට දැනෙනවා. ඉතින් ඒ නිවාඩු දවසට කලින් දවස එච්චරටම සතුටු හිතෙන්නටයි නිවාඩුව ඉවරවෙනකොට දුකට පත්වෙන්නටයි හේතුව පැහැදිලි ඇතිනේ. ඔබම දන්නවා ඒ කාලය නම් ආශ්වාද ජනක නෑ කියලා. ඒ නිසා විදින්නට සිද්ධ වෙන මහන්සිය, අසහනය, අපහසුතාවයන් සිහි වෙලා කම්පාවට පත්වෙනවා.
ආදීනව වැඩිද මන්දා?
Published on 28 අගෝස්තු, 2013
Print
PDF
ඉතින් මෙන්න මේ වගේ ඔබ ලබන සෑම ආශ්වාදජනක මොහොතක් පාසාම ඒ මොහොතේ ආශ්වාදය ලබන්නට ඔබ විසින් කොතරම් කායිකව සහ මානසිකව වෙහෙසක් මහන්සියක් දුකට පත්වීමක් සිද්ධකරගත්තාද කියලා ටිකක් හිතල බලන්නකෝ. ඉතින් ඇයි මේ විහින් දුක් විදින්නේ? ඇයි මේ විහින් අසහනයට පත්වෙන්නේ? ඕකට ඔය සාමාන්‍ය ව්‍යවහාරයේ කියමනක් තියෙනවා "ඉල්ලං කනවා" කියලා... එහෙමත් නැතිනම් කියනවා "කටු කනවා / කට්ටක් කනවා" කියලා... ඉතින් නිදහසට කරුණු දක්වමින් මේ දුකට පත්වීමෙන් මිදෙන්නට ක්‍රමයක් තියෙනකොට ඒ වෙනුවෙන් මොහොතක්වත් කැප කරන්නේ නැතිව විහින් දුකට අසහනයට පත්වෙනවා නම් ඒ කියමන් ඇත්තටම ඔබට ගැලපෙනවා නොවේද?
ඉතින් ඕං එහෙනම් විහින් දුක් විදින්නේ නැතිව දැන්වත් ඔය ඔබ ලග තියෙනවාය කියන මොළය ටිකක් පාවිච්චි කරලා බැලුවොත් හොදයි නේද? දැන් ඉතින් වයස කීයද? මේ වගේ ලිපියක් කියවනවා නම් අනිවාර්යෙන්ම වගේ අවුරුදු 10ක්වත් ගෙවලා අවසාන කෙනෙක් වෙන්න ඇතිනේ... දැන් ඉතින් තම තමන්ගේ වයස අනුව ගෙවා ඇති අවුරුදු ගාණ අනුව මේච්චර කාලයක් ඔබ ලබපු ආශ්වාද සහිත මොහොතවල් ටිකයි ඒ වෙනුවෙන් කොච්චර කාලයක් නම් දුක් වින්දද කියලයි හැකි නම් හිතලා බලන්න. දැන්වත් ඉක්මන්නොවුනොත් මොන අපරාධයක්ද කියලාත් හිතලා බලන්නකෝ එහෙනම්.
මේ අවුරුදු ගාණට ලස්සන රූප කියලා බැලුවා බැලුවා බලලා ඇතිවුණාද ඇත්තටම? ඒ ලස්සන රූප එකක් පේනකොට කැත රූප අප්‍රිය රූප කීයක් නම් දකින්නට හම්බවුණාද? එතකොට මේ අවුරුදු ගාණට ලස්සන ශබ්ද කියලා කීයක් නම් ඇහුවා ඇහුවා අහලා ඇතිවුණාද ඇත්තටම? ඒ ලස්සන ශබ්දයක් එකක් ඇහෙනකොට කැත අප්‍රිය අමිහිරි ශබ්ධ කීයක් නම් අහන්නට සිද්ධ වුණාද? මේ විදියට හිතලා බලන්න ආශ්වාදයක් සතුටක් ලැබූ කාලයද වැඩි දුකක් අසහනයක් ආදීනවයක් ලැබූ කාලයද වැඩි කියලා.
