නින්ජා - Ninja (කවුද මේ නින්ජලා....???)

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    නින්ජා - Ninja (කවුද මේ නින්ජලා....???)

    කවුද මේ නින්ජලා....???

    original.jpg


    බොහෝ පිරිසක් හදුනන්නේ නින්ජා කියන නාමයෙන්. මේ නම අසා නොමැති පුද්ගලයෙකු සොයා ගැනීමට නම් නැති තරම්.

    කොහොම නමුත් අද මම විස්තර කරන්න යන්නේ මේ නින්ජුට්සු ගැනයි. එහෙමත් නැතිනම් නින්ජා වරු ගැනයි.

    ඉතිහාසයෙන්ම පටන් ගමුකො...එහෙනම්

    ක්‍රි.ව. 12 සියවස පමණ වෙනකොට ජපානයේ සිවිල් සමාජය පැහැදිලි ලෙසම ස්තර දෙකකට බෙදුණු වැඩවසම් ආර්ථික රටාවක හිර උනා. ඉතිහාසය ඉගෙන ගත්ත අයට මතක ඇතිනේ. ධනවත් කුලීනයන් සමුරායිවරුන් ලෙසත් හැදින්වුන අතර සාමාන්‍ය ජනතාව ඔවුන්ට යටත්ව දුකසේ ජීවිකාව ගෙන යන්න සිදු වුණා. මේ සමුරායිවරුන් අති දක්ෂ සටන් ශිල්පීයන් වූ අතර අසු පිට නැගී කරන කඩු හරඹ හා වෙනත් සටන් ක්‍රමවල විශාරදත්වයක් ඔවුන් සතුව තිබුණා.

    dims


    මේ සමුරායිවරුන්ගේ පීඩාකාරී පාලනය නොරිස්සු සමහරු ඈත කදුකරයට පලා ගියා. වරින් වර ගම් වැදුණු ඔවුන් සමුරායි වරුන්ගේ වතුපිටි කොල්ලකන්න පටන් ගත්තා. සමුරායිවාරුන්ගේ සටන් ක්‍රම වලට ඔරොත්තු දීමට තරම් ශක්තියක් ඇති නින්ජුට්සු සටන් ක්‍රමයක් ඈත කදුකරයේ සිටි කොල්ලකරුවන් අතර ප්‍රසිද්ධ විය. දවල් කාලයේ සාමාන්‍ය ගම් වැසියන් සේ අහිංසක ජිවිතයක් ගත කර රාත්‍රියට සමුරායිවරුන්ගේ ගෙවල් වලට පැන මංකොල්ල කෑමට නින්ජවරු හුරුවුණා.

    obama-romney-samurai-hairdo_1077x600.jpg


    අවි රහිත හෝ අවි සහිතව සතුරා වෙත කඩා පැන ක්ෂණිකව මරා දැමීමේ තාක්ෂණික ක්‍රම සමුහයක් නින්ජුට්සු සටන් ක්‍රම වල අඩංගු වෙනවා. ක්ෂණිකයෙන් සතුරා මරා දැමීමටත් , කිසිවෙකුට අසු නොවී පලායමටත් මේ ඇති දක්ෂ නින්ජාවරුන්ට හැකියාව ලැබුණි. මේ හේතුව නිසාම කුලියට මිනි මැරිමට පවා නින්ජා වරුන් යොදාගෙන ඇත.

    ninjaparty.jpg


    නින්ජුට්සු ක්‍රමයේ හරය ලෞකික සම්පත් පරිබෝජනය වෙනුවෙන් සකස් වුවකි. මිනිසා සතුව පහත දුර්වලතා ඇතෝත් සටනෙන් පරදින බව නින්ජාවරු විස්වාස කර ඇත.

    • කෝපය

    • අලස බව

    • අනුකම්පා සහගත බව

    • උඩගුකම

    මිනිස් සමාජයේ පැවැත්මට පහත සදහන් කරුණු මුලික වන බවද නින්ජාවරු විශ්වාස කළා.

    • ආත්මආරක්ෂාව

    • කම් සැපත

    • ධනය

    • සතුට

    • ආත්මාභිමානය

    ninja2.jpg


    stormshadow_tech-1.jpg


    කෙසේවෙතත් 20 සියවසේ ඇති වූ පුනරුදයත් සමගම නින්ජාවරුන් ද ඔවුන්ගේ සටන් ක්‍රමද බොහෝ දුරට අතුරුදහන් වුනා. 20 සියවසේ 3 වන කාර්තුව විතර වන විට මුළු ජපානයේම ඉතිරි වූයේ සම්ප්‍රධායික නින්ජුට්සු පාසල් 2ක් පමණි. ඒ පාසල් දෙකත් සන්නද්ධ හමුදා සාමාජිකයන් පුහුණු කිරීමේ කාර්යයට සිමා කරවා තිබේ.

    නින්ජලාගේ ක්‍රියාදාමයන් පෙන්වන චිත්‍රපටිද රාශියක් ඇත.

    Ninja Assassin
    Revenge of the Ninja 1983

    Ninja Assassin 2009
    Enter the Ninja 1981

    American Ninja 1985

    Ninja III: The Domination 1984

    Ninja in the Dragon's Den 1982

    The Octagon 1980

    Pray for Death 1985

    Teenage Mutant Ninja Turtles 1990

    Five Element Ninjas 1982

    Ninja: Shadow of a Tear 2013

    Shinobi: Heart Under Blade 2005

    Ninja Scroll 1993​

    Source : සටන්කලාව.blogspot.com​