නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ

cgrcanz

Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    කපුගේ මචං..

    ආදරය කරන යුවලකගේ අග්‍ර ප්‍රථිපලය වන්නේ ඔවුන්ගේ විවාහයයි. එම විවාහයේ සුන්දරතම අවස්ථව නම් ඔවුන් දෙදෙනා ගත කරන මංගල රත්‍රියයි. එම මංගල රාත්‍රියේදී පෙම්වතියට ඇගේ පිවිතුරු බව සම්බන්ධයෙන් තම පෙම්වතා ඉදිරියේ මුහුණදීමට නොහැකිව පෙම්වතා ඉදිරියේ චපල වීම නිසා කඳුළු මීදුමක වෙලෙමින් සැගවී හඬන්ට සිදුවෙයි. මෙ‍ය පෙම්වතාගේ ප්‍රථම ප්‍රේමය. මෙය ඔහු දන්නා තරමින් දෙදෙනාගේම ප්‍රථම ප්‍රේමය නම්, සැගවී හඬන්නට තරම් වන කාරනාව කිමදැයි ප්‍රශ්න කරනවා. අවසානයේ ඔහුට ‍‍තෙරුම් යනවා ඇය අතින් සිදුවෙලා තියෙන වරද. ඇය අද එම වරද ඉදිරියේ පසුතැවෙන අන්දම. විවහය, ජීවිතයේ නැවත ආරමිභයක්. මෙම සිදුවීම මත ඔවුනොවුන්ගේ ජීවිත අතරමග කඩාකප්පල් නොකර, ගැටලුව සමාජගත නොකර ඇයගේ ජීවිතයත් සමඟ හෙට උදාවන අලුත් ජීවිතය ඉදිරියට ගෙන යන්න ඇයට සමාව දෙමින් ස්වාමිපුරුෂයෙක් ලෙස ඇයව පිළිගන්න සිද්ධියක් මෙම ගීතයට වස්තු විෂය කරගෙන ගීත ර‍චකයා අපූර්ව උපමා රූපක යොදාගනිමින් මෙය නිර්මාණය කර ඇතිබව පෙනි යයි.

    ඔහු ඇයගෙන් අහනවා මේ නොනිදනා රත්‍රියේ සඳක් වන් වුවණ කඳුළු මීදුමෙන් සඟවාගෙන හඬන්න තරම් වන කාරණාව කුමක්ද?. අද අපේ ප්‍රේමයේ මල් ඵල දරපු දවස. මේ එම ප්‍රේමයේ සුන්දරත්වය විදගන්න අවස්ථාවයි. තාරකා වන් ඇස් දිදුලන්න වුවමනා අවස්ථාවේ කදුළුවලින් පිරිලා ඇස්වල දිප්තිය නැතිවෙලා ගිහිල්ලා. කදුළු වරුසාවක් වගුරවල, රෝස පා‍‍ට තොල්පෙති සලිත වෙලා. තමන්ගේ වැරැද්ද ගැන පසු තැවෙමින් පසුවෙන ආකාරය ගීත රචකයා මනාව ස්වභාධර්මයේ සිදුවන සිද්ධින්, අලංකරණ ලෙස යොදා ගනිමින්, මු‍හුණ සඳටත්, ඇස් තරුකැට වලටත්, දෙතොල් රෝස මල් පෙති වලටත් රූපක අලංකරණය යොදාගෙන මෙම අවස්ථා අපුර්ව ලෙස ප්‍රකාශනය කර තිබේ.

    “නින්ද නැති ‍රැයේ සඳ කඳුලු මීදුමේ...
    හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ...
    තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ...
    වැහි බිංදු වැටේවී රෝ
    අඩෙ මම හිතන් හිටියෙසම්පූර්න වෙනස් විදිහට නෙ බලන් ගියාම.. මම හිතුවෙ කෙල්ලගෙ වෙඩිමට කලින් මීට් උන අන්තිම දවසෙ කියන සින්දුවක් කියලා
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    මට හිතෙන දේ මේක මානසික හැගීමක් පසුතැවීමක් පිරිමියෙක් ගනිකාවක් එක්ක යහන් ගත වීම සහ පසුතැවීමක් වගේ දෙයක්

    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා අඬන්නෙ ඇයි ද ප්රථම ප්රේමයේ
    තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ

    ගැහැනියක් එක්ක ජීව්තේ පලවෙනි වතාවට නිදාගන්න පිරිමියෙක් අසම්මත සිදුවීමක් හිතට එකග නෑ මිනිහත් ආසාවට කරන්න ආවට ගැහැනිය දැක්කම හිතෙනවා මිනිහට ප්‍රතම ප්‍රේමය හම්බුනා කියලා. ඒක ආදරයක්ම නෙවේ ගැනියක් එක්ක ඉදලා නැතුව ආශ්‍රයක් ආදරයක් හම්බෙලා නැති පිරිමි කෙනෙක්ට දැනෙන ගැහීමක් වෙන්න පුලුවන්.

    තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ

    දෙන්නා රෑ එකතු වෙනවා වැහි බිංදු වැටෙනවා ඒ ඇස් වල කදුලු ගැහැනියගේ ඇයි එයා ගනිකාවක් ඒකෙ සතුට විදින්නෙ පිරිමියා ගැහැනියට ඒක වේදනවක් ගේනවා.

    කිළිපොළා සැලී යමින් නොහිම් සීතලේ
    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදි වී යා යුතුව තිබේ

    පිරිමියාගෙ ජීවිතෙ පලමු ගැහැනියක් එක්ක එක්වීම ඇග කිලිපොලා යනවා හැගීම් එනවා සීතලයි රෑ සොබා දහමත් පරිසරයත් ඒකට උල් පන්දම් දෙනවා හදත් පායලා

    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ මම මේ කාන්තාව එක්ක නිදාගන්න එකම රෑ මේක ආයි නෑ අද විතරයි

    රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
    රැය ගෙවිලා යනවා මේක නෙමෙයි උබටත් මටත් උරුම ජීවිතය මේක අද විතරයි

    ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
    යන්න අවසරයි දැන් උදෙ වෙලා මෙහම හැමදාම ඉන්න අවසර නෑ

    කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
    මලක් නැති ගසක් වැඩක් නෑ මේ ගැහැනියගේ ජීවිතේ කටු මෙයා ගනිකාවක් අසම්මත කියලා දැන දැන හිතට එකග නැතුව පිරිමි කනා කරන දෙයින් එයත් අන්තිමට කම්පා වෙනවා මලක් නැති ගහක් කෙල්ලේ මට මගේ කරගන්න බෑ ඔයාව සමාජය වපර ඇහෙන් බලයි

    සිඹිමි එක ම හාදුවයි සොඳුර ඒ මගේ
    එකම එක හාදුවයි ආයි හම්බෙන්නෑ මගේ කරගන්න හිතුනට මට ඒක කරන්න බෑ ඔයා මලක් නැති ගසක් කටුකයි ඔයාගේ ජීවිතය
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කපුගේ මචං..

    ආදරය කරන යුවලකගේ අග්‍ර ප්‍රථිපලය වන්නේ ඔවුන්ගේ විවාහයයි. එම විවාහයේ සුන්දරතම අවස්ථව නම් ඔවුන් දෙදෙනා ගත කරන මංගල රත්‍රියයි. එම මංගල රාත්‍රියේදී පෙම්වතියට ඇගේ පිවිතුරු බව සම්බන්ධයෙන් තම පෙම්වතා ඉදිරියේ මුහුණදීමට නොහැකිව පෙම්වතා ඉදිරියේ චපල වීම නිසා කඳුළු මීදුමක වෙලෙමින් සැගවී හඬන්ට සිදුවෙයි. මෙ‍ය පෙම්වතාගේ ප්‍රථම ප්‍රේමය. මෙය ඔහු දන්නා තරමින් දෙදෙනාගේම ප්‍රථම ප්‍රේමය නම්, සැගවී හඬන්නට තරම් වන කාරනාව කිමදැයි ප්‍රශ්න කරනවා. අවසානයේ ඔහුට ‍‍තෙරුම් යනවා ඇය අතින් සිදුවෙලා තියෙන වරද. ඇය අද එම වරද ඉදිරියේ පසුතැවෙන අන්දම. විවහය, ජීවිතයේ නැවත ආරමිභයක්. මෙම සිදුවීම මත ඔවුනොවුන්ගේ ජීවිත අතරමග කඩාකප්පල් නොකර, ගැටලුව සමාජගත නොකර ඇයගේ ජීවිතයත් සමඟ හෙට උදාවන අලුත් ජීවිතය ඉදිරියට ගෙන යන්න ඇයට සමාව දෙමින් ස්වාමිපුරුෂයෙක් ලෙස ඇයව පිළිගන්න සිද්ධියක් මෙම ගීතයට වස්තු විෂය කරගෙන ගීත ර‍චකයා අපූර්ව උපමා රූපක යොදාගනිමින් මෙය නිර්මාණය කර ඇතිබව පෙනි යයි.

    ඔහු ඇයගෙන් අහනවා මේ නොනිදනා රත්‍රියේ සඳක් වන් වුවණ කඳුළු මීදුමෙන් සඟවාගෙන හඬන්න තරම් වන කාරණාව කුමක්ද?. අද අපේ ප්‍රේමයේ මල් ඵල දරපු දවස. මේ එම ප්‍රේමයේ සුන්දරත්වය විදගන්න අවස්ථාවයි. තාරකා වන් ඇස් දිදුලන්න වුවමනා අවස්ථාවේ කදුළුවලින් පිරිලා ඇස්වල දිප්තිය නැතිවෙලා ගිහිල්ලා. කදුළු වරුසාවක් වගුරවල, රෝස පා‍‍ට තොල්පෙති සලිත වෙලා. තමන්ගේ වැරැද්ද ගැන පසු තැවෙමින් පසුවෙන ආකාරය ගීත රචකයා මනාව ස්වභාධර්මයේ සිදුවන සිද්ධින්, අලංකරණ ලෙස යොදා ගනිමින්, මු‍හුණ සඳටත්, ඇස් තරුකැට වලටත්, දෙතොල් රෝස මල් පෙති වලටත් රූපක අලංකරණය යොදාගෙන මෙම අවස්ථා අපුර්ව ලෙස ප්‍රකාශනය කර තිබේ.

    “නින්ද නැති ‍රැයේ සඳ කඳුලු මීදුමේ...
    හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ...
    තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ...
    වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ...”

    ඔව් ඔබ අතින් වරදක් වුණා. නමුත් මේ ඇරඹු ජීවිතය අතරමඟ නවතා දැමිය යුතු නොවේ. මෙම තත්වය ගැටලුවක් කරගෙන, මුළු මහත් සමාජය ඉදිරියේ ලැජ්ජාව‍ට පත්නොවී ඒ සියල්ල අමතක කර අලුත් ජීවිතයක් අරම්භ කරන්න පටන්ගමු. මන්ද මුළු මහත් සමාජයක් ඉදිරියේ පටන්ගත් මේ ජීවිතය සිහිනයක් නොවේ, එක රැයකින් අවසන් කර දැමිමට තරම්. හෙට සිට අපි අලුත් ජීවිතයක් අරභමු. මම ඔබට ආදරය කරනවා. ඔබ මගේ පෙම්වතිය. අද ඔබ මගේ බිරිද. මට ඒ අඳුරු අතීතය අමතක කර ඔබ මගේ කරගන්න පුළුවන්. මේ සීතලෙන් කිළිපොලා යන රාත්‍රියේ ඔබ මගේ කරගෙන ඔබ උණුසුමේ දෙනෙත් පියාගෙන ඔබත් සමඟ ඉදිරි ජීවිතය විදින්න සුදානම්.

    “කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ
    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදි වී යායුතුව තිබේ...”

    මේ රාත්‍රියේ දැන් ගෙවී යන්න ලඟයි. සඳත් නිවි යන්න ලඟයි. උදාවන්නේ අලුත් දවසක් අපේ අලුත් ජීවිතයට. අපිට දුර ගමනක් යන්න තියෙනවා. අතිත සියල්ල මේ ගෙවී යන රාත්‍රියත් සමඟ ‍අමතක කර දමමු. මම ප්‍රේමය නැමැති වෘක්ෂය තුළ පැතු පිවිතුර බවේ පියුම ඔ‍බෙන් ලද නොහැකි වුවත් ඒ කටුක බවට හාදුවක් තියා ඔබ සැමදාටම මගේ කරගන්න අවසරයි කුමරිය. මන්ද ඒ නුඹ, අද ‍මම පෙම්කරන මගේ සොඳුරියයි.

    “රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
    ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
    කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
    සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...”

    මේ ආකාරයට ගීතය ශ්‍රවනය කිරීමේදී අරුත් කීපයකින් ගීතය විදිය හැකි අකාරයට ව්‍යංගාර්ථ යොදාගත් සරල ධ්වනිපූර්ව භාෂාවකින් මෙම ගෙය පද අමුණා ඇති බව පෙනේ.

    මෙම ගීතය පුරාවට මුඛ්‍ය රසය කියන දෙය එක රසයකට සීමා නොවී තිබීමත් මෙහි වූ තවත් අපූර්වත්වයකි. එක අවස්ථාවක සතුටත් තව අවස්ථවක සෙනෙහසත්, දුකත් යන ආකාරයට ශෘංගාර රසයත්, වාත්සල රසයත්, කරුණ රසයත් යන රසයන් ඉස්මතු වෙයි. එනම් ස්ථායිභාවය දෝලනය විමක් මෙහි දක්නට ලැබේ. එය ගීතයේ අපුර්වත්වයට ඉවහල්වී ඇති බවක් හැගේ.

    මේ ආකාරයට විවිධ රස ඇති කරන්නත්, උපමා රූපක අලංකරණ යොදා ගෙන ගීතයේ අරුත තව තවත් මුදුන්පත් කරන්නත්, රළු නොවන සෞම්‍ය මෘදු මැදි අක්ෂර භාවිතයකින්, හොඳ අක්ෂර ‍ඖචිත්‍ය යුත් භාෂාවක් මීට යොදාගෙන ඇති බවත් මෙම ගීතයේ පද නිරීක්ෂණය තුළින් පෙනීයයි.

    මෙම ගීතය ඔපවත් කරන්න යොදාගත් භාෂාවේ දැකිය හැකි තවත් ලක්ෂණයක් වන්නේ මෙහි පැහැදිලිව පෙනෙන අලංකරණ භාවිතයයි. ගීතයක්, කවියක් නිර්මාණයේදී එම ශාස්ත්‍රය තුළ තිබෙන මෙවලමක් ලෙස අලංකරණ භාවිතය අපට කව්‍ය සාහිත්‍ය තුළ දැකිය හැකිය. මෙම ගීතයටද රචකයා මෙකී මෙවලම හොඳින් යොදාගෙන ඇති බවක් ගීතය විදීමේදී අපට හැගේ.

    “තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ...”
    “වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ...”

    මෙය අපූර්ව අයුරින් ස්වභාවොක්ති අලංකරණයෙන් ගෙන හැර දක්වා ඇත. එනම් යම් සිදුවීමක් ස්වභාධර්මයේ සිදුවන දෙයකට ආරෝපනය කර දක්වා පෙන්වීමක්ය. එනම් ඇස් කදුළුවලින් පිරිලා ඇස්වල දීප්තිය නැතිවී ගොස් ඇති අයුරු මෙම අලංකරණය භාවිතයෙන් දක්වා ඇත. කඳුළු වැටිලා දෙකොපුල්, දෙතොල් මලානික වෙලා ඇති අකාරය මෙම අලංකරණය භාවිතයෙන් මනාව පෙන්වාදී ඇති අයුරු දැක ගත හැක.

    තවත් තැනක උපහාස රසයද ඉස්මතු කරමින් වක්‍රෝක්ති අලංකරණයද යොදාගෙන ඇති බවක් දැකිය හැක. වක්‍රව කරන උපහාසයක් සඳහා කව්‍ය තුළ වක්‍රෝක්ති අලංකරණය යොදා ගනියි.

    “කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ...”
    “හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ...”

    යන්නයන්හි මෙම අලංකරණය දැකිය හැකිවෙයි. එනම් කවියා මෙහි වු පෙම්වතියගේ පිවිතුරු බව ගසක පිපෙන මලකට සමන කරයි. අද එම පෙම්වතියගේ ප්‍රේමය නැමැති වෘක්ෂයේ පුෂ්පය නැමැති පිවිතුරු බව ගිලිහි ගොස් ඇත. ඔහු එයින් අත්විදින්නේ නීරස කටුක බවකි. එය කවියා වෘක්ෂයක කටුවලට සමාන කොට දක්වයි. මෙම තත්වය උපහාසාත්මකව කවියා ඉදිරිපත් කරන්නට වක්‍රෝක්ති අලංකරණය යොද‍ගෙන ඇති බව පෙනී යයි. එසේම මෙය ඔබෙත් මගෙත් ප්‍රථම ප්‍රේමය නම් අඬන්න තරම් ඇති කාරණාව කුමක්ද? යන්නෙන් ප්‍රශ්න කිරීමක් ද දැකිය හැක. එයද උපහාසයෙන් අසන්නකි.

    එසේම “රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ...” යන්නෙහි “සඳ නිවේ” යන්නෙහි උත්ප්‍රේක්ෂා අලංකරණය දැකිය හැක. එනම් ස්වභාවයෙන් සිඳුවන දෙයක් අන්‍යාකාරයකින් වර්ණනාකර දැක්වීමක් මෙහි දැකිය හැක.

    මේ ආකාරයට අලංකරණ භාවිතයෙන් ගීතයේ භාෂාව නිර්මාණාත්මකව යොදාගෙන ඇති අයුරු මොනවට පැහැදිලි වේ.

    ගීතයක්, කවියක් සහෘදයෙක් විසින් රස විදිනු ලබන්නේ ශ්‍රවනය තුළින්ය. එහිදී ඒ ඒ සහෘදයාට ආවේණික වු සංකල්ප රූප මැවීම අත්‍යයන්යෙන් සිදුවන්නකි. එය ඒ ඒ පුද්ගලයාට ආවේණික ගීතයට මවා ගත් රූප රචනයයි (අද මාධ්‍යය මගින් අපට බලෙන් බලන්නට පටවා ඇති ගීතයේ visual එක කියන්නේ එයයි). අද ගීතයකට අත්‍යවශ්‍ය අංගයක් කර ඇති visual එක නිසා ගීතයක් ඇසීමෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට ආවේණිකව විදින්නාවු සංකල්ප රූප මැවීමේ අයිතිය සහෘදයාගෙන් උදුරාගෙන ඇත. ඒ නිසා තමාටම අවේණික වු ලෝකය නිර්මාණය කරගනිමින් ගීතය ඇසීමෙන් තම භාව මණ්ඩලව පුබුදු කර ගැනීම, ඥාන මණ්ඩලව පුළුල් කර ගැනීම යන්න සිදු නොවෙනු ඇත. එයින් නව පරිකල්පනයකට සහෘදයාට යන්න තිබෙන ඉඩ හසර අවහිරකර ඇත. ඉන් සිදුවන්නේ නව නිර්මාණ බිහිවීම, අරුත්පුන් නව නිර්මාණ කාර මිනිස් මනස යොමුවීම සීමා කිරීමයි. එසේ වීමෙන් භාෂාවක්, සංස්කෘතියක්, දියුණුවීම මන්දගාමී වනු ඇත. ඉන් දියුණු ශිෂ්ටචාර බිහිනොවෙනු ඇත. රටක, ජාතියක, භාෂාවක් දියුණු වන්නේ භාෂාව යොදාගෙන සිදු කරණ නිර්මාණ තුළින්ය. එනිසා නිර්මාණයක් බිහිකිරීමට යොදා ගන්නා භාෂාව නිර්මාණ‍යේ සාර්ථකත්වයට නිතැතින්ම බලපායි.

    ඒ අනුව යට කී නිර්මාණය තුළ සරළ ධ්වනිපූර්ව භාෂාවක් යොදාගැනීම නිසා එහි සංකල්පරූප මැවීමේ මනාව සිදුවේ.

    “නින්ද නැති ‍රැයේ සඳ කඳුලු මීදුමේ...” දෘෂ්ඨි ගෝචර සංකල්ප රූපත්
    “කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ...”

    ස්පර්ෂ ගෝචර සංකල්ප රූපත් යන සංකල්ප රූප මැවෙනු දැකිය හැක.

    ගීතයක් නර්මාණය කිරීමේදී භාෂාව එයට අත්‍යන්තයෙන් බලපානව වගේම ගීතයකට රිද්මයද අත්‍යවශ්‍යම වේ. මන්ද ගීතයක් නම් එය ගායනා කිරීමට හැකිවිය යුතුයි. ගායනා කිරීමට නම් එයට රිද්මයක්, තාලයක් තිබිය යුතුය. යොදා ගන්නා රිද්මය තුළින් ගීතයේ අරුත තව තවත් තිව්‍ර වන්නේය. මෙම ගීතයට ද විලම්භ ලයෙන් ගායනා කරණ රිද්මයක් දැකිය හැක. එනම් මෙහි දීර්ඝ ස්වර බහුලව යෙදී ඇති තැන් දැකිය හැක. ඒ වගේම යොදා ගෙන ඇති සංගීත භාණ්ඩ ගීතයේ ඒ ඒ අවස්ථාවන්හීදී ගායකයාගේ හඬත් සමඟ ඒකාත්මිකව ගාලායාම මෙහි පැහැදිලාව දැකිය හැක. එනම් ගායන ස්වරය සංගීත ස්වරය ඉක්මවීමවත්, සංගීත ස්වරය, ගායන ස්වරය ඉක්මවීමවත් දැකිය නොහැකිය. එයද මෙම ගීතයේ සාර්ථකත්වයට තුඩු දී ඇති බව පෙනේ. ඒ වගේම ගායකයාගේ සුමධුර සුගායනය මෙම ගීතය සහෘද හදවත් වල ලැගුම් ගැනීමට ඉවහල් වී ඇති අයුරු අමුතුවෙන් කිවයුතු නොවේ.

    ඒ වගේම කලා නිර්මාණයක් ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාවෙන් අවසන් විය යුතුවේ. එනම් කෘතියක් රස විදිනවා වගේම එයින් සහෘදයා ලබන පරිකල්පනයක්ද තිබිය යුතුය.නිර්මාණ කරුවෙක් තම චිත්ත සන්තානයේ ඇතිවන්නාවූ වස්තු විෂය නිර්මාණයක් ආකාරයට ලෝකයට ඉදිරිපත් කරන්නේ එයින් අනෙකුත් සහෘදයින්ට සමාජයේ ඇතිවන සිදුවීම් ගැන යම් පරිකල්පනයක් ලබාගැනීමටය. මෙම නිර්මණය තුළින්ද අපට යම් පරිකල්පනයක් ලබා දෙයි. එනම් අප ජීවිතය ජිවත් කිරීමේදී අපට එරෙහි වන, අපට බලපාන බාධක බලවේගයන් මොනවද යන්නත් එයට මිනිසුන් මුහුණදෙන ආකාරයත් පිළිබඳ සිතන්නට යමක් ලබාදීමය. මෙම නිර්මාණය සිටින්නාවූ විවාහක යුවලගේ මංගල රාත්‍රියේදී එක් පුද්ලයෙකුගේ චපලත්වය හමුවේ විදින්න වන කටුක බවත් එම තත්වය පෙම්වතා විසින් බුද්ධිමත්ව කල්පනා කර දෙදෙනාගේම ඉදිරි ජීවිතය විනාශයට පත්වන්න ඉඩ නොදී විවාහයේ අරුථ සපුරාලන්නට දෙදෙනා එක්ව ජීවිතය ගත කරන්න තීරණය කිරීමට පෙම්වතාගේ සිත හදා ගැනීම යන්න,

    “රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ…
    ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ….” යන්නෙන් ගම්‍ය වේ.

    එනම් ජීවිතය ජීවත් කිරීමේදී මූණ දෙන බාධක බලවේග පුළුල්ව සිතීමෙන් යම් විසදුමකට එළඹිම යන පරිකල්පනීය සිතුවිල්ලට සහෘදයා යොමු කිරීමක් දැකිය හැකිවීමයි. කලා නිර්මාණයක් විසදුම්, යොජනා, නිගමන නොසපයයි. එය බාරව ඇත්තේ සහෘදයාටය. එය සහෘදයා ලබන පරිකල්පනයයි.

    මේ ආකාරයට යම් සිද්ධියක් වස්තු විෂය කරගෙන සිදුකර ඇති මෙම ගීතය සහෘදයාට හොඳ පරිකල්පනයකුත් ලබා දෙමින්, ගීතයේ පද රචනය, සංගීතය හා ගායනය යන ත්‍රය සාර්ථකව යොදා ගනිමින් හොඳ නිර්මාණයක් සහෘදයන්ට දයාද කර ඇති බව කිව හැකිය.
    ------ Post added on May 13, 2021 at 3:47 PM
    සින්දුවටත් මම ගොඩක් ආසයි.තේරුමත් නියමයි.ඒත් අහින්සක කොල්ලෙක්ව ඒකි අන්දවලා කියලා හිතෙන්නෙ මට විතර ද... (y) (y)
     
    • Like
    Reactions: windows_ubuntu

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී

    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී

    ඔබ සිත මා සිත හමු වූ දා සිට මා ළය පීදී පරවූ පෙම් මල

    ඔබ සිත මා සිත හමු වූ දා සිට මා ළය පීදී පරවූ පෙම් මල සිතින් තුරුළු කර මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී

    මගෙ ළඟ තනියට ඉනු මැනවී ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී

    කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කල සැටි කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කල සැටි සිතින් දරාගෙන මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී...

    My favourite 🥺🥺🥺
    සෑහෙන්න ආස සින්දුවක්...:love::love:

    මට හිතෙන දේ මේක මානසික හැගීමක් පසුතැවීමක් පිරිමියෙක් ගනිකාවක් එක්ක යහන් ගත වීම සහ පසුතැවීමක් වගේ දෙයක්

    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා අඬන්නෙ ඇයි ද ප්රථම ප්රේමයේ
    තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ

    ගැහැනියක් එක්ක ජීව්තේ පලවෙනි වතාවට නිදාගන්න පිරිමියෙක් අසම්මත සිදුවීමක් හිතට එකග නෑ මිනිහත් ආසාවට කරන්න ආවට ගැහැනිය දැක්කම හිතෙනවා මිනිහට ප්‍රතම ප්‍රේමය හම්බුනා කියලා. ඒක ආදරයක්ම නෙවේ ගැනියක් එක්ක ඉදලා නැතුව ආශ්‍රයක් ආදරයක් හම්බෙලා නැති පිරිමි කෙනෙක්ට දැනෙන ගැහීමක් වෙන්න පුලුවන්.

    තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ

    දෙන්නා රෑ එකතු වෙනවා වැහි බිංදු වැටෙනවා ඒ ඇස් වල කදුලු ගැහැනියගේ ඇයි එයා ගනිකාවක් ඒකෙ සතුට විදින්නෙ පිරිමියා ගැහැනියට ඒක වේදනවක් ගේනවා.

    කිළිපොළා සැලී යමින් නොහිම් සීතලේ
    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදි වී යා යුතුව තිබේ

    පිරිමියාගෙ ජීවිතෙ පලමු ගැහැනියක් එක්ක එක්වීම ඇග කිලිපොලා යනවා හැගීම් එනවා සීතලයි රෑ සොබා දහමත් පරිසරයත් ඒකට උල් පන්දම් දෙනවා හදත් පායලා

    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ මම මේ කාන්තාව එක්ක නිදාගන්න එකම රෑ මේක ආයි නෑ අද විතරයි

    රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
    රැය ගෙවිලා යනවා මේක නෙමෙයි උබටත් මටත් උරුම ජීවිතය මේක අද විතරයි

    ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
    යන්න අවසරයි දැන් උදෙ වෙලා මෙහම හැමදාම ඉන්න අවසර නෑ

    කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
    මලක් නැති ගසක් වැඩක් නෑ මේ ගැහැනියගේ ජීවිතේ කටු මෙයා ගනිකාවක් අසම්මත කියලා දැන දැන හිතට එකග නැතුව පිරිමි කනා කරන දෙයින් එයත් අන්තිමට කම්පා වෙනවා මලක් නැති ගහක් කෙල්ලේ මට මගේ කරගන්න බෑ ඔයාව සමාජය වපර ඇහෙන් බලයි

    සිඹිමි එක ම හාදුවයි සොඳුර ඒ මගේ
    එකම එක හාදුවයි ආයි හම්බෙන්නෑ මගේ කරගන්න හිතුනට මට ඒක කරන්න බෑ ඔයා මලක් නැති ගසක් කටුකයි ඔයාගේ ජීවිතය
    මමත් මුලින් හිතාගෙන හිටියෙ මෙහෙම..(y)(y)
    ------ Post added on Jun 2, 2021 at 9:50 AM
     
    • Like
    Reactions: Tharusha_peiris