නියඟයක් ඇතිවිය හැකි නිසා සහල් ගෙන්වනවා

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    නියඟයක් ඇතිවිය හැකි නිසා සහල් ගෙන්වනවා

    නියඟයක් ඇතිවිය හැකි නිසා සහල් ගෙන්වනවා

    ඉදිරියේදී රට තුළ නියඟයක් ඇති විය හැකි බවට ජනාධිපතිවරයාට තොරතුරු ලැබී ඇති බවත්, ඒ සඳහා සූදානම් වීමක් ලෙස සහල් තොගයක් ආනයනය කර ගබඩා කර තබාගැනීම සඳහා පෞද්ගලික අංශය වෙත අවසර ලබාදෙන බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. මුදල් අමාත්‍යාංශයේ ඊයේ (15දා) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ඒ අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේද අනුමැතිය මත මෙම කටයුතු සිදු කෙරෙන බවත්, වහාම ක්‍රියාත්මක වන පරිදි මාස එකහමාරක කාලයක් සඳහා අවශ්‍ය සහල් මේ ආකාරයට ආනයනය කර ගබඩා කෙරෙන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    "ඉදිරියේදී රටේ නියඟයක් ඇති වෙන බවට ජනාධිපතිතුමාට දැනගන්නට ලැබිලා තියෙනවා. ඒ වගේම මාර්තු මාසය වෙනකොට යල කන්නයත් පැමිණෙනවා. ඒ නිසා වගකිවයුතු රජයක් විදියට අපි පෙර සූදානමක් ගනිමින් මේ විදියට මාස එකහමාරක් සඳහා අවශ්‍ය සහල් ආනයනයට පෞද්ගලික අංශයට අවසර ලබාදෙන්න තීරණය කර තිබෙනවා" යැයි ඔහු කීය.

    විශේෂයෙන්ම මේ හේතු සමගින් ඇති විය හැකි සහල් හිඟයක් වැනි අවස්ථාවකදී කළුකඩ ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබා නොදීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

    "සාමාන්‍යයෙන් අපේ රට තුළ මාසික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් පමණ වෙනවා. මේ විදියට අපි මාස එකහමාරක සහල් තොගයක් ගෙන්වාගෙන තබා ගත්තාම ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන්ට මුහුණ දෙන්නට අපට පුළුවන් වෙනවා.

    මේ සඳහා රජයේ මැදිහත්වීමක් සිදුවෙන්නේ නෑ. සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට තමයි මේ සඳහා අවස්ථාව ලබාදෙන්නේ. සීනි ගෙන්වනවා වගේ. දැන් රටේ සීනි හිඟයක් නැහැ. ටෙන්ඩර් කැඳවීමක් සිදු කරලා මේ කටයුතු සිදු කිරීමට රජයේ කිසිම අවශ්‍යතාවක් නැහැ" යනුවෙන්ද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.



    Link


    9305664.gif
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    තණ කොළ ඩිංගක් කපන්න....
    හිතුනා ගහ උඩල යන්න.....


    අර මත්තල පුරවල තිබ්බ ඒව, පොහොර වලට වැඩිපුරත් එක්ක සල්ලි දීල වගා කොරවපුව, ඉවර ඇති.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උගේ මල්ලිද අයියද අරලියේ එකේ අයිතිකාරයා කියන්න ඇති
    සහල් හිගයක් එනවා කියලා
    නැත්තම් අපිට කලින් මිනිහා නිව්ස් එක දැනගන්න විදියක් නෑ
    මිනිහා දැනගන්නේ වැඩේ උනාටත් පස්සේ පත්තරෙන්නේ
    :lol::lol::lol::lol::lol::lol:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    "ඉදිරියේදී රට තුළ නියඟයක් ඇති විය හැකි බවට ජනාධිපතිවරයාට තොරතුරු ලැබී ඇති බවත්,"

    ade deyyek wath muta kiyalada niyagayak enawa kiyala
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පත්තරෙන්ද දන්නෙනෑ නියඟයක් එනවා කියල දැක්කේ?
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    "ඉදිරියේදී රට තුළ නියඟයක් ඇති විය හැකි බවට ජනාධිපතිවරයාට තොරතුරු ලැබී ඇති බවත්,"

    ade deyyek wath muta kiyalada niyagayak enawa kiyala

    පත්තරෙන් බන් දැනගන්න ඇත්තේ.:nerd: