නිරෝධායන ක්‍රමවේදය යාවත්කාලීන කෙරේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආයෙමත් නිරෝධායනය නීතිය වෙනස වෙලා.. දෑන් වෑක්සීන් දෙකම ගත්ත අය සති දෙකක් හෝටල් නිරෝධායනයේ ඉන්න ඕනේ නෑ. හොද වෙලාවට විමල් ඈමතිතුමා රුසියාවේ ඉදන් එන්න කලින් මේක වෙනස් වුනේ.

    http://sinhala.adaderana.lk/news/153618/විදෙස්ගතව-පැමිණෙන-ශ්‍රී-ලාංකිකයින්ට-අදාළ-නිරෝධායන-ක්‍රමවේදය-යාවත්කාලීන-කෙරේ


    විදෙස් රටක සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා උපදෙස් සැකෙවින් මෙසේය.

    ⦾ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි අයට ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට අවස්ථාව ලැබේ. පිළිගත් එන්නතකින් නිශ්චිත මාත්‍රා ගණන සම්පූර්ණ කර සති දෙකක් ගත වූවායින් පසු ශ්‍රී ලංකාවට පැමිණිය හැකිය.


    ⦾ මෙම නිවෙස්ගත නිරෝධායනය ක්‍රියාවලිය, පසුගිය දින දාහතර තුලදී ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව සහ දකුණු ඇමරිකානු රටවල් හරහා පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා අනුමත නොවනු ඇත.

    ⦾ ගුවන් යානයට ගොඩ වීමට පැය 96 කට ප්‍රථම කරන ලද PCR පරීක්ෂණයක් හෝ පැය 48 කට පෙර කරන ලද rapid antigen පරීක්ෂණ වාර්තාවක් කොරෝනා ආසාදිත තත්ත්වයක් නොමැති බව තහවරු කරන වාර්තාවක ඉංග්‍රීසි පිටපතක් ඔවුන් සතු වීම අනිවාර්යයි.

    ⦾ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව දින දාහතරක අනිවාර්ය නිරෝධායන කාලයක් ගත කළ යුතු වනවා.

    ⦾ ශ්‍රී ලංකාවට පැමිණි වහාම PCR පරීක්ෂණයක් කරනු ලැබේ. මෙහි ප්‍රතිඵල ලැබෙන තුරු නිරෝධායනය සඳහා වන හෝටලයක හෝ මධ්‍යස්ථානයක රැඳී සිටීමට සිදුවනු ඇත. එහිදී කොරෝනා ආසාදිත තත්ත්වයක් නොමැති බවට තහවුරු වුනහොත් තමන්ගේ පෞද්ගලික පදිංචි ස්ථානයක් සඳහා යෑමට අවස්ථාව හිමිවේ.

    ⦾ඒ ස්ථානයට ගිය වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අමතා ඒ බව දැනුම් දිය යුතු අතර දිවයිනට පැමිණීමෙන් පසු දින දාහතර සම්පූර්ණ වන තෙක් එම නිවසේ දී ස්වයං නිරෝධායනය ට ලක් වීම අනිවාර්‍ය වේ.

    ⦾ එම දින දාහතරක නිරෝධායන කාලය සම්පූර්ණ වීමෙන් අනතුරුව නැවත PCR පරීක්ෂණයකට ලක් කරනු ලබන අතර එහි වාර්තාව පරීක්ෂාකර එහිදීද කොරෝනා ආසාදිත තත්ත්වයක් නොමැති බවට තහවුරු වුවහොත්, නිරෝධායන කාලය සමාප්ත කරනු ලැබේ.
    ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් විදෙස් රටවල සිටින ඔබගේ හිත මිතුරන්ගේ ද ප්‍රයෝජනය සඳහා මේ තොරතුරු බෙදා ගන්න.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ශ්‍රී ලංකික පුරවැසියන්ට, ද්විත්ව පුරවැසියන්ට බලපාන නීති මේකේ තිබුනට පාස්පෝට් දෙකක් තියන අයට බලපාන නීතිය මෙතන නැහැනේ!