නිල්ගරුඬ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බලධාරීන් ගේ අවධානයක් නැතිකමින් විනාශයට යන අපේ ජාතික වස්තුව....ආසියාවටම ඇති එකම නිල්ගරුඬ පාෂානය....

    Hh07XTA.jpg

    jPmFb6t.jpg

    Ss1lSZG.jpg

    නිල්දණ්ඩාහින්න ඉතිහාසය

    මඩුල්ල ආදී දුෂ්කර ගම්මාන කරා වූ පටු මාවත නැගෙනහිරට බර වූ කඳු වැටිය ඔස්සේ විහිදෙද්දී අද අපට දුෂ්කර ප්‍රදෙසක් සේ පෙනිගියත් මහනුවර රජ දවස මේ ප්‍රදේශ ශ්‍රී විභූතියක් සහිතව පැවත ඇති බව අමතකව ඇත මන්ද වලපනේ කැරැල්ල සිදු වූ 1818 ඔක්තොබර් මස 08 වන දින හේවායන් 61 දෙනෙකුගෙන් සමන්විත විශේෂ බලඇණියක් ලෛතන් රේමන් යටතේ ඌවේ ගම්පහ සිට වලපනේ මඩුල්ල දක්වා පැමිණි බව සඳහන් වේ.

    සිංහල රජ දවස යුධ ආක්‍රමණ සමයන් හී දී රජවරු රාජ්‍ය ආරක්ෂාව පතා පැමිණ සැඟවී රැකවරණය ලබාගත ස්ථාන කිහිපයක්ම නිල්දණ්ඩාහින්න ප්‍රදේශයෙන් හමුවේ එදා රජ දවස යටිමැදුර නමින් හැදින් වූ රජවාසල ප්‍රදේශය අද යටිමාදුර ලෙස ද එදා උඩමැදුර ලෙස හැදින්වූ මාලිගා ප්‍රදේශ අද උඩමාදුර ලෙස භාවිතා වේ මෙම මාලිගා තුල දෙවන විමලධර්මසූරිය රජු දෙවන රජසින්ඝ රජු හා සෙනරත් යන රජවරු නතරවී සිටි බවට සාක්ෂි ඇත තවද පරගහ ආරාව නම් ප්‍රදේශයේ පැරණි ශිලා ලේඛන සහ ගල්කණු ආදී නටබුන් හමුවී ඇතත් මේ ප්‍රදේශ පිලිබඳ වැඩිදුර ගවේෂණයන් සඳහා දත්ත හෝ සාධක මෙතෙක් හමුවී නැත .

    වලපනේ කොඩිය

    වලපනේ ප්‍රදේශයේ ඉතා පුරාණයේ සිට ඇත්තේ මොනරා සලකුණ සහිත කොඩිය යි එයට හේතුව එදා වලපනේ ප්‍රදේශය ඝණ වනාන්තරයක් වූ බවද එහි මොනරුන් බහුලව විසීම හේතුකොටගෙන මෙම සලකුණ යොදා ඇත .

    අපේ වලපනේ ඉතිහාසය

    ප්‍රදේශයේ පෞරාණික භාවය හඳුන්වා දෙමින් වලපනේ නාමය ලැබුණු ආකාරය පිළිබඳ ජනප්‍රවාද කිහිපයක්ම ඇත.ඈත සමයේ රාවණා රජු සීතා දේවිය පැහැරගෙන විත් සඟවා තැබුවා වු ද රාමාගේ වියෝව නිසා සීතා දේවිය මෙතැන් සිට තදින් වැළපුණු නිසා වලපනය ලෙසට භාවිතා වී පසුව වලපනේ විය.ලක්දිවට ගොඩ බට විජය කුමාරය විසින් වැලි නම් යක්ෂ සේනාධිපතියා මෙතැනදී වනසා දැමු නිසා වල පාන පසුව වලපනේ බවට ව්‍යවහාර විය.

