නිර්මාංශ ආහාර

May 10, 2012
466
122
0
255
vegetarians.jpg

සමහරු මාලු කනවා මස් කන්නේ නැහැ, සමහරු මස් කනවා මාලු කන්නේ නැහැ. හරක් මස් කන්නේ නැහැ කුකුල් මස් කනවා. මස් මාලු මොකුත් නොකන අය බිත්තර කනවා.තව සමහරු මස් කන්නේ නැහැ හොදි කනවා:lol:.

මේදිනවල අන්තර්ජාලයේ නිතර කතා කරන දෙයක් තමා නිර්මාංශ ආහාර. ඒ වගේම ගව මස් කෑමෙන් වැළකීම, ගවයින් එළුවන් කුකුලන් නිදහස් කිරීම සහ කවුද කීවලු කැලණියේ මොනාද මස් වර්ග තහනම් කරනවා කියල එහෙම. එතකොට මාළු කරවල, කිරි, යෝගට්, බිත්තර, ඇයි හාල් මැස්සෝ (ප්‍රමාණයෙන් කුඩා උනත් ගණන් කලොත් කී දෙනෙක්ද:no: ) මේවා නිර්මාංශ ආහාරද. මට හිතුන මේ ගැන ටිකක් හොයන්න මේ මම හොයා ගත්ත ඒවා. නිර් මාංශ ආහාර ගන්න යට vegetarian කියලනේ කියන්නේ. බලපුවහම මේකේ එක එක වර්ග තියනවනේ (අපිට පොඩි කාලේ උගන්නල තියෙන්නේ ශාක භක්ෂක, මාංශ භක්ෂක, සර්ව භක්ෂක කියල විතරනේ:confused: ).


1.Pescatarian
මෙම වර්ගයට අයත් කට්ටිය සියලුම එළවලු සහමස් වර්ග කිරි, බිත්තර, ආහාරයට ගන්නා අතර මාලු වර්ගපමණක් ආහාරයට නොගනී.
2. Flexitarian/Semi-vegetarian
මේ අය නිතරම ශාක ආහාර ගත්තත්ඉඳ හිට වෙලාවක මස් මාලුත් ආහාරයට ගන්නවා
3. Vegetarian (Lacto-ovo- vegetarian)
මෙයාල තමයි ගොඩක් වෙලාවට vegetarian කියල හඳුන්වන්නේ.මස්, මාලු වැනි සත්ව මාංශ කිසිවක් ආහාරයට නොගන්නා මේ කොටසේත්වර්ග දෙකක් ඉන්නවා.
Lakto - vegetarian - මෙයාල කිරි සහ කිරිවලින් හදන වෙනත් ආහාර වර්ග කෑමට ගත්තත් බිත්තර වර්ග කෑමෙන් වැළකී සිටිනවා
Ovo - vegetarian - මෙයාල lactoලගේ විරුද්ද පැත්ත ඒ කිවුවේබිත්තර කනවා උනත් කිරි සහ කිරි අඩංගු ආහාර ගැනීමෙන් වැළකී සිටිනවා.
4. Vegan
මෙන්න මෙයාල තමයි මම හිතන්නේ නියම vegetarians ල. මෙයාල මස් මාලු කිරි බිත්තර සහ සතුන්ගෙන් නිෂ්පාදනය කරන කිසිම දෙයක් කන්නේ නැහැ. ඔය ක්ෂුද්‍ර ජීවින්ගේ උදවුවෙන් සකස් කරන ආහාර වර්ග ගන්නෙත් නැතිලු. වෙන එකක් තියා මී පැණිත් අරහන්ලු නේ .
5. Raw vegan/Raw food diet
මෙයාලත් ඔය 4වෙනි කාන්ඩයම තමා වෙනසකට තියෙන්නේ මෙයාලගේ ආහාර සෙල්සියස් අංශක 45 ට වඩා රත් කලොත් කන්නේ නැතිලු හේතුව ඊට වඩා රත් කලොත් ආහාර වල තියන පෝෂණය විනාශ වෙන නිසා කියනවාලු.
6. Macrobiotic
මෙයාල සීනි සහ refined oils (හදන හැටි) හැර අංක 4 කට්ටිය කන හැම දේමත් වැඩි වශයෙන් ධාන්න්ය වර්ගත්, කලාතුරකින් මාලු එහෙමත් කනවලු
lvegetariandiettype.jpg


තව වර්ගයක් ඉන්නවා Semi-vegetarian: මෙයාල redmeet (ඒ කියන්නේ හරක් මස් එළු, බැටළු වගේ)කන්නේ නැහැ. එත් කුකුළු මස් සහ මාලු ආහාරයට ගන්නවා. (ඒනම් සත්වකරුනාවටම නෙවෙයි වගේ)
450pxnaturalfoodstuff00.jpg

Fruititarian
අර 4 වෙනි කාණ්ඩයේ අයගෙම තව කොටසක්.මෙයාල සත්ව ආහාර ගන්නෙම නැහැ වැඩිපුරම අට ජාති පලතුරු වර්ග පමණයි ආහාරයට ගන්නේ. එහෙම ගත්තත් එම පලතුර හෝ අට වර්ග නෙලා ගැනීමේදී මුළු ගහම මරෙනවානම් එත් කන්නේ නැහැල්ලු (උදා-:රට කජු,).තව සමහරු කියනවලු එයාලගේ ආහාර වලින් 75% කට වඩා පලතුරු අඩංගු නම් එයාලත් මේ ජාතියේ කියල.
තව මේ වගේ එක එක වර්ග තියෙනවා. ඒ ඔක්කොම ඔය මුලින් කීව වර්ග 6න් ම හදුන ඒවා.
ගොඩක් ආගම් වල මේ ගැන විවිධාකාරයෙන් දේශනා කරලා තියනවා. විශේෂයෙන්ම ඔය ජයින ආගමේ අය පොලොව යට හැදෙන කිසිම දෙයක් කන්නේ නැතිලුනේ (අල, ළුණු, සුදු ළුණු ).


තව විවිධ ආගම් වල විවිධාකාර අර්ථ දැක්වීම් තියෙනවා
ඒ ඔක්කොම මෙතන දාන ගියොත් මටත් එපා වෙයි බලන යටත් එපා වෙයි. එනිසා ඒ ගැන දැන් ඇති
වගේ
.

තව ඔය එළවලු බලපු නැති අය මෙතනින්ම එකත් බලාගෙනම යන්න. පහල තියෙන්නේ ඒ ත්‍රෙඩ් එක.

http://www.elakiri.com/forum/showthread.php?t=1509998