අපි මේ සන්ධානය හැදුවේ පවුලක් රකින්ඩ, කුමාරයෙක් රකින්ඩ නෙවෙයි...


ලංකා දේශපාලනයේ තියෙන පවුල් දේශපාලන පිළිලය අවසන් කළ යුතුමයි...


පවුල් දේශපාලනය තුළින් ශ්‍රීලංකාවේ ආර්ථිකයට වෙච්ච හානිය,
ශ්‍රී ලංකා දේශපාලන ව්‍යාපාරයට වෙච්ච හානිය කියලා නිම කරන්නට බෑ....



අද පෝස්ටර් ගහනව ආදරණීය අහවලා කියල...


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙරට ආර්ථික හා දේශපාලන දේහයට පීඩාවක් බවට පත්ව ඇති පවුල් දේශපාලනය මෙරටින් තුරන් කළ යුතු බව පැවසීය.
පියාගෙන් පුතාට, පුතාගෙන් මුනුබුරාට දේශපාලනය යන පවුල් ක්‍රමවේදය අවසන් කළයුතු බවත් ඇමැතිවරයා අවධාරණය කළේය. (දිනමිණ)