නිරෝගි සුව දිවියකට උපදෙස් .....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    නිරෝගි සුව දිවියකට උපදෙස් .....

    ~~~ නිරෝගි සුව දිවියකට උපදෙස් ~~~

    (තම තමන්ගේ රාජකාරි හා වාසස්ථානයන්ට උචිත අයුරින් මෙයින් කිහිපයක් හෝ පිළිපදින්නේ නම් මැනවි. “එදා හෙළදිව” නම් ග්‍රන්ථය කළ රොබට් නොක්ස් වැනි විදේශිකයන් පවා පිළිගත් අපේ පැරැන්නන්ගේ නිරෝගී බවේ හා දීර්ඝායුෂ වි‍ඳීමේ රහස් මෙසේයි..)


    සමබල ආහාර වේලක් ලබා ගන්න. උදය දවල් සහ රාත්‍රි ආහාර වේල්, කලට වේලාවට ගන්න.

    රාත්‍රි ආහාරයට සැහැල්ලු යමක් අඩුවෙන් ගන්න. ආහාර වේලෙන් පසු පළතුරු කැබැල්ලක් කන්න.

    උෂ්ණාධික කෑම බීම හැකි තරම් අවම කරන්න. නිරෝගී බව රැකීමට මෙන්ම ධ
    ාතු ශක්තිය රැකීමටද මෙය රුකුළක් වේවි.

    තෙල්, මිරිස් හා සැර කුළුබඩු හැකිතරම් අවම කරන්න.


    ආහාර ගත් පසු ශීතකල ජලය පානය නොකරන්න. උණු ජලය පානය කරන්නේ නම් මැනවි.

    මසකට වරක් බඩ විරේක කරන්න.

    තේ වතුර වෙනුවට රණවරා මල්, බෙලිමල්, නෙල්ලි-රසකිඳ ආදිය තැම්බූ ජලය පානය කරන්නේ නම් මැනවි. ඡවි පැහැය හා ආරෝග්‍යය වඩයි. මූත්‍ර පද්ධතිය පිරිසිදු කරයි.


    සතියකට එක් දිනක් උපවාසයේ යෙදෙන්න. (රෝගීන්, ගැබිණි මවුන්, කිරිමවුන් හැර නිරෝගී අය) උපවාසයේ යෙදෙන දින කිසිදු පැණිරස කැවිල්ලක් නොගන්න. පූර්ණ උපවාසයක් නම් වඩාත් උචිතයි.


    හැකි සෑම විටම කය වෙහෙසා දහදිය දමන පරිදි වැඩක් කරන්න. භයානක රෝගාබාධ වලින් වැලකේ. සිරුර ලක්ෂණ වේ.


    දිනපතා ස්නානය කරන්න. උෂ්ණාධික දිනවල ‍දෙවරක් ස්නානය යහපති. සැමවිටම උදෑසන ඇල් වතුරෙන් නාන්න.


    සවස් කාලයේ කිසි ලෙසකින්වත් ස්නානය කරන්න එපා. ස්ත්රීවන් විශේෂයෙන් මෙය පිළිපැදිය යුතුයි. උදෑසන හෝ හිරු මුදුන්වීමට පලමු නාන්න. ස්ත්රි න් ස්නානයෙන් පසු වරළස මුදා සිටින්න. තෙත සමගින් කොණ්ඩය බැඳීමෙන් විවිධ ශීර්ෂ රෝග අටගනී, කෙස දුර්වල වේ.


    දිනපතා ඖෂධීය හිසතෙලක් හිස්මුදුනෙහි ගල්වන්න. මතක ශක්තිය, ඇස් පෙනීම වැඩිවී ශීර්ෂ රෝග නසයි.


    දිය නෑ විගස හිසතෙල් නොගල්වන්න. හිසකේ හොඳින් වියලුනු පසුව පමණක් හිසතෙල් ගල්වන්න.


    හැකි නම් ස්නානයේදී විනාඩි 10ක් පමණ ඉනවටක් දියේ බැස ඉන්න. ධාතු ශක්තිය වැඩිකරයි.


