නිර්දෝශී කඳුලු...❤️

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    273561338_987712195177748_8260129165137999313_n.jpg

    “ මේ ෆොටෝ එක අරන් තියෙන්නේ 1993 අගෝස්තු 23 වෙනිදා. මයිකල් ජැක්සන් බැංකොක් වල Dangerous tour එකේ කොන්සර්ට් එකක් කරන්න ලෑස්ති වෙන ගමන් හිටියෙ. ස්ටේජ් එකට යන්න මොහොතකට කලින් මයිකල්ට නිව්ස් එකක් අහන්න ලැබෙනව. මයිකල් ඒ වගේ නිව්ස් එකක් තමන්ට අහන්න ලැබෙයි කියල හීනෙකින්වත් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති.
    නිව්ස් එකේ තිබුනෙ මයිකල් ජැක්සන්ට විරුද්ධව ළමා අපචාර චෝදනා ගොනු කරල තියෙනව කියල. චෝදනා එල්ල කරල තිබ්බෙ ජෝදාන් චැන්ඩ්ලර් කියන දරුවගෙ තාත්තා ඊවන් චැන්ඩ්ලර්. මේ ගැන දැන ගත්තු මොහොතෙ මයිකල් සෑහෙන්න ශොක් වෙනව. ඒත් ඉතින් දැන් මොනා කරන්නද? මොන තරම් කම්පනයක හිටියත් කොන්සර්ට් එක නවත්තන්න බෑනෙ. මේ මුකුත් නොදන්න, මයිකල් සෑහෙන්න ආදරේ කරපු ෆෑන්ස්ල දහස් ගාණක් එළියෙ ඉඳන් මයිකල් එනකල් බලන් ඉන්නව. ඉතින් මයිකලුත් මොකුත් නොවුන ගානට ස්ටේජ් එකට යනව. මුලින්ම තිබ්බ ජෑම් පෆෝමන්ස් එකේදි මයිකල් එයාගෙ අවුකණ්ණාඩි ගලවන වෙලේ ගත්තු ෆොටෝ එකක, තමන්ට එල්ල වුන අසත්‍ය වගේම නින්දිත චෝදනාවන් හින්ද ඇතිවුන වේදනාව නිසා මයිකල් ගෙ ඇස් වලින් කඳුලු ගලාගෙන යන හැටි සටහන් වෙලා තිබ්බා. ඒ නිර්දෝශී කඳුලු.
    -------------
    ඒත් කවුද මේ ජෝදාන්? කවුද ඊවන්?
    ජෝදාන් කියන්නෙ මයිකල්ගෙ යාලුවෙක්. අවුරුදු 12/13 ක දරුවෙක්. මයිකල් සහ ජෝදාන්ගෙ අම්මා ගොඩක් සමීප යාලුවො. ඒ දෙන්න කොහොමද අඳුර ගත්තෙ එයාලගෙ සම්බන්දෙ මොකක්ද කියල නම් මම දන්නෑ. ජෝදාන්ගෙ අම්මයි තාත්තයි දික්කසාද වෙලා හිටියෙ. ජෝදාන් සහ එයාගෙ නංගි ලිලී (මට මතක විදිහට නංගිගෙ නම ලිලී) ජීවත් වුනේ අම්මයි අම්මගෙ මහත්තයයි (step father) එක්ක. මයිකල් ළමයින්ට ගොඩක් ආදරේ කෙනෙක්. ඉතින් මයිකල් ජෝදාන්ටයි එයාගෙ නංගිටයිත් ගොඩක් ආදරේ කරා. මයිකල් යන යන තැන් වල මේ ළමයි දෙන්නවත් එක්කන් ගියා.
    මයිකල්ට වැඩිහිටි යාලුවන්ට වඩා හිටියෙ ළමා යාලුවො. ඒකට හේතු ගොඩක් තියෙනව.
    එකක් තමයි මයිකල්ට ළමා කාලයක් නොතිබීම. මයික් අවුරුදු 6 දි කලා ජීවිතය පටන් ගන්නෙ. එදා ඉඳන් මයික්ල්ගෙ ජීවිතය ගෙවුනෙ හෝටල් වල, ක්ලබ් වල, ස්ටූඩියෝ වල.. දවසම ප්‍රැක්ටිස්, රෙකෝඩින්ග්ස්, ටුවර්ස්, Tv shows etc. එයාගෙ වයසෙ වෙන ළමයි යාලුවො එක්ක සෙල්ලම් කරද්දි දෙමව්පියන්ගෙ ආදරේ විඳිද්දි මයිකල්ට සිද්ද උනේ තමන්ට වඩා සෑහෙන්න වැඩිමල් පුද්ගලයොත් එක්ක, තමන් වගේ දහගුණයක් විතර උස මහත බොඩි ගාඩ්ස්ලව වට කරගෙන රට රටවල් වල ටුවර්ස් යන්න. තමන්ට 'තාත්තා' කියල කතා කරන එක පවා දරුවන්ට තහනම් කරපු, ජැක්සන් 5 බෑන්ඩ් එකේ මැනේජර් උන ජෝ ජැක්සන් ගෙ නීති රීති යටතෙ ජීවත් වෙන්න. ජෝ සහ මයිකල් අතරෙ තිබ්බෙ මැනේජර් - ආර්ටිස්ට් බැඳීම මිසක් තාත්තා - පුතා බැඳීම නෙමේ.
