නිරෝෂා_තලගල

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
බිසෝ කුමාරි මට වඩා මුහුකුරා ගිය චරිතයක් - නිරෝෂා තලගල



ras5.jpg


පබා හී චාපා ලෙස රංගනයට පා තබා මුතු පළස හී සුබෝධා ලෙස ප්‍රේක්ෂකයන්ට ළං වූ ඇය දැන් ඒ සියලු චරිත අභිබවා දේවී හි බිසෝ කුමාරි ලෙස ප්‍රේක්ෂක හදවත් තුළට කිඳා බසින්නට තරම් සමත් වී සිටින්නී ය. ඒ නිසාම නිරෝෂා තලගල නමින් ඇය ආමන්ත්‍ර‍ණය කරනවාට වඩා බිසෝ යැයි ඇමතීම උචිත යැයි සිතුණි.
බිසෝ කුමාරි කියලම කතා කරන්නම් නේද ?
හ්ම්ම්... හැබැයි බිසෝ කුමාරි දකින්න වෙන්නේ තව බොහොම ටික දවසයි.
ඒ මොකද?
පහු ගිය දවස් වල ‘දේවි‘ ෂූටින් ඉවර කළා.
බිසෝ ට සමුදෙන්න නිරෝෂා ට හිතක් නැහැ වගේ ?
ඔව්. තරමක් දුක්බරයි. අවසන් රූගත කිරීම්වලදි මටම දුකයි බිසෝ ගැන, කොහොම වැඩ දාපූ කෙනෙක් ද අන්තීමට මෙහෙම වුණානේ කියලා. රූගත කිරීම් අවසන් වුණහම අපි හැමෝටම ‘දේවි‘ ට සමු දෙන්න වෙන එක ගැන දුකක් තිබුණා. මොකද දේවී නාට්‍ය නිසා අපි එකිනෙකා ඉගෙන ගත් දේ බොහොමයි. ඒ අත්දැකීම් මගේ රංගන ජීවිතයට සෑහෙන වටිනවා.
යක්කු බැඳන් වැඩ ගත්ත බිසෝට ජය ලැබේවිද?
මෙහෙමයි දිට්ඨ දම්ම වේදනීය අකුසල කර්මය පල දෙනවා කියලා බුදු දහමේ පවා කියනවා. ඉතින් යහපත කරපු අයට අන්තිමේදී යහපතක් වෙයි. අයහපත කරන අයටත් ඒවා පල දෙන කාලේදී අනිවාර්යන්ම පඩිසන් දෙනවා. මේ නාට්‍ය අවසාන වන්නේ ඔය යථාර්තයට අනුගතවයි. බිසෝ කියන්නේ බාහිර පෙනුමින් සැර පරුෂ කෙනෙක් වුණත් කාටත් නරකකට මතුරපු හෝ නරකක් කරපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා බිසෝට මොකද වෙන්නේ කියලා ඉක්මනටම කට්ටියට දැනගන්න පුලුවන් වෙයි.
බිසෝට පණ පොවලා දැන් නිරෝෂාටත් මන්තර සාස්තරේ පුළුවන්ලූ නේද?
ඔව්. පොඩි පොඩි ඒවා මතුරන්න නම් පුළුවන්. නමුත් මන්තර සාස්තර දැන ගත්තා කියලා ප්‍රයෝජනයක් නැහැ. ඒ දේවල් වල නියම ආනිසංස ලබා ගන්න පේවෙන්න ඕනේ. කරන්න දේවල් ගොඩාක් තියෙනවා.
ඒ ගැන හොඳ දැනුමකුත් තියෙන පාටයි?
