මතභේදාත්මක නිලිය ටෙලි නාට්‍යයෙන් ඉවත් නොකිරීමේ තීරණයක්
දේශපාලනඥයෙකු සමඟ රහසේ විදේශගත වූ බව කියන ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළියක සම්බන්ධයෙන් වන ගැටළුව නිරාකරණය වී ඇති නිසා ඇය රඟපාන ටෙලිනාට්‍යයෙන් ඇය ඉවත් නොකිරීමට එහි අධ්යක්ෂවරයා තීරණය කොට තිබේ.
‘ලංකා නිව්ස්රූම්’ වෙත අදහස් දක්වමින් එම ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයා ඒ බව තහවුරු කර සිටියේය.
විවාහවී සිටින ලාබාල නිළියක වන ඇය මීට පෙර ද ගැටළුවකට මැදිවී අධිකරණයෙන් තරයේ අවවාද ලබා සිටින්නීය.
අදාළ ටෙලි නාට්‍යය විකාශය කරන රූපවාහිනී නාලිකාව කළින් තීරණය කොට තිබුනේ ඇය ඉන් ඉවත් කොට වෙනත් නිළියක සම්බන්ධ කරගැනීමටයි.
මේ අතර, මාර්තු 17 වැනිදා පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේ නාමයෝජනා භාරදීමට නියමිත දිනයේදී ඒ සඳහා සහභාගී නොවීම නිසා අදාළ දේශපාලනඥයාට එරෙහිව ඔහුගේ පක්ෂය පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි වාර්තා වේ