නිර්මාණාත්මක_සාපේක්‍ෂතාව_හා_යුදෙව්ක්‍_ර&

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නිර්මාණාත්මක_සාපේක්‍ෂතාව_හා_යුදෙව්ක්‍_ර&

නිර්මාණාත්මක සාපේක්‍ෂතාව හා යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය

නිර්මාණාත්මක සාපේක්‍ෂතාව ගැන යමක් ලියන්න ඕන කියලා හිතුණා. මගේ ලෝකය පොතේ තමයි එහි මූලික කරුණු සඳහන් වෙන්නෙ. ඒත් ඊට පස්සෙ තවත් වර්ධනය වෙලා තියෙනවා. අවාසනාවකට ඒ වර්ධනයේ දී කිසිවකුගේවත් ප්‍රතිචාර උදවු වුණෙ නැහැ. මගේ පරම්පරාවෙ අය හා මට වැඩිමහලු අය පොත සම්පූර්ණයෙන් ම අමතක කෙරුවා විතරක් නොවෙයි එය මුද්‍රණය කිරීමේ දී පවා අකුල් හෙළුවා. ඒ එහි කරුණු අශෝක බුද්ධාගම සමග එකඟ නොවුණු නිසා බව මට පසු කලෙක තේරුම් ගියා.

මට පසු පරම්පරාවෙ අය එයට විරුද්ධ වුණෙ බටහිර යුදෙව් ක්‍රිස්තියානි නූතනත්වයෙ පැත්තෙ ඉඳගෙන එහි නිවට දාසයන් ලෙස. ඔවුන් බොහෝ විට දෙමළ ජාතිවාදයෙ සේවකයන් ද වුණා. ඔවුන්ට නිර්මාණාත්මක සාපේක්‍ෂතාව ගැන තබා කිසිම දෙයක් ගැන නිර්මාණාත්මක යමක් හිතන්න කියන්න බැරි අය. ඔවුන් සිංහල බෞද්ධ විරෝධීන්. ඔවුන් අඩුම තරමෙන් අශෝක බුද්ධාගමටවත් කැමති නැහැ. ඔවුන් එක්කෝ තමන්ට ආගමක් නැහැ කියමින් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ගිලිලා. එහෙම නැත්නම් ආගමෙන් ම ක්‍රිස්තියානි. කිහිප දෙනකු පමණක් නිර්මාණාත්මක සාපේක්‍ෂතාව තේරුම් ගැනීමට උත්සාහ කළා. එහෙත් ඔවුන් අතළොස්සක් පමණයි. ඔවුන්ගෙනුත් සමහර දෙනකුට වියුක්තය හා සංයුක්තය තවමත් තේරුම් ගන්න බැරි වෙලා තියෙන බව ඔවුන් ලියන දෙයින් පැහැදිලියි. එක් අයකුට කොටි පැරදවීම යන්නත් වියුක්ත ප්‍රකාශයක්!

නිර්මාණාත්මක සාපේක්‍ෂතාව අයිතිවන්නෙ සත්බව (ඔන්ටොලොජි) හා ඥානවිභාගය (එපිස්ටමොලොජි) යන ක්‍ෂෙත්‍රවලට. බටහිර දර්ශනයෙහි මේ ක්‍ෂෙත්‍ර දෙකක් ලෙස ගැණුනට පෙරදිග ඒ දෙකම එකට ගන්නෙ. සත්බව එහෙමත් නැත්නම් පැවැත්ම පිළිබඳ දැනුමත් දැනුමක්. එය දැනුම පිළිබඳ දැනුමෙන් වෙන් කරන්න බැහැ. බටහිරයන් වෙන් කිරීම ආත්ම කරගත් පිරිසක්. ඔවුන්ට පැවැත්ම හා දැනුම යනු වෙන ම වූ ක්‍ෂෙත්‍ර දෙකක්. එහෙත් අද්වෛත වෙදාන්ත වෛදිකයන්ට එසේ වූයේ නැහැ. ඔවුන් බ්‍රහ්මන් සමග ඒකත්වයෙන් සිටි අය.

