නිදි යාමේ හීන ගේනා...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,440
    4,159
    113
    කඩවත
    නිදි යාමේ හීන ගේනා...

    නිදි යාමේ හීන ගේනා...
    අනුරාගී දෑසෙ පානා....
    මනලෝලී ආල රේඛා....
    පෙර වාගේ ආයෙ ඕනා.......

    රෑ අදුරේ දිලිහෙන පුන්සද සේ මා...
    හද අඹරේ එළියට ඔබ පාවී ආවා.....
    පෙර සසරේ සුපුරුදු හැගුමක් දැනුනා..
    හද පතුලේ නොමියෙන ගීතය ගැයුවා....


    ආදරයේ සාගරයේ.. කිමිදී නෑවා ...
    සිත් යායේ මල් වැස්සේ තෙමිලා ආවා....
    පාළු හදේ ශෝක සුසුම් නැති වී ගිය දා...
    රත්තරනේ...ඔබේ හදේ රැදුනා සැමදා....

    නිදි යාමේ හීන ගේනා.....

    සමුගන්නේ.. වෙන්වෙන්නේ.. කෙලෙසද මා දා..
    නෑ ළදුනේ හැරයන්නේ මා නම් කිසිදා.......
    පාරන්නේ හද පෙලනා දුක මගෙ බෝමා.....
    යලි එන්නේ.. කවදාදෝ.. ආදරෙ සොයලා......

    නිදි යාමේ හීන ගේනා.....


    DJ Ice Cool (පැනි කූලා) ගේ මෙලඩියකට ලියන ලද්දකි :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට බන්......
    4.gif
    4.gif
    4.gif

    කූලා නෙතුෂි අක්කිට කි‍යන සින්දුවක්ද මේ......:oo::oo::rofl::rofl: