කරු පරණවිතාන පාර්ලිමේන්තුට.......

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    කරු පරණවිතාන මහතා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අද දින කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මියගේ ඉල්ලා අස්වීමෙන් ඇතිවූ මන්ත්‍රීධුරයේ පුරප්පාඩුව පිරවීම සඳහා මැතිවරණ කොමිසම විසින් පරණවිතාන මහතාගේ නම නිර්දේශ කර තිබෙන්නේ රත්නපුර 2019 පැවැත් වූ මහමැතිවරණයේ මනාප ලැයිස්තුවේ ඊළගට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා පරණවිතාන මහතා බැවිනි.
    පරණවිතාන මහතා ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පත්වූයේ 2015 වසරේ පැවැති මහමැතිවරණයෙනි. 2015 දී පිහිටුවනු ලැබූ යහපාලන රජයේ ජනමාධ්‍ය, නිපුනතා සංවර්ධන ,හා පලාත් පාලන අමාත්‍යංශ වල නියෝජ්‍ය අමාත්‍ය ධුර ඒ මහතා විසින් දරන ලදී.
    තොරතුරු දැනගැනීමේ පනත කෙටුම්පත් කර සම්මත කරගැනීම සඳහා පරණවිතාන මහතා විසින් පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන ලදී. වෘත්තීය අධ්‍යාපනය පුලුල් කිරීම උදෙසා නව දියුනූ වෘත්තීය අධ්‍යාපන ආයතන කිහිපයක්ම අධ්‍යාප පද්ධතියට එකතුකිරීමෙහිලාද ඒ මහතා විශේෂ මදිහත්වීමකින් කටයුතු කළේය. ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සමාන උනන්දුවක් දැක්වූ ඒ මහතා 2017 වසරේ ජාත්‍යන්තර තරුණ දිනය වෙනුවෙන් එක්සත් ජාතින්ගේ මුලස්ථානයේ පැවැති සමුළුවේදී වි⁣ශේෂ දේශනයක්ද පැවැත්වීය. එසේම 2018 වසරේ අභ්‍යවකාශතාක්ෂණය පිළිබද ආසියානු අමාත්‍ය සමුළුවේ උප සභාපති වරයා ලෙසද කටයුතු කරන ලදී.
    දේශපාලනයට පැමිණීමට පෙර රාජ්‍ය සේවයේ තනතුරු ගණනාවක්ම ඒ මහතා විසින් දරන ලදී. ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්, ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ, ජාතික රූපවාහිනියේ ප්‍රධාන විධායක නිලධාරී සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරය ඒ අතර ප්‍රධානය. විදේශ රාජ්‍ය තාන්ත්‍රික සේවයේද කටයුතු කළ ඒ මහතා කැනඩාවේ ටොරොන්ටෝහි කොන්සල් ජනරාල්වරයා ලෙස කැපී පෙනෙන මෙහෙවරක් රට වෙනුවෙන් ඉටු කළේය.
    රත්නපුර ලෙල්ලෝපිටිය දිප්පිටිගල මහා විද්‍යාලයෙන් සහ රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලෙන් මුලික අධ්‍යාපනය ලැබු ඒ මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධියද එංගලන්තයේ බ්‍රැඩිෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර දේශපාලනය පිළිබද ශාස්ත්‍රීපති උපාධියද ලබා ඇති අතර මේ වනවිට කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් අධ්‍යාපන පීඨයේ දේශපාලන සමාජ විද්‍යා ක්ෂේත්‍රයට අදාලව තම ආචාර්ය උපාධිය පර්⁣යේෂණ කටයුතු වල නියැලෙමින් සිටී. ඊට අමතරව කැලණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියකුද වේ.
    ශිෂ්‍ය අවධියේදීම දේශපාලනයට ප්‍රවිශ්ඨ ඒ මහතා වසර හතරක් අඛණ්ඩව දිගට කොළඹ විශ්ව.විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය නියෝජනය කළ ජනප්‍රිය ශිෂ්‍ය නායකයකු වු අතර 1994 වර්ෂයේදී කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වරයා විය. ශිෂ්‍ය දේශපාලන කටයුතු වලින් පසු ජනතා මිතුරෝ ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයකු වූඒ මහතා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නායකත්වය දුන් සමයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විධායක සභා සමාජිකයකු විය.2019 මහ මැතිවරණයට සමගි ජන බලවේගය නියෝජනය කරමින් තරග කළ ඒ මහතා මේ වනවිට පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දෙන එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
    ලේඛකයකු, ගත්කතුවරයකු, ජනමාධ්‍ය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සම්පත්දායකයකු ලෙසද කැපී පෙනෙන මාධ්‍ය භුමිකාවක් නියෝජනය කරන්නෙකි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,590
    113
    hDnvJv9.png

    අම්මෝ.... මොන සැපද...?
    සති තුනකට කාර් පර්මිට් එකක් නේ දෙයියනේ...
    රතනප්‍රියටත් ඔය විදියටම පෙර පිං පල දුන්නා...