නිල්_මහනෙල්(සැමගේ_අවධානය_පිණිසයි)

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    http://www.lankadeepa.lk/2010/12/14/front_news/05.htm

    (ආර්.එස්. කීරියවත්ත)


    දීප්ති යකන්දාවල

    mail2.jpg



    කපිල යකන්දාවල

    DSC04285-copy.jpg


    1986 වසරේ ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස නිල් මානෙල් මල හඳුන්වා දුන්නේය. රජයේ වෙබ් අඩවියේත්, පාසැල් පෙළපොත් වලත් රජයේ අනිකුත් ලිපි ලේඛන වලත් ඇත්තේ නියම නිල් මානෙල් මල නොවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ මහාචාර්ය දීප්ති යකන්දාවල සහ වයඹ විශ්ව විද්‍යාලයේ උද්‍යාන විද්‍යාව හා භූමි අලංකරණය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කපිල යකන්දාවල පවසති.

    නිව්ෆියා ස්ටෙලාටා (Nymphaea Stellata) නමින් විද්‍යාත්මක වශයෙන් එදා එම නිල් මානෙල් මල හැඳින්වූ අතර අද එය නවුචලී (Nouchali) නමින් හඳුන්වයි. නාමික වශයෙන් වැරදි මලක් යොදාගෙන ඇතැයි ඔවුහු කියති.

    එසේම ශ්‍රී ලංකාණ්ඩුවේ වෙබ් අඩවිය පදනම් කර ගෙන විදේශ රටවලද ලංකාවේ ජාතික පුෂ්පය ලෙස දක්වා ඇත්තේද වැරදි පුෂ්පයක්. එයින් ජාතික පුෂ්පය ලෙස නිල් මානෙල් මල නාමිකව යොදා ගැනුනද ඒ සඳහා පෙන්වාදෙන පුෂ්පය මානෙල් මලක් වුවද එය විදේශයකින් ලංකාවට හඳුන්වා දුන් පුෂ්පයකි.

    දැනට අප ජාතික පුෂ්පය ලෙස භාවිතා කරන මානෙල් මල නියම නිල් මානෙල් මල නොවේ. එය දම් පැහැයෙන් යුක්තයි. ශ්‍රී ලංකාවේ දේශීය හා ආවේනික තොරතුරු ඇතුලත් ප්ලෝරා ඕ සිලෝන් නමැති කෘතියේ නියම නිල් මානෙල් මල කුමක්ද කියා හඳුන්වා දී ඇත.


    සැබෑ මල

    main-pix-correctdfdh.jpg





    වැරදි මල

    wrong-flower-DSCN7620.jpg
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය පිළිබඳ
    ජාතික මට්‌ටමේ මුළාව.



    ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්‌ ද යන්න හුරුපුරුදු ප්‍රශ්නයකි. එය පාසල් ළමයින්ට විවිධ ශ්‍රේණිවල දී උත්තර දෙන්නට වන ප්‍රශ්නයකි. සාමාන්‍ය දැනීම තරගවල දීත් මේ ප්‍රශ්නය නිතර ම අසනු ලැබේ. උත්තරය බොහෝ සරල ය. උත්තරය නිල් මහනෙල් ය.

    එහෙත් මේ නම කියන්නට දැන සිටීම පමණක්‌ ප්‍රමාණවත් නැත. මේ පුෂ්පය හඳුනා ගන්නට ද අප සමත් විය යුතු ය. රූපවාහිනි නාළිකාවල දැනුම මිනුම වැඩසටහන්වල විවිධ මල්වල රූප ඉදිරිපත් කොට නිල් මහනෙල් හඳුනා ගන්නා ලෙස දැනුම් දෙයි. මෙය ද ඉතා පහසු ය. අපේ දරුවන් ගේ පෙළ පොත්වල ජාතික පුෂ්පයේ ඡායාරූප ඇත. මුද්දර කාර්යංශය නිකුත් කළ මුද්දරවල ද එය ඇත. රජයේ විවිධ ප්‍රකාශනවල ප්‍රචාරක ව්‍යාපෘතිවල ද මේ රූපය ඇත. ඒ රූපය මතකයේ තබාගෙන නිල් මහනෙල් තෝරා ගැනීම එතරම් ම අපහසු නැත.

    manel.jpg

    එහෙත් ඇත්තෙන් ම මෙතරම් කාලයක්‌ අප නිල් මහනෙල්, නිල් මහනෙල් කියමින් පෙන්වා ඇත්තේ නිල් මහනෙල් නො වේ යෑයි පැවසුවොත්....?.

    බැලූ බැල්මට ම එය අමුතු ම කතාවකි. එහෙත් සත්‍යය එයයි. එක්‌ අතකින් එය ලොකු රැවටීමකි. මුළු රටක්‌ ම ජාතික සංකේතයක්‌ සම්බන්ධ ව දිගු කලක්‌ තිස්‌සේ රැවටී සිටීම පොඩි පහේ මුළාවක්‌ ද නො වේ.