නිර්මාණාත්මක සාපේක්‍ෂතාවෙන් කියැවෙන්නෙ දැනුම යමකුගේ (නිරීක්‍ෂකයාකගේ) සංස්කෘතියට, පංචෙන්ද්‍රිය පද්ධතියට හා මනසට සාපේක්‍ෂ බවත් එය නිරීක්‍ෂකයා නිර්මාණය කරන්නක් බවත්. අවශ්‍ය නම් එය සංස්කෘතියට හා ෂඩෙන්ද්‍රියට සාපේක්‍ෂ බවත් කියන්න පුළුවන්. මෙහි දී කිව යුත්තක් නම් නිරීක්‍ෂකයා ද නිරීක්‍ෂකයාගේ මනස ද ඇතුළු සියළු පැවැත්ම නිරීක්‍ෂකයාගේ නිර්මාණ බව. මනස ද මනසේ නිර්මාණයක් බව. මේ පසුව කී කරුණට අශෝක බුද්ධාගමේ අයත් විරුද්ධයි. මනස මනසේ නිර්මාණයක් වන්නේ කෙසේ ද යන්න සිංහල බෞද්ධ මනස නමින් ලියැවී ඇති ලිපියේ තියෙනවා. මගේ ලෝකයෙන් පසු නිර්මාණාත්මක සාපේක්‍ෂතාවේ වර්ධනයන් දකින්නට ලැබෙන්නේ ලිපිවල. ඒ ලිපි මා ළඟත් නැහැ. ඒ ගැන මා කණගාටු වෙනවා. බොහෝ තරුණයන් මේ ලිපි කිසිවක් නොකියවා මුහුණු පොතේ පළවන ලිපියක වාක්‍යයක් පමණක් කියවා පඬි වදන් පැවසීමත් කණගාටුවට කරුණක්.

නිර්මාණාත්මක සාපේක්‍ෂතාවෙන් දැනුම නිර්මාණය කරන්නක් බව කියැවෙනවා. එය කරන්නේ කෙසේ ද යන්න ගැන බටහිර විද්‍යාව ගැන මා ලියා ඇති ලිපිවලත් දෙවියන් ගැන ලියා ඇති ලිපිවලත් අපේ ප්‍රවාද ලිපිවලත් තියෙනවා. අප අපේ ම වූ දැනුමක් ද නිර්මාණය කර තිබෙනවා. දෙමළ ජාතිවාදය පිළිබඳ දැනුම, කොටි පැරදවීම ගැන පමණක් නොව රනිල් අගමැති කමෙන් ඉවත් කිරීම පිළිබඳ දැනුමත් සිංහල බෞද්ධ සංස්කෘතියෙහි නිපදවා ගත් දැනුම්. වියුක්තය හා සංයුක්තය ගැන අවබෝධයක් නැති අයට රනිල් ඉවත් කිරීම තේරුම් ගන්න බැහැ. දෙවියන් සමග සන්නිවේදනයත් ඒ සංස්කෘතියේ ම දැනුමක්.

ඇතැමුන් අහනවා දැනුම සංස්කෘතියට පංචෙන්ද්‍රිය පද්ධතියට හා මනසට සාපේක්‍ෂ ය යන්නත් නිරපේක්‍ෂ නේ ද කියා. නැහැ ඒ ප්‍රකාශයත් සාපේක්‍ෂයි. එය සිංහල බෞද්ධ සංස්කෘතියට (අශෝක බුද්ධාමට නොව) සාපේක්‍ෂයි. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවත් සාපේක්‍ෂයි. මා කිසිම තැනක එය නිරපේක්‍ෂ කියා කියලා නැහැ. එහෙත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ පැවැත්මක් ගැන විශ්වාස කරන අයට නිරපේක්‍ෂ යමක් තිබිය යුතුයි. ඔවුන්ට ඊනියා යථාර්ථයක් තිබිය යුතුයි. ඔවුන් නිරපේක්‍ෂයක් ඉල්ලනවා. එහෙත් මේ නිරපේක්‍ෂ ඊනියා වාස්තවිකවාදී යථාර්ථයක් පවතින බව ඔවුන්ට පෙන්වන්න බැහැ. එය පවතින බව පෙන්විය යුත්තේ ඔවුන් මිස එවැන්නක් නැතැයි කියන අප නො වෙයි. යමක් නැති බව පෙන්වන්නේ කෙසේ ද? නැති බව නොපෙන්වීමෙන් ඇති බවක් ගම්‍ය වන්නෙ නැහැ. එවැනි තර්ක මාර්ටින් වික්‍රමසිංහ නම් යොදා ගත්තා. ඒ නිසා ඊනියා යථාර්ථයක් ඇති බවයි පෙන්විය යුත්තේ. ඊනියා මනසෙන් තොර වාස්තවිකත්වයක් ඇති බව පෙන්විය යුත්තේ මනසින් තොරවයි! ඊනියා යථාර්ථවාදීන්ට සතුටු වෙන්න පුළුවන් ගුණදාස අමරසේකරත් ඊනියා වාස්තවික යථාර්ථයක් ඇති බව පිළිගැනීම ගැන.

නිර්මාණාත්මක සාපේක්‍ෂතාව කියන්නෙ පවතින දෙයක් ඒ ඒ අයට පෙනෙන ආකාරය නො වෙයි. අයින්ස්ටයින්ගෙ සාපේක්‍ෂතාව භෞතික විද්‍යාවෙ දැනුමක් පමණක් නො වෙයි. එය දර්ශනය මත පදනම්වන දැනුමක්. අයින්ස්ටයින් දාර්ශනිකයෙක් ද වුණා. ඔහුට විශ්වවිද්‍යාලයකින් ලබාගත් දර්ශනය පිළිබඳ උපාධියක් නැති වුණත් ඔහු දාර්ශනිකයෙක්. ඔහුගේ ක්‍ෂෙත්‍රය අවකාශයේ හා කාලයේ පැවැත්ම ගැනයි. එය භෞතික විද්‍යාවේ හතර මායිමේ එක් ආකාරයකටත් දර්ශනය පිළිබඳ හතර මායිමේ තවත් ආකාරයකටත් පිළිබිඹු වෙනවා. ඔහුගේ භෞතික විද්‍යාව පදනම් වුණෙ දර්ශනය මත. ඒ දෙකෙහිම ඔහු කතා කරන්නෙ අවකාශයේ හා කාලයේ පැවැත්ම එකිනෙකාට පෙනෙන ආකාරය පිළිබඳ ව. නිව්ටන් ඒ දෙකට ම වෙන වෙන ම නිරපේක්‍ෂ පැවැත්ම ඇති බව විශ්වාස කළා. ඔහු ඒ වචන ඒ ආකාරයෙන් ම යොදා ගත්තෙ නැති වුණත් ඔහුගේ විශ්වාසය වූයේ එයයි. ඔහුගේ භෞතික විද්‍යාව මුළුමනින් ම ගොඩ නැගුණේ ඒ විශ්වාසය මත. අයින්ටයින් ඒ දෙක දෙකක් ලෙස එක් එක් අයට පෙනෙන බව පිළිගත්තා. එහෙත් ඒ දෙකෙන් ම එකට ගත්කල කියැවෙන අවිචලක ඇති බව ඔහු පිළිගත්තා. ඔහුගේ විශේෂ මෙන් ම සාධාරණ සාපේක්‍ෂතාවාද ගොඩ නැගුණේ අර එකට ගත් අවකාශ - කාලය ඒ ඒ නිරීක්‍ෂකයාට පෙනෙන ආකාරය ගැන කියන්න. අවකාශ කාලය එකට ගැනීම හා එහි අවිචලක ඇති බව පිළිගැනීම තමයි ඔහුගෙ භෞතික විද්‍යාවෙ පදනම. ඒ පදනම බටහිර අර්ථයකින් වුණත් අයත් වන්නෙ දර්ශනයට මිස භෞතික විද්‍යාවට නො වෙයි.

නිර්මාණාත්මක සාපේක්‍ෂතාවෙ එහෙම නිරපේක්‍ෂ අවකාශ - කාලයක් තබා නිරපේක්‍ෂ කිසිම පැවැත්මක් නැහැ. පැවැත්ම ම නිරීක්‍ෂකයාගේ නිර්මාණයක්. නිරීක්‍ෂකයා ද නිරීක්‍ෂකයාගේ නිර්මාණයක්. එය පදනම් වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි. පටිච්ච සමුප්පදාය බොහෝ විට පටන් ගන්නේ අවිජ්ජාව ප්‍රත්‍යය කරගෙන (හේතුව නො වෙයි) සංස්කාර ඇති වෙන බව කීමෙන්. පටිච්ච සමුප්පාදයෙහි කියැවෙන්නෙ නැහැ නිරපේක්‍ෂ පැවැත්මක් ගැන. නිරපේක්‍ෂ පැවැත්ම අබෞද්ධ සංකල්පයක්. නිරපේක්‍ෂ පැවැත්මක් නැතැයි කියන එක යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙ දාසයන්ට නයාට අඳුකොළ වගේ. එය දෙවියන් වහන්සේ හා බ්‍රහ්මන් සමග පෑහෙන්නෙ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙවියන් වහන්සේට හරි බ්‍රහ්මන්ට හරි ප්‍රශ්නයක්. ඒකට අප කුමක් කරන්න ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම සමග ඇතැම් අවස්ථාවල බුදුහාමුදුරුවන් ශූන්‍ය (මාධ්‍යමිකවාදයේ ශසන්‍යතාව නොවෙයි) ගැන දේශනා කර තිබෙනවා. අපේ පදනම එයයි.


http://www1.kalaya.org/2018/01/blog-post_30.html
 
  • Like
Reactions: KasunKDP

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Nalin Silvagen poddak ahala kiyapanko 4D,5D gAna.

4D 5D ගැන මොකක්ද ? :eek: නලීන්ද සිල්වගෙන් අහන්න මං ඒ මනුස්සයව අඳුරන්නෑ බං blog එකේ දාන එකක් copy paste කරනව විතරයි :D
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    4D 5D ගැන මොකක්ද ? :eek: නලීන්ද සිල්වගෙන් අහන්න මං ඒ මනුස්සයව අඳුරන්නෑ බං blog එකේ දාන එකක් copy paste කරනව විතරයි :D

    :rofl:

    ube post dakkama mata hina yanawane bn

    ai e?:baffled:
     
    • Like
    Reactions: WhiteWalker