Meaning of da song - ninda nahti raye

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,814
    3,848
    113
    Delaware
    මේක රෙපොස්ට් වෙනඩ ඇති ඒ උනාට දැනගෙන හිටියේ නැති අයට බලන්ඩ දාන්නේ.
    මේක ගත්තේ "ගීතයක වතගොත" කියන බ්ලොග් ඒකෙන්, සම්පුර්ණ ගෞරවය යන්ඩ ඕන ඒ බ්ලොග් එකට සහ එක පොස්ට් කරපු Harsha N Yapa ට.



    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා අඩන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තරුකා දියේ ගිලේ නිල් එලිය නිවේ
    වැහි බින්දු වැටේවී රෝස පෙති කඩා හැලී


    සැබෑ ජීවිතයේදි එකතු වෙන්න බැරි පෙම්වතුන් දෙදෙනෙක් රාත්‍රී යහනේ සිහිනෙන් හෝ එකතු වෙන්නට වෙර දරන ආකාරය කියවේ.
    මේ දෙදෙනා එකතු වීමට තිබුණු සියලු බලාපොරොත්තු අද සුන් වෙලා ගිහින්. රාත්‍රී අහසේ සඳත් නැහැ, අඩුම තරමින් තාරුකා වත් අහසේ දකින්නට නැහැ.
    තරුකාවන් කඳුළු ගංගාවේ ගිලි ඒවගේ එළියත් නිවී ගිහින්. වැහි බින්දු වැටි රෝස පෙති කඩා හැලී, ඔවුන්ගේ ආදරය රෝස මලක් නම්, වැහි බින්දු වැටුනම රෝස මලේ පෙති ගැලවිලා බිමට වැටෙනවා වගේ, සමාජයෙන් මේ ආදරයට උණු බදාවන් නිසා ඒ ආදරයේ පැවැත්ම නැති වෙලා ගිහින්.




    කිලි පොලා සැලී යමින් නොහිම් සීතලේ
    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදිවී යා යුතුව තිබේ


    රාත්‍රී යහනේ, පෙම්වතා/පෙම්වති ගැන සිහි කරමින් සිහින මවන විට, ඒ සීතල දැනෙන්නේ නැහැ. පියවි සිහියට අපු සැනින් රාත්‍රියේ ඒ මුසල සීතල දැනෙන්නේ ගන්නවා. එවිට තදින් ඇස වසාගෙන පෙම්වතා/පෙම්වති ගැන සිහි කරමින්, ඔහුට තුරුළු වෙනවා සිහිනෙන්. නමුත් මේ සියල්ල සිහිනයක් පමනය්. සිහිනයෙන් හෝ මේ ප්‍රේමවන්තයන් දෙදෙනා එකතු වෙනවා. නමුත් දෙදෙනාම දන්නවා මේ දකින්නේ කවමදක වත් සබැ නොවන සිහිනයක් බව.
    මේ සුන්දර සිහිනයට හෙට උදේම සමු දෙන්නට වන්නේ ඒ නිසයි.




    රැය ගෙවෙ සදත් නිවවේ දුරයි ජීවිතේ
    ඉතින් අවසරය් මගේ පුංචි කුමරියේ
    කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
    සිබිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ.


    මේ විදිහට දෙදෙනා නිදි නැතිව රැය පහන් කරනවා. හිරු පායන්නට තව තියෙන්නේ සුවල්ප වෙලාවක්.රැය ගෙවී ගිහින්. සදත් බස ගිහින්. ඉතින් අවසරය් මගේ පුංචි කුමරියේ. දැන් ඒ සුන්දර සිහිනයට සමු දෙන්නට වෙලාව ඇවිත්.

    ඒ සිහිනය කිසිදා සබැ නොවේ, ඒ සිහිනය සිතේ දරාගෙන ජීවත් වීමත් අපහසුයි. මලක් නැති ගසේ, කියල කියන්නේ සිහිනය සබැ නොවන බව දක්වීමටයි.
    නමුත් යථාර්තය පසෙකින් තබා ඒ සිහිනයට ඔවුන් ආදරේ කරනවා. යථාර්තය පිළිගනිම කටු වගේ. නමුත් සිහිනයක් පමනය් කියා දන දැනම ඒ කටුවලට දෙතොල් තිය හාදුවක් දෙනවා. මේ ප්‍රථම ප්‍රේමය ඔවුන්ට කවදාවත් අමතක කරන්න බ. කටු කියා එවත දමන්න




    මේ සින්දුවට වෙන තේරුම් දාලා තියනවා මම දැකලා තියනව ඒ උනාට මේ තේරුම ගොඩක් ගැලපෙනවා මට හිතෙන හැටියට එකයි දැම්මේ

    හෙඩින් එක යුනිකෝඩ් දාන්ඩ ගිහින් අවුලක් ගියා එකයි රෙපොස්ට් කරේ ;)