    අපේ ජාතික පුෂ්පය ප්‍රකාශයට පත් කළේ 1986 දී ය. එවකට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ව සිටි කේ. එච්. ඡේ. විජයදාස මහතා ගේ උපදේශකත්වයෙන් බිහි වූ කමිටුවක්‌ මගින් මේ ප්‍රකාශයට පත් කිරීම සිදු කරන ලදී. මේ කමිටුවේ සභාපතිත්වය දරන ලද්දේ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ විසිනි. උද්භිද විද්‍යාඥයෝ කිහිප දෙනෙක්‌ ද ඒ කමිටුවට ඇතුළත් වූ හ. ලංකාවේ ජාතික පුෂ්පය නම් කරන ලෙස මහජනයා ගෙන් ද ඉල්ලීම් කර තිබූ අතර ඊට විශාල ලෙස ප්‍රතිචාර ලැබී තිබිණි. ජනතාව විශාල උනන්දුවක්‌ දක්‌වමින් පුෂ්ප නම් කර එවූ හ. නෙළුම්, අරලිය වැනි මල්වල නම් ද ඒ අතර බහුල ව විය. එහෙත් ජාතික පුෂ්පය බවට නම් කෙරුණේ නිල් මහනෙල් ය. මෙය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ කැබිනට්‌ පත්‍රිකාවකිනි. එම කැබිනට්‌ පත්‍රිකාව පිළියෙල කළේ ද කේ. එච්. ඡේ. විජයදාස මහතා ය. කෙසේ වෙතත් මේ පත්‍රිකාවෙහි නිල් මහනෙල් මලෙහි පිංතූරයක්‌ නො වී ය.

    මුද්දර කාර්යංශය නිල් මහනෙල් මලෙහි පිංතූරයක්‌ නිකුත් කර ඇත. එහි ඇත්තේ ද සැබෑ මල නො ව වැරැදි මලක පිංතූරයකි. පෙළ පොත්වල ඇත්තේ ද වැරැදි මලක රූපයකි. පාසල්වල පමණක්‌ නො ව ඇතැම් උසස්‌ අධ්‍යාපන ආයතනවල ද උගැන්වූයේ වැරැදි රුව පෙන්වමින් ය.

    අවුරුදු 25කට ආසන්න කාලයක්‌ තිස්‌සේ පැවැති මේ මුළාව පිළිබඳව ජනතා අවධානය යොමු වූයේ මහාචාර්ය දීප්ති යකන්දාවල හා ආචාර්ය කපිල යකන්දාවල යන විද්වතුන් දෙපළ විසින් කරන ලද හෙළිදරව්වකින් පසුව ය. දීප්ති යකන්දාවල පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ උද්භිද විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්යවරියකි. ආචාර්ය කපිල, වයඹ විශ්වවිද්‍යාලයයේ කෘෂි පීඨයේ කථිකාචාර්ය ධූරයක්‌ හොබවයි.

    "අවුරුදු තුනක්‌ පමණ තිස්‌සේ කළ පර්යේෂණවලින් අපට පෙනී ගියා ශ්‍රී ලංකාවේ දැනට ජාතික පුෂ්පය ලෙස භාවිත වන්නේ සැබෑ මල නො වන බව. දැනට නිල් මහනෙල් ලෙස දක්‌වන රූපය සැබෑ නිල් මහනෙල් නො වෙයි" එසේ පවසන්නී මහාචාර්ය යකන්දාවල ය.

    ශ්‍රී ලංකාවේ නිල් මහනෙල් පිළිබඳ රජයට සම්බන්ධ වාර්තා ලේඛන හා ග්‍රන්ථවල වැරැදි රූපය හඳුන්වා දීම නිසා ඒවා පෙළපොත්වලට පවා ගමන් කොට තිබේ.

    මේ පර්යේෂකයන් පවසන පරිදි දැනට නිල් මහනෙල් ලෙස ඉදිරිපත් කර ඇති රූපය දේශීය නො වන පිටරටින් ගෙනෙන ලද මලකි. උත්ප්‍රාසාත්මක වන්නේ අපේ සැබෑ ජාතික පුෂ්පය දේශීය එකක්‌ ව තිබිය දී ඊට අදාළ පිංතූරය විදේශීය මලක්‌ වීම ය.

    සිංහලෙන් නිල් මහනෙල් කියා හඳුන්වන මලෙහි උද්භිද විද්‍යාත්මක නාමය Nymphaea nouchali ය. මෙය නිවැරැදිව හැඳින්විය යුත්තේ
    Nymphaea nouchali.Burm. f. ලෙස බව මහාචාර්ය දීප්ති යකන්දාවල ගේ මතයයි.