    අවට කඳු වලින් වට වූ නිම්න ප්‍රදේශ පනහක් සහිත ඉසව්වක් ඉහල ප්‍රදේශයට පෙනෙන නිසා වලපනහා වී පසුව වලපනේ නම් විය. භූගතව පවතින නීලගරුඬ පාෂණයේ විශාල කොටසක් මේ කඳු පන්තියේ යට පිහිටා ඇතැයි යන විස්වාසය මත වල පාෂාණය වලපනේ වූ බවට පවතින තවත් විස්වාසයක් ඇත.
    පෙර වළගම්බා රජ දවසේ මෙම රජු සතුරන්ගෙන් තම ජීවිතය බේරා ගන්නෙම සඳහා වලයට(කැලයට) පැන්න ප්‍රදේශය වලපනේ නම් විය.ක්‍රි.ව. 1350 - 1370 දක්වා ගම්පොල රාජධානියේ රජ කල 111 වන වික්‍රමභාහු රජුගේ බිසව වූ හෙනකන්ද බිසෝබණ්ඩාර දේවිය විසින් ඉදි කරන ලද ඇල මාර්ගයක් මුල්හල්කැලේ ප්‍රදේශයේ පවතී.

    1 වන විමලධර්මසූරිය රජුගේ බිසව වන දෝන කතරිනා දේවිය පෘතුග්‍රීසි සමයේ යුද්ධයට බියෙන් පැනවිත් තෙරිපැහ ප්‍රදේශයේ සැඟවී සිටි බව සඳහන් වේ.
    තෙරුන්වහන්සේලා වැඩ සිටි හෙයින් ථෙරිප්‍රසාද යන නමින්ද පසුව තෙරිපැහ වූ බවද සඳහන් වේ.
    හරස්බැද්ද ප්‍රදේශයට නුදුරුවපිහිටි හල්මි වැව ආශ්‍රිතව රාම රාවණා යුද්ධය ඇති වූ බවත් යුද්ධයෙන් පසු බෙලි හෙවත් බොටු ගොඩ කල ස්ථානය තිබ්බොටුගොඩ ලෙසද කඳන් ගොඩ කල ස්ථානය එගොඩකන්ද ලෙසද සෙබළුන්ගේ කදු පහරින් හා ඇතුන්ගේ පා පහරින් විනාස වී ගිය සතුරන්ගේ ලේ ගලාගෙන ගොස් එක්රැස් වූ ස්ථානය ලාවැල්ලගොල්ල ලෙසත් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.කරුණු කෙසේ වෙතත් සිංහල රාජ්‍ය පාලනයේ ආරම්භක සමය පටන් ප්‍රාදේශීය පාලනයක් යටතේ වගේම රාජ්‍ය කටයුතු පාලනය අතින් එදා සිටම ඉතිහාසය තුල නමක් රඳවාගත් වලපනේ පෙදෙස තුල වූ පෞරාණිකත්වය හා එදා වූ ශ්‍රී විභූතිය අවට පිහිටි විහාර ආරම මගින් මනාසේ හෙළිදරව් වේ.මෙම කලාපය සිංහල රජ වංශය හා කොතෙක් සමීප බැඳීමක් තිබුනේද යන්න දුටුගැමුණු රජ සමය දක්වා විහිදීගිය අතීතයත් හිමි වටරක්ගොඩ, ලිහිණියාගල, මකුලේගොඩ ආදී පෞරාණික විහාර තුලින් නිරූපණය වේ.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මොකද වෙන්නේ මේකට

    කෑලි කඩල හැම තැනින්ම.ඔතනට එන එවුන් බෙහෙත් වලටයි, ගුප්ත වැඩ වලටයි ඕකේ පතුරු ගලවන් යනවා. ඒ අස්සේ ඕක බලන්න එන එවුනුත් ඕකෙන් මතක සටහන් ගෙනියනවා.ඉතින් ඉතුරු වෙයිද?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Oka thamai ravana sithata bade amaru hedunama bonna dunne.:yes:

    රජ කාලේ ඉඳන්ම ලෙඩට දුකට ගල් බීලා :love:

    කෑලි කඩල හැම තැනින්ම.ඔතනට එන එවුන් බෙහෙත් වලටයි, ගුප්ත වැඩ වලටයි ඕකේ පතුරු ගලවන් යනවා. ඒ අස්සේ ඕක බලන්න එන එවුනුත් ඕකෙන් මතක සටහන් ගෙනියනවා.ඉතින් ඉතුරු වෙයිද?

    අපරාදේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    koheda machan oka thiyenne? echchara watina deyak nam ai baladareen ekata awashya rekawaranaya ndenne?

    නිල්දණ්ඩාහින්න ඉතිහාසය

    මඩුල්ල ආදී දුෂ්කර ගම්මාන කරා වූ පටු මාවත නැගෙනහිරට බර වූ කඳු වැටිය ඔස්සේ විහිදෙද්දී අද අපට දුෂ්කර ප්‍රදෙසක් සේ පෙනිගියත් මහනුවර රජ දවස මේ ප්‍රදේශ ශ්‍රී විභූතියක් සහිතව පැවත ඇති බව අමතකව ඇත මන්ද වලපනේ කැරැල්ල සිදු වූ 1818 ඔක්තොබර් මස 08 වන දින හේවායන් 61 දෙනෙකුගෙන් සමන්විත විශේෂ බලඇණියක් ලෛතන් රේමන් යටතේ ඌවේ ගම්පහ සිට වලපනේ මඩුල්ල දක්වා පැමිණි බව සඳහන් වේ.

    සිංහල රජ දවස යුධ ආක්‍රමණ සමයන් හී දී රජවරු රාජ්‍ය ආරක්ෂාව පතා පැමිණ සැඟවී රැකවරණය ලබාගත ස්ථාන කිහිපයක්ම නිල්දණ්ඩාහින්න ප්‍රදේශයෙන් හමුවේ එදා රජ දවස යටිමැදුර නමින් හැදින් වූ රජවාසල ප්‍රදේශය අද යටිමාදුර ලෙස ද එදා උඩමැදුර ලෙස හැදින්වූ මාලිගා ප්‍රදේශ අද උඩමාදුර ලෙස භාවිතා වේ මෙම මාලිගා තුල දෙවන විමලධර්මසූරිය රජු දෙවන රජසින්ඝ රජු හා සෙනරත් යන රජවරු නතරවී සිටි බවට සාක්ෂි ඇත තවද පරගහ ආරාව නම් ප්‍රදේශයේ පැරණි ශිලා ලේඛන සහ ගල්කණු ආදී නටබුන් හමුවී ඇතත් මේ ප්‍රදේශ පිලිබඳ වැඩිදුර ගවේෂණයන් සඳහා දත්ත හෝ සාධක මෙතෙක් හමුවී නැත .

    වලපනේ කොඩිය

    වලපනේ ප්‍රදේශයේ ඉතා පුරාණයේ සිට ඇත්තේ මොනරා සලකුණ සහිත කොඩිය යි එයට හේතුව එදා වලපනේ ප්‍රදේශය ඝණ වනාන්තරයක් වූ බවද එහි මොනරුන් බහුලව විසීම හේතුකොටගෙන මෙම සලකුණ යොදා ඇත .

    අපේ වලපනේ ඉතිහාසය

    ප්‍රදේශයේ පෞරාණික භාවය හඳුන්වා දෙමින් වලපනේ නාමය ලැබුණු ආකාරය පිළිබඳ ජනප්‍රවාද කිහිපයක්ම ඇත.ඈත සමයේ රාවණා රජු සීතා දේවිය පැහැරගෙන විත් සඟවා තැබුවා වු ද රාමාගේ වියෝව නිසා සීතා දේවිය මෙතැන් සිට තදින් වැළපුණු නිසා වලපනය ලෙසට භාවිතා වී පසුව වලපනේ විය.ලක්දිවට ගොඩ බට විජය කුමාරය විසින් වැලි නම් යක්ෂ සේනාධිපතියා මෙතැනදී වනසා දැමු නිසා වල පාන පසුව වලපනේ බවට ව්‍යවහාර විය.

