නිදා සිටියදී ඇඳෙන් වැටුනු පුද්ගලයෙකු මිය යයි…

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    යාපනය නගරයේ අවන්හලක සේවය කරන සේවකයෙකු සිය නවාතැන්පලේ කමරයේ නිදා සිටියදී ඇඳෙන් වැටීමෙන් මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පැවසීය.

    කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි සිව්දරු පියෙකු වන නීරාන් සයිදු මොහම්මදු වන අතර ඔහු රැකියාව වශයෙන් යාපනය නගරයේ අවන්හලක සේවය කරමින් සිට ඇත. ඊයේ (18) දින සේවය නිමවී සිය නවතැන්පලට ගිය මෙම පුද්ගලය නිදාගෙන ඇති අතර මැදියම් රැයේදී ඔහු නිදාසිටි ඇඳෙන් බිමට වැටී දැඩි අසාද්‍ය තත්වයේ පසුව තිබේ. කෙසේ වෙතත් අසාද්‍ය තත්වයේ සිටි ඔහු ඔහුගේ මිතුරන් විසින් එම අවස්ථාවේදීම යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත්තද රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිට ඇත.

    ඇඳෙන් වැටීමේදී ඇති වූ හෘදයාබාදයක් හේතුවෙන් මොහු මිය යන්නට ඇතැයි පොලීසිය සැකපල කරන අතර මිය ගිය පුද්ගලයාගේ සිරුර මරණ පරික්ෂණය වෙනුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට ඇතැයිද පරික්ෂණ සිදුකරන යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.