ඉතින් ගොඩක් අය හිතන්නේ මේකට ඉතින් විසඳුමක් නෑනොවැ කියලනේ. දුක සැප කියන්නේ කාසියේ දෙපැත්ත වගේ ඒ දෙකම විඳදරාගන්නට ශක්තියක් තියෙන්න ඕන කියලා අනේ ඉතින් විහින් දුක් විදිනවා. මේ දේවල් බොහෝම අපුරුවට විසඳාගන්නට හැකියාවක් තියෙනවා නම් ඇයි ඉතින් මේ බලෙන් විඳ දරාගන්නේ බලෙන් ශක්තියක් හදාගෙන බලෙන් දරාගෙන ඉන්නේ? ඔය දුක සැප බලහත්කාරයෙන් විඳ දරාගන්න යොදන කාලය ශ්‍රමය ශක්තිය නරකද 100%ක්ම සාර්ථක සාදාකාලික විසඳුමක් ලබාගන්නට යෙදෙව්වා නම්?
ආශ්වාදය තුල දුක ලැබීම
Published on 28 අගෝස්තු, 2013
Print
PDF
ඉතින් හිතලා බලන්න... පෙනුමට දුකක් තියෙනවා... ඒ කියන්නේ ලෙඩවීම, වෙනස්වීම, වයසට යෑම, ජරා ජීර්ණයට පත්වීම, තමන් කැමැති දේවල් වලින් ඈත්වෙන්නට සිද්ධ වීම, තමන් කැමති දේවල් ඒ ආකාරයෙන් සිදු නොවීම, භයවීම, මරණයට පත්වීම ආදී දෑ වගේම නොයෙක් ආකාරයේ මානසික අසහනයක් දුක් වශයෙන් අප එදිනෙදා අත්දකිනවා. මේ ටික නෑ කියන්න ඔබට බෑනේ නේද? ඉතින් ඇයි මේ දුක ඔබට ලැබිලා තියෙන්නේ?
ටිකක් හිතන්න මේ සියලු දුක් කන්දරාවන් තිබෙන්නේ පෙර කිව්ව මොහොතක ආශ්වාදය ගැනීම උදෙසා ඔබ කරගෙන යන වැඩපිලිවෙල තුල නොවේද කියලා?
උදාහරණයකින් සලකා බැලුවොත් මෙහෙම හිතන්නකෝ... ඔබ කටට රසට කෑම ටිකක් කන්න ඕනෑය කියලා දිනකට කොතරම් නම් වෙහෙසක් මහන්සියක් ක්‍රියාවලි රැසක් කරනවාද කියලා හිතලා බලන්න. උදේට කෑම කෑවට පස්සේ දවල් කෑම ගැන හිතනවා ඒක ඉවරවෙනකොටම රෑ කෑම ගැන හිතනවා ඒ සිතීමට අමතරව ඒ වෙනුවෙන් කොතරම් කැපවීමක් වෙහෙසක් දරනවාද කියලා මම එකින් එක නොකිව්වත් හිතලා බලන්න. දැන් ඉතින් මේ රසට කෑම ගැනීම තුල මේ දේවලට අමතරව කොතරම් නම් මානසිකව අසහනයන්ට පත්වීමක් සිද්ධ කරගන්නවාද කියලා ඔබ විසින් ඔබගැනම හිතලා බලන්න ඕන.
කෑම ටික රසට නැතිනම් කෑම හදන කෙනාට බනිනවා... අතින් පයින් ගහන අයත් ඉන්නවා... වලං මුට්ටි බිඳින අයත් ඉන්නවා... එහෙම නේද? ඉතින් මේ රසට කෑම ඕන නිසා සමහරවිට ණය වෙලා හරි ඒ වගේ කෑමක් කන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්... තවත් කෙනෙක් මේ මේ ආකාරයෙන් රස කෑම කනවා අනේ මට නෑනේ කියලා කම්පා වෙමින් ඉන්නවා වෙන්නටත් පුළුවන්... මේ වගේ රසට කෑම කාලා කාලා පසුව ලැබෙන ආදීනව දැනටමත් ලෙඩ රෝග වලට එහෙම ගොදුරු වෙලා ඉන්න අය දන්නවත් ඇති.
