නිදහස් සැමරුමේදී ජනපති ජාතිය අමතන්නේ නැහැලු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මෙවර නිදහස් දින සැමරුම් උළෙලේදී ජනාධිපතිවරයා ජාතිය ඇමතීම සිදු නොකරන බවත්, එදින පස්වරුවේ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත බවත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.නිදහස් දින සැමරුම් උළෙල අභිමානවත්ව මෙන්ම අඩු වියදමකින් පැවැත්වීම සඳහා උළෙල පැය එක හමාරකට සීමා කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත් ඒ හේතුවෙන් ජනාධිපතිවරයා ජාතිය ඇමතීම වෙනම සිදුවන බවත් රාජ්‍ය අමාත්‍ය වරයා සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සමරු උළෙල ‘නමෝ නමෝ මාතා සියවසකට පියවරක්' තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේ දී ඉතා අභිමානවත් අයුරින් පැවැත්වෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය. ප්‍රමිත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

    මෙවර නිදහස් දින සැමරුම ත්‍රිවිධ හමුදාව, පොලීසිය, ජාතික ශිෂ්‍ය භට බළකාය පමණක් සහභාගී වන ආචාර පෙළපාළියකින් සමන්විත අතර, එයට ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා නිලධාරිනියන් 6012කගෙන් සහ සන්නද්ධ රථ 320කින් සමන්විත බව ද රාජ්‍ය ඇමතිවරයා කීවේය. මෙරට 100 වැනි නිදහස් දිනය සැමරෙන 2048 වසර දක්වා වසර 25 ක කාලයක් වෙනුවෙන් නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම ද මෙවර නිදහස් දින සමරු උළෙලෙන් පසු සිදුකරන බව ප්‍රමිත බණ්ඩාර මහතා පැවසීය.නිදහස් දිනයට සමගාමීව පාසල් හා තරුණ ප්‍රජාව ඉලක්ක කරගත් තරගාවලි, නිදහස් චතුරස්‍රයේ දී 3 වැනිදා පස්වරුවේ ‘ලංකාර ලංකා' නමින් සංස්කෘතික උළෙලක්,

    අඩු ආදායම්ලාභී පවුල් මිලියන 10කට සහන සැලසීම, නිවාස අහිමි පවුල්වලට නිවාස ලබා දීම ආදී කටයුතු රැසක් සිදුකිරීමට ද සැලසුම් කර ඇත.
    ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක් ප්‍රියන්ත මහතා මෙහි දී පැවසුවේ නිදහස් දින පෙළපාළිය කොල්ලුපිටිය හන්දිය අසලින් ආරම්භ වන අතර, කොල්ලුපිටිය මංසන්ධියේ සිට ගාලු මුවදොර දක්වා මග දෙපස රැඳී සිටිමින් එය නැරඹීමේ අවස්ථාව ජනතාවට ලැබෙන බවයි. නිදහස් උළෙලේ දී මෙවර ද සිංහල හා දෙමළ බසින් ජාතික ගීය ගායනා කෙරෙන බවත් ඔහු පැවසීය. නිදහස් දින සැමරුම වෙනුවෙන් රුපියල් 1000 සමරු කාසියක් සමඟ මුද්දර 2ක් ද එළි දැක්වීමට කටයුතු යොදා ඇති අතර, ඉන් එකක් නිදහස් සැමරුම් මුද්දරය වන අතර, නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක, නිදහස් ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරු සහ නිදහස් පකිස්තානයේ පළමු අගමැති මොහොමඩ් අලි ජින්නා යන මහත්වරුන්ගේ රූ සහිත අනෙක් මුද්දරය ලබන 3 වැනිදා මහනුවර දී එළිදක්වන බව ද කීවේය.

    උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක, තරුණ කටයුතු සහ තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්‍ෂ රන්දුල අබේවීර යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    හොඳ වැඩක්. රණ විරුවන්ව අව්වෙ කරවෙන්න නොදී ඒ කාලය ඉතිරි කරපු එකට ඔබතුමාට ස්තූතියි
     
    • Haha
    Reactions: SLK_sri

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒ් වුනාට ගිය අවුරුද්දෙ වගේ 'අභිමානවත්' ඒකක් වුනානම් තමා - අපිට සතුටු ...
     
    • Haha
    Reactions: SLK_sri

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,115
    1
    58,464
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩු ආදායම්ලාභී පවුල් මිලියන 10කට සහන සැලසීම
    ☝️ :-D ලංකාවේ ජනගහනයත් මිලියන 24යි නේද? එක පවුලක 3ක් ඉන්නවා කියල ගත්තොත් රනිලා ඉන්දියාවේ දුප්පත් පවුල්වලටත් සහනාධාර දෙන්න යනවද මන්ද!
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මෙරට 100 වැනි නිදහස් දිනය සැමරෙන 2048 වසර දක්වා වසර 25 ක කාලයක් වෙනුවෙන් නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම ද මෙවර නිදහස් දින සමරු උළෙලෙන් පසු
    අවු. 25ක් ගැන හිතලා
     
    • Haha
    Reactions: ElaBaba and SLK_sri

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඒ් වුනාට ගිය අවුරුද්දෙ වගේ 'අභිමානවත්' ඒකක් වුනානම් තමා - අපිට සතුටු ...
    VqYr7TQ.png



    ගිය අවුරුද්දේ ඉන්දන වලට විතරක් බිලියනයයි

    රනිල් කතා නොකරන නිසා මේ පාර වියදම අඩුවෙයි🤭
     
    • Like
    Reactions: ElaBaba