මේ චරිතේ ලැබුණහම ඇත්තටම මට හිතා ගන්න බැරි වුණා කොහොමද මේ චරිතේ කරන්නේ කියලා. ඉතින් ඒ චරිතෙට සම්පූර්ණයෙන්ම අනුගත වෙන්න නම් අනිවාර්යෙන්ම හැදෑරීමක් කළ යුතු යැයි සිතුණා. ඒ වෙනුවෙන්ම මන්තර සාස්තර එක්ක වැඩ කරන තැන් දෙකකටම ගියා. ඉතින් මං මාසයක් විතරම හැදෑරීමක් කළා බිසෝට පණ පොවන්න කලින්. මන්තර සාස්තර ඉගෙන ගන්න ගිහින් හරි අපූරු අත්දැකිමකුත් ලැබුණානේ...
ඒ ගැන අපි එක්ක කියන්න අකැමැති නැහැ නේ?
අපෝ නැහැ. මොනට අකැමැති වෙන්නද? මං කිව්වානේ මම තැන් දෙකක්ට ගියා කියලා ඒ එක තැනකිදී වුණු සිද්ධියක් තමයි මේ ඒ තැනට ගොඩ වෙලා මගේ වාරේ අවහම මං ඒ ගුරුන්වහන්සේ ළඟට ගියා මෙන්න එකපාරම මෙයා කියනවා “
මේ ඇත්ති ආවේ මගෙන් අන්ජනමක් අහන්නවත් බලන්නවත් නෙමෙයි. මං කරන කියන දේවල් බලා කියා ගන්නයි“ කියලා මට පුදුම හිතුණා... ඔහු තව අනාවැකියකුත් කිව්වා, “ඔබ තුමී කරන්න යන ඔය කාරනේ සියයට සියයකම් සාර්ථක වෙනවා. ඔය නාට්‍ය යන කාලෙට කියන්න මටත් බලන්න“ කියලා.
බිසෝ මෙතරම් කතාබහට ලක් වෙයි යැයි ඒ වෙලේ සිතුණාද?
බිසෝ කුමාරි කියන්නේ මට වඩා සෑහෙන වයසින් මුහුකුරා ගිය චරිතයක්. මේ වගේ වයසකදී ඒ තරම් මුහුකුරා ගිය චරිතයකට පන පොවන්න අවස්ථාව ලැබෙවී යැයි මං කවදාවත් හිතුවේ නැහැ. බිසෝ කියන්නේ මගේ රංගන ජීවිතයේ සුවිශේෂි කඩඉමක්. නිරෝෂා කියන රංගන ශිල්පිනිය වෙනස්ම තැනකට ගේන්න බිසෝට පුළුවන් වුණා. ඇත්තටම ඒ වෙනුවෙන් රන්සිළු ආයතනයේ රංජිත් ප්‍රේමලාල් සහ අධ්‍යක්ෂ සමන් කුමාර ලියනගේට බෙහෙවින් ස්තූතිවන්න විය යුතුයි.
බිසෝ නිසා නිරෝෂාට අපූරු ප්‍ර‍තිචාර ලැබෙනවා කියලා අපිට ආරංචියි?
ඔව්. ඕනෑ තරම් ලැබෙනවා. බිසෝ කුමාරි කියන්නේ සමහර වැඩිහිටියන් ගේ ජීවිත තුළ සැබෑම චරිතයක් ගානයි. පන්සල් ගියහම ගොඩක් වෙලාවට ආච්චිලා ඇවිත් මා එක්ක ඔවුගේ මල් වට්ටිය මාරු කර ගන්නවා.ඔවුන් හිතන්නේ මං ගෙනාපූ මල් පූජා කරන එක එයාලට හොඳක් වෙයි කියලයි. දවසක් ඒ වගේ වයසක කෙනෙක් ඇවිත් මට වැන්ඳා. මොකද්ද වුණේ කියලා හිතාගන්න බැරුව මම පස්ස නොබලා දිව්වා ටික වෙලාවකට පස්සෙයි මටත් තේරුම් ගියේ එදා ඒ කෙනා වැන්දේ බිසෝ කුමාරිට කියලා ඒ තරමට ඔවුන්ගේ ජිවිතවල බිසෝ සැබැ චරිතයක්. පුංචි දරුවෝ නම් මාව දැක්කහම “අන්න මතුරන ආන්ටි එනවා“ කිය කියා අම්මලා පස්සෙ හැංගෙනවා. අපේ ක්ෂේත්‍රයේ ම කෙනෙක් මට උපදෙසක් දුන්නා නිරෝෂා ඔයාට දැන් අමුතුවන් බිසෝට රඟපාන්න අවශ්‍ය නැහැ. මේ වෙනකොටත් ඔයා බිසෝට 100% සාධාරණය ඉෂ්ට කරලා ඉවරයි කියලා. එවැනි ඇගැයීම සෑහෙන වටිනවා.
නිරෝෂාගේ සැර පරුෂ ගති බිසෝටත් පිහිටලා නේද ?
මම හරිම කටකාරයි. ගිරවියෙක් වගේ තමයි ඉතින් කියවන්න ගියහම. නමුත් සැරැයි කියලා තරහක් හිතේ තියන් ඉන්න කෙනෙක් නෙමෙයි. මට ඉක්මනින් තරහා යනවා නමුත් ඒ ක්ෂණයෙන්ම නැති වෙනවා. මං කතා බහ කරන, බලන විලාසයෙන් එහෙම හිතෙන්න පුලුවන් නමුත් ඇත්තටම මටම හිතෙනවා දුකකදී මට තරම් හිත උණු වෙන කෙනෙක් නැතුව ඇතියි කියලා.
බිසෝ ගෙන් පස්සේ නිරෝෂා කවුරු වේවිද?
මේ දවස් වල නාට්‍ය කිහිපයක ෂූටින්කර ගෙන යනවා. ඔය අතරෙ කරපූ කිහිපයකුත් තියෙනවා. හැබැයි එවා කවදා විකාශය වේවිද කියලා මට කියන්න අමාරුයි. ඒ අතර මුඩුක්කුවක හැදුණ කටකාර කෙල්ලෙකුට පණ පෙවු චරිතයක් තියෙනවා.
නර්තර ගුරුවරියක් වෙන්න හින දැකපු නිරෝෂා අද නිළිය වෙලා?
ඒ ගැන නම් මට තියෙන්නේ ලොකු දුකක්. නර්තන ගුරුවරියක් වෙන්නයි හීන දැක්කේ නමුත් මගේ ඒ හීනෙටත් වඩා මටම හිතා ගන්න සහ දරා ගන්න බැරි දෙයක් දෙවියෝ මට දුන්නා. ඒත් ඉතින් මං හීන මවපු තැනට යන්න නොහැකි වීම ගැන දුකයි.
නිරෝෂා සැමියා ගැනත් කියන්නකෝ?
ඔහු තවම ඉන්නේ ඩුබායි. මං නැවතිලා ඉන්නේ ඔහුගේ මහ ගෙදර.
දෙන්නා එකම වහලක් යටට එන්න තවම අදහසක් නැද්ද?
ඒ එකම වහලේ තවම හදනවා. හැබැයි තව චුට්ටයි තියෙන්නේ. ඉතින් ඒ ටික ඉවර වුණ ගමන් අපි දෙන්නාට එක වහලක් යට ජිවත් වෙන්න පුළුවන්. එතකන් ඔහු එනකන් බලන් බන්නවා.
රංගනය හැරුණු විට ඔබ මාධ්‍ය වල නිතර දකින රුවක් නොවෙයි?
ඔව්. හේතුවක් නැතුව, මට කියන්න දෙයක් නැතුව මාධ්‍යට ඇවිත් ගොසිප් එකක් වෙන්න මං කැමැති නැහැ.

ටානියා මෝසස්
ඡායාරූප - ශයින් හසිත් වික්‍ර‍මනායක
ras6.jpg
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    mama dawasak me kathwa baluwa pissu kathawakne ban
    meke gaanu dennek innawane, tikak wayasaka ganiyekui tharuna ganiyakui..
    me gaani wayasaka gaanida :P
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මේකිගේ පුක හෙන ලොකුයි ඩෝ ආසාවේ බැ මතක් වෙද්දිත්:P