නිදහස් කැස්බෑවා - Free Turtle

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
නිදහස් කැස්බෑවා - Free Turtle

2u3xfeo.jpg
 
Last edited:
  • Like
Reactions: nir25

ALii

Member
Nov 6, 2009
1,554
69
0
සිරා කථාව, සල්ලි වලට ඕනේ දෙයක්
නියන් නිර්මාණය
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
මෙව වෙනබව දන්නෙත් අදයි. අපි හිතන්නෙම සංරක්ෂණය කියලයි. ස්තූතියි ! mdee ඔබට අපව දැනුවත් කලාට.
මෙවැනි දෙයට මැෙල්සියව වගෙ රටක නම් දැඩි දඩුවම්. අපි ඒ රටෙ මනුකන් කියල ඉතාම ලස්සන දූපතකට ගියා . ඒහි අැතුල් වන දොරටුවෙ ගහල තියෙන්නෙ ඔබ පරිසරයට අාදරයක් අැත්නම් මෙය රැකීම කරන්න පුළුවන් ඔබටමයි. ඒ නිසා ඔබෙ පා සටහන පමනක් මෙහි ඉතිරි කර යන්න කියලයි. ලංකාවෙ අය වගෙ ගියොත් හැමදෙයම ඒ පරිසරයෙ ඉතිරි කරනවනෙ. නැත්නම් ඒ පරිසරයෙන් සිප්පිකටුවක් හරි ගෙනෙනවනෙ. ඔබට කවදාක හරි යන්න ලැබුනොත් බලන්න මෙහි කැස්බෑවුන් ෙන්ක විධ විවිධ මත්ස්‍යයන් මදක් දුර පැහැදිලි මුහුදු තීරයෙ පිහිනන විට දැකගන්නට පුළුවන්. මම මෙය ලීවෙ අන් අයගෙත් ප්‍රයේජනය පිණිසයි.
ඔබ හැමදාම අපිව දැනුවත් කරන මාතෘකාවක් තේරගන්නව නිර්මානයකට. මෙවැනි කූට ව්‍යාපාර වලට රාජ්‍ය අංශයෙ අැස යොමු ෙව්වා. ඔබට ජය!
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මුදලට සියලුම දේ තිරණය වෙන සමාජයක
    කැස්බෑවා බෙරිලා හිටියොත් තමා පුදුමේ
    වටිනා නිර්මාණයක්. කැස්බෑවට කථා කරලා
    මේ අසාධාරනේ කියන්න බෑනේ.
    අපිවත් සමාජය දැනුවත් කරන්න ඕනා.

    ඒත් බොහෝ විට සිදුවන්නේ කැස්බෑ බිත්තර එකතු කරලා
    ඒවා පැටව් ආ පසු මුහුදට නිදහස් කරන එක නේද
    මොකද වෙරළේ කැස්බෑ බිත්තර සොයන්නන් ඉන්න නිසා
    උන්ගෙන් බෙරා ගන්න ‍නේද මෙක කරන්නනේ.
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    පරිසර, සත්ව සංරක්ෂණය ගැන කතා කරන ගොඩක් අය කරන්නේ මුදල් ගැරීම බව අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඒකෙ පුංච් සාධාරණ ගතියකුත් තියනවා. මොකද මේ මුදල් මූලික සමාජයේ සත්වයින්ගේ හරි පරිසරයේ හරි සුබසාධනය සඳහා මුදල් උපයන එකත් ලේසි නෑ. ඉතින් මේ වගේ ලොකු හානියක් නැති ක්‍රම වලින් මුදල් ඉපයිම වැරදිමත් නෑ. කොහොම නමුත් නිර්මාණය වෙනදා වගේම සුපිරි නිර්මාණයක් යාළුවා...
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    aththa machan .. moda suddanwa rawattana ape prauda sri lankikayo .... meika baratama salli hamba karana wadak mei gollange .. apuru nirmanayak ...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සංරක්ෂණයේ මුවාවෙන් වෙන ගසා කෑමට එරෙහිවයි අපි හඬ නැගිය යුත්තේ...

    චතුර මල්ලියා කිව්වා වගේ සංරක්ෂණයට හා දුලභ සතුන්ගේ සුභ සාධනයට විශාල මුදලක් යට වෙන නිසා ඒ සඳහා සංචාරකයින්ගෙන් වටිනා මුදලක් නියම කොට ලබා ගැනීම හේතු සාධකයි..

    නමුත් එයින් යටි මඩි ගැසීම ඒ සත්ව සමූහයටත් මිනිස් සමාජයටත් කරනා අවමානයක් හා මුලාවක්..

    අපේ රටේ ඔය වගේ කෙතරම් දුර්ලභ සම්පත් නැති නාස්ති වෙලා යනවද හරි පාලනයක් නැතිකමින් හා රාජ්‍ය ඇස කෙලින්ම නොලැබෙන නොවැටෙන මේ මංකොල්ල ව්‍යාපාරිකයින් හා පරිසර දූෂිතයින් නිසා..

    ඉතා වටිනා නිමිත්තක් නිර්මානයකින් එලි දක්වා ජනතා ඇස් ඇරවීම ගැන මගේ ආචාරය සහෝදරයට...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කොස්ගොඩ තියෙන කැස්බෑවුන් බලාගන්න ප්‍රසිද්ධ තැනකට මම දෙතුන් සැරයක් ගිහින් තියෙනවා. මට එතැන අය විස්තර කරපු විදිහට ඒ අය කරන්නෙ ලොකු සේවයක්. මටත් එහෙම හිතුනා හැබැයි.

    අයියා කියනකම් මට ඔය වගේ යටි සැලැස්මක් ගැන වැටහුනේ නැහැ. අයියගෙ දැනුවත් කිරීමට ගොඩක් ස්තූතියි.

    නමුත් තාමත් මම හිතන්නෙ ඒ අය කරන්නෙ සේවයක් කියලයි. අර චතුර අයියා කියලා තියෙනවා වගේ ඔය වගේ ක්‍රමයකට සල්ලි හෙව්වට කමක් නැහැ. කැස්බෑ මස්, කැස්බෑ බිත්තර විකුණලා සත්ත්ව සංහතියක් වනසලා සල්ලි හොයන්වට වඩා...
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    හැමදාම වගේ දැනුවත් කිරීමක් සමග රසවින්දනයක් ඔබේ නිර්මාණ වල තියෙනවා.

    සදාකල් එය රැකේවා කියා පතනවා.

    අගනා නිර්මාණයක් සහො
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මෙව වෙනබව දන්නෙත් අදයි. අපි හිතන්නෙම සංරක්ෂණය කියලයි. ස්තූතියි ! mdee ඔබට අපව දැනුවත් කලාට.
    මෙවැනි දෙයට මැෙල්සියව වගෙ රටක නම් දැඩි දඩුවම්. අපි ඒ රටෙ මනුකන් කියල ඉතාම ලස්සන දූපතකට ගියා . ඒහි අැතුල් වන දොරටුවෙ ගහල තියෙන්නෙ ඔබ පරිසරයට අාදරයක් අැත්නම් මෙය රැකීම කරන්න පුළුවන් ඔබටමයි. ඒ නිසා ඔබෙ පා සටහන පමනක් මෙහි ඉතිරි කර යන්න කියලයි. ලංකාවෙ අය වගෙ ගියොත් හැමදෙයම ඒ පරිසරයෙ ඉතිරි කරනවනෙ. නැත්නම් ඒ පරිසරයෙන් සිප්පිකටුවක් හරි ගෙනෙනවනෙ. ඔබට කවදාක හරි යන්න ලැබුනොත් බලන්න මෙහි කැස්බෑවුන් ෙන්ක විධ විවිධ මත්ස්‍යයන් මදක් දුර පැහැදිලි මුහුදු තීරයෙ පිහිනන විට දැකගන්නට පුළුවන්. මම මෙය ලීවෙ අන් අයගෙත් ප්‍රයේජනය පිණිසයි.
    ඔබ හැමදාම අපිව දැනුවත් කරන මාතෘකාවක් තේරගන්නව නිර්මානයකට. මෙවැනි කූට ව්‍යාපාර වලට රාජ්‍ය අංශයෙ අැස යොමු ෙව්වා. ඔබට ජය!
    බොහෝම ස්තුතියි සොයුරිය කවදත් වගේ මගේ නිර්මාණය ඇගයීම හා එක් කල අගනා සටහනට. ඇත්තෙන්ම අපේ පුංචි රට ජෛව විවිධත්වයෙන් (bio diversity) අගතැන් රටක්, ඒත් අපි එය සුරකින්න කරන දෙය කොහෙත්ම ප්‍රමාණවත් නැහැ.

    මුහුදු කැස්බෑවන් සංරක්ෂණය කවුරු කලත් හොඳ වැඩක්. එත් මං උත්සාහ ගත්තේ ඒ මුවාවෙන් කැස්බෑ පටවුන් හිරකර තබාගෙන සල්ලි වලට නිදහස් කරලා සංචාරකයා එතැනින් පිටවෙලා යන්න කලින් ආයෙත් හිරකරන, ආයෙත් නිදහස් කරන, කූඩු කරන නිදහසේ සිදුවන කූට වැඩ පිලිවෙලක් ගැන.

    මෙ පිලිබඳව නීතිරීති එලිදක්වන බව මෑතක පලවු පුවතක සඳහන් විය.
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මුදලට සියලුම දේ තිරණය වෙන සමාජයක​


    කැස්බෑවා බෙරිලා හිටියොත් තමා පුදුමේ
    වටිනා නිර්මාණයක්. කැස්බෑවට කථා කරලා
    මේ අසාධාරනේ කියන්න බෑනේ.
    අපිවත් සමාජය දැනුවත් කරන්න ඕනා.​

    ඒත් බොහෝ විට සිදුවන්නේ කැස්බෑ බිත්තර එකතු කරලා
    ඒවා පැටව් ආ පසු මුහුදට නිදහස් කරන එක නේද
    මොකද වෙරළේ කැස්බෑ බිත්තර සොයන්නන් ඉන්න නිසා
    උන්ගෙන් බෙරා ගන්න ‍නේද මෙක කරන්නනේ.​
    බොහෝම ස්තුතියි සොයුර කවදත් වගේ මගේ නිර්මාණය ඇගයීම හා එක් කල අගනා සටහනට.

    මුහුදු කැස්බෑවන් සංරක්ෂණය කවුරු කලත් හොඳ වැඩක්, කැස්බෑ බිත්තර පරිස්සම් කරලා පැටවු බිහිවෙන තුරු සුරකින එක හොඳ වැඩක්. එත් මං උත්සාහ ගත්තේ ඒ මුවාවෙන් කැස්බෑ පැටවුන් හිරකර තබාගෙන සල්ලි වලට නිදහස් කරලා සංචාරකයා එතැනින් පිටවෙලා යන්න කලින් ආයෙත් හිරකරන, ආයෙත් නිදහස් කරන, කූඩු කරන නිදහසේ සිදුවන කූට වැඩ පිලිවෙලක් ගැන.
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    Firstly, i must say tht you are such a nice poetic i saw in EK .You are using your own strange technique of writing and the topics you are using to write your poems is just amazing keep it up your good work bro :D
    Sis, thank you so much for your encouraging remarks. Your evaluation of poems adds more values that I always noticed and appreciated.

    I trust that when master a medium and having an ability to express in constructive manner, automatically that become one of responsibility. Responsibility to educate, that’s the moving factor with a wider angle.

    Thank you again.