නියම මහත්මයෙක්
අපිට විවිධ වර්ගයේ මිනිසුන් හමු වෙනවා, ඒ අතරේ බොහොම නිවුණු මහත්මා ගති ඇති අය වගේම චීන බඩු කඩේට පැන්න ගොනා වගේ කලබලයෙන් හැසිරෙන කට්ටියත් අපිට හමු නොවෙනවාම නෙවෙයි. ඒ වුනත් ඔබ මහත්මයෙක් විදියට හැසිරෙන්නට කැමතියි නම්, ඔබ විසින් ඔබට පුහුණු කල යුතු රීති කිහිපයක් තිබෙනවා, ගොඩක් වෙලාවට මේවා ගෞරවය සහ අනෙකාට ගරු කිරීම මතම තීරණය වෙන දෙයක් කියලා කියන්නටත් පුළුවන්.
ඒ වගේ ම පළමුවෙන් පිළිවෙල කියන කාරණය සම්බන්ධයෙන් ඔබ අනිවා හිත යොමු කල යුතුම වෙනවා. මෙහිදී පිළිවෙල යනුවෙන් අදහස් කරන්නේ ඇඳුමින් පැළඳුමින් විතරක් නෙවෙයි, කතාවෙන්, හැසිරීමෙන් වුනත් ඔබගේ මහත්මා ගතිගුණ අනෙකාට පෙන්වා දෙන්නට හැකියාව නම් තිබෙනවා.
ඒ මෙන්න මේ විදියටයි.
1. හැම විටම කාන්තාවන්ට ගෞරවය ලබා දෙන්න
Gentelman's Code of Honour
Source – contractoruk.com
කාන්තාවකට ගෞරවය ලබා දී කතා කිරීම හෝ ඔවුන්ට පහසුකම් සැපයීම, ලැජ්ජාවට කාරණාවක් නොවෙයි. ඒතුලින් ඔබ ගැන ඔවුන් තුල පවතින විශ්වාසය සහ මිත්‍රත්වය වර්ධනය වෙනවා.
ඔබ ඔබේ මව, පෙම්වතිය, හිතවතිය හෝ බිරිඳ සමඟ යම් අවන්හලකට යනවා නම් ඇයට නිරන්තරයෙන් මුල් තැන දීම ඔබ මහත්මයෙක් ලෙසට ඔබටම හැඟෙන්නට හැකි එක අවස්ථාවක් වෙනවා. ඇය වෙනුවෙන් දොර හැර දීම, තමාට පෙර ඇයට ආසනය සකසා දීම, ආහාර තෝරද්දී ඇයගේ තේරීමට ප්‍රමුඛතා ව දීම වගේ දේවල් ජෙන්ටල්මන්ස් කෝඩ් එකේ ඉහලින්ම සඳහන් වන දේවල්.
2. කෙනෙකු එක්ක කතා කරන විට ඔහුගේ/ඇයගේ නම අමතක කරන්න එපා
Gentelman's Code of Honour
Source – huffingtonpost.com
කෙනෙක් එක්ක කතා කරමින් සිටින විට “මොකක්ද ඔයාගේ නම කිව්වේ ? මට නම් මතකත් නැහැ” වගේ කතා කියන්න එපා. මොකද ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඔබ ඔවුන් හා කුළුපගව කතා කරනවා නම් ඒ ඔවුන් ගැන ඔබ හොඳින් දැන ගෙන කතා කරනවා කියන එකයි. කරුණාකර ඒ වේදනාව ඔවුන්ට දෙන්න එපා.
3. යමක් මිලදී ගත්තාට පසුව එය ගැන පාරම් බාන්න එපා
Gentelman's Code of Honour
Source – skyword.com
හිතන්න ඔබ යමක් මිල දී ගත්තා කියලා. එහෙම වුණාම එය මිල දී ගන්නට දුන් මුදල, ගත්තේ කොතැනින්ද , කොච්චර වටිනවා ද වගේ කාරණා කවුරුන් හෝ ඇසුවොත් හැරෙන්නට කියන්නට යන්න එපා. හිතන්න එතන ඔබ මිල දී ගත් භාණ්ඩය ගන්නට කැමති නමුත් අතේ මුදල් නැති කෙනෙකු සිටියහොත් ඔවුන්ට කොතරම් වේදනාවක් දැනේවිද?
4. ඔබ යමෙකුට යම් දෙයක් පොරොන්දු වූවානම් එය කලට වෙලාවට ඉටු කරන්න
Gentelman's Code of Honour
Source – valores009.wordpress.com
ඔබ කෙනෙකුට උදව්වක් කරන්නට හෝ උපදෙසක් දෙන්නට පොරොන්දු වුණා නම් එය ඔබ පොරොන්දු වූ නියමිත කලට වෙලාවට කරන්නට වග බලා ගන්න. එසේ නොකර මගහැරීම හෝ අමතක කිරීම ඒ උදව්ව බලාපොරොත්තු වූ අයට වේදනාවක් අනිවා ගෙන දේවි. වේලාවට වැඩ කිරීම මහත්මයෙක් සතුව තිබිය යුතු ප්‍රමුඛම ගුණයක්.
5. කිසිවක් සම්බන්ධයෙන් තරහා ගැනීම හෝ එයට කෝපයෙන් ප්‍රතික්‍රියා දැක්වීම යහපත් නැහැ
Gentelman's Code of Honour
Source – 68.media.tumblr.com
යම් තැනක සිටින විට ඔබ සම්බන්ධයෙන් කෙනෙක් තරහා ඇවිස්සෙන විදියට හැසිරෙනවා, එහෙමත් නැතිනම් ඔබට අපහාස කරමින් සිටිනවා කියල හිතමු. කරුණු කාරණා නිසි ලෙස විමසීමෙන් අනතුරුවත් ඒ පුද්ගලයා ඒ ක්‍රියාවම දිගටම කරනවනම්, ඔබ කල යුත්තේ වහාම එතැනින් ඉවත්වී යාමයි. කිසිම විටක රණ්ඩුවට හෝ කලහ කරගන්නට නොයාම නුවණක්කාරයි. ඒ වගේම ඔවුන් හා පරුෂ වචනයෙන් වාද කරගන්නට යාමත් ඔබේ මහත්මා බව අහිමි වී යාමට හේතු වන්නට ඉඩ තියෙනවා.
“අර යකා හිමිච්චා වගේ හිටියට කට ඇරියම බේරේ වැව පරාදයි” වගේ කතාවක් කවුරු හරි කිව්වොත් ඉඳලා මොකටද?
මේ නිසා නුවණක්කාර විදියට වැඩ කරන්න හිතට ගන්න. අහේතුකව, ඔබව ඔබ නැති තැන විවේචනය කිරීමෙන් අවතක්සේරුවට පත්වෙන්නේ ඔබව නොව එලෙස විවේචන සහ අපහාසයන් කරන පුද්ගලයාවයි.
6. තමන්ට ඇති හැකියාවක් ගැන හිතලා තව කෙනෙකුව අපහසුවට පත් කරන්න එපා
Gentelman's Code of Honour
Source – chn2x.tumblr.com
හිතන්න ඔබ හොඳ කලාකරුවෙක්, එහෙමත් නැතිනම් හොඳ නිලධාරියෙක් කියලා. එසේ නම් ඔබේ හැකියාව ගැන සිතලා, අනෙකුත් අයට ඒ හැකියාව නැතැයි කියා අපහසුවට පත් කිරීම එතරම් යහපත් ගති ලක්ෂණයක් වෙන්නේ නැහැ. හැම දෙනාම දක්ෂයින් නෙවෙයි. එහෙම වුනා කියලා හැම දෙනා ම අදක්ෂයිනුත් නෙවෙයි. හැම කෙනෙක්ටම යම් දක්ෂතාවයක් තිබෙන්නට පුළුවන්. අපි ඒ විවිධත්වයට ගරු කල යුතුයි.
7. සංවේදී මාතෘකා සම්බන්ධයෙන් මත පල කරන කොට අනෙකාගේ සිත රිද්දන්නට එපා
Gentelman's Code of Honour
Source – desimartini.com
මෙතැන දී සංවේදී මාතෘකා කියලා කියන්නේ කෙනෙකුගේ ආගම, කුලය, ජාතිය, ශාරීරික වෙනස්කම් හෝ දරන දේශපාලන මතය වැනි ඒවායි. මේ වැනි දේ සම්බන්ධයෙන් ඔබ තුල යම් අදහසක් හෝ විවේචනයක් තිබෙන්නට පුළුවන්. ඒ හැටි. නමුත් ඒ අදහස නිසා කෙනෙකුගේ හිත රිදෙන්නට පුළුවන්. කරුණාකර ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න. කතා බහේදී මහත්මයෙක් විදිහට හැසිරෙන්න.
8. පුද්ගලික ප්‍රශ්න ප්‍රසිද්ධියේ විසඳන්න හදන්න එපා
Gentelman's Code of Honour
Source – youtube.com/Two indian cows
ජීවිතයේ පවතින පුද්ගලික ප්‍රශ්නයක් එළියේ විසඳන්නට යාමෙන් ඔබව විහිලුවකට සහ අපහාසයට ලක් වෙන්න තිබෙන අවස්ථාව වැඩියි. ඒ නිසා කරුණාකරලා ඔබට යම් පුද්ගලික ගැටළුවක් තිබෙනවා නම් එම ගැටලුවට සම්බන්ධ අයගේ වගේම ඔබේත් පුද්ගලිකත්වය ආරක්ෂා වන අයුරින් කටයුතු කරන්නට වග බලා ගන්න. මගතොටේදී හෝ සමාජ ජාල හරහා ප්‍රශ්න නිරාකරණය කරගන්නට යන්න එපා.
9. පිළිවෙල සහ පිරිසිදු කම
Gentelman's Code of Honour
Source – youtube.com/nana kamare – How to bath right
ජෙන්ට්ල්මන් කෙනෙක් කිව්වම ටයිකෝට් දාලා උජාරුවට ඉන්න එක විතරක් නෙවෙයි කරන්න තියෙන්නේ. ටයිකෝට් නැති වුනත් පිළිවෙලට පිරිසිදුවට ඉන්න එකත් ඔබේ මහත්මා ගති ලක්ෂණ තවත් ඉස්මතු කරන්න ඉවහල් වෙන වග නම් කියන්නම ඕනේ. කොච්චර ලස්සනට ඇන්දත් පිරිසිදු නැති නම් ඔබේ තිබෙන මහත්මයා කියන වචනෙට තියෙන වටිනාකම පොඩ්ඩක් අඩු වෙන්න ඉඩ තිබෙනවා. මේ නිසා පිරිසිදුකම සහ පිළිවෙලත් අමතක කරන්න එහෙම එපා.
10. අනුන්ගේ පෞද්ගලික දේවලට එබිකම් කරන්න යන්න එපා
Gentelman's Code of Honour
Source – phone.instantcheckmate.com
ඔය අනුන්ගෙ චැට්, මැසේජස් වගේ දේවල් හොරෙන් බලන එක බොහෝ අය කරන දෙයක්. අමතක කරන්න එපා ඔබ විහිලුවටවත් බලන්නේ කෙනෙකුගේ බොහොම සංවේදී සහ පෞද්ගලික තොරතුරක් වන්නට පුලුවන් බව. ඒ නිසා කෙනෙකුගේ ෆෝන් එකක් අතට ගන්නවා නම් එහි ඇති ගොනු හෝ යෙදුමක් භාවිත කරන්නට එහි අයිති කරුවාගේ අවසරය ඉල්ලා සිටින්න. ඔවුන් එයට අකමැති නම් කරුණාකර එය කිරීමෙන් වළකින්න.
කෙනෙකුගේ අවසරයක් නැතිව මේ දේවල් කලහොත් වෙන්නේ ඔබෙත් ඔවුන්ගේත් සිත් නිරාපරාදයේ රිදීම පමණයි. මේ කාරණය ෆෝන් සහ චැට් වලට විතරක් නෙමෙයි අනෙකුත් පෞද්ගලික කාරණා වලටත් අදාලයි.
11. ඔන්ලයින් ජීවිතේ හරියට පවත්වා ගන්න
Gentelman's Code of Honour
Source – theconversation.com
ඔබ නිරන්තරයෙන් අන්තර්ජාලය භාවිතා කරනවා නම් ඔබට අනිවා ඔන්ලයින් ජීවිතයක් තියෙන්නම ඕනේ. ඒ වගේම ගොඩක් අය ඉහත කියූ ගති ලක්ෂණ හැරෙන්නට ඔබ ඔන්ලයින් හැසිරෙන විදිය තුලින් ඔබේ හැසිරීම ගැන තීරණයක් කරනවා කියලා ඔබ මේ වෙනකොට දැනගෙන ඉන්නම ඕනේ.
ඒ නිසා ඔබේ සාමාන්‍ය ජීවිතේ වගේම අන්තර්ජාලය තුල ජීවිතයත් පිළිවෙලට ගෙවන්න උත්සහ ගන්න. සාමාන්‍ය ජීවිතේ නැති ගුණධර්ම සමාජ ජාල ජීවිතේ තුළින් පෙන්වන්න උත්සාහ ගන්නේ නැතිව අවංකව තමන්ගේ පෞද්ගලිකත්වය සහ අනුන්ගේ පෞද්ගලිකත්වයත් රැකෙන අයුරින් සමාජ ජාල පරිහරණය කරන්න. එය ඔබව මහත්මයෙක් විදියට සමාජය හඳුනාගන්න එක ඉක්මන් කරාවී.
www.aniwa.lk
ඔයාව නියම මහත්මයෙක් කියලා හඳුන්වන්න පුළුවන් වෙන්නෙ මෙන්න මේ දේවල් වලින් තමයි