    හැකි සෑම විටම වතුර මලෙන් ස්නානය කරනුවට වඩා ළිඳකින්, ඇළ දොළෙන්, ග‍ඟෙන්, පීල්ලෙන් නෑම යහපති. ශරීර සුවතාවය වඩවයි. විෂහරණයට උදව් දේ.


    නින්දට පෙරත්, අවදි වූ විගසත් පිරිසිදු ජලය වීදුරුවක් බොන්න. මුත්රාය රෝග ඇතුළු උෂ්ණ රෝග පහ වේ.


    නිදන කාලය රාත්‍රි, 10.00-උදෑසන 5.00 අතර වීම වඩා යෝග්‍යය. බොහෝ රෑ වන තුරු අවදිව නොසිටින්න.


    නින්ද නොයන්නේ නම් කල්පනා කරමින් ඇ‍ඳේ වැතිර නොසිටින්න.


    නින්දට පෙර මුත්‍ර පහ කරන්න. ආහාර ගත් විගස නිදන්න එපා.


    හිරු නැග්මට යටත් පිරිසෙයින් පැයකටවත් පෙර පිබිදෙන්න. දිවා කල නිදන්න එපා. අවදි වූ වහාම මූත්‍ර පහ කොට වතුර වීදුරුවක් බොන්න.


    දිනපතා උදෑසන පිබිදී විනාඩි 15ක් පමණ හොඳ, මෛත්‍රිසහගත සිතිවිලි පෙරදෑරි කරගෙන මිදුලේ සක්මන් කරන්න. ගැඹුරු හුස්ම ගෙන අළුයම නැවුම් වාතය හොදින් අශ්වාස කරන්න.


    විර්යය කර මළපහ නොකරන්න. අධෝමාර්ගයේ අර්බුද හා අක්ෂි දුර්වලතා වල‍ට හේතු වේ. එමෙන්ම මළ මුත්‍ර පහකිරීමේ අවශ්‍යතාවය දැණුනු වි‍ටෙක කිසිවිටෙකත් ආයාසයෙන් දරාගන්න එපා. පසුකලෙක නොයෙකුත් රෝගාබාධ හටගැනීමට හේතුයි.


    ආහාර ගැනීමත්, ස්නානයත් අතර කාල පරාසය පැය 3 ක් පමණ තබාගන්න.


    විවාහකයින් දින 4ට වරක් සංවාසයේ යෙදීම යහපති. අස්වාභාවික ලිංගික කෘත්‍යයන්ගෙන් හැකිතරම් මිදීම මැනවි.


    විවාහකයින් අහර ගැනීමත් සංවාසයේ අතර කාල පරාසය පැය 2 කට පමණ තබාගන්න. කිසිටිටෙකත් දිවා කල සංවාසයේ නොයෙදෙන්න.


    සති දෙකකට වරක් රාත්‍රි ඖෂධීය තෙලක් තවරා අතුල් පතුල් සහ ඇඟිලිතුඩු හොඳින් සම්බාහනය කරන්න.


    පාවහන් නැතිවත් ඇවිදීමට පුරුදුවන්න. බොහෝ තද වූ හිර ඇඟලුම් ඇඳීමෙන් වලකින්න.


    නිතරම ප්‍රීතියෙන්, සැහැල්ලුවෙන් සිටින්න. රෝගී අය තම රෝගය ගැන නොසිතා සතුටින් ඉන්න. එයම ඔබේ රෝගය සුවපත් වීමට මග පාදනු ඇති. විශේෂයෙන් රෝගීන් අන් අයගේ වැඩ තකා යහපත්, පිරිසිදු සිතැඟි අනුව කටයුතු කරන්නේ නම් මැනවි. එයින්ම ආරෝග්‍යය හා සැනසිල්ල, සතුට ලැබේ.


    හැකි සෑම විටම දේශීය ඖෂධ භාවිතයට පුරුදු වන්න. මේවා කිසි ලෙසකින් වත් සිරුරට විෂ නොවේ. භයානක අතුරු ප්‍රතිඵල නොදේ. ආයුෂ වඩයි. නිරෝගී සම්පත ගෙනදේ.


    භාවනාව වැනි සිත සිංසුන් කරන යමෙක දිනපතා නිරත වන්නේ නම් මැනවි. හෘදයාබාධ හටගැනීම වළකී.


    හැකිතරම් නිර්මාංශික වන්න. මත්වතුර, දුම්පානය, මත්ද්‍රව්‍ය භාවිතය දුරලන්න. බ්‍රහ්ම චර්යාව රකින්න. (ඉහත කී දෑ අපහසුවෙන් හෝ පුරුදු පුහුණු විය හැකි නම් වටින්නේය...) තමතමන්ගේ ආගම ධර්මයන්ට අනුව දැහැමිව කල් ගෙවන්න. සැම විටම හොඳ චේතනාවෙන් කල් ගෙවන්න. බෞද්ධයන් අවම වශයෙන් දිවිහිමියෙන් පංචශීලය රකින්න. දිවිය පුරා කය හා මනස නිරෝගී වී, ශක්තිමත් වී ලිංගික සරුබව වඩවයි. ජීවිතයේ ප්‍රීතිය සැනසුම වැඩිවේ. ගෘහ ජීවිතය සාමකාමී වේ. මිහිරි වේ. මෙසේ කල් ගෙවන්නන් වෙත සම්‍යක් දෘෂ්ඨික දේවාරක්ෂාව ලැබේ. පින්වත් නැණවත් රටට වැඩදායි බෝසත් දරුවන් මව්කුස පිළිසිඳියි.

    (ඉස්සුේ මූනුතෙන්)

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සමබල ආහාර වේලක් ලබා ගන්න. උදය දවල් සහ රාත්‍රි ආහාර වේල්, කලට වේලාවට ගන්න.
    රාත්‍රි ආහාරයට සැහැල්ලු යමක් අඩුවෙන් ගන්න. ආහාර වේලෙන් පසු පළතුරු කැබැල්ලක් කන්න.

    ආහාර ගත් පසු ශීතකල ජලය පානය නොකරන්න. උණු ජලය පානය කරන්නේ නම් මැනවි.
    මසකට වරක් බඩ විරේක කරන්න.

    නිදන කාලය රාත්‍රි, 10.00-උදෑසන 5.00 අතර වීම වඩා යෝග්‍යය. බොහෝ රෑ වන තුරු අවදිව නොසිටින්න.


    ඔය ටික තමා.. බං කොර ගන්න අමාරුම
    2.gif


    එළකිරි මචං ++

     
    • Like
    Reactions: Iron Monger

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි !
     
    • Like
    Reactions: Iron Monger

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    thanks thanks 4 sharing with us..

    eth nidiyanna kalin wathura godak bonda hoda na kiyala ahala thiyanwa..
    kokada aththa :S
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    සමබල ආහාර වේලක් ලබා ගන්න. උදය දවල් සහ රාත්‍රි ආහාර වේල්, කලට වේලාවට ගන්න.
    රාත්‍රි ආහාරයට සැහැල්ලු යමක් අඩුවෙන් ගන්න. ආහාර වේලෙන් පසු පළතුරු කැබැල්ලක් කන්න.

    ආහාර ගත් පසු ශීතකල ජලය පානය නොකරන්න. උණු ජලය පානය කරන්නේ නම් මැනවි.
    මසකට වරක් බඩ විරේක කරන්න.

    නිදන කාලය රාත්‍රි, 10.00-උදෑසන 5.00 අතර වීම වඩා යෝග්‍යය. බොහෝ රෑ වන තුරු අවදිව නොසිටින්න.


    ඔය ටික තමා.. බං කොර ගන්න අමාරුම
    2.gif


    එළකිරි මචං ++



    ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි !


    thanks thanks 4 sharing with us..

    eth nidiyanna kalin wathura godak bonda hoda na kiyala ahala thiyanwa..
    kokada aththa :S

    siravatama vatinava ban

    එළකිරි මචං

    good info machan.but mewa karanna tamai amaru

    GOOD THREAD..........

    tfs mchn
    +

    elakiri machan rep 6+


    ස්තුතියි

    :)