නිදි නැති රෑ සිත රවටන සිහින ගෙනෙන්නී...
රන් මීවිත තොල් පොපියන රසය මවන්නී...
තරු පිරි අහසට මනරම් සදවත වැන්නී....
මගෙ හිත ගත් සුර කුමරිය ඔබයි රුවැත්තී....
දුක් දොම්නස් ඉදහිට දිවියට පැමිණෙනවා.......
අස්වැස්මක් ලැබ ගන්නට ඔබ හිනැහෙනවා.......
හිරු දුටු පිනි බිදුවක් සේ දුක හැර යනවා.......
සදා උරුම ඔබේ සෙනෙහෙ ලොවක් වටිනවා....
මට මුලු ලොවක් වටිනවා...........!
නිදි නැති රෑ...
හරි ලස්සන හීන ලොවක සිත නැලවෙනවා..........
ඉහ ඉද්දර පවන් සලන් ඇය හිනැහෙනවා..........
රහසින් ගී පදවල් ඉද හිට මුමුනනවා.......
දවසින් දවසට ආදරේ තව වැඩි වෙනවා.......
ආදරෙ තව වැඩි වෙනවා....!
නිදි නැති රෑ........

Last edited:

ස්තූතියි සසා
aiye ? 