නිලමේගේ TV තේරීම

chin sara

Member
Aug 3, 2013
142
37
0
නිලමේගේ TV තේරීම

නිලමේගේ TV තේරීම

ටිකක් පරණ කතාවක්. නිළමෙ කෙනෙක් ගැනයි කියවෙන්නෙ.

නිළමෙතුමා දවසක් නිළමෙ කිට් එක පිටින්ම ආවා ඉලෙක්ට්‍රොනික් බඩු විකුණන කඩේකට. ඇවිත් වට දෙක තුනක් කැරකිලා හිතට අල්ලලා ගිය ටීවි එකක් පෙන්නලා කඩේ වැඩ කරන බුවාට කිව්වා “මට අර ටීවි එක ඕනෙ“

කඩේ බුවා බැලුවා නිළමෙගෙ උඩ ඉඳලා පහළට. බලලා කිව්වා “අපි නිළමෙලට ටීවි විකුණන්නෑ“

නිළමෙවත් නිකං හොල්මන් වෙලා ගියා. දැන් හැදෙන එවුන් එක්ක වාද කරලා වැඩක් නෑ කියලා හිතලා නිළමෙ ගෙදර ගියා.

පහුවෙනිදා නිළමෙතුමා එනවා නිළමෙ කිට් එක නැතුව ජාතික ඇඳුමක් ඇඳගෙන. ඇවිල්ලා කඩේ ඇතුළෙ ටිකක් කැරකිලා “පුතා මේ ටීවි එක කීයද?“ කියලා ඇහුවා. ආපහු කඩේ බුවා උඩ ඉඳන් පහළට බලලා “අපි නිළමෙලට ටීවි විකුණන්නෑ“ කිව්වා. යකෝ ජාතික ඇඳුම ඇඳන් ඇවිල්ලත් මේ යකා මාව කොහොමද අඳුනගත්තෙ කියලා කල්පනා කර කර නිළමෙ ගෙදර ගියා.

පහුවෙනිදා ආපහු කලිසමකුයි ෂර්ට් එකකුයි ඇඳලා උස තොප්පියකුත් දාගෙන නිළමෙ ආවා අර කඩේට. එදත් කලින් වගේම කඩේ එහාට මෙහාට ඇවිදලා අර ටීවි එක පෙන්නලා “මල්ලි මට මේ ටීවි එක ගන්න ඕනෙ“ කිව්වා. කඩේ මෑන් ආපහු හොඳට නිළමෙතුමා දිහා බලලා “අනේ අපි නිළමෙලට ටීවි විකුණනෑනේ“ කිව්වා. දැන් නිළමෙට මාර අප්සට්. මෙච්චර වෙනස් විදියට ඇඳං ඇවිල්ලත් කොහොම අඳුරගන්නවද කියලා කල්පනා කරපු නිළමෙට හිතුණා රැවුලෙන් තමයි අඳුනනවා ඇත්තෙ කියලා.

ඊළඟ දවසෙ උදේම නැගිටපු නිළමෙ ජීවිතේට කපලා නැතුව මූණ පුරා වැවිලා තිබ්බ රැවුල ඉකි ගගහා කැපුවා. ඇඳගත්තා ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි. දාගත්තා කැප් එකක්. විසිල් එකක් ගගහා ගියා අර කඩේට. වට දෙක තුනක් කැරකිලා “මචං මේ ටීවි එක කීයද?“ කියලා අර ටීවි එක පෙන්නලා ඇහුවා. එදත් කඩේ මෑන් නිළමෙ දිහා බලලා කිණ්ඩියට වගේ හිනා වෙලා “අපි නිළමෙලටනං ටීවි විකුණන්නෑ“ කියලා කිව්වා.

ඒ පාර නිළමෙට මාර අප්සට්. කඩේ මෑන්ව පැත්තකට අඬගහං ගිහින් “හරි කමක් නෑ. මට ටීවි එක එපා. ඒත් මට කියනවා මම මෙච්චර වෙනස් වෙනස් විදියට ඇවිල්ලත් තමුසෙ කොහොමද මාව අඳුරගත්තෙ කියලා“.


එතකොට කඩේ බුවා කියනවා “නෑ ඉතිං හැමදාම ඇවිල්ලා මයික්‍රොවේව් අවන් එකක් පෙන්න පෙන්න ටීවි එකක් කියනකොට මම දැනගත්තා නිළමෙ තමයි ඇවිත් ඉන්නෙ කියලා“

Copy from E mail........
 
Last edited:

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
e tikata troll ekakuth hadala :P

1236597_515334401888575_1915744329_n.jpg