උදාහරණයක් විදියට පැණි රසට වැඩියෙන් කැමැත්තෙන් බැදුනොත් ඉක්මනින්ම ලැබෙන දුක් සහගත කරදර සහගත ප්‍රතිඵලය තමයි දියවැඩියාව. ඉතින් මේක හැදුන අය එහෙම දන්නවා ඇති මේ ලෙඩේ අඩු කරගන්න කියලා පැණි රස කන එක අඩු කරන්න කිව්වොත් තමන් ඒ පැණි රසට ඇති කැමැත්තේ තරම අනුව ඒවා නොලැබීමෙන් කොතරම් නම් මානසික අසහනයකට පත්වෙනවාද කියලා. සමහරවිට හොරෙන් වුණත් කන්න බලනවා.
රස මාත්‍රය
Published on 28 අගෝස්තු, 2013
Print
PDF
ඉතින් මේ සියලු දේ ඔබගේ ජීවිතයේ ඔබ කරන කියන සිතන දේවලට ගලපා ඔබ මොහොතක ආශ්වාදයක් ලැබීම උදෙසා කොතරම් නම් කායිකව මානසිකව දුක් කම්පා අසහනයන්ට පත්වෙනවාද කියලා තේරුම් ගත යුතුයි. රසට කෑම ගැන හිතනවා නම් ටිකක් හිතලා බලන්න මේ කෑමේ රස දැනෙන්නේ දිවටයි...
ඒ දිව මත කෑම තියෙන්නේ කොතරම් නම් සුළු මොහොතක්ද කියලා හිතලා බලන්න... කෑම ටිකක් කටේ දාගත්තාම දිවේ දිග උපරිමයෙන් ඕන නම් අගල් 3ක් 4ක් වෙයි යෝධයෙක් කියලා හිතුවත් අගල් 10ක් 15ක් වෙයි... ඉතින් ඔබේ ශරීරයට සාපේක්ෂව දිව කොතරම් දිගද? ඔබේ හිසේ සිට පාදාන්තය දක්වාම ඔබට කෑමක රස දැනෙනවා නම් ඔන්න ටිකක් වෙහෙස වුණත් කමක් නෑ නේද මොකද ඉතින් රස දැනෙමින් පවතින වෙලාවවත් අඩුගානේ ටිකක් වැඩිපුර දැනෙනවානේ. ඒත් අනේ මේ අගල් 3ක් 4ක් 5ක් 6ක් වගේ පුංචි දිග ප්‍රමාණයක් තත්පර ගාණක් පමණක් පැවතිලා නැතිවෙලා යන රසයක ආශ්වාදය ලබන්නට දින පැය විනාඩි කීයක් වැය කරනවද කියලා ඔබම හිතලා බලන්නකෝ.
මේ මොහොත වෙනුවෙන් මේ වන විට ඔබ කී දෙනෙකුට බැනලා තියෙනවද? "රසට කෑමක් උයාගන්න බෑ... මොනවද මේ ජරාව මේවා කන්න පුළුවන්ද? උයන්න පුළුවන් ගෑණියෙක් ගන්න මට බැරිවුණානේ... මොනවද මේ හෝටලේ දෙන ජරාව මේවා කන්න පුළුවන්ද? මේ ආණ්ඩුව ආවත් හරි රසට කෑම ටිකක් කන්න බෑනේ..." මෙන්න මේ වගේ කොතරම් නම් කයෙන් වචනයෙන් සිතෙන් ඔබ කෑම මාතෘකාව පමණක් නිසා කම්පාවට, තරහවට, අසහනයට පත්වුණාද පත්වෙනවද, ඉදිරියේදී පත්වෙන්නට බලාපොරොත්තු වෙනවාද කියලා මේ දැන්ම හිතලා බලන්න.