    ඉතින් මයිකල් එයාට අහිමි උන ළමා කාලෙ වැඩිහිටියෙක් වෙලා හොයන්න ගත්තා. Have you seen my childhood? වගේ ගීත පවා මයිකල් අතින් ලිය වුනේ ජීවිතේ ඒ හිස් තැන පියවගන්න කොච්චර උත්සහ කරත් බැරි වුන නිසා. ඒ වගේම මයිකල් විශ්වාස කරා හැම දරුවෙක්ටම තමන්ට දැනුන වගේ ආදරේ අඩුව දැනෙනව ඇති කියල. ටාජ් ජැක්සන්, මැකෝලි කල්කින්, එමානුවෙල් , ඩේව් ඩේව්, ඕමාර් බට්ටි (O-Bee) , රයන් වයිට් කියන ළමයි මයිකල්ගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ හිටිය ජනප්‍රිය චරිත කිහිපයක්.
    අනිත් අතට මයිකල් කියන්නෙ ලෝකෙම ජනප්‍රිය චරිතයක්. සල්ලි කන්දක්. ගොඩක් වැඩිහිටියො මයිකල් ජැක්සන් කිව්වහම දැක්කෙ සල්ලි මැෂින් එකක් මිසක් මනුස්සයෙක්ව නෙවේ. ඒත් දරුවො මයිකල්ට ලං උනේ හදවතින්ම. එක සැරයක් මැකෝලි කල්කින් ඉන්ටර්විව් එකකදි කියනව එයා මයිකල් ජැක්සන් කියන්නෙ ගායකයෙක් බව දැනන් හිටියත් මයිකල් කියන්නෙ king of pop මෙච්චර ලොකු චරිතයක් බව එයාට පොඩි කාලෙ නොතේරුන බව. මේ නිසා දරුවො මයිකල්ව දැක්කෙ තවත් එක යාලුවෙක් විදිහට. තමන්ගෙ සල්ලි වලට ජනප්‍රියත්වයට නැතුව තමන්ට ආදරේ කරන අයටයි මිනිස්සු බැඳෙන්නෙ. මයිකලුත් එහෙමයි.
    ඊවන් චැන්ඩ්ලර් කියන්නෙ abusive father කෙනෙක්. මේ නිසා ළමයි එයාට සෑහෙන්න බයයි. මයිකල් ජීවිතේට ආවට පස්සෙ ජෝදාන්ගෙ පවුලෙ අය මයිකල්ට ලං වෙන දිහා ඊවන් බලන් හිටියෙ දරා ගන්න බැරි තරම් ඊරිසියාවකින්. එයාට ඕන උනා මයිකල්ව විනාස කරන්න. මයිකල්ගෙ ඇල්බම් විකිණෙන එක නවත්තන්න, මයිකල්ට සමාජෙට මුහුණ දෙන්න බැරි විදිහෙ අපකීර්තියක් ඇති කරවන්න.
    I'll get everything I want. They'll destroy forever
    ඊවන් තමන්ගෙ සැලැස්ම ජෝදාන්ගෙ step father ට කිව්වෙ ඒ විදිහට.
    ඒකට එයා යූස් කරේ තමන්ගේම දරුවාව.
    මේ කාලෙ මයිකල් හිටියෙ එයාගෙ peak එකේ නිසා චැන්ඩ්ලර් හිතපු තරන් හානියක් මයිකල්ට කරන්න එයාලට පුලුවන් උනේ නෑ. එහෙමයි කියල මයිකල්ට ඒ කාලෙ ලේසි උනෙත් නෑ. චෝදනා එල්ල වුන කාලෙ මයිකල්ගෙ ජීවිතේ අපායක් වගේ. මීඩියාවලින් තමන් ගැන කියන තමන්වත් අහල නැති කතා වලට වගේම පොලීසියේ විවිධාකාර අප්‍රසන්න පරීක්ෂණ වලට මුහුණ දෙන්නත් මයිකල්ට සිද්ද උනා. ඒ සේරටම වඩා දරා ගන්න අමාරු උනේ තමන් විශ්වාස කරපු පිරිසක්ම තමන් එයාලට කිසි වැරැද්දකුත් නොකර තමන්ව විනාශ කරන්න හදනව නේද කියල මයිකල්ට හිතෙනකොට. ඒ වගේම මොකක්දෝ හේතුවකට මයිකල්ව පේන්න බැරි මිනිස්සු කිහිපදෙනෙක් චැන්ඩ්ලර්ගෙ පැත්ත අරන් මයිකල්ට අපහාස කරන්න ගත්තා.
    ඒත් මයිකල් මේ සේරම දරා ගෙන හිටිය. මයිකල්ට ඕන උනේ කොහොම හරි criminal court එකට ගිහින් තමන්ගෙ නිර්දෝශී භාවය තහවුරු කරන්න. ඒත් ඒ කාලෙ තිබ්බ නීතියෙ විදිහට criminal court එකට කලින් යන්න උනේ civil court එකට. මයිකල් මුලින් criminal court එකට යන්න ට්‍රයි කරාට සිද්දිය උනේ පැමිණිලි කාර පාර්ශවයට ඕන විදිහට. නඩුව මුලින්ම විභාග කෙරුනෙ civil court එකේ. සිවිල් උසාවියේදි නඩුව බේරුම් කරණයට යොමු කෙරුන. බේරුම් කරණයේදී ලැබුනු තීන්දුවට අනුව "මෙය වරද පිළිගැනීමක් නොවේ" කියල ගිවිසුමකට අත්සන් කරල ලොකු මුදලක් පැමිණි කාර පාර්ශවයට ගෙවන්න විත්තිකාර පාර්ශවයට සිද්ධ උනා.
    චැන්ඩ්ලර් ල අපරාධ නඩුවක් ගොනු කරපු නැති නිසා නඩුව ඔහොම ඉවර උනේ මයිකල් ජැක්සන් නමට ලොකු කැලලක් ඉතුරු කරල. ඒ මොකද කියනව නම් සිද්දිය මීඩියා රිපෝට් කරේ උන විදිහට වඩා ගොඩක් වෙනස් විදිහට. මයිකල් සල්ලි දීලා නඩුව යට ගැහුව කියල මතයක් සමාජ ගත උනා.
    මයිකල් ඇත්තටම අර දරුවට හිංසා කරා නම් ඊවන් උසාවියට ගියේ දරුවට සාධාරණයක් බලාපොරොත්තු උන තාත්තෙක් විදිහට නම් අපරාධ නඩුවක් ගොනු කරල මයිකල්ව හිරේ යවන්න උත්සාහ කරේ නැත්තෙ ඇයි කියල ගොඩක් අයට හිතුනෙ නෑ. ඒ වගේම මයිකල්ට විරුද්ධව සාක්ෂි තියෙනවා කියලා මීඩියා වලින් රිපෝට් කරත් ඒ සාක්ෂි මොනාද ඒවා උසාවියට ඉදිරිපත් කරල මයිකල්ට විරුද්ධව නීතිමය පියවර ගන්නෙ නැත්තේ ඇයි කියල පැහැදිලි කරන්න මීඩියා වලට පුලුවන් උනේ නෑ.
    මාධ්‍යයෙන් තමන්ට වෙන අසාධාරණය ගැන scream, tabloid junkie වගේ සින්දු වලින් මයිකල් කතා කරල තියෙනවා.
    2009 මයිකල් ගෙ මරණය සිද්ද වෙලා මාස කීපයකට පස්සෙ ඊවන් චැන්ඩ්ලර් සිය දිවි නසා ගත්තා. ඊවන්ගෙ මරණයට හේතුව මොකක්ද කියන්න නම් මන් දන්නෑ ඒත් ඊවන්ගේ මරණෙන් පස්සේ ජෝදාන් සඳහන් කරේ මයිකල් ජැක්සන් තමන්ට කිසිම කරදරයක් කරේ නෑ කියලයි. තාත්තාගෙ බලපෑම නිසා තමන්ට බොරු කියන්න උනා කියල ජෝදාන් සඳහන් කරා.
    ඒ වගේම 2009 දෙසැම්බර් 22 වෙනිදා CIA එකෙන් දීර්ඝ කාලයක් ඔවුන් මයිකල් ගැන කරපු පරීක්ෂණ වල වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කරා. ඒ වාර්තාවේ සඳහන් වුනේ මයිකල් ජැක්සන් කිසිම අන්දමේ ළමා හිංසනයකට සම්බන්ධ උනේ නෑ කියලයි.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඒ උනාට ප්‍රභූ ඒක්ක නටන්න ගිහින් නම් පැරදුනා ලොක්කා
    ඕක බොරු කතාවක් බන් මයිකල් ජැක්සන් ප්‍රභූ දේවා එක ස්ටෙජ් එකේ ඩාන්ස් කරලා නැ
    ඉන්දියාවට ආව වෙලේ ප්‍රභූ දේවා මයිකල් ජැක්සන් එක්ක ඩාන්ස් කරන්ඩ ට්‍රයි කරා ඒ වුනාට එක හරි ගියේ නැ
    ප්‍රභූ දේවාට මයිකල් ජැක්සන් හම්බෙලා තියෙන්නේ චැරිටිප්‍රෝග්‍රෑම් එකකදී කියලා මම අහලා තියෙන්නේ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,596
    14,779
    113
    He was the illegitimate son of a famous black female singer. She got pregnant with Michael when she was at the peak of her career wage cn ekak. A singer ta hadaganna bari nisa thamai Jackson oya pawulata deela thibbe. It's a conspiracy theory sort of a thing though.
     
    • Like
    • Wow
    Reactions: NRTG and caltonhp

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,493
    113
    Colombo
    ඒ උනාට ප්‍රභූ ඒක්ක නටන්න ගිහින් නම් පැරදුනා ලොක්කා
    මයිකල්ට පිස්සු නෑ බන් මේ දෙමළෙක් එක්ක තරග කරන්න. ඌ ලෝකෙ වෙනස් කරපු චරිතයක් නැටුමෙන් ගැයුමෙන්...උට ගහන්න පොරක් මේ ලෝකෙ නෑ. බුබූ දේවා මේ ආසියාකරයොන්ට ලොකු උනාට ඇමරිකන් අපිට ලොකු නෑ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    එලම සීන් එක වෙන්නේ Eminem ට, පට්ට ඩයල් එක කියන්නේ ඉන්ටවිව් එකේදිත් කියන්නේ Mr Eminem කියලා

     
    • Like
    Reactions: NRTG and caltonhp

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    එලම සීන් එක වෙන්නේ Eminem ට, පට්ට ඩයල් එක කියන්නේ ඉන්ටවිව් එකේදිත් කියන්නේ Mr Eminem කියලා


    Mj Eminem ge record label eka gatta neh antimata 😂

    FB_IMG_1644329570599.jpg

    And she is not a niqqa 🤣
    ------ Post added on Feb 9, 2022 at 1:02 PM