නිරය - 1 කොටස ( දේවදූත සුත්‍රය )

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    නිරය - 1 කොටස ( දේවදූත සුත්‍රය )

    කොටස් දෙකකින් යුක්තයි

    556122_543789988983779_688383632_n.jpg


    සතර අපායවලින් ( ප්‍රේත,අසුර,තිරිසන්,නිරය ) එක් අපායක් වන නිරය බොහෝ දුක් සහිත කර්මානුරූපීව මැවුණු ලෝකයකි.අපාය යැයි බොහෝ දෙනා හදුන්වන්නේ මෙය වන අතර සමහර මිසදුටුවන්ගේ අදහස වන්නේ මෙය මිනිසුන්ව පාපයෙන් වැළැක්වීමට ගෙතූ මුසාවක් බවය.අපට අනික් ආගම් විශ්වාස වලින් පලක් නැත.බොදුනුවන් අපි පිළිගත යුත්තේ නිර්මල බුද්ධ දේශනාය.මෙවැනි කර්මානුරූපී ලෝක,ඕපපාතික සත්තවයින් නැතැයි සිතන පුද්ගලයා බුද්ධ දේශනාවට අනුව නියත මිථ්‍යා දෘෂ්ටිකයෙකු ‍බවට පත්වන අතර එය බොහෝ කලක් ඔහුට දුක පිණිස පවතී.

    බොහෝ දෙනෙක් නොපෙනෙන දිව්‍ය ලෝක,දෙවියන් විශ්වාස කළද නොපෙනෙන නිරය පිළිගැනීමට මැලි වෙයි.
    ‍තෙරුවන් සරණ යන අප මේ දෙක පමණක් නොව බ්‍රාහ්මණ තල,අසඤ්ඤ තල,සතර අපාය ආදී බුදුරදුන් දේශනා කළ,
    අපට ඉන්ද්‍රීයන්ට ගෝචර නොවන දෑ පිළිගැනීම අත්‍යවශ්‍යය.ඒ වෙන කරුණක් නිසා නොව මේවා බුදුන් වහන්සේ තම නුවණින්ම දැක ප්‍රත්‍යක්ෂ කරගෙන ඇත්ත ඇති සැටියෙන්ම අපට දේශනා කළ නිසාය.

    ලෝකයෙහි බහුතරයක් දෙනා නවීන විද්‍යාව කරපින්නාගෙන සිටියි.ඔවුන් විද්‍යාඥයින් කී පමණින් නොපෙනෙන
    ගුරුත්වාකර්ෂණය පිළිගනී.නමුත් බුදුන්වහන්සේ දිබ්බ චක්ඛු, දිබ්බ සෝත ආදී දිවැස් නුවණින් දැක වදාරණ මෙවැනි
    අද්භූතජනක කරුණු පිළිගැනීමට ඔවුන් අසමත් වේ.එවැනි මිසදුටුවන් බුද්ධ දේශනා පිළිගන්නේත් එම විද්‍යාත්මක
    සම්මුතීන්ට හා න්‍යායන්ට ගැලපෙනවනම් පමණි.අපට කිසිවිටෙක බුදුන්වහන්සේගේ සර්වඥතා ඥාණය හා මෙම පුහු
    බටහිර විද්‍යාව සැසදිය නොහැක. මිනිසුන්ගේ නිදහස් චින්තනය අහුරන මෙම විද්‍යාව නමින් පෙනී සිටින අවිද්‍යාව,
    බුදුදහම හා බලන විට සිටින්නේ ළදරු මට්ටමක ය.

    ලොව සත්‍ය දර්ශනය වන බුදුදහමේ පහස ලැබූ අප මහා භාග්‍යවන්තයෝ ය.
    ඒ තුන්ලෝකාග්‍ර වූ මාගේ බුදුසමිදුන්ගේ ලෝකවිදු බුදුගුණයට මාගේ නමස්කාරය වේවා.........

    මෙතැන් සිට ඒ මහා දුක් සහිත නිරයේ ස්වභාවය සලකා බලමු
    ----------------------------------------------------------------------------------------------------------------------------------------
    දේවදූත සූත්‍රය යනු මිහිදු මාහිමි මෙරට ජනතාවට කළ පළමු දේශනාවයි.චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කලේ රජුටය.
    නිරයේ වූ අනන්ත දුක් සහිත බවට කළ හැකි උපමාවක්ද නැති බව මුලින්ම වටහා ගත යුතුය.

    ජීවිත කාලය තුළ රාග,ද්වේශ.මෝහ තුළ ඉතා දැඩිව වෙලෙමින් අකුසල රැස් කරගත් පුද්ගලයා මරණින් පසු අපාගත වේ. පංච ආනන්තරීය පාප කර්මයන්ගන් එකක් හෝ සිදු කළ යමෙක් වේද ඔහු ඒකාන්තයෙන්ම මරණින් පසු නිරය වෙත
    ඇදී යයි.බුද්ධ දේශනා වලට අනුව ලෝක වාසීන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් සුගතිගාමී වේ.එයින් අදහස් වන්නේ
    අනෙක් පිරිස නිරය ආදී ලෝකවල උපත ලබා අනේක විධ දුක් අනුභව කරන බවය.නිරය අපගේ මහගෙදර වැනියැයි
    මේ සූත්‍රයේ කියවෙන්නේ අප නිරයේ ඉපදී අනන්ත අප්‍රමාණ දුක් විදි වාර ගණන ඉතා විශාල නිසාය.

    උන්වහන්සේලා මෙම දුක්ඛිත ලෝකවලින් මිදී ‍අපගේ දැනුවත් බව පිණිස මෙවැනි දේශනා කලේ අපව මෙම
    දුක් සහිත බවෙන් මුදවා ගැනීමටය.

    අපායගාමී වන පුද්ගලයා මුලින්ම ඇදී යන්නේ නිරයේ දොරටුව වෙතය.එතන සිටින යම රජුන් දේවදූතයන් නමින්
    හදුන්වන්නන් ( කුඩා දරුවා,මැහැල්ලා,රෝගියා,දඩුවම් ලබන්නා,මැරුණු පුද්ගලයා) දකින විටදිවත් අප්‍රමාදීව කුසල්
    වැඩිය යුතු බවව වැටහුනේ නැත්දැයි අසයි.එවිට නිරිසතා (අපායගාමී ප්‍රාණකාරයා) ''නැතැයි,බැරිවුනායි'' කියන විට
    යම රජුන් මෙසේ ප්‍රකාශ කරයි.''නුඹ අපාගාමී වූයේ නුඹේ අඹුදරුවන්වත්,නෑදැයින්වත්,අසල්වැසියන්වත් කළ ක්‍රියාවන්හි
    විපාක විදීමට නොව.නුඹේ අයහපත් ක්‍රියාවල හා කුසලයට ප්‍රමාද බවේ විපාක විදිනු පිණිස ය''

    ඉන්පසු යම රජුගේ අණ පරිදි යමපල්ලන් නොහොත් නිරිපල්ලන්(කර්මානුරූපීව මැවුණු) විසින් මොහුව නිරය තුළ‍ට
    රැගෙන යයි.එතැන් පටන් ඇත්තේ මොහුට දෙන විවිධාකාර වූ දඩුවම් ගැන කෙරෙන දේශනාවය.නිරය යනු අනන්ත
    අප්‍රමාණ සත්ත්වයින් පිරිසක් දුක් විදින ඝන අන්ධකාරයෙන් පිරුණු ස්ථානයකි.මෙයට ආලෝකයක් වැ‍ටෙන්නේ
    බෝසතාණන්ගේ බුද්ධත්වය සිදුවන අවස්ථාවේදී පමණක් බව ධර්මයෙහි සදහන් වේ.

    මුලින්ම යමපල්ලන් විසින් මෙම නිරිසතාව ගිනිගෙන දිලිසෙන පොළොව මත උඩුබැලි අතට තබා කකුල් දෙකට,
    අත් ‍දෙකට හා පපුවට උල් පහක් අනී.එවිට දැඩි සේ විලාප දෙමින්,වේදනාවෙන් දගලන මොහු මරණයට පත්වේ.
    නමුත් කර්මානුරූපීව නැවත නැවත එතනම පහළ වෙයි.මෙසේ බොහෝ කාලයක් මෙහිම දුක්විදින සත්වයාව
    රැගෙන ගොස් ඉන්පසු කරන්නේ කකුල් දෙකෙන් ඔසවා කෙටේරියක් ගෙන පහළ සිට ඉහලට රැහීමයි.ඉන්පසු
    යමපල්ලන් විසින් ඔලුවෙන් අල්ලා උඩට ඔසවා හිසේ සිට පහලට ශරීරයේ මස් රහිනු ලබයි.මෙසේ ඔහු‍ගේ
    මස් රහින වාරයක් පාසා නැවත මස් වැ‍‍ඩේ.මනුෂ්‍යයන්ට දැනෙන වේදනාව එම අයුරින්ම දැනුනද මැරී නිරයෙන්
    චුත වීමක් නැත.මැරි මැරී එතනම පහළ වන අතර බොහෝ කාලයක් මෙතනම දුක් විදියි.අපව ආයුධයකට
    කැපුනත් ඇතිවන වේදනාව බලන්න.එසේ නම් මෙම සත්වයා කෙතරම් දුකක් විදවන‍වා ඇත්ද?කර්මය අවසන්
    වන තෙක් මෙසේ දුක් විදී.