    අවට කඳු වලින් වට වූ නිම්න ප්‍රදේශ පනහක් සහිත ඉසව්වක් ඉහල ප්‍රදේශයට පෙනෙන නිසා වලපනහා වී පසුව වලපනේ නම් විය. භූගතව පවතින නීලගරුඬ පාෂණයේ විශාල කොටසක් මේ කඳු පන්තියේ යට පිහිටා ඇතැයි යන විස්වාසය මත වල පාෂාණය වලපනේ වූ බවට පවතින තවත් විස්වාසයක් ඇත.
    පෙර වළගම්බා රජ දවසේ මෙම රජු සතුරන්ගෙන් තම ජීවිතය බේරා ගන්නෙම සඳහා වලයට(කැලයට) පැන්න ප්‍රදේශය වලපනේ නම් විය.ක්‍රි.ව. 1350 - 1370 දක්වා ගම්පොල රාජධානියේ රජ කල 111 වන වික්‍රමභාහු රජුගේ බිසව වූ හෙනකන්ද බිසෝබණ්ඩාර දේවිය විසින් ඉදි කරන ලද ඇල මාර්ගයක් මුල්හල්කැලේ ප්‍රදේශයේ පවතී.

    1 වන විමලධර්මසූරිය රජුගේ බිසව වන දෝන කතරිනා දේවිය පෘතුග්‍රීසි සමයේ යුද්ධයට බියෙන් පැනවිත් තෙරිපැහ ප්‍රදේශයේ සැඟවී සිටි බව සඳහන් වේ.
    තෙරුන්වහන්සේලා වැඩ සිටි හෙයින් ථෙරිප්‍රසාද යන නමින්ද පසුව තෙරිපැහ වූ බවද සඳහන් වේ.
    හරස්බැද්ද ප්‍රදේශයට නුදුරුවපිහිටි හල්මි වැව ආශ්‍රිතව රාම රාවණා යුද්ධය ඇති වූ බවත් යුද්ධයෙන් පසු බෙලි හෙවත් බොටු ගොඩ කල ස්ථානය තිබ්බොටුගොඩ ලෙසද කඳන් ගොඩ කල ස්ථානය එගොඩකන්ද ලෙසද සෙබළුන්ගේ කදු පහරින් හා ඇතුන්ගේ පා පහරින් විනාස වී ගිය සතුරන්ගේ ලේ ගලාගෙන ගොස් එක්රැස් වූ ස්ථානය ලාවැල්ලගොල්ල ලෙසත් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.කරුණු කෙසේ වෙතත් සිංහල රාජ්‍ය පාලනයේ ආරම්භක සමය පටන් ප්‍රාදේශීය පාලනයක් යටතේ වගේම රාජ්‍ය කටයුතු පාලනය අතින් එදා සිටම ඉතිහාසය තුල නමක් රඳවාගත් වලපනේ පෙදෙස තුල වූ පෞරාණිකත්වය හා එදා වූ ශ්‍රී විභූතිය අවට පිහිටි විහාර ආරම මගින් මනාසේ හෙළිදරව් වේ.මෙම කලාපය සිංහල රජ වංශය හා කොතෙක් සමීප බැඳීමක් තිබුනේද යන්න දුටුගැමුණු රජ සමය දක්වා විහිදීගිය අතීතයත් හිමි වටරක්ගොඩ, ලිහිණියාගල, මකුලේගොඩ ආදී පෞරාණික විහාර තුලින් නිරූපණය වේ.
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    වටරක්ගොඩ, ලිහිණියාගල, මකුලේගොඩ
    me viharavalata yana para
    mevala 4tos ehema thiyanavanam , eee viharavala visthara ehema tikak dannako kattiyata balanna