නිල් තල්මසුන් වෙනුවෙන් කැපවුන ලාංකික විද

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    නිල් තල්මසුන් වෙනුවෙන් කැපවුන ලාංකික විද

    නිල් තල්මසුන් වෙනුවෙන් කැපවුන ලාංකික විද්‍යාඥවරිය

    151206174104_asha_de_vos_624x351_ashadevos.jpg


    ආශා ඩි වොස්, ශ්‍රී ලංකාවේ ඇතුළු ලොව පුරා වෙසෙන නිල් තල්මසුන් ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක නිරතව සිටින ශ්‍රී ලාංකික සාගර විද්‍යාඥවරියක්.

    ලොව දැවැන්තම සත්වයා වඳ වී යාමෙන් ආරක්ෂා කරගන්නේ කෙලෙසද යන්න පිළිබඳව ඇය මේ දිනවල ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂණයක නිරතව සිටින්නීය.

    "ඇත්තටම එච්චර ලොකු සතෙක් අපේ මුහුදේ ඉඳලත් අපි ඒගොල්ල ගැන මුකුත් නොදන්න ඒක මට ප්‍රශ්නයක් වුනා," ඇය මා සමඟ පිළිසඳර ආරම්භ කළේ එලෙසින්.

    ආහාර ලබාගැනීම පිණිස ඇන්ටාක්ටිකාව වැනි සීතල වතුර තිබෙන ප්‍රදේශවලට පීනා යන නිල් තල්මසුන්, ඉන් අනතුරුව ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය ප්‍රදේශවලට පැමිණ සිය අනාගත වර්ගයා බෝකරන බව ඇය පෙන්වා දෙන්නීය.

    151206172536_lanka_whale_624x351_getty.jpg


    "හැබැයි ලංකාව වටේ ඉන්න නිල් තල්මහ ලංකාව වටේ අවුරුද්ද පුරාම ඉන්නවා. ඉතින් මම බැලුව ඇයි මෙහෙම වෙන්නේ කියල. එහෙම තත්වයක් වෙන කොහේවත් නෑ."

    ලොව විශාලතම සත්වයා වන නිල් තල්මසා, සාගර පැළෑටිවලට පොහොර සපයන සහ සමුද්‍ර ජීවීන්ට ආහාර ලබාදෙන ආහාර චක්‍රයේ අත්‍යවශ්‍ය පුරුකක් බව ආශා ඩි වොස් සවිස්තරව පෙන්වා දෙන්නීය.

    "තල්මසුන්ගේ අසූචි කියන්නේ අපේ සාගරයේ තියන වැදගත් පොහොරක්. තල්මසුන් මුහුදේ උඩට ඇවිල්ල කක්ක කරනකොට ගැඹුරු වතුරේ තියන පෝෂ්‍ය පදාර්ථ මුහුදේ උඩට ගේනවා."

    යකඩ වැනි එම පෝෂ්‍ය පදාර්ථ සාගරයේ තිබෙන ඇසට නොපෙනෙන මට්ටමේ පවා කුඩා පැළෑටිවලට අත්‍යවශ්‍ය පොහොරක් බවයි, ආශා ඩි වොස් පවසන්නේ.

    150204123922_blue_whale_one_624x351_thinsktock.jpg


    "අපේ ලෝකේ සියයට පණහක් ඔක්සිජන් සපයන්නේ මේ පැළෑටිවලින්.

    ඒ තල්මසුන්ගේ අසූචි ගැන. ආශා පෙන්වාදෙන පරිදි තල්මසුන් මියගිය පසුත් ඒ මළකුණ සාගර ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක්. "ඒ විතරක් නෙවෙයි, කාලෙකට පස්සේ මේ මළකුණ මුහුදේ පතුලටම යනවා. මීටර 4000ක් විතර ගැඹුරුම ජලයට බහින්න අවුරුදු ගාණක් ගතවෙන්න පුළුවන්. එහෙම බැස්සම ඒ තැන්වල ඉන්න විශේෂ සත්තු වර්ග මේ මළකුණ කනවා. ඉතින් මේ තැන්වල ඉන්න සත්තුන්ට මේ මළකුණ නැත්නම් කෑම නැති තරම්."

    151206172526_asha_de_vos_624x351_ashadevos.jpg


    ළමා වියේ පටන් - වයස අවුරුදු හයේ සිට - සාගර ජීව විද්‍යාව පිළිබඳව තමන්ට උනන්දුවක් තිබූ බව පවසන ආශා, සිය දෙමාපියන් එයට මුලසිටම අනුබල් දුන් බවත්, විද්‍යා ලේඛක ආතර් සී ක්ලාක් පවා තමන් දිරිමත් කළ බවත් කෘතවේදීව සිහිපත් කරන්නීය.

    ශ්‍රී ලාංකික සාගර විද්‍යාඥවරිය පවසන පරිදි ලොව ඉතාම කාර්යබහුල නාවික මාර්ගයක් වන ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේ සිංගප්පූරුව හරහා දිවෙන නාවික මාර්ගය, ලොවට මෙතරම් වැදගත් සේවයක් සපයන නිල් තල්මසුන් වඳවා යාමේ තර්ජනයට තුඩු දෙන්නක්.

    ඔවුන් එම නෞකාවලට යටවී මියයාම ඒ බරපතල තර්ජනයයි.

    "මම දැනගත්ත ෂුවර් එකටම මේ දෙක එකම තැනක තිබුනොත් ඩිසාස්ටර් එකක් වෙනවා කියල."

    150915150104_blue_whales_512x288__nocredit.jpg


    මේ තත්වය වැළැක්වීම පිණිස එම නාවික මාර්ගය සැතපුම් 15 කින් පමණ තවත් දකුණට රැගෙන යා යුතු බව ඇයගේ යෝජනාවයි.

    ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මේ වනවිට පර්යේෂණයක නිරතව සිටින්නේත් එම ගැටලුවට විසඳුම් ලබාදෙන්නේ කෙලෙසද යන්න පිළිබඳව.

    "මම මෙතනට ආවෙත් දකුණු කැලිෆෝනියාවෙත් මේ වගේම ප්‍රශ්නයක් තිබුණ නිසා. ඒගොල්ල විද්‍යාත්මකව ඒ ප්‍රශ්නේ විසඳුවා."

    කැලිෆෝනියාවේ විද්‍යාඥයන්ගේ අත්දැකීම් අනුසාරයෙන් සිය මවුබිමේ වෙසෙන ලොව දැවැන්තම සත්වයා ආරක්ෂා කරගැනීම ඇගේ අධිෂ්ඨානයයි.

    "ලංකාවේ කෙනෙක් වීම ගැන මම ගොඩක් ආඩම්බර නිසා මම හැමතිස්සෙම බලන්නේ ලංකාවට කොහොමද මගේ සේවය ලබාදෙන්නේ කියල."

    151206173920_asha_de_vos_624x351_ashadevos.jpg




    BBC
     
    Last edited:
    • Like
    Reactions: sat_12 and Bathiiii

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    මට පේන්නෙ නම් තල්මස්සුන්ගෙ නම කියාගෙන මෙයාගෙ photo shoot කරනවා වගේ, කොහොම උනත් ලංකාවෙලුනේ ඒක නිසා bump හරිය.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මට පේන්නෙ නම් තල්මස්සුන්ගෙ නම කියාගෙන මෙයාගෙ photo shoot කරනවා වගේ, කොහොම උනත් ලංකාවෙලුනේ ඒක නිසා bump හරිය.

    :D:D
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මට පේන්නෙ නම් තල්මස්සුන්ගෙ නම කියාගෙන මෙයාගෙ photo shoot කරනවා වගේ, කොහොම උනත් ලංකාවෙලුනේ ඒක නිසා bump හරිය.

    photo shoot කරලා සල්ලි හොයන්ඩ ඕනද විද්යච්න වරියකට