නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන්ම පැහැරගෙ

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    899
    794
    93
    නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන්ම පැහැරගෙ

    නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන්ම පැහැරගෙන විත් වනයේ සඟවාගෙන සිටි අනුරපුර තරුණයාට වැඩ වැරදුණු හැටි!



    සිය පෙමට පිටුපෑම නිසා පෙම්වතියගේ නිවසට ගොස් ඇගේ මවට පිහියක් පෙන්වා බියගන්වා නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන් පැහැරගෙන විත් මිහින්තලය දිවියාබැන්දවැව කැලෑබද ප්‍රදේශයක සඟවාගෙන සිටි පෙම්වතෙකු හා ඔහුගේ මිතුරෙක් මිහින්තලය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    පැහැරගැනීමට ලක්වූ දියණියගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණ වලින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
    ඇයගේ පැමිණිල්ලේ සඳහන් වන පරිදි පසුගිය (10දා) අලුයම තරුණයන් සිව්දෙනකු පැමිණ මෙම පැහැරගෙන යාම සිදුකොට තිබෙනවා.
    පැහැර ගැනීමට ලක්ව ඇත්තේ 17 හැවිරිදි තරුණියක්.
    අත්අඩංගුවට ගත් සැකකාර පෙම්වතා හා තරුණියගේ පෙමට මාස 5ක් ගතවී ඇති බවත්,තරුණියගේ මව්පියන් මෙම සම්බන්ධයට අකමැත්ත පළ කිරීම නිසා තරුණිය මෙම ප්‍රේම සම්බන්ධය නවත්වමු යැයි සැකකාර පෙම්වතාට පවසා ඇත.
    මීට එකඟ නොවූ සැකකාර පෙම්වතා අවස්ථා කිහිපයකදීම තරුණියට විවාහ යෝජනා කර ඇත.
    නමුත් එයට පෙම්වතිය එකඟ නොවීම නිසා කුපිත වූ සැකකාර පෙම්වතා,අනෙක් සැකකරුවන්ද සමගින් පසුගිය 10 වනදා අලුයම 1.30ට පමණ, මුහුණු ආවරණය කරගෙන තරුණියගේ නිවසේ ඉදිරිපස ‍දොර කඩා ඇතුළු වී, පෙම්වතියගේ මවගේ බෙල්ලට පිහියක් තබා, කට වසා මරා දමන බවට බියගන්වා කාමරයේ නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන්ම පැහැරගෙන ගොස් ඇති බවද පොලිසිය පැවැසුවේය.
    පැහැරගත් තරුණිය කැලෑබද ප්‍රදේශයට ගෙනයද්දි ඇගේ බෙල්ලටද පිහියක් තබා සැකකරු විසින් තර්ජනය කර ඇති අතර පිහිය වැදීමෙන් ඇගේ ගෙල කැපී තුවාල සිදුව ඇත.
    තවද සැකකරු විසින් ඇයව බලහත්කාරයෙන් බිම දිගේ ඇදගෙන යාම නිසා උදර අත්පා වලට බරපතළ තුවාල සිදුව ඇති බවත්, ඔහු විසින් තරුණියට කිසිදු ලිංගික අතවරයක් සිදු කර නොමැති බවත් පොලීසිය පවසනවා


    source
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    "කිසිදු ලිංගික අතවරයක් සිදු කර නොමැති බවත් පොලීසිය පවසනවා"
    Seems pure love
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    ඔහු විසින් තරුණියට කිසිදු ලිංගික අතවරයක් සිදු කර නොමැති බවත් පොලීසිය පවසනවා
    :( Hitha hada ganna bari awanka seen ekak wage.. mona unath me tikata nowenna wath mole thibba eka loku deyak :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එෆෙයාර්ස් පටන් ගන්න කලින් ගෙවල් ගැන , ජාති අරවා මේවා තවුසන්ඩ් ටෝල්ක්ස් ගැන හිතලා පටන් ගත්තානම් මෙහෙම වෙන්නේ නෑ නේ.
    ඒ කොල්ලා මොනා උනත් බොක්කෙන් කරන්න ඇති ලව් එක.

     

    mafiya

    Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    "කිසිදු ලිංගික අතවරයක් සිදු කර නොමැති බවත් පොලීසිය පවසනවා" kolla sira love karana ekek sure !
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,452
    1
    17,244
    113
    −273.15°C
    මං හිතුවා ඕක ඔහොම වෙයි කියලා,එකෙක් එලකිරියේ ත්‍රෙඩ් එකකුත් දාලා තිබ්බා කෙල්ලෙක්ව උස්සන්න හෙල්ප් කියලා,පොරවල් ටික ආයුධ අරන් යන කතාවකුත් කිව්වා.දැන් හරිනේ වැඩේ..:lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හ්ම්ම්...උන් දෙන්න ලව් කරලා අකමැති නිසා කෙල්ල අකමැති වෙද්දී ඉස්සුවනම් ඉතින් කොල්ල එහෙමත් වැරදි කියන්න බැහැ..එත් බලෙන් පැහැරගැනීම වැරදියි කෙල්ල අකමැති වෙද්දී...