    Burm.f. යනු මේ මල පළමුවෙන් නාමකරණය කළ පුද්ගලයා ගේ නමයි. ඔහු ගේ සැබෑ නම නිකලස්‌ ලෝරන්ස්‌ බර්මන් ය. ඔහු 1734 - 1793 කාලය තුළ ඕලන්දයේ විසූ උද්භිද විද්‍යාඥයෙකි. Nymphaea nouchali පුෂ්පය අපේ එකක්‌. එහෙත් මේ රූපයේ තියෙන්නේ අපේ එකක්‌ නො වෙයි. එය බොහෝ විට මුහුම්කරණයක ප්‍රතිඵලයක්‌ විය හැකියි." එසේ පවසන්නේ ආචාර්ය කපිල යකන්දාවල ය. දැනට පෙන්වනු ලබන රූපය Nymphaea capensis, Nymphaea caerulea හෝ Nymphaea micrantha හි මුහුමක්‌ විය හැකි බව ඔහු ගේ මතයයි.

    මහාචාර්ය දීප්ති යකන්දාවල පවසන්නේ නිල් මහනෙල් ගැන උනන්දුව තමා තුළ ඇති වූයේ කුඩා අවධියේ දී බවයි. පාසල් ගුරුවරියක වූ ඇගේ මව ඇයට නියම මල හඳුන්වා දී ඇත. දැනට භාවිතයේ තිබෙන මලත් අම්මා පෙන්වූ සැබෑ මලත් අතර වෙනසක්‌ තිබිණි.

    "ඇත්තෙන් ම මේ මල් වෙන් කර හඳුනා ගැනීම එතරම් අපහසු නැහැ. සැබෑ මල ළා නිල් පාටයි. වැරැදි මලේ පෙති දම් පාටයි.

    වැරැදි මලේ පෙති වැඩි ප්‍රමාණයක්‌ තියෙනවා. එනම් පෙති 25ක්‌ පමණ. ඒත් හරි මලේ පෙති ප්‍රමාණය මීට අඩුයි. වැරැදි මලේ රේණු තද කහ පාටයි. හරි මලේ රේණු ළා කහ පාටයි. වැරැදි මලේ රේණු කෙළවර දම්පාට තිබෙනවා, සැබෑ නිල් මානෙල් මලේ රේණු කෙළවර ළා නිල් පාටයි. රේණු සංඛ්‍යාව වැඩි වැරැදි මලෙයි. සැබෑ මලෙහි රේණු අඩුයි." ඒ මහාචාර්ය දීප්ති යකන්දාවල ඉදිරිපත් කළ සන්සන්දනයයි.

    කෙසේ වෙතත් ලංකාවේ බහුලව ම ව්‍යාප්ත ව ඇත්තේ සැබෑ නිල් මහනෙල් මල නො ව ව්‍යාජ නිල් මහනෙල් මලයි. වැව්වල වැඩිපුර දක්‌නට ඇත්තේ ද වැරැදි පුෂ්පයයි. සැබෑ නිල් මහනෙල් වැඩෙන්නේ නො ගැඹුරු ජලයේ ය. පොත්පත්වල පමණක්‌ නො ව ආගමික ස්‌ථාන අසල නිල් මහනෙල් ලෙස නම් කොට අලෙවි කෙරෙන්නේ ද සැබෑ නිල් මහනෙල් නො වන බව මේ පර්යේෂකයන් දෙපළ ගේ අදහසයි.

    විදුසරට වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ කපිල යකන්දාවල කියා සිටියේ "The Flora of Ceylon", (දසනායක හා ක්‌ලේටන් ගේ) ග්‍රන්ථයේ නියම මල ගැන තොරතුරු ඇති නිසා එම තොරතුරු භාවිත කරමින් නිල් මහනෙල් හඳුනාගත හැකි බවයි.

    වැරැදි රූපය ඉදිරිපත් වීම නිසා පිටරටට යෑවෙන තොරතුරුවල ද පිටරට වෙබ් අඩවිවල ද මේ තොරතුරු සඳහන් වන්නේ වැරැදියට ය. එනිසා දැන් වත් මෙය නිවැරැදි වීම ජාතික අවශ්‍යතාවක්‌ වන බව ආචාර්ය කපිල යකන්දාවල ගේ අදහසයි.

    මේ කරුණු ගැන අවධානය යොමු කොට පර්යේෂණ පවත්වා තොරතුරු හෙළි කිරීම පිළිබඳව ජනතාව ගේ ගෞරවාදරය යකන්දාවල දෙපළට හිමි විය යුතු අතර ම රජයේ බලධාරීන් ගේ වගකීම වන්නේ යම් වරදක්‌ සිදු ව ඇත්නම් එය නිවැරැදි කිරීම ය.

    විදුසර පුවත්පත ඇසුරිනි
    ගොඩාක් පින් මේක කිව්වට....
    ඉතා අගනා පොස්ට් එකක් මචෝ...
    උබ පුදුම විදිහට elakiri .com එකට දැනුම එකතු කරන කෙනෙක්....
    ගොඩක් පින් මචෝ....