නිදහසේ 70 සමරන්න රැජිනගේ බාලපුතා ලංකාවට
නිදහසේ 70 සමරන්න රැජිනගේ බාලපුතා ලංකාවට
නිදහස් ශ්‍රී ලංකාවේ 70 වන සැමරුම වෙනුවෙන් පැවැත්වෙන සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එඩ්වඩ් කුමාරයා සහ කුමරිය මෙරටට පැමිණීමට නියමිතය. එලිසබෙත් මහරැජිනගේ නියෝජිතයා ලෙස එඩ්වඩ් කුමරු මෙම උත්සවයට සහභාගි වනු ඇත. වෙසෙක්ස් හි අර්ල්වරයා වන එඩ්වඩ් කුමරු දවෛනි එලිසබෙත් රැජිනගේ හා පිලිප් කුමාරයාගේ බාලපුතණුවන්ය.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කළ නිල ආරාධනාවකට අනුව එඩ්වඩ් කුමාරයා හා කුමරිය මෙරටට පැමිණෙන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ජනවාරි මස 31 වන දින මෙරටට පැමිණෙන එඩ්වඩ් කුමාරයා කුමරිය හා දූ දරුවන් පෙබරවාරි 04දා දක්වා මෙරට රැඳී සිටින අතර ජනාධිපති අගමැති ප්‍රමුඛ පක්ෂ නායකයින් රැසක් ද මුණ ගැසීමට නියමිත බවද ස්වදේශ කටයුතු ඇමැතිවරයා සඳහන් කළේය.
ලසන්ත වීරකුලසූරිය