නිල් චිත්‍රපට සමාජ අපචාරයන්ට බලපායිද?
ඉතාම ඉක්මනින් ජනප්‍රියවන්න මතවාද හැඳිම තුළ නැවත නැවතත් ඔප්පු වන්නේ ලංකාවේ සමාජ චින්තනයේ විද්‍යාත්මක භාවය මොටවි ඇති බව පෙන්නුම් කරන බව චිත්‍රපට විචාරක භූපති නලින් මහතා පවසයි
නිල් චිත්‍රපට වලින් මිනිසුන්ගේ මනස දූෂණය වන්නේ නෑ හෝ ඒවා සාමාන්‍යකරණය කළ යුතුයි. ඒවායින් යම්තාක් දුරට සමාජයේ අපගමනයක් සිදුවෙනවා. මෙහි එකට එකක් සම්බන්ධ ගොඩ නැඟිම යම් විදියකින් දේශපාලනිකයි. අැත්තටම එහෙම සම්බන්ධයක් නැහැ. සහ ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් විද්‍යාත්මක අැගයුමකින් තොරව තමයි මෙවැනි බෝඩ් ගහන්නේ. විශේෂයෙන් අන්තර්ජාලයේ සහ වෙබ් අඩවි අාශ්‍රිත වශයෙන් මෙවැනි විශාල මතවාදී යාන්ත්‍රණයක් ගොඩනගන අයුරු දැකිය හැකියි.
නිල් චිත්‍රපට බලන අය මානසික රෝගීන් නිසා මෙවැනි අපරාධ සිදුවෙනවා කියන එකට උදාහරණයක් ලෙස අැමරිකාවේ චිත්‍රපටවල තුවක්කු භාවිතය වැඩියි. ඒ නිසා අැමරිකාවේ මිනිසුන් මරණ ප්‍රමාණය වැඩියි කියලා ඒවගේම තවත් උදාහරණයක් ලෙස ඉන්දියාව සැලකුවහොත් ඉන්දියන් චිත්‍රපට වල එවැනි දර්ශන නැහැ. නමුත් ඉන්දියාවේ විශාල වශයෙන් දූෂණ සිදු වෙනවා. විනාඩි 20 කට ඉන්දියාවේ එක ගැහැණු ළමයෙක් දූෂණය වන බවට වාර්තා තියෙනවා. ඒ වගේ මේ යථාර්තය සම්බන්ධයෙන් ගොඩ නගන ප්‍රවාදය ගොඩක් වෙලාවට එකට එක සම්බන්ධයක් නැහැ.
උදාහරණයක් ලෙස සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගෑ සිද්ධිය සම්බන්ධයෙන් ගත්තද සැළසුම් සහගතව ලංකාවේ පුරාවස්තු විනාශ කරන්න ගත්ත කොඩිවිනයක් ලෙසයි පෙන්වා දුන්නේ. ග්‍රීස් යකුන්ගේ සිද්ධිවල සිට ස්වභාවික විපත් දක්වාත් මේ මතවාදයන් ගොඩ නගනවා. එකට එක නොගැළපෙන සම්බන්ධතා හදනවා. හදලා මේකට බෝඩ් එකක් ගහනවා. ලංකාවේ තිබෙන දේශපාලන ප්රතිවිරෝධය ක්‍රියාත්මක කරන්න.ඒ වගේම ප්රවෘත්ති මවන අයට මෙවැනි සිද්ධින් නිරන්තරයෙන් අවශ්‍යයි.
මේ සමාජ පසු බිම ගැන අපි කියනවා තාක්ෂණය දියුණුවෙලා තියනවා. හැම කෙනෙක් ලඟම ස්මාර්ට් ෆෝන්, ලැප් ටොප් තියෙනවා. නමුත් මේ ඉලෙක්ට්‍රෝනික් යුගයේ එදා වැඩිහිටියන්ට තිබුණ සාමාන්‍ය දැනීමවත් අද වන විට නැහැ.
ලංකාවේ මෑත කාලයේ හැඳි තිබෙන මතවාද අනුව මේ වන විට ලංකාව ධාර්මිෂ්ඨ රටක් විය යුතුයි. නමුත් මම හිතන්නේ ලංකාව එන්න එන්නම අවිද්‍යාවට ගමන් කරනවා' යනුවෙන් ඔහු පවසා සිටියේය.
උපුටගේනිම : ශ්‍රීලංකා mirror

Last edited: