නිදහස් සන්ධානයේ විජයග්‍රහණය

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    නිදහස් සන්ධානයේ විජයග්‍රහණය

    උතුරු මැද, සබරගමුව සහ නැඟෙනහිර පළාත් සභා තුනේ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කරන මහා ත්‍රෙඩ් එක
    mainpic1.jpg

    කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශය කළ නවතම ජනමත විශ්ලේෂණ ප්‍රතිඵල
    be5f0_MR05012011_1.jpg

    අපි ඔබ සමගයි
     
    • Like
    Reactions: sen10

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ජාතිවාදය අවුස්සන අයට ගොදුරු වෙන්න එපා

    af939_MR05012011_3.jpg

    ජාතිවාදය අවුළුවන ඇතැම් දේශපාලනඥයන් ජනතාව අතර ඇති සුහදතාව විනාශ කිරීමට උත්සාහ දරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. ඡන්දය බලාපොරොත්තුවෙන් මෙසේ ජාතිවාදය අවුළුවන අයගේ ක්‍රියාවලට ජනතාව හසු නොවිය යුතු බවද ජනාධිපතිවරයා කීය.

    නැ‍ෙඟනහිර පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විජයග්‍රහණය වෙනුවෙන් කින්නියා නගරයේ දී ඊයේ (4) පැවැති ජන හමුවකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

    ත්‍රස්තවාදය පැවැති සමයේ බියෙන් සැකෙන් ජීවත්ව සිටි ජනතාවට අද නිදහස උදා වී බුදුන් වහන්සේගේ නෑදෑයින් වූ ශාක්‍ය වංශිකයන්ගේ රජදහන වූ කපිලවස්තු පුරයෙන් ඇති බව ද නිදහස් කෙරුණු රට සංවර්ධනය කරා ගෙන යා යුත්තේ පියවරෙන් පියවර බවද ජනාධිපතිවරයා කීවේය.

    ත්‍රස්තවාදීන් විසින් පළවා හරින ලද ජනතාව මේ වන විට නැවත පදිංචි කර ආගමික ස්ථාන ගොඩනංවා, ජීවත් වීමේ මෙන්ම ආගම ඇදහීමේ නිදහසද ලබා දී ඇති බව ජනපතිවරයා පෙන්වා දුන්නේය.

    සිංහල දෙමළ මුස්ලිම් වශයෙන් නොබෙදී එකම ජනතාවක් වශයෙන් රට ඉදිරියට ගෙන යාමට එක් විය යුතු බව ද ජනපතිවරයා පැවැසීය.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    නැඟෙනහිරට-උතුරු මැදට යෝධ සංවර්ධනයක්

    20091011_05a.jpg

    නැඟෙනහිර සහ උතුරු මැද පළාතේ කාලයක සිට පවතින ජල හිඟයට ස්ථිර විසඳුමක් ලබා දී එම පළාත්වල ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට රජය කඩිනම් වැඩ පිළිවෙළක් ක්‍රියාවට නඟා ඇත.

    මේ සඳහා දැයට කිරුළ සහ මොරගහකන්ද බහු කාර්ය ජල යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 1,35,000 ක මුදලක් වැය කෙරේ.

    පානීය ජලය, කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය, විදුලිය, මහා මාර්ග, ඇතුළු සියලු පහසුකම් මෙකී ව්‍යාපෘති මඟින් සම්පාදනය වෙයි.

    මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතිය යටතේ උතුරුමැද - නැඟෙනහිර පළාත්වල මහා පරිමාණයේ වැව් හා ජලාශ විස්සක් දිනපතා පුරවන බවත් දැනට ඉදිකෙරෙන යාන් ඔය හා ඉදිරියේදී ඉදිකරන මල්වතු ඔය නව ජලාශයට ද පැය 24 පුරා දියවර දෙන බවත් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් අයිවන් ද සිල්වා මහතා පවසයි. ඒ සමඟම මේ ව්‍යාපෘතිය මඟින් උතුරුමැද හා නැඟෙනහිර ජනතාවට දෙන පානීය ජලය ප්‍රමාණය තෙගුණයකට වඩා වැඩියෙන් වැඩි කිරීමට ද කටයුතු කරනු ලැබේ. රුපියල් මිලියන 75000 ක වියදමින් ඉදිවන මේ ව්‍යාපෘතිය 2015 දී අවසන් වේ.

    මේ අතර 2013 දැයට කිරුළ යටතේ නැගෙනහිර උතුරුමැද ප්‍රදේශවල ප්‍රාදේශීය සංවර්ධනයේ විප්ලවීය වෙනසක් ඇතිවෙන බවත් ඒ සඳහා රුපියල් මිලියන 60000 ක් වැය කරන බවත් දැයට කිරුළ කමිටු සභාපති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ඉන් වැඩිම කොටසක් ලැබෙන්නේ පොලොන්නරුවටයි. ඒ මුදල රුපියල් දස ලක්ෂ 15112 කි. අම්පාරට රු. දස ලක්ෂ 13168 ක් ලැබේ. මඩකළපුවට රු. දස ලක්ෂ 8243 ක්ද ත්‍රිකුණාමලයට රුපියල් දස ලක්ෂ 8852 ක්ද ලබාදීමට කටයුතු කරමින් සිටින බව දැයට කිරුළ සංවිධායක ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා පවසයි.

    ඒ සමඟම ප්‍රාදේශීය සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය ව්‍යාපෘතිවලට රුපියල් දස ලක්ෂ 11316 ක් ලබාදීමට යෝජිතය.

    රේඛීය අමාත්‍යාංශ ද මේ සඳහා මුදල් ආයෝජනය කර තිබේ. ඉන් වැඩිම මුදල ලබා දී ඇත්තේ මහාමාර්ග අමාත්‍යාංශයයි. ඒ අනුව වෙන් කර ඇති මුදල රුපියල් දස ලක්ෂ 22013 කි.

    මඩකළපුවට නව ගුවන් තොටුපළක් ඉදිකිරීමට ද කටයුතු යොදා ඇත. රුපියල් දස ලක්ෂ 800 ක වියදමින් ඉදිකරන මේ නව ගුවන් තොට මීටර් 1700 ක ධාවන පථයක් හා අන් පහසුකම් ඇතිව සංවර්ධනය කෙරේ.

    ත්‍රිකුණාමලය, මඩකළපුව, අම්පාර, පොළොන්නරුව දිස්ත්‍රික්කවල තවත් සුවිශේෂී ව්‍යාපෘති 5 ක් ක්‍රියාවට නැංවීමට ද තවත් දස ලක්ෂ 2690 ක් ලබා දී ඇත. ඒ යටතේ අම්පාරේ හාඩි උසස් තාක්ෂණික හා කාර්මික විද්‍යාලය නව තාක්ෂණික සරසවියක් බවට පත් කෙරේ. ඒ සඳහා වියදම රුපියල් දස ලක්ෂ 261 කි. මීට අමතරව ත්‍රිකුණාමලය චීන වරාය කොඩ්බේ ධීවර වරාය ද දැයට කිරුළට සංවර්ධනය කෙරේ. මඩකළපුව පැරැණි බළකොටුව සංරක්ෂණය කර අලංකාර කෙරේ. පොළොන්නරුව නගරය ද නවීන පහසුකම්වලින් යුක්තව සංවර්ධනය කෙරේ.

    මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය මඟින් මාතලේ ප්‍රදේශයේ සිට රජරටට ලබා දෙන ජලය නිසා උතුරුමැද ප්‍රදේශයේ පවතින වකුගඩු රෝගය වැළැක්වීමට ද පිටුබලයක් ලැබෙනු ඇත.

    ඊට අමතරව මේ ව්‍යාපෘතිය යටතේ අලුත් වැව් 51 ක් හා පාලම් 80 ක් ඉදිවේ. උතුරුමැද අක්කර ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක ගොඩ මඩ ඉඩම් මේ යටතේ යල මහ දෙකම අස්වද්දනු ලැබේ. මෙගා වොට් 21 ක විදුලි බලාගාරයක් ද මේ යටතේ ඉදිකෙරේ.

    මෙම මහ ව්‍යාපෘති දෙකෙන්ම ලක්ෂ 20 කට අධික ජනතාවකට සෙත සැලැසේ.

    දැයට කිරුළ යටතේ ඉහත දිස්ත්‍රික්ක හතර සඳහා පාසල් 300 කට පරිගණක ලබා දී පරිගණක විද්‍යාගාර පිහිටුවීමට සැලසුම් කර ඇත. මෙවර දැයට කිරුළ ප්‍රදර්ශනය අම්පාරේ දී පැවැත්වෙන අතර ඒ සඳහා අම්පාර මුළු නගරයම නවීකරණය කරනු ලැබේ. අලුත්ම නගරයක් ඉදිවෙන මේ ව්‍යාපෘතියට රුපියල් දස ලක්ෂ 2445 ක් වැය වේ. මහඔය - අරලගන්විල මාර්ගය රුපියල් දස ලක්ෂ 2569 කින් අලුතින් කාපට් අතුරා ඉදිකරන අතර, මහඔය උහන අම්පාර මාර්ගය ද රුපියල් දස ලක්ෂ 2323.2 ක වියදමින් නව පාලම් 5 ක් සහිතව සංවර්ධනය කෙරේ. ඇළහැර - ගිරිතලේ හා දෙහිඅත්තකණ්ඩිය - අරලගන්විල මාර්ගය දැයට කිරුළ යටතේ රුපියල් දස ලක්ෂ 3138 ක වියදමින් පුළුල් කර කාපට් අතුරනු ලැබේ.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    polonnaruwa_upfa_meeting.jpg

    ඉතිහාසයේ කුඹුරු ගොඩකර කර්මාන්ත ශාලා හදන්න කියූ උදවිය අද තම දේශපාලන අභිලාෂයන් ඉටු කර ගැනීමට ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගෙන ඇති බව පැවසූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දේශපාලන රැවටිලිකාරයින්ට හසු නොවී සිහිබුද්ධියෙන් කටයුතු කරන්නැයි පොලොන්නරුවේ දී ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.



    බොරු කටකතා පතුරවමින් සහ සමාජය බිය ගන්වමින් තම දේශපාලන නොහැකියාව වසා ගැනීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරන බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා පොරොන්දු ඉටු කළ රජයක් ලෙස තම රජය ජනතාව ඉදිරියට ඒමට කිසිසේත් බිය නොවන බව ද අවධාරණය කළේය.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (03) පොලොන්නරුව, මනම්පිටිය මෛත්‍රී ක්‍රිඩාංගණයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විජයග්‍රාහී ජන රැළියට එක් වෙමිනි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අතිවිශාල ජනතාවක් මීට එක්ව සිටියහ.


    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ නියඟයෙන් පීඩාවට පත් ගොවි ජනතාවට ලබාදිය හැකි සෑම සහනයක් ම රජය ලබා දුන් බවයි.


    අද රටේ සංවර්ධනය එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වී නොමැති බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා කෘෂිකර්මාන්තයෙන් රට සශ්‍රීක වන විට, ජනතාවට හොඳ සෞඛ්‍යයක්, සංවර්ධිත මාර්ග පද්ධතියක් සේම රටේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගුණාත්මක සංවර්ධනයක් ද ඇති වී ඇති බව සිහිපත් කළේය.


    මැතිවරණ පවත්වා ඒ තුළින් ලැඛෙන ජනතා ආශිර්වාදය සමඟ රටේ සංවර්ධන වැඩපිළිවෙළ නව ජවයකින් යුතුව ඉදිරියට ගෙන යන බව ද ජනාධිපතිතුමා මෙහිදි අවධාරණය කර සිටියේ ය.


    මැති ඇමතිවරුන්, පළාත් දේශපාලන නියෝජිතවරු ද මේ ජනහමුවට එක්ව සිටියහ.

    polonnaruwa_upfa_meeting_1.jpg

    polonnaruwa_upfa_meeting_2.jpg
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් එකතු වෙන්න. ත්‍රස්තවාදය ලෝකෙන්ම නැති කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ශක්තියක් වෙමු. එළකිරි අපි හැමෝම රට වෙනුවෙන්.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් එකතු වෙන්න. ත්‍රස්තවාදය ලෝකෙන්ම නැති කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ශක්තියක් වෙමු. එළකිරි අපි හැමෝම රට වෙනුවෙන්.
    mama hithanne elakiriye umba witharay shakthiyak wenne:rolleyes:
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Sorry machan.

    You must spread some Reputation around before giving it to DjSunimal again

    nethan -6 k denna giye
     

    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් එකතු වෙන්න. ත්‍රස්තවාදය ලෝකෙන්ම නැති කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ශක්තියක් වෙමු. එළකිරි අපි හැමෝම රට වෙනුවෙන්.

    :yes:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් එකතු වෙන්න. ත්‍රස්තවාදය ලෝකෙන්ම නැති කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ශක්තියක් වෙමු. එළකිරි අපි හැමෝම රට වෙනුවෙන්.

    ane apinam naha owwata......:angry::angry::angry: