දූපත්-පති සුදු ලූණු පොඩි කරද්දී මෘග චෞර මැදමූලන මරා නාම යෝජනා අත්සන් කරයි
(ලංකා ඊ නිව්ස් -2015.ජුලි.08, ප.ව.11.30) තමන්ට ඡන්දය දුන් ජනතාවට ද්‍රෝහී වූ දූපත්-පති මෛත්‍රීපාල සිරිසේන තව දුරටත් ජනතාවට සුදු ලූණු පොඩි කරද්දී මෘග චෞර මැදමූලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයෙක් ලෙස අද දහවල් සිය නාම යෝජනා පත්‍රයට අත්සන් කර තිබේ.
මහින්ද රාජපක්ෂට සුබ නැකතක් වූ අද දහවල් 2.38 ට නාම යෝජනා පත්‍රයට අත්සන් තැබූ බව හිටපු අමාත්‍ය සී.බී රත්නායක විසින් ලංකා ඊ නිව්ස් වෙත තහවුරු කෙළේය.
මේ අතර දූපත්-පති මෛත්‍රීපාල සිරිසේන විසින් අද රාත්‍රී 8.30 ට සිවිල් සංවිධාන නායකයන් හමුවූ අතර එහිදී මහින්ද රාජපක්ෂ අද දහවල් නාම යෝජනා අත්සන් කළ බව සඟවා කතා කිරීමට තරම් දෙපිටකාට්ටුවෙක් විය. මෛත්‍රී අද දහවල් ශ්‍රීලනිපයේ රාජපක්ෂ විරෝධී අයට කියා සිටියේ මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ දෙදෙනාටම ඡන්දය ඉල්ලීමට දෙන්නේ හම්බන්තොටින් බවයි. එයද බොරුවකි.
---------------------------
ඉස්සුවෙනම් ඉතින් මෙතනින් LEN



