නියත විවරන ලැබූ පසු

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නියත විවරන ලැබූ පසු

    මහා බෝසත් වරයෙක් නියත විවරන ලැබීමෙන් පසු සංසාරය තුල සැරිසරනවිට මෙවන් දේ වලට මුහුන නොදෙන බව ඔබ දන්නවාද?

    uX3Fz3H.jpg


    1.නියත විවරණ ලත් මොහොතෙහි පටන් උපතින් අන්ධයෙකු නොවීම.

    2.නියත විවරණ ලත් මොහොතෙහි පටන් උපතින් බිහිරෙකු නොවීම.

    3.උන්මත්තකයෙකු නොවීම.

    4.ගොතගසමින් කථා කරන්නෙකු නොවීම.

    5.අත් පා කොර වූවෙකු නොවීම.

    6.ම්ලේච්ඡයන් සිටින ප්‍රදේශයක නො ඉපදීම.

    7.දාසියකගේ කුසෙහි නොඉපදීම.

    8.මිනිසත් බවක් ලැබුවේ නම් නියත මිථ්‍යාදෘෂ්ටිකයෙකු නොවීම.

    9.ලිංග පරිවර්තනයකට හසු නොවීම. (ස්ත්‍රියක නොවීම.)

    10.පඤ්චානන්තරීය පාපකර්ම නොකිරීම.

    11.කුෂ්ඨ ‍රෝගියෙකු නොවීම.

    12.තිරිසන් ආත්ම භවයක ඉපදුණත් වටු කුරුල්ලෙකුට වඩා කුඩා ආත්ම භවයක නොඉපදීම හා හස්තියෙකුට වඩා විශාල ශරීර ඇති සතෙකු නොවීම.

    13.ඛුප්පිපාසිකාදී ප්‍රේතාත්මභාවයන්හි නොඉපදීම.

    14.කාලකඤ්ජාදී අසුර නිකායයන්හි නොඉපදීම.

    15.අවීචි මහා නිරයෙහි නොඉපදීම.

    16.ලෝකාන්තරික නිරයෙහි නොඉපදීම.

    17.කාමාවචර ලෝකයන්හි නම් මාරයෙකුව හෝ,රූපාවචර ලෝකයන්හි නම් අසඤ්ඤතලයන්හි හෝ සුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි හෝ,අරූප භවයන්හි නොඉපදීම.

    18.වෙනත් සක්වලකට නොයෑම.

    අපදාන අටුවාවට අනුවයි..
    (තලල්ලේ චන්දකිත්ති හිමි – සම්බුද්ධාපදාන)
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැදගත් ලිපියක්
    බොහොම ස්තුතියි]
    බුදුසරණයි
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පුදුමත් හිතුනා මචෝ සමහර දේවල් ගැන.. මං කල්පනා කරන දේකට ලොකු සපෝර්ට් එකක් ලැබුන.

    දිගටම දාන්න.:yes::yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අයිලප්පෙරුම;17142237 said:
    මටනම් හිතෙන්නේ ඕව බෞද්ධ සාහිත්‍ය කියල.

    බුදු දහම ශ්‍රද්ධාව තුලින් ආරම්භව ප්‍රඥාව කරා ගමන් කරයි.. ඉතින් අපි ශ්‍රද්ධාව වඩවාගමු..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පුදුමත් හිතුනා මචෝ සමහර දේවල් ගැන.. මං කල්පනා කරන දේකට ලොකු සපෝර්ට් එකක් ලැබුන.

    දිගටම දාන්න.:yes::yes:

    ස්තූතියි.. අකමැත්තක් නැත්තන් කියන්න මොකක්ද කල්පනා කල ගැටලුව කියලා..
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,199
    658
    113
    වලස්ගුහාව.
    බොහෝ වෙලාවට බුදු දහම තුල දේශිත යම් කරුණක් පිළිගැනීමට අකමැති බොහෝ පුද්ගලයන් ඒවා පසු කාලීනව ලියවුන සාහිත්ය බව පවසා තම තමන්ගේ සිත් රවටා ගනු ලබනවා.
    මමත් මේ කතාව අහල තියනවා..

    පිළිගන්න කෙනෙක් පිළිගන්න. පිළිගන්න අකමැති කෙනෙක් පාඩුවේ ඉන්න. අපහස කර පව් පුරෝ ගැනීමෙන්ද වලකින්න.. තෙරුවන සරණයි...!
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    13.ඛුප්පිපාසිකාදී ප්‍රේතාත්මභාවයන්හි නොඉපදීම.

    14.කාලකඤ්ජාදී අසුර නිකායයන්හි නොඉපදීම.

    15.අවීචි මහා නිරයෙහි නොඉපදීම.

    16.ලෝකාන්තරික නිරයෙහි නොඉපදීම.

    17.කාමාවචර ලෝකයන්හි නම් මාරයෙකුව හෝ,රූපාවචර ලෝකයන්හි නම් අසඤ්ඤතලයන්හි හෝ සුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි හෝ,අරූප භවයන්හි නොඉපදීම.

    18.වෙනත් සක්වලකට නොයෑම.



    මෙන්න මේ ටික මචෝ..:yes::yes::yes:

    වෙනත් සක්වලක් කියන එකෙන් පොඩ්ඩක් හිතන්න දෙයක් ලැබුන. ඇත්තට කියනව නම් ලෝක පිහිටල තියන හැටි තේරුම් ගන්න හිත හිතා හිටියෙ.

    බටහිර විද්යාවෙන්(යන්සෙ වදින්නෑ :() මෙහෙම වෙන්න ඕනෙ කියල උපකල්පනය කරපු සමහර දේවල් මං කතාවල දැකල තියනවා. ඒවගෙ වෙලාවට පුදුම නොවීත් බෑ. එක අතකින් පුදුම වෙන්න දේකුත් නෑ.
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ගොඩක් වටිනා කරුණු ටිකක් .. කලින් අහල වත් තිබ්බේ නෑ ....
    ගොඩක් පිං :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුද්ද්ත්වය ගන විවේචනය කරන්න වත්
    බුද්දත්වය මේ හැඩය තියනවා මේ ස්වරුපය තියනවා කියලා වත් කියන්න අපි ට හැකියාවක් නැහැ
    අපි එච්චර සමත් කට්ටිය නෙමයි

    උබලට හිතාගන්න් පුලුවන්ද
    ආසාවෙන් තොර වු හිතක් ගැන
    සියලු බැමි වලින් නිදහස් උනා කියන දේ හිතාගන්නවත් පුලුවන්ද???

    ඒ නිසා ඒ වගේ උතුම් දෙවල් ගන කරුණු කාරනා දන්නේ නැතුව විවේචනය කරන්න එපා

    එත් අපිට පුළුවන් බුද්දදර්මයේ වරදක් තියනවා නම්
    පන්සික්වල
    සුත්‍ර පිටක වල
    අබිදර්මයේ වරදක් තියනවා නම් විවේචනය කරන්න

    බුද්දාගම විවේචනය කරන උන්
    පුලුවන්නම් කියපල්ලා
    අබිදර්මයේ වැරැද්දක්
    මිනි මරන්න කියලා තියනවද?
    හොරකම් කරන්න සත්තු මරන්න
    ගැනු දුෂනය කරන්න කියලා තියනවද?
    බොරු කියන්න කියලා තියනවද?

    බුදුහාමුදුරුවන් වෙනුවෙන් සටන් කර ලෙ හැලුවට පවු නැහැ කියලා තියනවද???

    පුලුවන්නම් කියපල්ලා විවිච්නය කරන වුන්.


    සුදු පුතාට
     
    Last edited:

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    අබි ධර්මය ඉගෙන ගන්න ආසයි බන්. රෙප් ප්ලස් සහොදරයා. බුදු සරණයි