    ඉන්පසු ගිනිගෙන දිලිසෙන පොළවෙ මොහුව තබා (වැතිරෙන ආකාරයට) කර්මානුරූපීව මැවුණු රථ මගින්
    යට කිරීම සිදුකරයි.රථ මෙ‍සේ ඕපපාතික ජීවියාගේ ශරීරය උඩින් එහාට මෙහාට යාමේදී ‍ඔහු දැඩි සේ
    විලාප දීදී වේදනාවෙන් කෑ ගසයි.මනුෂ්‍යය ලෝකයේ ජීවත්වන අපව වාහනයකට යට වුවහොත් කෙතරම්
    වේදනාවක් දැනෙයිද?එම වේදනාව ඊට වඩා දස දහස් ගුණයකින් මොහුට දැනුනද,සැනසිල්ලක්නම් නැත.
    මෙසේ කල්ප ගණන් එකම තැන දුක් ‍විදින සත්තවයින්ද සිටියි.

    to be continued...................


    දෙවන කොටස මෙතනින් කියවන්න - http://www.elakiri.com/forum/showthread.php?p=14219214#post14219214
     
    Last edited:

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මිථ්‍යා දෘෂ්ටිකයෙක වෙමි
    දෙවියන් දිව්‍ය ලෝක,විශ්වාශ කරනවට වඩා ඒක සැපයි.........
    ගුරුත්වකර්ශනය, විද්යුත් චුම්බක කිරන, (රේඩියෝ තරන්ග වගෙ දේවල්) පේන්නෙ නෙති උනාට පරීක්ශන වලින් පුලුවන් හෙතු එක්ක ඔප්පු කරන්න .
    ඔය උබ කියන ජාති නියම
    බුද්ධ ධර්මයේ නෑ මචෝ, Sorry thama ඕවාට වඩා වැදගත් දේවල් බුද්ධ ධර්මයේ තියනව......
     
    Last edited:

    rawna

    Banned
    Jul 17, 2011
    28
    10
    0
    එහෙම ඉබේම මස් ආපහු වැඩ්නවනම්, මැරුන එකා ආපහු මැවනවනම් ඒ කියන්නේ මැවුම්වාදය ඔයාලා පිලිගන්නවා කියන එක නේද? මිනිස්සු එහෙම මවන්න පුලුවන්නම් මැවුම් වාදයක් තියෙනවා කියලා ඔයාලා පිලිගන්නවා.ඔය අපායවල් වල ඕය වගේ දරුනු වද දෙන එකෙන් මිනිස්සුන්ට වෙන සෙතක් නෑ.මොකද උන් ආපහු ආවම ඒවම කරනවා.ඒක නිසා ඔය මතවාදය වැරදියි.අර ඔරියන්තුමා කියන ඇස්ට්‍රල් පරිණාමය තමයි හරි එක කියලා මට හිතෙන්නේ.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මිථ්‍යා දෘෂ්ටිකයෙක වෙමි
    දෙවියන් දිව්‍ය ලෝක,විශ්වාශ කරනවට වඩා ඒක සැපයි.........
    ගුරුත්වකර්ශනය, විද්යුත් චුම්බක කිරන, (රේඩියෝ තරන්ග වගෙ දේවල්) පේන්නෙ නෙති උනාට පරීක්ශන වලින් පුලුවන් හෙතු එක්ක ඔප්පු කරන්න .
    ඔය උබ කියන ජාති නියම
    බුද්ධ ධර්මයේ නෑ මචෝ, Sorry thama ඕවාට වඩා වැදගත් දේවල් බුද්ධ ධර්මයේ තියනව......
    නිවන කියන දෙයත් විද්‍යාවෙන් තවම ඔප්පු කරලා නැහැ. ඒ නිසා උඹ බෞද්ධයෙක් නම් බෞද්ධ කම අතැරලා හෙතුවාදියෙක් වෙයන්.
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    එහෙම ඉබේම මස් ආපහු වැඩ්නවනම්, මැරුන එකා ආපහු මැවනවනම් ඒ කියන්නේ මැවුම්වාදය ඔයාලා පිලිගන්නවා කියන එක නේද? මිනිස්සු එහෙම මවන්න පුලුවන්නම් මැවුම් වාදයක් තියෙනවා කියලා ඔයාලා පිලිගන්නවා.ඔය අපායවල් වල ඕය වගේ දරුනු වද දෙන එකෙන් මිනිස්සුන්ට වෙන සෙතක් නෑ.මොකද උන් ආපහු ආවම ඒවම කරනවා.ඒක නිසා ඔය මතවාදය වැරදියි.අර ඔරියන්තුමා කියන ඇස්ට්‍රල් පරිණාමය තමයි හරි එක කියලා මට හිතෙන්නේ.

