නිල-නොනිල

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    රෝගීන්ගේ නිල අල්ලා වෙදකම් කරන වෙද මහතෙකු රෝගී දරුවකුගේ කොන්දේ නිල පෑගීමෙන් දරුවා මිය යැමේ පුවතක්‌ පසුගිය දිනක දිවයිනේ පළමුවන පිටුවේ පළවී ඇත. දරුවාගේ වයස අවුරුදු එකහමාරකි. කිලෝ තුන හතරක්‌ බර දරු සිඟිත්තාගේ කොන්ද උඩ නැගි කිලෝ හැටක්‌ පමණ බර (විය හැකි) මේකා වෙදෙක්‌ ද? නැතිනම් බූරුවෙක්‌ද යන්න සොයා බැලිය යුතුය. :P:P

    දරුවාගේ කොන්ද පෑගීමෙන් ඔහුගේ සුෂුම්නාවට හානි සිදුවන බව තේරුම් ගැනීමට දොස්‌තර විභාගය සමත්වීමට අවශ්‍ය නැත. වෙදතෙමේ නිල වෙදකමේ ව්‍යාජයෙන් නිල නොවන වෙදකමත් කර ඇත. ලංකාව මේ වර්ගයේ නිලනොවන වෙදකම් ගැන ප්‍රසිද්ධියක්‌ උසුලයි. ලෙඩක්‌ හැදුණු විට බෙහෙත් නොදෙමින් දෙවියන් වහන්සේට යාඥ කරන වෙදකමක්‌ ලංකාවේ ඇත.Faith healing හෙවත් දෙවියන් කෙරෙහි විශ්වාසයෙන් ලෙඩ සුව කිරීම නමැති මේ ක්‍රමය මගින් පසුගිය වසර 10 තුළ අඩුම වශයෙන් පහළොස්‌ දෙනකුවත් මිය ගිය බව අපි දනිමු.

    හරිහැටි කරුණු සොයා බැලුවොත් ගණන මෙයට බෙහෙවින් වැඩි වීමට ඉඩ තිබේ. මේ ආකාරයෙන් ප්‍රතිකාරයට ලක්‌ කර මිය ගිය අයගේ සිරුරු කිසිදු මරණ පරීක්‍ෂණයක්‌ නොකර පස්‌ යට ගැසූ අවස්‌ථා තිබෙන්නට පුළුවන. අසනීපයක්‌ වැළඳුණු විට දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමේ කිසිදු වරදක්‌ නැත. එහෙත් ඒ අතර, දෙවියන් වහන්සේගේ උදව්වට වෛද්‍යවරයකු ද කැඳවිය යුතුය. එවිට දොස්‌තරට බැරි කොටස දෙවියන්ටද, දෙවියන්ට බැරි කොටස දොස්‌තරට ද කළ හැකිය. මෙබඳු එකමුතුවක්‌ තුළින් දෙදෙනාගේම ආත්ම ගෞරවය ද ලෙඩාගේ පණ ද බේරා ගත හැකිය.

    ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය කර්මාන්ත කිහිපයක්‌ තිබේ. බටහිර වෙදකම, ආයුර්වේද වෙදකම, හෝමියෝපති වෙදකම, කටු චිකිත්සාව සහ අරාබි යුනානි වෙදකම, ආණ්‌ඩුව විසින් නිල වශයෙන් පිළිගෙන තිබේ. ඒ අතර පාරම්පරික ගොඩ වෙදකම හෙවත් ලංකාවට ම පමණක්‌ ආවේණික ගස්‌ වෙදකම ද (වතිලවෙදාගේ වෙදකම) ආයුර්වේද අමාත්‍යංශයේ පිළිගැනීමක්‌ ඇත.

    මීට අමතරව, නිල අල්ලා ලෙඩුන් සුවකරන අය, මන්තර, ගුරුකම්වලින් ලෙඩුන් සුව කරන්නේ යෑයි කියන අය, ස්‌පර්ශ චිකිත්සාව හෙවත් ලෙඩුන්ගේ ඇඟපත අල්ලා ලෙඩ සුව කිරීම, විශ්ව බලයෙන් ලෙඩ සුව කිරීම, සූර්ය තාපයෙන් ලෙඩ සුව කිරීම යනාදී වශයෙන් වූ ක්‍රම සිය ගණනක්‌ මේ රට තුළ නිල නොවන මට්‌ටමින් ක්‍රියාත්මක කෙරේ. ඊටත් අමතරව මසාජ් ක්‌ලිනික්‌ සමහරක පංච කර්ම ප්‍රතිකාර කරන බවට දැන්වීම් දමනු ලැබේ. ඒවා වැඩිහරියක පංච කර්ම ප්‍රතිකාර කරන්නේ නැත. දැන්වීම්වල පංචකර්ම කතාව සඳහන් කරන්නේ ආණ්‌ඩුවෙන් බේරීමට ය. පංච කර්ම ප්‍රතිකාර කිරීමට ආයුර්වේද වෛද්‍යවරයකු අවශ්‍ය අතර එබඳු තැන් පොලිසියෙන් වටලනු නොලැබේ. එවිට එම ක්‌ලිනික්‌ තුළ ගණිකා නිවාස පවා පවත්වාගෙන යා හැකිය. පංච කර්ම ප්‍රතිකාර සිදු කරන තැනකට බෙහෙත් ඔරුවක්‌ සහ ඇඳවල් අවශ්‍ය ය. ගණිකා නිවාසයකට ද බෙහෙත් ඔරු කෙසේ වෙතත් ඇඳවල් අවශ්‍ය ය. මිනිසුන් නීතියෙන් ගැලවීම සඳහා විවිධ දේ කරති.


    ඇලෝපති හෙවත් බටහිර බෙහෙත් සහ ආයුර්වේද බෙහෙත් මිශ්‍ර කර ලෙඩුන්ට පොවන ඇතැම් ආයුර්වේද වෛද්‍යවරු ද වෙති. මෙබඳු සමහරු ඇදුම රෝගීන්ට දෙන සැල්බියුටමෝල් හෝ ප්‍රෙඩ්නිසිලෝන් වැනි බෙහෙත් කුඩු කර ආයුර්වේද බෙහෙත් හා මිශ්‍ර කරති. වෛද්‍යවරයකුගේ තුණ්‌ඩුවක්‌ නැතිව බෙහෙත් විකුණන ෆාමසිකාරයන් ඇල්ලීමට ආණ්‌ඩුව මේ දිනවල ව්‍යාපාරයක්‌ දියත් කර ඇත. ඒ වෙනුවට පෙර කී නිල නොවන වෙදකම් කරන අය ඇල්ලීමට කටයුතු කරන්නේ නම් මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට වැඩි මෙහෙවරක්‌ කිරීමට ආණ්‌ඩුවට හැකියාව ලැබෙන්නේ ය. හෘදයාබාධය, ඇදුම වැනි හදිසි ප්‍රතිකාර කළ යුතු ලෙඩකට පවා "තුණ්‌ඩුවක්‌" නැතිව බෙහෙත් නිකුත් කිරීම ෆාමසි විසින් අත්හිටුවනු ලැබ ඇත. ඒ ලෙඩා වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර බෙහෙත් තුණ්‌ඩුවක්‌ ලබා ගන්නා විට ලෙඩාගේ පණ ගොස්‌ අවසන් ය. එසේම රුපියල් හත් අටසියයක්‌ ද වැය වී අවසන් ය.


    බුද්ධියේ විමසුමට...........:baffled:
     
    • Like
    Reactions: subspace and Gouken

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    හ්ම්ම්ම්ම්ම්...ඇත්ත කතාව
    උඹ වැදගත් කතාවක් කිව්වමද මන්ද :P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හ්ම්ම්ම්ම්ම්...ඇත්ත කතාව
    උඹ වැදගත් කතාවක් කිව්වමද මන්ද :P

    mala hath ilawway yako ubata aththa katha karannath puluwan neda?

    honda post ekak sathyaye satahan buddiye vimasumata

    ඔන්න ඉතිං මලයලා උදේ පාන්දරම මගෙන් කුණු හර්ප අහගන්න හදන්නෙ...........
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔන්න ඉතිං මලයලා උදේ පාන්දරම මගෙන් කුණු හර්ප අහගන්න හදන්නෙ...........

    :lol::lol::lol::lol: aiyatama thamay ithin card eka. mokada weradilawath eththa kiyana manusayek newene:P:P:P
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    සීයාගේ වෙදකම හරි ගොහින් වතිලයාගේ සිහි කල්පනාව යථාතත්වයට පත්වෙලාවත්ද?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෂුවර් එකට මු වෙන්න ඇති මේක කරන්න ඇත්තේ ... නගින්න ඕන මුගේ අහවල් එක උඩට කරපු වැඩේට ... :P