නිරෝධායනයට ලක් නොවූවෙක්. 325ක් කොරෝනා පරීක්‍ෂාවට..

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ලංකාපුර ආසාදිතයා නිරෝධායනයට ලක් නොවූවෙක්.. මල ගෙදරක, බැංකුවට, රෝහලට, පොලිසියට ගිහින්.. මත්පැන් සාදයක්ද දමලා.. 325ක් කොරෝනා පරීක්‍ෂාවට..
    July 30, 2020 at 10:12 pm | lanka C news
    ලංකාපුර ආසාදිතයා නිරෝධායනයට ලක් නොවූවෙක්.. මල ගෙදරක, බැංකුවට, රෝහලට, පොලිසියට ගිහින්.. මත්පැන් සාදයක්ද දමලා.. 325ක් කොරෝනා පරීක්‍ෂාවට..
    ලංකාපුර ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත පුද්ගලයා නිරෝධායන ක්‍රියාවට ලක් නොවී සිටි පුද්ගලයකු බව ප්‍රදේශයේ බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

    කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකු ඔහු සමීප ආශ්‍රිතයකු වන අතර ඔහු ඇසුරු කළ ආශ‍්‍රිතයන් ප්‍රදේශ කිහිපයක විසිරී සිටින බව ද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පැවසීය.

    මෙම පුද්ගලයා ප්‍රදේශයේ පොලිස් ස්ථානයට, බැංකුවකට, ආයුර්වේද රෝහලකට ආසන්න දිනවල දී ගොස් ඇති බව සිදුකර ඇති පරීක්ෂණ වලින් හෙලිවී ඇත.

    දින කිහිපයකට ඉහත පැවති අවමංගල උත්සවයකට සහභාගී වී ඇති මෙම පුද්ගලයා එහිදී කිහිප දෙනෙකු සමගින් එක්ව මත්පැන් පානය කර ඇත.

    එම සියලු ආශ්‍රිතයන් සොයා නිරෝධය කරවීමට කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

    මේ අතර සෞඛ්‍ය සේවා අධක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ එම ප්‍රදේශයේ පුද්ගලයන් 325කට පමණ කොරෝනා පරීක්ෂණ සිදුකරන බවයි.

    ඔවුන් සියලු දෙනාම දැනටමත් නිරෝධායන කර ඇති අතර ඒ සියලු දෙනාම ගෘහස්ත නිරෝධායනයට ලක් කරන බවද ඔහු සඳහන් කළේය.

    කෙසේ නමුත් මේ අවස්ථාව වන තෙක්ම ලංකාපුර ප‍්‍රදේශීයේ සංචරණ සීමා පනවා නැතැයි ද ඔහු කියා සිටියේය.

    කලින් පැවසූ ආකාරයටම කොරෝනා පොකුරුවලින් ඇතිවන රෝගීන් රට තුළ යම් ස්ථානවලින් හමු වීමේ යම් සම්භාවිතාවක් ඇති නමුත් ඔවුන් හරහා රෝගය සමාජගත වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගනිමින් කටයුතු කරන බවද ජාසිංහ මහතා කියා සිටියේය.