නිදහස් සැමරුමදා ලන්ඩනයේදී සිංහ ධජය පෙන්ව

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    නිදහස් සැමරුමදා ලන්ඩනයේදී සිංහ ධජය පෙන්ව

    බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා මෙරටට කැදවීමට යුධ හමුදාව පියවර ගෙන තිබේ.

    අද දෙරණ කල විමසීමකට පිලිතුරු දෙමින් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සදහන් කළේ ඔහු අද හෝ හෙට දිවයිනට පැමිණෙනු ඇති බවයි.

    ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පසුගියදා පැවති විරෝධතාවක් අතරතුර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ හැසිරීම පිලිබඳව සමාජ මාධ්‍යවල වීඩියෝවක් පල වී තිබිණි.

    ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත් වීමෙන් ඔහු යලි සේවයේ පිහිටුවිමට පියවර ගනු ලැබිණි.

    අදාළ වීඩියෝව පිලිබඳව යුධ හමුදාව ද නිදහසට කරුණු විමසා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කර තිබිණි.


    කෙසේවෙතත් අදාල බ්‍රිගේඩියර්වරයා යලි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වූ අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ද ඔහුට චෝදනා එල්ල විය.

    ඒ අනුව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා යලි කැදවා අදාළ සිද්ධිය පිලිබඳව කරුණු විමසීමට යුධ හමුදාව තීරණය කර තිබේ.

    මේ සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතාගෙන් විමසීමක් කර තිබේ.


    http://sinhala.adaderana.lk/news/84...න්වූ-බ්‍රිගේඩියර්-ප්‍රියංක-යළි-ලංකාවට-කැඳවයි-
     
    • Like
    Reactions: chalirox