    මම කිසිම දවසක මැවුම් වාදය පිලිගන්නේ නෑ මචන්, එ තරන් බොලඳ තර්කයක් තවත් නෑ, මන් මෙහෙම ආහුවොත්, හිතපන් උබෙ තුවාලයක් වෙනවා එක එහෙමම තියනවද?නෑ නෙද? ටික කාලයක් ගත උනාට නැවත තිබ්බ විදියට හැදෙනවනේ. මෙතන කාලය අඩු වෙලා එහෙම දෙයක් වෙන්න බැරිද. ඇයි මචන් හොදක් වෙන්නේ නෑ කියන්නේ නුවන තියන තෙරුම් ගන්න පුලුවන් කෙනා මෙකෙනුත් දෙයක් ඉගෙනගන්නවා.පරිනාමවාදය හරි නමුත් මෙතන ඊටවඩා දෙයක් තියනවා එක තෙරුම් ගන්න බලන්න.

    “මහණෙනි,ආලෝකය පවා ඇදගන්නා වූ ද දෙකෙළවරින් අවකාශයට විවර වූ ද ස්ථාන මේ ලෝක ධාතුවේ පිහිටයි.මම එයට ලෝකාන්තරික නරකය යැයි කියමි.ඒ තුළ අප්‍රමාණ සත්වයෝ දුක් විඳිති.ඔවුන් කිසිදිනෙක ආලෝකය නොදකියි.බුදු වරයෙක් බුදු වන මොහොතේ පමණක් ලෝකාන්තරික නරකය ආලෝකමත් වේ.එවිට එහි සිටින නිරි සත්වයෝ විශ්වයේ බුදු කෙනෙකුන් පහළ වූ බව දැන ගනිති..”

    -සැ.යු.-මෙය සාරාංශයකි.වැඩි විස්තර සඳහා ත්‍රිපිටකය කියවන්න.

    අදහසට ස්තුතී
     
    Last edited:

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මිථ්‍යා දෘෂ්ටිකයෙක වෙමි
    දෙවියන් දිව්‍ය ලෝක,විශ්වාශ කරනවට වඩා ඒක සැපයි.........
    ගුරුත්වකර්ශනය, විද්යුත් චුම්බක කිරන, (රේඩියෝ තරන්ග වගෙ දේවල්) පේන්නෙ නෙති උනාට පරීක්ශන වලින් පුලුවන් හෙතු එක්ක ඔප්පු කරන්න .
    ඔය උබ කියන ජාති නියම
    බුද්ධ ධර්මයේ නෑ මචෝ, Sorry thama ඕවාට වඩා වැදගත් දේවල් බුද්ධ ධර්මයේ තියනව......

    නැත්තෙ නෑ මචන් හොදට කියවලා බලපන් අපාය ගැන ඔන තරන් විස්තර තියනවා, ගුරුත්වාකර්ශනය ගැන ගත්තේ උදාහරනෙකට පොඩ්ඩක් තෙරුම් ගන්න බලන්න.

    “මහණෙනි,ආලෝකය පවා ඇදගන්නා වූ ද දෙකෙළවරින් අවකාශයට විවර වූ ද ස්ථාන මේ ලෝක ධාතුවේ පිහිටයි.මම එයට ලෝකාන්තරික නරකය යැයි කියමි.ඒ තුළ අප්‍රමාණ සත්වයෝ දුක් විඳිති.ඔවුන් කිසිදිනෙක ආලෝකය නොදකියි.බුදු වරයෙක් බුදු වන මොහොතේ පමණක් ලෝකාන්තරික නරකය ආලෝකමත් වේ.එවිට එහි සිටින නිරි සත්වයෝ විශ්වයේ බුදු කෙනෙකුන් පහළ වූ බව දැන ගනිති..”

    -සැ.යු.-මෙය සාරාංශයකි.වැඩි විස්තර සඳහා ත්‍රිපිටකය කියවන්න.



    ඔව් උබ හරි මචන් මීට වඩා වැදගත් දෙවල් තියනවා මෙකත් ඉතින් වැදගත් නෑ කියන්න බෑනේ. උබ දන්න දෙවලුත් දාපන් අපි කැමතී දන්නෙ නැති දෙවල් ඉගෙනගන්න.

    විවේචනයට ස්තුතී