මේ මොහොත වෙනුවෙන් ඔබ මේ වන විට කොතරම් නම් දුකට පත්වෙලා තියෙනවද කියලා හිතලා බලන එක බුද්ධිමත් ඔබට අයිති කාර්යයයි. කෑම විතරක් නෙවේ මේ වගේ ඔබගේ ජීවිතයට සම්බන්ධ සෑම දෙයක්ම හිතලා බැලුවොත් මේ මොහොතක ආශ්වාද මාත්‍රය ලැබීම පිණිස ඔබ විසින් කරන, කියන, සිතන දේ අනුව ඔබට ලැබෙන කම්පාවන්, දුක් සෝකයන්, අසහනයන් පීඩාවන් මෙතකැයි කියලා කියන්න බෑ කියලා ඔබටම තේරේවි.
දැන් ඉතින් මේ විදියට කිව්වාම "ඔය කියන විදියට රසට කෑම ටිකක් කන්න බෑනේ... හොදට අදින්න බෑනේ... ලස්සනට ජීවත් වෙන්න බෑනේ... බුදු දහම නම් මහ දුකම කියන එපාකරපු දහමක්" කියලා කියාවි / සිතාවි. ඇත්තටම එහෙමද කියලා දැන් ඉතින් තම තම නැණ පමණින් විමසා බලන්න දෙයක් තමයි ඕං පැහැදිලි කරලා දෙන්න යන්නේ.
අපි නොදකින අසාරත්වය
Published on 28 අගෝස්තු, 2013
Print
PDF
මම කලිනුත් කිව්වා වගේ හොදින් හිතලා බලන්න ඔබගේ වයස අනුව ගෙවා ඇති අවුරුදු ගාණ අනුව ඔබගේ අත්දැකීම් අනුව මේ දැන්ම හිතලා බලන්න මේ අවුරුදු ගාණක්ම ඔබ එකම වර්ගයේ කෑම කොතරම් කෑවද කියලා හිතලා බලන්න.
ප්‍රියතම කෑමෙන් දුක ලැබුවද?
අපි හිතමුකෝ ඔබගේ ප්‍රියතම ආහාරය පාන් සමග සම්බෝල කියලා. (පාන් සහ සම්බෝල යෙදෙන තැන්වලට ඔබ විසින් ඔබගේ ප්‍රියතම ආහාරය යොදාගන්න. එවිට ඔබට තේරුම් ගන්නට පහසුවක් වේවි) මේ පාන් සහ සම්බෝල නිසා ඔබ මේ වන විට කායිකව මානසිකව කොතරම් නම් අසහනයට පත්වෙලා තියෙනවද? පාන් සහ සම්බෝල හදන පොල් වල මිල ඉහල ගියයි කියලා ඔබ කොතරම් නම් අසහනයට පත්වෙලා තියෙනවද? සම්බෝලය රස මදි කියලා පාන් ගෙඩිය හරියට පුච්චලා නෑ කියලා කොතරම් නම් කම්පාවට පත්වෙන්න සිද්ධ වුණාද? දැන් ඉතින් හිතන්න මේ වනවිට පාන් සමග සම්බෝල ඔබ කීවාරයක් නම් ආහාරයට අරගෙන තියෙනවද? ඒත් මේ දැනුත් දුන්නොත් එපා කියන්න හිතෙයිද?
ඒත් ඔබ කොතරම් ප්‍රිය කලත් ඔබගේ ශරීරයට කන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා එහෙම නේද? හොදට ඔබ කැමැතිම විදියට පුච්චපු පාන් ලොරියක් විතර ගෙනත් දීලා ඉතාමත් මිහිරි රසයකින් ඔබ කැමැතිම පරිදි සම්බෝලත් නැවක් විතර හදලා දැන් ඉතින් ඔයාට විතරමයි අනේ කන්න කියලා දුන්නොත් ඔබට කොතරම් නම් කන්න පුළුවන් වෙයිද? ඔබගේ පුංචි ශරීරය පිරුණාම ඔබව මරණවා කිව්වත් ඔබට කන්නට හැකිද? වමනය දම දමා හරි කන්න පුළුවන් ප්‍රමාණය කොතරම්ද? ඒ වෙලාවට නම් ඔබ කියාවි පානුයි සම්බෝලයි එපා වෙන්නම මම නම් කෑවා ආයෙත් නම් මගේ ජීවිතයටවත් කන්නේ නෑ කියලා. ඒත් තව වසර 5කින් 6කින් දුන්නොත් නොකා ඉදියිද?
එහෙනම් මේ අවුල කොතැනද තිබිලා තියෙන්නේ?
පාන් සහ සම්බෝල නිසාවෙන් ඇයි මේ දුක් අසහනයන් කම්පාවන් රැසක් ඔබට ලැබුනේ? පාන්වල ප්‍රශ්ණයක්ද? සම්බෝල වල ප්‍රශ්ණයක්ද? ඒවා හදපු අයගේ ප්‍රශ්ණයක්ද? ඒ දේවල් වල ප්‍රශ්ණයක් නෑ කියලා තේරෙන්නේ ලෝකයේ ඉන්න සියලුම මිනිස්සුන් පමණක් ගතහොත් ඒ අයට ඔය පාන් සහ සම්බෝල නිසාවෙන් ඔබට තියෙන ගැටලුව අසහනය දුක කම්පාව නැති නිසයි. ඉතින් පාන් සම්බෝල හෝ ඒවා හදන අයගේ අවුලක් නම් එය ලෝකයේ සියලුම මිනිසුන්ටත් අදාල වෙනවා. ඒ සියලු දෙනාම පාන් සහ සම්බෝල නිසාවෙන් දුකට අසහනයට කම්පාවට පත්වෙනවා. ඒත් එහෙම වෙලා නෑ.
එහෙනම් දැන් ඉතින් ගැටලුව තියෙන්නේ කොහෙද? ගැටලුව හැමතිස්සේම ඔබ ලගමයි. ඒ නිසාමයි එයට විසදුමත් ඔබටම ලබාගෙන සහනයට පත්වෙන්නට ඔබට හැකියාවක් තියෙන්නේ. නොයෙකුත් ආහාර වර්ග ලෝකයේ තියෙනවා. ඒ ආහාර අතරින් ඔබට ආශ්වාදයක් ලැබුණ ආහාරය හෝ කීපයක් ඔබ විසින් ඔබගේ ප්‍රියතම ආහාරය කියලා වෙන් කරගන්නවා. දැන් ඉතින් ඒ ආශ්වාදය නැවත නැවත ලබන්නට තමයි ඔබගේ කැමැත්ත. ඒ අනුව තමයි ඔබගේ සිතත්, කයත්, වචනයත් මෙහෙයවන්නේ. එහෙම නේද? ඉතින් මේ කැමැත්ත හදාගත්ත මොහොතේම ඔබ විසින් ඔබ අකමැති ආහාර කියලා කොටසකුත් වෙන් කරගන්නවා. ඒ කියන්නේ ඔබ කැමතියි කියලා වෙන්කරගත්ත ආහාර වර්ග වගේ ආශ්වාදයක් ඔබට නොදෙන සියලුම ආහාර දැන් ඉතින් ඔබ අකමැති හෝ ඔබ වැඩි කැමැත්තක් නැති ආහාර කියලා වෙන් වෙනවා.
දුක ලැබීමේ සම්භාවිතාවය
Published on 28 අගෝස්තු, 2013
Print
PDF
ඒ අකමැති දේවල් ලැබෙන වාරයක් පාසා ඔබට තරහක් ගැටීමක් කම්පාවක් අසහනයක් හිතට එනවා. ටිකක් හිතන්න ඔබ ඔබේ කැමතිම ආහාරය හදලා ඇති කියලා හිතාගෙන කෑම ටික කන්න යනකොට සියලුම ආහාර ඔබ අකමැති ආකාරයේ ආහාර නම් කොතරම් මානසික දුකක්, කම්පාවක්, අසහනයක්, ගැටීමක්, තරහක් ඔබට එනවද කියලා... ඔබගේ අත්දැකීම් අනුවම සිතලා බලන්න ඕන. එවිට තමයි මේ දේවල් තේරුම් ගන්න පහසුවෙන්නේ.
දැන් ඉතින් ගැටලුව තියෙන්නේ ඔබ ලගමයි කියලා දැනටමත් ටිකක් විතර වැටහීගෙන එනවා ඇති නේද? මොකක්ද මේ ගැටලුව? ආශ්වාද මාත්‍රයක් ලැබුණ දෙයක් තමන් කැමතිම දෙයක් විදියට වෙන් කරගෙන ඒ ආශ්වාද මාත්‍රය නැවත නැවත ලැබීමේ අරමුණින් ඒ තමන් කැමතිම දේ නැවත නැවත ලැබේවා ලැබේවි කියන බලාපොරොත්තුව අනුව සිත, කය, වචනය මෙහෙයවා කටයුතු කිරීම. දැන් ඉතින් "බලාපොරොත්තුවක්" කියන්නේ මොකක්ද? ඉටු වෙන්නත් පුළුවන් ඉටු නොවෙන්නත් පුළුවන් නිශ්චිත නොවන දෙයක් තමයි බලාපොරොත්තුවක් කියන්නේ. ඉටු වුනොත් සතුටුයි ඉටු නොවුනොත් දුකයි. එහෙම නේද? ප්‍රතිඵලය කුමක් වෙයිද කියලා ෂුවර් නෑ... හරියටම වගකීම් සහතිකයක් දෙන්න බෑ එහෙම නේද?
දැන් ඔබට වැටහෙනවා ඇති යමකට කැමැත්තක් ඇතිකරගත්තාම ඒ දේ නැවත නැවත ලැබීමට පැතීමට බලාපොරොත්තුවක් හිතේ ඇතිවෙනවා. ඒ නිසාම ඒ තමන් කැමති දෑ ලබාගන්නට ඒ මොහොත නැවත අත්දැකගන්නට අසීමාන්තිකව වෙහෙස වෙනවා... කාලය ගත කරන්නේ ඒ වෙනුවෙනුයි... දැන් ඉතින් අවසාන ප්‍රතිඵලය අවිනිශ්චිතයි... ඒ තමන් කැමති ආශ්වාදය ලැබෙන්නටත් පුළුවන් නොලැබෙන්නටත් පුළුවන්. නොලැබුනොත් "අයියෝ මගේ මහන්සිය" කියලා ඔබට ඔබ දැරූ වෙහෙස ආයාසය මහා අපරාධයක් කාලය නාස්ති කිරීමක් ලෙසින් සිහි වෙනවා. ලැබුනොත් ඒ වෙහෙස මහන්සිය ආයාසය යෙදුවට කමක් නෑ ආශ්වාදය ලැබුණානේ කියලා සිහිවෙනවා එහෙම නේද?
ඉතින් මෙන්න මේ වගේ සිද්ධි එකතුවකට තමයි ඔබ විසින් ඔබගේ ජීවිතය කියලා කියන්නේ.

- බලාපොරොත්තු 100%ක් නම් ඒවා ඉටු නොවීම තුලින් ඔබට ඇතිවන මානසික කම්පාවීම් දුකට පත්වීම් අසහනයට පත්වීම් ආදී දුක් රැසක් ලැබීමේ සම්භාවිතාවයත් 100%ක්ම තමයි.
- බලාපොරොත්තු 50%ක් නම් ඒවා ඉටු නොවීම තුලින් ඔබට ඇතිවන මානසික කම්පාවීම් දුකට පත්වීම් අසහනයට පත්වීම් ආදී දුක් රැසක් ලැබීමේ සම්භාවිතාවයත් 50%ක්ම තමයි.
- බලාපොරොත්තු 10%ක් නම් ඒවා ඉටු නොවීම තුලින් ඔබට ඇතිවන මානසික කම්පාවීම් දුකට පත්වීම් අසහනයට පත්වීම් ආදී දුක් රැසක් ලැබීමේ සම්භාවිතාවයත් 10%ක්ම තමයි.
- බලාපොරොත්තු 0%ක් නම් ඒවා ඉටු නොවීම තුලින් ඔබට ඇතිවන මානසික කම්පාවීම් දුකට පත්වීම් අසහනයට පත්වීම් ආදී දුක් රැසක් ලැබීමේ සම්භාවිතාවයත් 0%ක්ම තමයි.
Last edited: