නියම මිනිසා

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    304429_441317862574063_1090827057_n.jpg


    මෙය වසර 1936 ජූනි මස 13 වන දා ජර්මනියේ නගරයක් වන හැම්බර්ග්( Hamburg) හිදී ගත් ඡායාරූපයකි.
    නාසි හමුදා විසින් අළුතින් ඉදි කල නෞකාවක් දියත් කරන අවස්ථාවක් වන මෙහිදී රැස්ව සිටින මිනිසුන් සියළු දෙනා හිට්ලර් වෙත නාසි ආචාරය (Nazi salute) පුද කරන විට එක් මිනිසෙකු පමනක් එය ප්‍රතික්‍ෂේප කරමින් දෑත් බැඳගෙන සැහැල්ලු ඉරියව්වෙන් සිටින ආකාරය මෙම ඡායාරූපයේ සටහන්ව ඇත.

    එම මිනිසාගේ නම ඕගස්ට් ලෑන්ඩ්මෙසර් (August Landmesser) නම් වේ. ඔහු නාසි පාලනයට විරුද්ධ අයෙක් විය. නාසි පාලකයන් සහ ඔහු අතර ඒ වන විටත් ආරවුල් පැවති අතර ඒවාට හේතු වූයේ 1935 වසරේදී ඔහු යුදෙව් ජාතික කාන්තාවකගේ අතිනත ගැනීමයි. ඒ හේතුවෙන් ඔහුට බරපතල වැඩ සහිත වසර දෙකක කම්කරු කාලයක දඩුවමක්ද පනවා තිබුනි.

    ඔහු පිලිබදව වැඩි විස්තර ඉතිහාසයේ සටහන්ව නැති අතර ඔහු දියණියන් දෙදෙනෙකුගේ පියෙකු බව පමනක් සටහන්ව ඇත .

    එක් ලිපියක සටහන්ව ඇත්තේ ඔහුගේ එක් දියණියක් 1991 වසරේ ජර්මානු පුවත්පතක පල වූ තිබූ මෙම ඡායාරූපය අහම්බෙන් දැක එහි සිටි තම පියාව හදුනාගත් බවයි.එම මොහොත ඇයට කෙතරම් අභිමානවත් මොහොතක් වන්නට ඇතිද?


    ගත්තෙ බුකියෙන්